කළු ගඟේ ජල මට්ටම අඩි 18 ඉක්මවා යෑමත් සමග රත්නපුරයට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවූ බව මහ දිසාපති සුනිල් කන්නන්ගර මහතා කියයි.
පොතුපිටිය ඉලුඹ කන්ද මාර්ගය අඩි දෙකක් දක්වා යටවි තිබේ.
කළු ගඟේත්, කුකුළේ ගඟේත් ජල මට්ටම ඉහළ යමින් පවතී.
මේ අතර මාතර නිල්වලා ගඟේ ජල මට්ටම ද පිටාර මට්ටමට පැමිණ ඇතැයි අපදා මධ්‍යස්ථානයේ මේජර් සමන් බාලසූරිය කියයි.
ගඟ ඉහළ පස්ගොඩ හා පනා කඩුවට මිලිමීටර් 127ක වැසි ලැබී ඇත.
මස් කෙළියේ නෝටර්න් බ්‍රිජ් විමල සුරේන්ද්‍ර ජලාශය අද උදෑසන සිට පිටාර ගැලීමට පටන් ගත්තේය.
මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටමද ඉහළ නගී. ලක්ෂපානේ වාන් දොරටු දෙකක් ඇර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මට ගෙදර යන්න බැරි වෙයිද? (නි)
සම්ප්‍රදායක ගංවතුරක් ඕක. ඕක නවත්වන්න කාටවත් බැහැ (නි)
නැගලා නැගලා හැම එකම නැගලා. බඩුමිල නැගලා, ලයිටි බිල නැගලා, බස්ගාස්තු නැගලා, වතුර බිල නැගලා, පෙට්‍රල් ඩීසල් නැගලා, ඒ අස්සෙන් වතුරත් නැගලා. දැන් ඉතින් අපි නගින්න ඕනෑ කදුමුදුනකට තමයි. (නි)
අනේ, ගංවතුරක් ගැලුවත් ආණ්ඩුවට බැනල මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. අමිල වගේ අදාල සිද්දිය දිහා විටරක් බලලා අදහස් දක්වන්න. (ස)
ඇත්තටම ආණ්ඩුවට බැනලා වැඩකුත් නැහැ.ඔය කඳු මුදුනට නැගලා වැඩකුත් නැහැ (නි)