රත්නපුර සේනානායක මාවතේ, බලපත්‍ර රහිතව, නීති විරෝධිව පවත්වාගෙන ගිය කැරොකේ ශාලාවක සමාජ විරෝධී අපචාර ක්‍රියාවල යෙදුණු බව කියන කාන්තාවන් සිව් දෙනකු එක් අයකුට රුපියල් පනස් දහස බැගින් ශරීර ඇප මත මුදා හරින ලෙස රත්නපුර වැඩබලන මහේස්ත්‍රාත් විශාඛා ලියනගේ මහත්මිය ඊයේ (29) නියෝග කළාය.
රත්නපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සහ කහවත්ත පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් එක්ව කැරොකේ සමාජ ශාලාව වටලා එහි කළමනාකරු සහ කාන්තාවෝ සිව්දෙනා අත්අඩංගුවට ගනු ලැබූහ.
කැරෝකේ සමාජ ශාලාවේ කළමනාකරු ඩී අනුර විජේවර්ධන පෙර නඩු දිනයේ රුපියල් පනස් දහසක ශරීර ඇප මත මුදා හැර තිබුණු අතර පොලීසියෙන් කළ ඉල්ලීම අනුව කාන්තාවන් සිව් දෙනා පිළිබඳ සමාජ රෝග වාර්තා කැඳැවීම සඳහා ඊයේ (29) දක්වා රිමාන්ඩ් කරනු ලැබ සිටියහ.
ඔවුනට සමාජ රෝග වැළැඳී නැතැයි රත්නපුර මහ රෝහලේ සමාජ රෝග ඒකකයේ වෛද්‍යවරුන් අධිකරණයට එවූ වාර්තාවේ දැක්වේ.
ඒ අනුව හම්බන්තොට, කුරුවිට, මැදවච්චිය සහ පිළියන්දල පදිංචි කාන්තාවන් සිව් දෙනා, එක් අයකුට රුපියල් පනස් දහස බැගින් ශරීර ඇප නියම කළ මහේස්ත්‍රාත්වරිය ඇපකරුවන් රත්නපුර අධිකරණ බල ප්‍රදේශයේ විය යුතු බවට කොන්දේසියක් ද පැනවූවාය.
නඩුව ජූලි මස පළමු වැනි දින දක්වා කල් තැබුණු අතර එදින අධිකරණයේ පෙනී සිටින ලෙස සැකකරුවනට නියම කැරිණි.
නීතීඥ තුසිල් අබේරත්න මහතා ප්‍රධාන නීතීඥවරු පිරිසක් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.
රත්නපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී ටී ටී ධනපාල මහතා සහ රත්නපුර පොලීසියේ නිලධාරීහු පැමිණිල්ල මෙහෙයවූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුහුබියෙකුටත් වරදක් නැති වැරදිකාර ළඳුන්ට සමාව දෙන්න එයලා ජීවත් වෙන්නත් ඕන නේ.(නදී)
මේ වගේ දේවල් සිද්දවෙන්න මග පාදපු උත්තමයන්ටනම් හතමහා අපායේ කවදාහරි ලගින්න වෙන්නේ. තව කැසිනොත් පටන් ගනිල්ලා.(නදී)
ඔවුනට සමාජ රෝග වැළැඳී නැතැයි කියන පුවත අසා සතුටු වන අයට ඇප නෑ. දැනට.මිණිපුර කැරොකේ හලට දෙවි පිහිටයි.(නදී)
මේකටත් ඇමති කෙනෙක් පත්කරලා බැරිවෙයිද ටිකක් ප්‍රමිතියකට මේ වැඩේ කරන්න. විරැකියාවටත් හොඳ විසඳුමක්. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. එතකොට වාස් ගුණවර්දන මහත්තයා ඔය කැරෝකේ ගැන හාන්කවිසියක්වත් දැනගෙන හිටියේ නැතුව ඇති. (නි)
සමාජ විරෝධී ක්‍රියා නම් නවත්තන්න ඕනෑ (නි)
අල්ලනවා නම් තව කොච්චර තියෙනවද ?මේකේ එච්චර අදායමක් නැතුව ඇති. (නි)
මැක්කෙකුටවත් වරදක් නොවෙන වරදක් කළ නිසා සමාව දෙන්න. (නි)
මිනීමැරුම් චෝදනාවකට එක්කෙනුක්ට ඇප රු 50,000, කැරෝකේ කෙල්ලන්ටත් ඇප රු 50,000 පොඩි ළමයෙක් පොල් ගෙඩි අටක් ගත්ත චෝදනාවකට කිසිම ඇපයක් නැතුව රිමාන්ඩ්.(නදී)
ශරීර ඇප දෙන්න නම් ඕන තරම් මැණික් මුදලාලිලා ඉන්නේ මිණිපුරේ.. (ස)