IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මංජුලා විතරක් නෙමෙයි ඕනම නිළියක් එක්ක රඟපාන්න මා සූදානම්

සුරාජ් මාපා ගැන මේ දිනවල වැඩිපුර කතා බහ වෙන බව කියන්න පුළුවනි. සේපාලිකා (ස්වර්ණවාහිනී), සඳසිත්තම් (සිරස), සපුමලී (ස්වාධීන රූපවාහිනිය) යන ටෙලිනාට්‍ය නිසා තමයි සුරාජ් ගැන වැඩි දෙනා කතා බහ වෙන්නෙ. ඒ නිසාම මෙවර සඳැල්ල කතාබහ හැඩ කිරීමට අප ආරාධනා කළේ ඔහුටයි. කලාතුරකින් පුවත්පත් පිළිසඳර සඳහා පෙනී සිටින සුරාජ් මේ පිළිසඳරට කියන්නෙ මොනවද බලමු. සුරාජ් කොහොමද ජීවිතේ? බොහොම සරලව ජීවිතය යනවා.   ඒ මොන විදියටද? රඟපෑම්වලට එක්වෙනවා. ඒවා විකාශය වෙද්දී මොනවද තව රංගනයෙන් හදා ගත යුතු දේවල් කියලා හිතමින් සරලව කාලය ගතකරනවා.   ගොඩාක් සතුටින් ඉන්නවා කියන්නෙ? මේ නාට්‍ය තුනටම ලැබෙන ප‍්‍රතිචාර හරි ඉහළයි. ඒ නිසා හරිම සතුටින් ඉන්නෙ. මේ නාට්‍ය තුනට අමතරව අලූතින් නිර්මාණය වන තවත් නාට්‍යය දෙකක රූගත කිරීම්වලට මේ දිනවල දායක වෙනවා.   ඇයි ඔබ ටෙලිනාට්‍යවල විතරක් රඟපාන්නෙ? චිත‍්‍රපට සඳහා ආරාධනා නැද්ද? නැතිනම් උනන්දුවක් නැද්ද? බොහෝ විට චිත‍්‍රපට නිර්මාණය වීම බහුලව සිදුවන්නෙ නැහැ. ඒ නිසා ඒවා ලැබෙයි ලැබෙයි කියලා බල බලා ඉන්න බැහැ. ටෙලිනාට්‍යවල රඟපාලා එයින් ලැබෙන ප‍්‍රතිචාර වගේම එක් එක් චරිත කරලා ලබන සතුට ඉහළයි. චිත‍්‍රපටවලට ආරාධනා ලැබෙනකල් ඒවා ඒ විදියට කරගෙන යනවා.   මේ ලැබෙන දේ ප‍්‍රමාණවත්ද ඔබගේ ආර්ථික පසුබිමට? ඇත්තෙන්ම ප‍්‍රමාණවත්. සමහරු මගෙන් ඔය ප‍්‍රශ්නය අහනවා. ඇත්තටම ඒ ස්ථාවරයට හේතුව මහන්සිවී කැපවීමෙන් වැඩ කිරීම නිසයි. මට කළහැකි උපරිම ප‍්‍රමාණයෙන් වැඩ කරනවා. බැරි දේ බාර ගන්නෙ නැහැ. දවසේ වැඩි හරියක් වැඩ කරන නිසා නිදා ගන්න ලැබෙන්නේ පැය 5ක් විතරක් වගෙයි. ඒකට මම හරි කැමතියි.   එය වෙහෙසකර නැද්ද? නැහැ, පුළුවන් හැමවෙලාවෙම කාලයට උපරිම දායකත්වයක් දුන්නාම හිතට ලොකු සතුටක් දැනෙන්නෙ. එයින් මම හරි තෘප්තියක් ලබන්නෙ. අනවශ්‍ය දේවල් ගොඩාක් මම ජීවිතෙන් අයින් කරලා තියෙන්නෙ.   