තලංගම රෝහල ඉදිරිපිට බස් නැවතුමට බසයක් කඩා වැදීමෙන් එහි සිටි මගීහු දෙදෙනෙක් මරුමුවට පත්වූහ. දෙදෙනෙක් තුවාල ලදහ.
(ඡායාරූප සිරි මහබෙල්ලන)
(ඡායාරූප ශාන්ත සෙනවිරත්න)
තලංගම රෝහල ඉදිරිපිට බස් නැවතුමට බසයක් කඩා වැදීමෙන් එහි සිටි මගීහු දෙදෙනෙක් මරුමුවට පත්වූහ. දෙදෙනෙක් තුවාල ලදහ.
(ඡායාරූප සිරි මහබෙල්ලන)
(ඡායාරූප ශාන්ත සෙනවිරත්න)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනන්දත් ලංකාවේ හුඟක් රියදුරන් වගේ ලංකාවේ මාර්ග නීති පද්ධතිය ගැන දන්නේ නැහැ වගේ. (නි)
මේ වරද රියදුරු අත වුවත්, දැන් රියදුරන්ට තියෙන්නේ බොහොම සීමිත කාලයක්. ඒකේ රේස් එකක් තමයි යන්න තියෙන්නේ.දෙපැත්තම විමසන්න. (ස)
නීතිය නම් මීට වඩා රැකිය යුතුයි. ජීවිත ගැන හිතන්න.රියදුරුවරුනි.. (ස)
ඔයාලගේ ජීවිතයි අපේ ජීවිතයි දෙකම බේරගෙන මේ ගමන යමුකෝ. (ස)
ආරංචි විදිහට බස් එකේ රෝදයක් පුපුරලා බස් එක පාලනය කරගන්න බේරුවා ගිහින් තියෙනවා. හරියට කරුණු දැනගෙන කථා කරන්න.(ස)
කාගෙත් වෙලාව තමයි. මමත් රියදුරෙක්. මරණ චේතනාවක් නැහැනේ. අපි දවසට ජීවිත කීයක් එහා මෙහා ගෙන යනවද? (ස)
බස්, හෝල්ට් එක ළඟ නවත්තන්නයි කිව්වේ. ඇතුලට ම ගිහින් නවත්තන්න කිව්වේ නැහැ.(ස)
පෙරේරා, ඔයා බොරු නේද කියන්නේ?(ස)
ගැමුණු කතා කරන්නේ ගාස්තුව වැඩිකරගන්න විතරයි. පොලිසියටත් බැරිනම් අපිට කරන්න තියෙන්නේ හප්පන හෝ හැප්පෙන සැම බස් එකකක්ම එතනම ගිනි තියලා දාන්න. ඉන්ෂුවරන්සේ කාරයෝ බංකොලොත් වෙයි. එහෙම නැත්තම් බස් කාරයෝ අයින් වෙයි, ලංගමටම වැඩේ කරගන්න කියලා. (නි)
කොස්වත්ත ටවුන් එකට තව ඕනෑ නම් මීටර් 50ක් ඇති. නගර සිමාවේ යන්න ඕනෑ වේගයකින්ද මේ ගිහින් තියෙන්නේ? (නි)
අන්තිමට අසරණ උනේ පාරේ යන දුගී මගියෝ. (ස)
අනතුරු සිදුකරන හැම බස් රථයකම ගිනි තියමු.දුප්පත් අපිටනේ අනතුරු වෙන්නේ. අපිම දඩුවමත් දෙන්නම්. (නි)
ඉන්දි, ඔයා දෙවරක්ම හරි. මමත් 170 එලවන්නේ(ෆෝන් එකෙන්). (නි)
ඔය කියන ස්ථානයෙන් සෙනග ගැවසෙන නිසා වේගයෙන් ධාවනය කරන්න පුලුවන්ද? ටයර් එකක හුලන් බැස්සත් කල්පනාවෙන් ගියා නම් අනතුර වලක්වාගන්න තිබුණා. නැත්නම් ලස්සන ගැනු කෙනෙක් රියදුරු මහත්තයට කිට්ටුව හිටගෙන යන්න ඇති (නි)
