IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


‘මංගලට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙන එනවා’

(නිමල කොඩිතුවක්කු)
 
මෙවර අයවැය යෝජනාවෙන් වැරදි දත්ත ඉදිරිපත් කර ඇති බව පවසමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව  පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා කොළඹදී පැවසීය.

විශ්වාසභංග යෝජනාවේ කටයුතු මෙවර සිංහල හින්දු අලූත් අවුරුද්දේ වැඩ ඇල්ලීමේ නැකතින් ආරම්භ කරන බවද ගුණවර්ධන මහතා කියා සිටියේය.

පුංචි බොරැල්ලේ පිහිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතාගේ  නිවසේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා මෙසේද කීවේය.

  ‘‘මෙවර  සම්මත වූ අයවැය ලේඛනය පිළිබඳ රටේ  නිමැවුම, ආදායම,  සේවා නියුක්තිය, ගෙවුම් ශේෂය,  ඉතුරුම්, ආයෝජන ආදී කරුනු පිළිබඳ මහා බැංකුවෙන් වාර්තාවක් පාල්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට දැනුම් දීලා තියෙනවා.  එතකොට  මේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ඔක්කොම විවාද කරලා තියෙන්නේ වැරදි වාර්තාවකටයි.

රට ආර්ථික වශයෙන් අන්ත අගාදයකට ගෙනල්ලා ආර්ථිකය කඩා වට්ටලා  ව්‍යාජ අයවැය ලේඛනයක් ඉදිරිපත්  කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය විදියට අපි මංගල සමරවීර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරනවා. මේ සම්බන්ධයෙන් වන යෝජනාව මම පක්ෂ නායකයන්ටත්  ඉදිරිපත් කරනවා. අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීමේ නැකතට මම මේ විශ්වාසභංග යෝජනාව ලියන්න පටන් ගන්නවා. 

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 148 වන වගන්තිය අනුව මුදල් පිළිබඳ සම්පූර්ණ බලය තියෙන්නේ  පාර්ලිමේන්තුවටයි. මුදල් අමාත්‍යවරයා තමන්ගේ වගකීම නිසි ලෙස ඉෂ්ට කරලා නැත්නම්  මුදල් ඇමැතිවරයෙක් පාර්ලිමේන්තුව නොමග යවලා තියෙනවා නම් ඔහුව තවදුරටත් විශ්වාස  කළ නොහැකියි. ඒ  නිසා ආංශික අධීක්ෂණ කාරක  සභා වාර්තාව පදනම් කරගෙන මංගල සමරවීර මහතාට එරෙහිව විශ්වාසභංග  යෝජනාවක් ඉදිරිපත් කිරීමට අපි කටයුතු කරනවා’’ යැයි ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (22)

‘මංගලට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙන එනවා’

V.K.Lankaputhra Thursday, 11 April 2019 12:49 PM

පරදින්න බලාගෙන ගේන්න.

:       10       1185

rasikaThursday, 11 April 2019 03:29 PM

පරදින්නේ ඒගොල්ලෝ නෙමේ සහෝදරයා පරදින්නේ ඔබයි මමයි. හැමදාමත් පැරදුනේ අපි. එයාලා දිනුම්. බොරුවට පක්ෂ අල්ලාගෙන තමන්ගේ පක්ෂේ මන්ත්‍රී මොන වැරැද්ද කලත් පෙන්නේ නැහැ.. චන්දෙ දෙනවා.. හැබැයි ඔය මැති ඇමතිවරු ඔක්කොම එකට සෙට් වෙලා ඉන්නේ.. ඒ අය හැමදාම දිනුම්.

:       66       623

C.K. LankaputhraFriday, 12 April 2019 03:28 AM

ඔව්, සහතික ඇත්ත. හැමදාම දිනන මිනිස්සු කට්ටයකට හැමදාම පරදින අපි උඩ පැන පැන අත් දෙකම උස්සල "ජයවේවා ජයවේවා" කියන මිනිස්සු කට්ටියක්නෙ අපි. නැද්ද?

:       0       8

Mudali Thursday, 11 April 2019 12:50 PM

ආයේ සැරයක් ඉල්ලන් කන්න හදනවා වගෙයි.