මොනවද ඒ දේවල්? පාටි උත්සව, යාළුවෝ එක්ක විනෝද වීමට යන අවස්ථා ගොඩාක් අඩු කරලා තියෙන්නෙ.   ඇයි එහෙම සීමා පනවා ගන්නෙ? ජීවිතය ගොඩාක් සංකීර්ණ කර ගත්තොත් අපට අපේ වැඩ ටික හරියට කරන්න බැරිව යනවා. ඒ නිසා මගේ රංගනය සහ කියවීම් සම්බන්ධයෙන් මෙන්ම, රංගනයට අවශ්‍ය කරන සියල්ල අධ්‍යයනය කරන්න මම ආසයි. ඒ වගේම ව්‍යායාම කටයුතුවලත් නිරන්තරයෙන් යෙදෙනවා. මාසයකට සැරයක් විතර ගෙදර ගිහින් අම්මා - තාත්තා එක්ක විවේකය ගත කරලා එනවා. අක්කලා දෙන්නම විදේශගත වෙලා. ඒ නිසා අම්මා - තාත්තා බලා ගැනීම බාරදුර කටයුත්තක් වෙලා. එය මම කළ යුතුමයි. ඒ දෙන්නා දඹදිව යැවීමේ ලොකු ආසාවක් මට තිබුණා. ඒ දේත් කළා. ඒ නිසා හිතට හරි සතුටුයි.   මොන දේ නැතත් නළු නිළියන්ට නිරන්තරයෙන් එක් එක්දේ අහන්න ලැබෙනවා. විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා. ඒ ගැන මොකද හිතන්නෙ? ඉස්සර නම්, මම වටපිටාව ගැන සොයමින් ජීවත් වුණා. ඒත් දැන් නම් මට ඒවා කිසි වැදගැම්මකට නැති දෙයක්. මම මගේ වැඩ ටික කරනවා. මං ගැන මොනවද කතා කරන්නෙ කියන එක මට වැදගත් නැහැ.  ඕන කෙනෙකුට  ඕන දෙයක් කියන්න පුළුවනි. නමුත් කවුරුවත් අද වෙනකල් හානියක් වෙන විදියට වැඩ කරලා නැහැ.   කොහොම වුණත්, ඔබගේ යටගියාව ගැන මාධ්‍ය ඔබගෙන් අහනකොට මොකද හිතෙන්නේ? සුරාජ් හිටපු ගෑණු ළමයා කෝ? සුරාජ් බඳින්නෙ නැද්ද? ඔය වගේ දේවල් අහනකොට කේන්ති යන්නෙ නැද්ද? ගොඩාක් වෙලාවට මම ඒ වගේ දේවලට ඇහුම්කන් දෙන්නෙ නැහැ. ඒවා අහන්න සොයන්න ගියාම තමයි ඒවා ප‍්‍රශ්න වෙන්නෙ. නමුත් තමුන්ගෙ වැඬේ කරගෙන හිටියාම ඔය ප‍්‍රශ්න මොකුත් නැහැ. මම නිතරම කල්පනා කරන්නෙ හෙට දවසෙ මොනවද කරන්න  ඕනෑ කියන එක ගැනයි. ඇත්තටම තවම මම ක්‍ෂේත‍්‍රයට දෙයක් කරලා නැහැ. මම සමාජයට දැනෙන යමක් කරන්න  ඕනෑ. ඒ අදහස තමයි තියෙන්නෙ.   