ඉන්දි කියන කතාව 100% ක්ම ඇත්ත. හැපිලා තියෙන්නේ 171 බස් එකක් වුණත් ඒ පාරේ යන 190, 170, 177 යන බස් තුනේම රියදුරන් ජංගම දුරකතනය භාවිතා කරමින් අනෙක් බස් තිබෙන ස්ථාන ගැන අනෙක් රියදුරන්ගෙන් විමසමින් තමයි ධාවනය කරන්නේ. මමත් ඒක බොහෝ අවස්ථාවල දැකලා තියෙනවා. ඔවුන් අතර පුදුම තරගයක් තියෙන්නේ. මේ කරුණ ගැන දැන්වත් ප්‍රවාහන බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුමයි. එම රියදුරන්ට හා කොන්දොස්තරවරුන්ට දුරකතනයෙන් විමසමින් ධාවනය කිරීම අනිවාර්යයෙන්ම තහනම් කල යුතුයි. (නි)
කොහොමහරි ඩ්‍රය්වර් බේරෙන්න මොකකට හරි අල්ලලා තියෙනවා (නි)
ජයම්පති, ඔයා කරුණු නොදැනයි අදහස් පල කරන්නේ. මම කොස්වත්තේ ඉන්න කෙනෙක්. මේ සිද්ධිය වෙනකොට මම එතන හිටියේ. බස් එකේ අයත් කියලා තියෙනවා රියදුරු ෆෝන් එක කනේ ගහගෙන කතා කර කර ආවේ කියලා.ටයර් එකේ හුලන් ගියා කියලා හෝල්ට් එක ළඟ ඇවිත් වදින්න විදියක් නැහැ. එතන බලාගෙන හිටපු අයට ඔය ටයර් සද්දේ ඇහිලා නැහැ. දැන් බස් කාරයෝ එකතු වෙලා රියදුරු බේරාගනීවි.වැඩිම ජනගහනක් වෙසෙන කඩුවෙල ආසනයේ රථ වාහන ධාවනය ගැන පොලිසිය මීට වැඩි අවදානය යොමුකරන්න ඕනෑ. (නි)
පෙරේරා, බලන්න ඉෂාන්, යශෝධා, ඉන්දි, චමිල, සම්පත්, රුපවති කියලා තියෙන දේවල්. නීති පද්ධතියක් තියෙනවා නම් ඔහොම දේවල් කරන්නේ කොහොමද? හොඳයි එහෙම තියෙනවා නම්, ඒවා රකින්න අනෙක් රටවල වාගේ අපේ රටෙත් රථ වාහන පොලිසියකුත් තියෙන්න ඕනෑ. (නි)
171 විතරක් නෙමෙයි 170, 177, 190, 163 බස් ඔක්කොම මෙහෙම තො යන්නේ. පාර හොදට හදලා තියෙන නිසා බස් හෝල්ට් එක ලගටම ඇවිල්ලා බ්රේක් ගහනවා. එහෙම කරන්න ගිහින් වැඩේ වැරදුනාම වෙන්නේ අහිංසක මිනිස්සු අමාරුවේ වැටෙන එක. පුලුවන්නම් එතනට පොලිසියෙන් දැම්මා නං තමා හරියන්නේ. (නි)
අනෙක් රටවල වගේ අපේ රටෙත් රථවාහන ධාවනය කරන්න මාර්ග නීති පද්ධතියක් හදන්නයි තියෙන්නේ. (ස)
මෙතන තියෙන්නේ පුදුම තරඟයක්. 177, 170, 190 රේස් යනවා. බස් නවත්තන්නේ පාරේ. හවසට වෙන වහනවටල යන්න හරිම අමාරුයි. (ස)
