ඇමෙරිකාවේ බොයිං සමාගම බොයිං 797 නමින් අධිවේගී දැවන්ත යානයක් රහසේ නිපදවතියි වෙබ් අඩවි රැසක් කියයි. ඇතැම් වෙබ් අඩවි පවසනුයේ එය බොරුවක් බවයි. බොයිං සමාගම ඒ ගැන කිසිවක් කියා නැත. පැයට කිලෝමීටර් 1046 ක සුපිරි වේගයෙන් කිලෝමීටර් 16000ක් පියාසර කළ හැකි බව කියන මේ යානයේ මගීන් 1000කට ගමන් කළ හැකියැයි ද කියති. යානයේ මෙම රහස හෙළිවූයේ ආධුනික කැමරා ශිල්පියකු අත්හදා බැලිමේ අවස්ථාවක් ඡායාරූපගත කිරීමත් සමගය.ඇමෙරිකාවේ ගුවන් හා අජටාකාශ පරිපාලනයේ ලැංලි පර්යේෂණායතනය හා එක්ව ගුවන් යානයේ රාමුව හා පියාපත් නිර්මාණය කැර ඇත. පියාපත් අඩි 265ක් දිගය. බොයින් 747 යානයේ පියාපතක දිග අඩි 211කි. බොයින් 797 කවදා මංගල ගමන අරඹනු ඇද්දැයි තවම නොපැහැදිලිය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාඩු උණත් කමක් නෑ කියලා අපිත් ගමුද එකක්
කෙනෙත් මහත්තයා සදහන් කරලා තියෙන දේවල් සේරම නිවැරදියි.අද අපිට යහපත් මාර්ගය කියා දෙන්න ඉන්න හාමුදුරුවරු පවා කේන්දරේ කරේ එල්ල ගෙන වැරදි පාරවල යනවා
තාක්ෂණය කොපමණ දියුණු වුවත් එය මානව වර්ගයාගේ යහපත තකා භාවිතා කළ යුතුය. නැතහොත් දියුණු වන තාක්ෂණය නිසා මානව වර්ගයාට සිදුවන්නේ යහපතක් නොව විනාශයකි. බුදුදහම හා තාක්ෂණය යනු එකක් නොව දෙකකි. තාක්ෂණය කෙතරම් දියුණු වුවත් බෞද්ධ ප්‍රතිපත්ති නියමාකාරයෙන් ආරක්ෂා කරන්නේ නම් අපට දියුණු යැයි සම්මත රටවලට වඩා ඉදිරියට ගිය හැකියි.හැබැයි නියම දියුණුව නම් ගොඩනැඟිලි, පාරවල් රට පුරා හදන එක විතරක්ම නෙවෙයි. මිනිසාගේ ආකල්පත් ඒ සමඟම හැදෙන්න ඕන. නියම දියුණුව ඇති වන්නේ එවිටයි. අපට ජාත්‍යන්තර ගගණ තාක්ෂණය සමඟ තරඟ කරන්න මානව සම්පත් තිබුණත් ඊට ඇවැසි තාක්ෂණ පහසුකම් හා මුල්‍ය ශක්තිය නැහැ. ආකල්ප සමඟ භෞතික දියුණුව පිණිස වෑයම් කරන්නේ නම් අනාගතයේ අපේ රවේද එබඳු යානා නිපදවිය හැකි වේ යැයි සිතමි.
ශ්රී ලංකාව ශතවර්ෂ කීපයකට පෙර තිබුණේ කොහොමද කියලා බැලුවහම අද අපිට වෙලා තියෙන්නේ මොකද්ද කියලා හිතෙනවා http://jshirantha.blogspot.com/2012/01/how-sinhalaya-was-by-robert-knocks.html
2012 චිත්‍රපටිය වගේ ලෝක විනාශය නිසා මෙය හැදුවද දන්නේ නෑ
කෝ, මේක කොහොමද හරවන්නේ
ආප් පුද්ගලික බස් එකක සේවකයෙක් දැම්මනම් ඕකට 1500ක් පුරවයි
මේ වගේ යානාවක් හොඳයි අපේ ටගේ රටක පොදු මඟී ප්‍රපවාහන කටයුතු සඳහා.නමුත් අර කිව්වා වගේ මේකේ පටවන්න පුළුවන් ප්‍රමාණය වගේ කීප ගුණයක පිරිසක් දාවී තමයි
අනාගතේට ඉතාම වැදගත්
කෙනත්., සත්තකින්ම ඇත්ත... අපේ අය කවදා සත්‍ය දකීද ? අන්දයන් එකා පිටුපස එකා යන්නාක් මෙන් ඔහේ ඉබා ගාතේ යනවා.