දැන් නැවතත් මංජුලා කුමාරි සමග ඔබ රඟපානවා. බොහෝ දෙනා ඒ ගැළපීම ගැන විවිධ කතා කියන්න පුළුවනි. ඔබ කොහොමද ඒ සැසඳීම දකින්නේ? ඔබ කොහොමද හිතන්නෙ ඔබට වඩාත් ගැළපෙන නිළි චරිතය ගැන? එහෙම කිව්වොත් අනිත් අය අමනාප වේවිද? සමහර වෙලාවට සමහර අධ්‍යක්‍ෂකවරු උත්සාහ ගන්නෙ අලූත් මුහුණු සසඳන්න. නමුත් ඒ ගැළපීම නිතරම සාර්ථක වෙන්නෙ නැහැ. අලූත් හොඳ අයත් ඉන්නවා. ඒත් මට නම් ඔය මොනවත් ප‍්‍රශ්න නෙවෙයි. නමුත් මේ මේ අයත් එක්ක වැඩ නොකරනවා කියනා අදහසක් තිබුණා. දැන් එහෙම කිසිම භේදයක් නැහැ. ලැබෙන  ඕනෑම නිළියක සමග රඟපාන්න සූදානම්. ඒ වෙනස නළුවකුට අවශ්‍යයි. මට කවුරුවත් එහෙම විශේෂ නැහැ.   මංජුලා කුමාරි, චතුරිකා, උපේක්‍ෂා, ජානකී, නිරෝෂා ඔය සියලූ දෙනා සමග රඟපෑ චරිත අතරින් ඔබට වඩාත් ආදරණීය බවක් ගෙන දුන් චරිතය, එවැනි හැඟීමක් ගෙනදුන් චරිතය නම් කරන්න කිව්වොත්? මම රඟපෑමේදී සුරාජ් මාපා කියන චරිතය නෙවෙයි. ඒ නිසා හැමෝම එක්ක ඒ ඒ චරිතයට ආදරය කරමින් රඟපානවා. ආදරය ගැන පෞද්ගලිකව මම ගොඩාක් දේ අත්විඳලා තියෙනවා. ඒ නිසා ආදරය සම්බන්ධ චරිත රඟපාන්න ගියාම උපරිම උත්සාහ ගන්නෙ ආදරණීය බව පේ‍්‍රක්‍ෂකයාට දැනෙන විදියට රඟපෑම ඉදිරිපත් කිරීමටයි. ඇත්තටම ආදරය කියන්නෙ කලාවක්. ඒ කලාව රංගනයේදී සුන්දරව ඉදිරිපත් කිරීමෙන් පේ‍්‍රක්‍ෂකයා ලබන සතුට අපමණයි.   ඔබ, ඔබේ ජීවිතයේ මෙතෙක් දුටු සුන්දර ගැහැණු චරිත අතරින් ඔබ එක්වරම තැතිගැන්වූ චරිතය කවුද? ඔබව ගැස්සීමට පත්කළ කෙනා කවුද? ජීවිතේ ගොඩාක් එහෙම අය සිටින්න ඇති........ම්ම්.......ම්.......හිත වගේම, ඇස විතරක් නෙවෙයි, ජීවිතේම ගස්සලා ගිය අයත් ගොඩාක් ඇති. ඒත් ඒ දේවල් කියන්න ගියොත්........?   තව දේවල් ගැස්සිලා යයිද? හා...... හා.......හරියට හරි......(හිනා) ම්......ම්...... නමුත් දුක් වෙන්න තරම් දෙයක් නැහැ. මම ආදරය කළා. ආදරය වින්දා. දැන් මට වයස 32යි. විනෝදය ජීවිතයට අවශ්‍යයි. ඒත් වයසත් එක්ක දැන් කෙළිළොල් බව අවශ්‍ය නැහැ.   ඔබ මවිතයට පත්කළ, ඔබගෙ හිත ගස්සපු ලෝක නිළි චරිත තුනක් නම් කරන්න කිව්වොත්? ජූලියා රොබර්ට්ස්, අයිරින් ජේකොබ් සහ රාණි මුඛර්ජි   මේ තුන්දෙනාගෙන් විවාහ වෙන්න කෙනෙක් යෝජනා කළොත් කාටද කැමති වෙන්නෙ? මේ තුන්දෙනාම නෙවෙයි.   එහෙම නම්? දීපිකා පදුකෝන්ට හා......හා......හා......