බස් නැවතුම ඇතුලටම ගිහිල්ල මගීන්ව පටවගන්න හදල තියෙන්නේ ආදරේ වැඩිකමට. අපි නිදහස ලබල වසර 60 ගානක් ගියත් හොඳ පොදු ප්‍රවාහන සේවයක් හදාගන්න අසමත්නේ. (ස)
නීති ගැන බස් රියදුරන්ගේ වැරදී ගැන කතා කරන්නේ කව්රුහරි මැරුනම විතරයි ටික දවසක් ගියහම ආයේ අමතතකයි. (ස)
171 බස් එකක් තමියි හෙපිල තියෙන්නේ.මෙයාලා රේස් ගිහිල්ල. පුදුමයි දෙන්නෙක් මැරිලා බේරුනා..මම ඇහටම දැක්කා එතන...170,177,190,163,171 මේ හැම බස් කාරයෙක්ම ෆෝන් එකෙන් තමියි බස් එලවන්නේ. (ස)
මරුන අයගේ පව්ලේ අයට රක්ෂණ වන්දියක් වත් නැහැ ශෝකය ඇරෙන්න. (ස)
මේ රටේ කැලෑ නීතිය ක්‍රියාත්මක වනබව මෙයින් පැහැදිලි වේ. (ස)
තලංගම පොලිසියේ අය මොනවද කරන්නේ? (නි)
මම ලංකාවේදී දකින දෙයක් තමඊ, සෑම රියදුරෙක්ම වහනය පදවන්නේ ටෙලි පොන් එක කනේ තියාගන....? අය මේ දේවල් නවත් වන්න බැරි ? මම ඉන්න රටේ කිසිවෙකු රිය පදවද්දී ටෙලිපොන් එකේ පාවිච්චි කලොත් දඩුවම දඩයක් අයකරනවා, බලපත්‍රයේ පොඉන්ට් ගණනක් සටහන්වෙනවා, කතා කරන්න ඕනනම් වහනය පාර අයිනෙන් නවත්වා කතා කල හැකියි....? අපේ රටනම් පුදුමම රටක්....? ජනතාවට සේවය කරන්න කට්ට්ටිය මිනී මරාගන්නවා...?(ස)
මේ විදිහට මිනි මරන්න ගත්තොත් හරකෙකුයි රුපියල් දසදහසකුයි දෙන්න මිනිස්සු ඉතුරු වෙන්නෙ නැහැ (නි)
අනේ මේවගේ පිස්සු රටක් අහලවත් නැහැ සමහරවිට එහෙම වෙන්නේ අපට පිස්සු නිසා නැත්නම් පාරේ මිනිස්සු නොගිහින් කැළෙන් ගියානම් හරි. (ස)
මේ නම් මගම මරුවෙක් ම තමයි. පව් ජීවිත.(ස)
ගැමුණු ලොක්කෝ, ඔහෙලාගේ අයිතිය ඉල්ලන්න ඉස්සල්ල පාරේ යන මිනිස්සුන්ගේ අයිතිය ආරක්ෂා කරනවලා. (ස)
මග මරුවට නම් තැලිච්ච පොඩිවෙච්ච හදාගන්න රක්ෂණ මුදල් වත් ලැබේවි. ඒත් මේ ජීවිතවලට මොනවද ලැබෙන්නේ කියලා හිතනවාද ? (ස)
ආනන්ද, ලංකාවෙත් පිටරටවල් හා සමාන මාර්ග නීති පද්දතියක් තියෙනවා හැබැයි හුඟක් රියදුරෝ ඒවා දන්නේ නැහැ. පොලිසිය ඒ නීති පද්දතිය හරියට ක්‍රියාත්මක කරන්නේ නැහැ. (ස)
ලංකාවනේ.. (ස)
දඬුවම රියැදුරු ඝාතනය කිරීම. (ස)
බස් නැවතුම වැරදි තැනක තියෙන්නේ. බස් එළවන්නේ මෝඩයන්.රියදුරු බලපතට සා/පෙ වත් තියෙන නීතියක් ගෙනා යුතුය. (ස)
රට යන්නේ කොයි පැත්තටද? (ස)