එළවළු හිඟයක් පවතින නිසා ආර්ථික මධ්‍යස්ථානවලට හැකි ලෙස එළවළු ගෙන එන ලෙස යුද හමුදාව දඹුල්ලේදී ගොවීනට පැවැසීයැයි සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් නිපුන් ඒකනායක මහතා පවසයි. කොළඹට එළවළු ප‍්‍රවාහනය කරන ලොරිවලට ආරක්ෂාව සපයන බවද එහෙත් ඒවා නීතියට අනුව කළ යුතු බව හමුදාව කියා ඇතැයි මාධ්‍ය ලේකම්වරයා කියයි. කැමැති විදියට එළවළු ප‍්‍රවාහනය කරන ලෙස හමුදාව පැවැසුවේ නැතැයි කියන ඔහු ගොවිබිමේ සිට ගෙන එන එළවළු අත්අඩංගුවට නොගන්නා ලෙසත් ඇසුරුම් රහිතව මහා පරිමාණයෙන් එළවළු ප‍්‍රවාහනය කරන ලොරි අත්අඩංගුවට ගන්නා බවත් වෙළෙඳ ඇමැති කලින් පවසා තිබෙන බවද මාධ්‍ය ලේකම් සඳහන් කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එතකොට කූඩ අවශ්‍ය වෙන්නේ ගොවීන්ට නෙවෙයි, වෙළෙන්දන්ට. වෙනදා එක ලොරියෙන් ගේන බඩු දැන් කොළඹට ගේන්න ලොරි දෙකක් ඕනෑ. ගෝලයොත් දෙගුණයක් ඕනෑ. එතකොට අපතේ යන සියයට 40ට වඩා පාඩුවක්/ වියදමක් ඒ වෙනුවෙන් දරන්න නොවෙයිද? අනෙක කොමඩු/ වට්ටක්කා ගෙඩි දහයක්වත් එක කූඩයකට දාන්න බැරි වේවි.
අල වගේද ගෝවා
වට්ටක්කා, කොමඩු වලට නීතිය අදාල නෑ
මේක හොද වැඩක්. මොකද පොළෙන් ග්‍රෑම් 500 ක එළවලු ගත්තම ගන්න පුලුවන් වෙන්නෙ ග්‍රෑම් 300 ක් විතරයි ඉතුරු 200 අහකටයි.