පාඩු වුණත් කමක් නෑ. අපි ගමුද එකක්?
පාඩු උනත් කමක් නෑහැ අපිත් ගම්මුද එකක්?
ඉන්දියාවේ හැදුවනම් පළමුවෙන්ම ගන්නේ අපි තමයි.....
බුදුරජාණන් වහන්සේ හින්දු බව කෙනත්ට අමතක වෙලාද මන්දා
ඇමරිකන් මිනිහ නියම මොලකාරයා......
අපි කරන්න ඕනෙ අපිටම බැන ගන්න එක නෙවෙ..අපිට පුලුවන් උපරිමය රට වෙනුවෙන්,ජාතිය වෙනුවෙන්,ආගම වෙනුවෙන් සිදු කිරිමයි..අනුන්ගෙ හෝ තමන්ගේ වැරදි වලට බැන බැන හිටියට රටක් කවදාවත් දියුනු වෙන්නෙ නැ..අපි නිවට ජාතියක් කියල කියා ගත්තට වැඩක් නැ...මුලින්ම අපේ උපරිමය අපි ඉටු කරමු..අපෙ දියුනුව තියෙන්නෙ ඇමරිකාවෙවත් රුසියයාවෙවත් නෙවේ. අපි ලගයි..
අයියෝ ප්‍රශ්නයක් නෑ.ඔන්න මම එකක් ඕඩර් කළා
අනේ අපේ ගමේ ඔක්කොම අත්තොන්ට දඹදිව වදින්න යන්ට මෙහෙව් එකක් තිබුනොත් පංකාදු පහයි, අහල ගං හතකම එව්වෝ ගෙන ගිය හැකි! ඔන්න ඔහේ ලෝබ නැතුව අපේ ගමටත් එකක් එවන්න, අර දරහවක් වගේ ලොරි බාගෙට වැඩ හොද හැඩයි නොවැ! සාදු සාදු! අපේ පින්වත් කෙනත් මහත්තය කගේ කාගේත් ඇස ඇරෙන ලෙස කතා කොරනවා, ඔය මහත්තයට බොහොම පින් මයේ දෙයියෝ!
සාමාන්‍ය මගී ගුවන් යානයක්වත් ගන්න බැරි අපිට ඔහොම එකක් ගන්න ජීවිත කාලෙදිවත් බැරිවෙයි
ගූගල්, ජී මේල් වර්ජනය කරම් නේද?
අලුතෙන් ගුවන්තොටුපළවල් හන්න වෙයි.
උත්සාහය, නීතිගරුක බව, තමන්ගේ දක්ෂතා නිසා දියුණු වෙන ජාතියක්. අපි නැකතට මුල්තැන දෙන, හදහන් උස්සන් පාරවල් පුරා දුවන, තමන්ගේ එකම උරුමය උන බුදු දහමට නිගා කරමින් හින්දු ඇදහිලි වැලදගත්තු, අද කිසි හව්හරණක් නැතිව පෙර ඉතිහාසය කබල්ගාමින් සිටින කොන්ද කැඩුන ජාතියක් වීමේ කෙදවාචිකය අපිව තව තවත් පහලටම අදාල දානවා. අභිමානය ගිලිහුන අපිට ඉතිරිව ඇත්තේ ලොව දියුණු වෙන ජාතීන්ට අපහස හා වයිර කිරීමත් , දියුණු වෙන්න හදන අපේ අයට වල කැපීමත් පමණයි. බලන්න ඇස ඇර අද සිංහල බෞද්ධයං ඉතාම අල්පයි. වැඩිපුර ඉන්නේ සිංහල හින්දු ජාතියක්. කේන්දර, නැකත් ග්‍රහචාර අල්ලගත්තු ගමන් මිත්‍යාව වලදගත්ත වෙනවා , තිසරණයෙන් බැහැර වෙනවා. තිසරනයවත් නැත්නම් බෞද්ධ කියන්න බැහැනේ. තිසරනයවත් නැතුව මිත්‍යා ඇදහිලි විශ්වාස වැලදගත්තු කෙනාට තියෙන්නේ මරණින් මතු උපත් දෙකක් පමණක් බව භාගවතුන් වහන්සේ පෙන්වා දෙනවා, ඒ තිරිසන් යෝනිය හෝ නිරය පමණක් බව පැහැදිලිව කියා දී තිබෙනවා. ඉතින් මෙහෙම අගාදය කර යන බහුතරයක් ඉන්න රටක අධ්‍යාත්මික පැත්ත වගේම ලෞකික සැපයත් පිරිහිලා යනවා. අපි