:       1       596

chathuri Thursday, 11 April 2019 12:56 PM

දැන් තියෙන අයවැයේ වැරදි පේනවා, තමුන් ඇතුළු නඩේ බලය තියෙන කොට දාපු සෙල්ලම් මතකද. තමුන් ගණිත අංශයේ ගුරුවරයෙක් වෙලා තමුන්ට වැරදෙනවා නම් අනිත් අය ගැන කවර කතාද. දරුවන්ගෙන් ටියුෂන් මුදල් ලොකු ගානක් අය කෙරුවා කි දෙනෙක් හරි මාර්ගේ ගියාද දන්නේ නැහැ. හැමදාම ඇහුවොත් ජොබ් එක විශ්වාසභංග ගේන එක.

:       2       552

saliya Thursday, 11 April 2019 12:57 PM

ඔබතුමාව ආදර්ශයට ගෙන නිවැරදි දත්ත, අර පවුලක මාසික වියදම 2500 වගේ දේවල් නේ ඉදිරිපත් කරන්න ඕන.

:       0       413

සමන්ත Thursday, 11 April 2019 01:31 PM

මිනිස්සු තමන්ට කටක් තිබුණු පලියට කියවන කොට ඒක කැතයි. අනික දැනුම, අවබෝධය කියන දේ ඉරිසියාවට වඩා වෙනස්. මේ පුද්ගලයා ඔය තරම් කාර්යක්ෂම සහ නිවැරදි නම් ඇයි ඒ කාලේ කරපු හැමදේම වැරදිලා රටට විහිළුවක් වුනේ?

:       5       577

Sarasi Thursday, 11 April 2019 01:34 PM

ඇයි මෙතුමාව අපි විශ්වාස කරන්න හේතු තිබෙනවාද. වැදගත් ලියවිල්ලක් අත්සන් කරනකොට කරුණු කියවා බලා අත්සන් කරන්න තරම් තේරුමක් නැති කෙනා ගැන මහජනයාට විශ්වාසයක් තිබෙනවාද? පුතා රියදුරු බලපත්‍ර නැතිව වාහන පදවන්න පාරට යවා අනතුරු කරන්න ඉඩ තැබූ කෙනා. රටේ දරුවන්ගේ විභාග ප්‍රතිපල හෙලා දුටු කෙනා. තව අනුන්ට විශ්වාසභංග ගෙන්න යනවා.

:       0       801

sirimal Thursday, 11 April 2019 01:54 PM

මේ මහත්තය නිකන් ඉන්න බැරුව විහිලු කරනවා වගේ.

:       0       442

de Thursday, 11 April 2019 02:19 PM

අනේ මේ 225 ට තේරෙන්නේ නැද්ද ජනතාවට ඕනි විස්වාසභංග නෙමේ ඔයාලා 225ම ගෙදර යවන භංගයක් කියලා. ඔයාලා මොන කෙනා ආවත් අමාරුව දුප්පත් අපිට

:       0       423

Don Thursday, 11 April 2019 03:33 PM

රුපියල් 2500 ට මාසයක් ජීවත්වෙන්න ඇති කියපු එක්කෙනාට තමයි විශ්වාසභංගයක් ගෙන්න ඕන.

:       0       541

Hafeel Thursday, 11 April 2019 04:39 PM

ඔන්න බැංකුවලට ඔයාව විශ්වාස නැතිලු.

:       0       353

Saththaya Friday, 12 April 2019 01:41 AM

මහජන සේවයක් කරන්නයි ජනතාව බලය දුන්නේ. නැතිනම් සමස්ත ජනතාවගේ කාලය නාස්ති කරලා, බලය ලබාගන්නා ක්‍රම හොයන්න නෙමෙයි. හැමදාමත් බාල වැඩ කරන්න මොන තරම් , මනුස්සකම පිරිහිලාද ?

:       0       118

silva Friday, 12 April 2019 02:57 AM

උකස්කරේ ගැන දන්නේ නැති මේකා බන්දුම්කරේ ගැන කියවන්න එනවා...

