පයාගල මග්ගොන එදිරිල්ලේගොඩ රේල් පාලම නියමිත කාලයට පෙර දින එකහමාරක් අඩුවෙන් සවි කිරීමට මාර්ග හා පාලම් අංශය සමත් විය.
මේ සඳහා මුහුදු බඩ දුම්රිය මාර්ගය දින තුනහමාරකට වැසූ නමුත් දින දෙකකින් වැඩ නිම කළ දුම්රිය මාර්ග හා පාලම් අංශය රුහුණු කුමාරි දුම්රිය අද උදේ ධාවනය කිරීමට ද ඉඩ සැලැසීය.
දුම්රිය ඉංජිනේරුවන් ඇතුළු සේවකයෝ දින දෙකක් දිවා රෑ පාලම සවි කිරීමේ යෙදී සිටියහ.
තුන් දින නිවාඩුවකින් පසු මාතර සිට කොළඹට එන දහස් ගණනකට ගමන් පහසුකම් සැලැසීමට හැකි වූ බව එම සේවකයෝ කියති.
කඩිනමින් ඔවුන් වැඩ අවසන් කළ නමුත් ඒ සඳහා යොදා ගෙන ඇත්තේ ඉපැරණි දොඹකර දෙකකි.
දැව පිළිස්සේමෙන් පණ ගැන්වෙන එම දොඹකර දැන් යල්පැන ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොද වැඩක් (දී)
කාලය නාස්ති නොකර මෙහෙම වැඩ කරනවනම් මොනවා කරන්න බැරිද ? (ස)
නොදන්න අයට මේවා මැජික් (ස)
මෙහෙම දක්ෂයින් අප සතුව සිටියදී කාගේ වුවමනාවටද වෙන රටවලට මේවා හදන්න දෙන්නේ? (නි)
කොහොමද තාක්ෂනය (දී)
බොහොම ස්තූතියි ලංකා දුම්රිය සේවයට. (නි)
ආඩම්බරයි අපට. (නි)
දුම්රිය දෙපාර්තමේන්තුවට මාගේ හදපිරි ප්‍රණාමය! වුවමනා සම්පත් දෙනවා නම් අපේ අය නියම වැඩකාරයෝ. ඉන්දියාවට චීනෙට අතපාන්න ඕනෑ නැහැ. (නි)
ඔන්න අපේ රට ආශ්චර්යය (දී)
පාරේ තද බදය නැති කරන්න (දී)
උවමනා සම්පත් ලබා දෙනවානම් අපේ රටේ අය යාපනයටම පාර හදයි..(නු)
ඇත්ිතටම සන්තෝෂයි අපේ මිනිසුන්ගේ වැඩ ගැන.. මතකද සුනාමියට පස්සේ අපේ මුහුදු බඩ මාර්ගය හදපු ඉක්මන... හැබැයි දුක හිතෙන කාරණයට තමයි මේ ඡායාරූප දැක්කාම මෙතන කිසිම සේවකයෙක් වත් අරක්ෂක සපත්තු , හිස්වැසුම් හෝ නිල ඇදුමක් නැති එකයි..!(නු)
මෙහෙව් වැඩ කාරයන් ලංකාවෙ ඉද්දි තමයි රේල්පාරවල් හදන්න ඉන්දියාවට දෙන්නේ..!(නු)
අන්න එහෙමනේ ඉන්න ඕනේ (දී)
ඕකත් චීනෙටනේ දීලා බලන්න තිබුණේ. (නි)
අනෙක් පාලම් ටිකත් එහෙම හදනවානම් (දී)
හැම පාලමක්ම එහෙම ඉවර කරනවානම් කොච්චර හොදද (දී)
අපිට නුඹ සැබැවින්ම ආඩම්බරයකි. (නි)
හිත ඇත්නම් පත කුඩාද කියලා කියන්නේ නිකන්ද? (නි)
ඒක සන්තෝස විය හැකි කරුණක් (දී)
අපේ වැඩ තමයි (දී)
ලෝකෙටම එකයි. ලංකාවට දෙකයි. (නි)
පුදුමයි.. ඒත් නියම වැඩක්..!(නු)