පිරිසිදු සද්ධර්මය ඉගෙන ගෙන, ශ්‍රද්ධාව වඩමින්, තිසරණයෙහි පිහිටියොත් මිත්යවන්ගෙන් බැහැර වෙනවා, පින් රැස්කරගනිමින්, වීර්යවන්ත වෙමින්, ගුණ දහමින් දියුණු වෙමින්, උත්සාහයෙන් වැඩ කොලොත් අපිටත් නැගී ඉන්න පුළුවන්. බලන්න අද අපි නැකත් බලන්නේ නැතුව වැසිකිළියක්වත් හදන්නේ නෑ, හැබැයි බහුතරයක් ඉන්නේ බාගෙට හදපු ගෙවල් වල, උගත් ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ දැනුමට පයින් ගහල ජෝතිෂ්‍ය හා කේන්දර බදාගෙන ගොඩනැගිලි හදන්න යනවා, එතකොට බටහිර රටවල් තට්ටු සිය ගණන් ගොඩනැගිලි ගැහුවේ කේන්දර නැකත් බල බලාද? අපි පාරට බහින්න කලින් නැකත් රාහු දිශා බලනවා , මාර්ග අනතුරු වැඩිම රට ලංකාව. මේක මුළු රටම වෙලාගත් වසංගතයක් වෙලා දැන්, මාධ්‍යය හරහා මේ මිත්‍යාවට මහා පිටුවහලක් ලැබෙනවා, කොටින්ම කෙනෙක් පැවිදි කෙරන්නෙත් කේන්දර බලල, නැකතට , අයි එතකොට රහත් වෙනවද? කෙනෙක් මැරෙන කොට හොද නැකතක් බලල මැරුනොත් එය සුගතියේ යනවද? නැහැනේ, කර්මනුරුපව භාවය සකස්වෙන තැන උපදිනවා. අපි මුලින්ම මේ මිසදිටු ධර්මයන්ගෙන් මිදෙන්න ඕන, බුදුරජාණන් වහන්සේ සීලස්කන්ධ වග්ගයේ මෙවන් නැකත්, ග්‍රහ ඇදහිලි හදුන්ව දෙන්නේ 'තිරිසන් විද්‍යාවන්" යන නමින්. මොකද ඒවා පුද්ගලයා කාර්ම පල අවබෝධයෙන් බැහැර කරනවා, අපායගාමී කරනවා. මේවා බැහැර කරලා තිසරණයට අවොත් අපි දිඋනු වෙයි, නැත්නම් මේ යන විධිහට විනාසයක් තම වෙන්නේ.
එය සත්‍යයකි.
උඩ යන ගමක්.
අපිත් දැන්ම එකක් ඔර්‍ඩර් කලොත් නරකද?
මේවා ගොඩබස්සන්න අලුතෙන් ගුවන්තොටුපළවල් හදන්න වෙයි. අනතුරුත් වැඩිවෙයි
කෙනත් ගේ අදහසට මමත් එකඟයි. අනුන්ගේ ඕපාදුප වලට ඇස්දල්වගෙන ඉන්න ජාතියකට හරියන්නේ නෑ. තමන් දියුණු වෙනවා මිසක්. අද රටේ තියෙන ලොකුම විනාසය තමා ගුණ ධර්ම පිරිහුණ මිනිසුන් තාරකා හරහා සැප සම්පත් බලාපොරොත්තු වීම.
http://www.truthorfiction.com/rumors/b/b797.htm
ෂා නියමයිනේ
කෙනෙත් නියම බෞද්ධයෙක්
කෙනත් කියන්නෙ ඇත්ත
කෙනත් ගේ අදහසට මමත් එකඟයි.අපේ අයට තනිකරම පිස්සු
http://www.hoax-slayer.com/boeing-797-hoax.shtml
කෙනෙත් හරියටම හරි
කෙනෙත් හරියටම හරි.මේවා වෙනස් වෙන්න ඕනි අපේ පන්සල් වලින්.විභාගයක් ළං වුණාම, විවාහය ළං වුණාම පිරිත් නූල් බදින්න පන්සල් ගිහින් මදි.තමන්ගේ හිතත් සන්සුන් වෙන්න ඕනි.
අපිට තියෙන යානා ඔක්කොම මාසික කුලියට ගත්ත ඒවා නේද? බොරු පුරාජේරු එපා අනේ