සටහන සහ ඡායාරූප - සඳුන් ගමගේ



අදහස් (0)

මංජුලා විතරක් නෙමෙයි ඕනම නිළියක් එක්ක රඟපාන්න මා සූදානම්

ඩුබායි කෙල්ලෙක් Wednesday, 23 May 2012 03:08 PM

මම අකමැතිම එපාම කරපු නළුවෙක්

:       0       0

ප්‍රගීත් Sunday, 27 May 2012 07:30 PM

ඔබ කඩවසම් නළුවෙක් නෙවේ.නමුත් ඔබ දක්ෂ නළුවෙකි

:       0       0

කමනි Monday, 21 May 2012 08:01 AM

දැන් පදුරකට පයින් ගැහුවම විසිවෙන තරමට නඵ නිළියෝ...අනේ මන්ද...

:       0       0

ප්‍රසන්න රත්නායක Monday, 21 May 2012 09:07 AM

ඔබ හොඳ ආදර්ශමත් නිහතමානී නඵවෙක් ..ඔබට ජයෙන් ජය...

:       0       0

සසර Tuesday, 22 May 2012 02:07 PM

ක්‍රිශාන් ඔයාට තරහ ගිහින් වගේ.

:       0       0

මාතර මල්ලි Tuesday, 22 May 2012 12:31 AM

මෙයාලා නළුවොද? එළුවොද? අනේ මගේ කට...

:       0       0

කමල් Saturday, 26 May 2012 03:21 AM

ඔබ ඔබගේ නියම දක්ෂතා හදුනා ගෙන නෑ

:       0       0

යූකේ. නෙලුම් Thursday, 24 May 2012 02:49 AM

මාපගෙ රගපෑම හරිම ඉහළයි. ඒක එයාගෙ දක්ෂකම...

:       0       0

මංජුලා Tuesday, 22 May 2012 03:43 PM

සුරාජ් ගොඩක් හොඳ කෙනෙක් ඔයා ඉන්මනටම සනීප වෙයි...

:       0       0

අසේල Tuesday, 22 May 2012 10:18 AM

ඇත්තටම සුරජ් හිත හොද, අවංක, නිහතමාන චරිතයක්..... ඔබට සුබ අනාගතයක්.........!!!!!

:       0       0

රම්ස් Monday, 21 May 2012 04:09 PM

ඔයා කැන්ඩි කොල්ලෙක්.ඔහොම යන්...එලකිරි...

:       0       0

ආසිරි ඉතාලි Thursday, 24 May 2012 04:32 PM

ක්‍රිෂාන් ඇයි ඔච්චර තරහා සුරාජ් එකක්. එයා බොහොම හොදයි. බනින්න එපා...

:       0       0

රනිල් සමරකෝන් Wednesday, 23 May 2012 02:50 PM

සුරාජ් ඔයා ගොඩක් හොඳයි.අපි හැමෝම ආසයි ඔයාට..

:       0       0

ක්‍රිෂාන් Tuesday, 22 May 2012 10:34 AM

රම්ස් වෙත, කැන්ඩි නිසා අං තියෙනවද? එතකොට මාතර උනොත් වලිග තියේද? ගෝත්‍රික මානසිකත්වයක් තිබුනට ඒ බව ප්‍රදර්ශනය කරන්න එපා. කලිසමක් තියෙද්දි ඒක ඔලුවේ ඔතාගෙන හෙලුවෙන් යන්න එපා....

:       0       0

කුමාලි සමරකෝන් Wednesday, 23 May 2012 02:56 PM

සුරාජ් ඔයා හොද කෙනෙත්.අපේ ගෙදර අය හැමෝම ඔයාට ආදරෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 695 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 267 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3600 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1295 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 641 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2242 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24910 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site