අත් බෝම්බයක් සමග අසුවීමෙන් පසුව අසනීප වී පොලිස් රැකවල් මැද කරන්දෙණිය රෝහලේ ප්‍රතිකාර ලැබූ සැකකරුවකු මංචු ගලවාගෙන රෝහලෙන් පැන ගිය නමුත් යළි අල්ලා උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 4 වැනි දා දක්වා රිමාන්ඩ් කරනු ලැබීය. බළපිටිය මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබුයේ කරන්දෙණියේ ටී.එච්. සුනිල් (55) නම් පුද්ගලයෙකි.
මාංචු ගැලවීමේ දී ඔහුගේ අත් දෙක හම ද ගැලවී ගොස් ඇතැයි පොලිසිය අධිකරණයට දැන් විය. ඔහු ළඟ තිබූ බෝර දෙකක් තුවක්කු දෙකක් නිවසක සඟවා තිබියදී සොයාගත් බව කරන්දෙණිය පොලිසිය කියයි. මුරට සිටි පොලිස් කොස්තාපල් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලාගේ රැකියාව ආරක්ෂා කරගන්න නම් මින් ඉදිරියට කකුල් දෙකට මාංචු දාන්න.(නදී)
කරන්දෙනියේ නම් මාංචු දාලා වැඩක් නැහැ අලි දම්වැල් දාන්න.(නදී)
ආරක්ෂක නිලධාරින් නැද්ද (දී)
සිල්වාගේ අදහස අගෙයි. (නි)
සිල්වා මහත්තයා හරියට පොලිස් කාරයෙක් වගෙයි.(නදී)
අත් වලට නම් මාංචු. කකුල් වලට නම් විලංගු.(නදී)