:       0       57

Ratnamalala Friday, 12 April 2019 02:57 AM

මෙයාලගේ කයිවාරුව පමණයි. කරන මඟුලක් නැහැ. පළාත්සභා මැතිවරණය නොතිබ්බොත් නඩු දානවා කිව්වා තවම ඒ ගැන සලකුණක්වත් නැහැ.

:       0       22

Sapumal. Friday, 12 April 2019 02:57 AM

මේ මුදල් ඇමතිවරයාට අපද කැමති නැහැ. ඒ වගේම ඔය පොතේ දැනීම පමණක් තියෙන රු.2500 ට පවුලකට මාසයක් ජීවත් වෙන්න පුළුවන් කී නරි මෝඩයන්ටත් අප කැමති නැහැ.

:       0       32

ravi Friday, 12 April 2019 06:03 AM

" බන්දුල ගුණවර්ධණව " දේශපාලනයට ගත්තට වැඩිය හොඳයි .... පෙට්ටියක් වගේ ඔලුවක් තිබුණට .... අබ ඇටයක් තරම්වත් මොලයක් නැති පුද්ගලයෙක් .

:       0       45

Duminda Friday, 12 April 2019 10:34 AM

උකස්කරේ ගැන දන්නේ නැති මොහු බැඳුම්කරේ ගැන කියවන්න එනවා..

:       0       9

Rata Perata Saturday, 13 April 2019 06:57 AM

අපේ සල්ලි විනාස කරන්නේ නැතුව ඉන්න.

:       0       8

Bamunuarachchi Monday, 15 April 2019 11:14 PM

බන්දුල මහතා මංගල විසින් අයවැයේදී දී ඇතී කියන වැරදි දත්ත නිසා විස්වාසභංග යෝජනාවක් ගෙනෙනවා කියනවානම් රටේ ජනතාව විසින් විමසා බැලිය යුත්තේ වැරදි දත්ත ඉදිරිපත් කිරීම සම්බන්දව විනා බන්දුල මහතාගේ පැටිගිරිය නොවෙයි. මෙහි පලවන්නේ බන්දුල මහතාට විරුද්දව ලියන අදහස් මිස මංගලට විරුද්දව හෝ විශ්වාස භංගය සම්බන්ධයෙන් ලියන අදහස් නොවේ. අදාළ ප්‍රස්තුතය ගැන ලියවෙන්නේ නැත. මෙහෙව් අය සිටිනතුරු රටට ගැලපෙන ආණ්ඩුවක් ඇතිවන්නේ නැත. 1977 සිට මේ රටට කෙළවුණේ මේ අය නිසාය. මීට ප්‍රථම වතාවක්දීද අයවැයකින් අධ්‍යනයට වෙන්කළ ව්‍යාජ මුදලක් ගැන අසන්න ලැබුණා මතකය.

:       1       0

Bamunuarachchi Monday, 15 April 2019 11:28 PM

බන්දුල මහතා මංගල ඉදිරිපත් කර ඇති වැරදි දත්ත පිළිබඳව වැඩි විස්තරයක් අපේ දැනගැනීම සඳහා ඉදිරිපත් කොරනවානම් හොඳය. මීට ප්‍රථම අයවැයක්දීද අධ්‍යාපනයට වෙන්කළ මුදලක් සම්බන්දව වැරදි හෝ බොරු ගණන් ඉදිරිපත් කළා මතකය. බන්දුල මහතා මෝඩයින්ට හඳ පෙන්වුවාම උන් බලන්නේ අතදිහාය.

:       1       0

Bamunuarachchi Monday, 15 April 2019 11:39 PM

බන්දුල මහතා වින්සන්ට් චර්චිල් මහතා මෙසේකියා ඇති බව මතක් කරමි " පාරේ යද්දී ඔබට බුරන හැම බල්ලාටම ගල්වලින් ගසන්න ගියොත් ඔබට ගමනාන්තය දක්වා යන්න බැරිවේවි." මෙතනදී ඒ කියමන කදිමෙට ගැලපෙනවා නේද?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 400 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 651 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 418 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 264 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මධ්‍යම තැපැල් හුවමාරුවට කෝටි 15ක මත්ද්‍රව්‍ය ඇවිත්
2025 අප්‍රේල් මස 23 379 0

රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුව පත් කරයි
2025 අප්‍රේල් මස 23 530 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 671 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site