රත්නපුර සේනානායක මාවතේ, බලපත්‍ර රහිතව, නීති විරෝධිව පවත්වාගෙන ගිය කැරොකේ ශාලාවක සමාජ විරෝධී අපචාර ක්‍රියාවල යෙදුණු බව කියන කාන්තාවන් සිව් දෙනකු එක් අයකුට රුපියල් පනස් දහස බැගින් ශරීර ඇප මත මුදා හරින ලෙස රත්නපුර වැඩබලන මහේස්ත්‍රාත් විශාඛා ලියනගේ මහත්මිය ඊයේ (29) නියෝග කළාය.
රත්නපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සහ කහවත්ත පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් එක්ව කැරොකේ සමාජ ශාලාව වටලා එහි කළමනාකරු සහ කාන්තාවෝ සිව්දෙනා අත්අඩංගුවට ගනු ලැබූහ.
කැරෝකේ සමාජ ශාලාවේ කළමනාකරු ඩී අනුර විජේවර්ධන පෙර නඩු දිනයේ රුපියල් පනස් දහසක ශරීර ඇප මත මුදා හැර තිබුණු අතර පොලීසියෙන් කළ ඉල්ලීම අනුව කාන්තාවන් සිව් දෙනා පිළිබඳ සමාජ රෝග වාර්තා කැඳැවීම සඳහා ඊයේ (29) දක්වා රිමාන්ඩ් කරනු ලැබ සිටියහ.
ඔවුනට සමාජ රෝග වැළැඳී නැතැයි රත්නපුර මහ රෝහලේ සමාජ රෝග ඒකකයේ වෛද්‍යවරුන් අධිකරණයට එවූ වාර්තාවේ දැක්වේ.
ඒ අනුව හම්බන්තොට, කුරුවිට, මැදවච්චිය සහ පිළියන්දල පදිංචි කාන්තාවන් සිව් දෙනා, එක් අයකුට රුපියල් පනස් දහස බැගින් ශරීර ඇප නියම කළ මහේස්ත්‍රාත්වරිය ඇපකරුවන් රත්නපුර අධිකරණ බල ප්‍රදේශයේ විය යුතු බවට කොන්දේසියක් ද පැනවූවාය.
නඩුව ජූලි මස පළමු වැනි දින දක්වා කල් තැබුණු අතර එදින අධිකරණයේ පෙනී සිටින ලෙස සැකකරුවනට නියම කැරිණි.
නීතීඥ තුසිල් අබේරත්න මහතා ප්‍රධාන නීතීඥවරු පිරිසක් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.
රත්නපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී ටී ටී ධනපාල මහතා සහ රත්නපුර පොලීසියේ නිලධාරීහු පැමිණිල්ල මෙහෙයවූහ.
ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප
අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක
පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු
අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මිණිපුර කැරොකේ කෙල්ලන්ට ඇප
වරුණ Tuesday, 30 April 2013 07:02 AM
අල්ලනවා නම් තව කොච්චර තියෙනවද ?මේකේ එච්චර අදායමක් නැතුව ඇති. (නි)
පුබුදු Tuesday, 30 April 2013 07:15 AM
මැක්කෙකුටවත් වරදක් නොවෙන වරදක් කළ නිසා සමාව දෙන්න. (නි)
පෙරේරා Tuesday, 30 April 2013 07:28 AM
මිනීමැරුම් චෝදනාවකට එක්කෙනුක්ට ඇප රු 50,000, කැරෝකේ කෙල්ලන්ටත් ඇප රු 50,000 පොඩි ළමයෙක් පොල් ගෙඩි අටක් ගත්ත චෝදනාවකට කිසිම ඇපයක් නැතුව රිමාන්ඩ්.(නදී)
හේවාවිතාරන Monday, 29 April 2013 06:37 PM
කුහුබියෙකුටත් වරදක් නැති වැරදිකාර ළඳුන්ට සමාව දෙන්න එයලා ජීවත් වෙන්නත් ඕන නේ.(නදී)
නිලූ Tuesday, 30 April 2013 09:11 AM
ශරීර ඇප දෙන්න නම් ඕන තරම් මැණික් මුදලාලිලා ඉන්නේ මිණිපුරේ.. (ස)
දර්ශන Monday, 29 April 2013 08:48 PM
මේ වගේ දේවල් සිද්දවෙන්න මග පාදපු උත්තමයන්ටනම් හතමහා අපායේ කවදාහරි ලගින්න වෙන්නේ. තව කැසිනොත් පටන් ගනිල්ලා.(නදී)
හේරත් Monday, 29 April 2013 08:53 PM
ඔවුනට සමාජ රෝග වැළැඳී නැතැයි කියන පුවත අසා සතුටු වන අයට ඇප නෑ. දැනට.මිණිපුර කැරොකේ හලට දෙවි පිහිටයි.(නදී)
ඩී. උපුල් Monday, 29 April 2013 09:32 PM
මේකටත් ඇමති කෙනෙක් පත්කරලා බැරිවෙයිද ටිකක් ප්‍රමිතියකට මේ වැඩේ කරන්න. විරැකියාවටත් හොඳ විසඳුමක්. (නි)
වීරසේකරගේ Monday, 29 April 2013 10:06 PM
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. එතකොට වාස් ගුණවර්දන මහත්තයා ඔය කැරෝකේ ගැන හාන්කවිසියක්වත් දැනගෙන හිටියේ නැතුව ඇති. (නි)
අශෝක් Tuesday, 30 April 2013 01:52 AM
සමාජ විරෝධී ක්‍රියා නම් නවත්තන්න ඕනෑ (නි)