බි‍්‍රතාන්‍ය සහ ශී‍්‍ර ලංකාව අතර වසර 15කට පසු යළි සෘජු ගුවන් සේවා අරඹමින් බි‍්‍රතාන්‍ය ගුවන් සේවයේ බී.ඒ 2043 ගුවන් යානය බි‍්‍රතාන්‍යයේ ගැට්වික් ගුවන්තොටුපොළේ සිට මාලේ ඔස්සේ අද (15) කටුනායකට පැමිණියේය.
ගුවන් යානා කාර්ය මණ්ඩලය ඇතුළු මගීන් 77 දෙනෙක් එහි වූහ. බි‍්‍රතාන්‍ය ගුවන්සේවයේ එකම ශ‍්‍රී ලාංකික ගුවන් නියමුවා වන කපිතාන් කිරන් මැදිවක මහතා යානය පැදැවීය.
ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද අමුත්තන් පිළිගැනීමට පැමිණ සිටියේය.
ගුවන් නියමු කිරන් මැදිවක මහතා දින කිහිපයක් මෙරට සිටීමට බලාපොරොත්තුව පැමින සිටි බැවින් ආගමන විගමන නිලධරයන් ඔහුට ශ‍්‍රී ලංකාවේ රැදී සිටීමට හැකිවන පරිදි වීසා බලපත‍්‍ර දුන්හ.
බි‍්‍රතාන්‍ය ගුවන්සේවය ඉරිදා, බදාදා සහ සිකුරාදා වශයෙන් සතියකට ගමන්වාර 03ක් මාල දිවයින හරහා ශ‍්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වෙයි.
ශී‍්‍ර ලංකාව සහ බි‍්‍රතාන්‍ය අතර මිත‍්‍රශී‍්‍රලිත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ආර්ථික සබදතා වැඩිදියුණු කර ගැනීමට මෙම බි‍්‍රතාන්‍ය ගුවන් ගමන් ඉවහල්වනු ඇතැයි එම අවස්ථාවට ප‍්‍රධාන අමුත්තා වශයෙන් සහභාගිවූ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. ඉකුත් වසර තුළ ශී‍්‍ර ලංකාවට බි‍්‍රතාන්‍ය සංචාරකයින් 114,214ක් පැමිණි ඇති බවත් එය දෙවනු වනු ලැබුවේ ඉන්දිය සංචාරකයින්ට පමණක් බවද කීය.
ප‍්‍රධාන ගුවන් නියමු කිරන් මැදිවක මහතා පැවසූවේ ලෝකයේ බොහෝ රටවලට ගුවන් යානා පදවා ඇතත් ශ‍්‍රී ලංකාවට පැමිණීමට හැකිවීම පිළිබඳව ශ‍්‍රී ලාංකිකයෙකු වශයෙන් තමන් ආඩම්බර වන බවයි. එමෙන්ම තමන් ශ‍්‍රී ලංකාවටත් ශ‍්‍රී ලාංකීය ජනතාවටත් බෙහෙවින් ආදරය කරන බවද හේ කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නා හින්දයි කීවේ. මමත් ඔෆිසර් කෙනෙක් හින්දා. ඔයගොල්ලන් දන්නේ නැත්නම් ඉගන ගන්න. වතුර ගහල තමයි සාමාන්යෙන් ගුවන්යානයක් එක පිළිගන්නේ. මේක මේ ක්ෂේත්‍රෙය් සම්ප්‍රදායක්. (නදී)
මේකේ සමහරක් ප්‍රතිචාර දැක්කම කොහෙන් හිනාවෙන්ඩද දන්නේ නැහැ. සුමුදු ඔයා ගෑනුද පිරිමිද කියලා මම දන්නේ නැහැ. පිරිමියෙක්නන් ඔයා අද ඉඳල කලිසම්, කමිස, ටයි, කෝට් මුකුත් අඳින්න එපා මොකද ඒවා අපිට ආවේ යුරෝපෙන් නිසා. අමුඩේ තමයි ඔයාට හරියන්නේ. තොප්පිය හරි නං දාගත්තට කිසිම අවුලක් නැහැ.(නදී)
අමිල මත්තල ගුවන්තොටුපල මුදල් නාස්තියක් තමයි. නමුත් හැදුවට පස්සේ ඒකේ අඩුපාඩු කතාකරල වැඩක් නැහැ. ඒකෙන් රටට වැඩක් ගන්න බලන්න ඕනේ. එය අලුත් නිසා දැම්ම එතරම් ගුවන් යානා පැමිණෙන එකක් නැහැ. නමුත් ඉස්සරහට එක වෙනස් වෙන්න පුලුවන්. (නදී)
බ්‍රිතාන්‍ය ගුවන්සේවයට කළමනාකරුවන් පත්කරන්නේ සුදුසුකම් සහ පලපුරුධ මත . එම නිසා මාලදිවයින සහ ශ්‍රී ලංකාව එකට යා කරලා තිබෙන්නේ. ඔවුන් බලන්නේ ගුවන්සේවවට ලබා ලබා දෙන්න , අපේ ගුවන්සේවවලට කළමනාකරුවන් පත් කරන්නේ දැන හදිනුම් කම මත එමනිසා අපේ සේවා හැමදාම පාඩු ලබන්නේ.(නදී)
මේ කොල්ලට කිරා කියල නම දැම්මේ වෙන්න හොද සිංහල නමක් තිබුනෙම නැද්ද?(නදී)
දෙවියන්ගේ පිහිටයි. (නි)
කිරාන්, ඔබට දළදා සමිදු පිහිටයි! (නි)
දීපක්, ඒ වතුර ගහන්නේ කුරුල්ලෝ එලවන්න වෙන්න ඇති. (නි)
දිල්ෂානි නංගී, කිරාන් පුතාගේ දක්ෂකමින් වසර 15 කට පස්සේ කෙහෙල්මලක් හරි ගෙනාවේ! ඉදිරි කාලයේදී කෙසෙල්කැන් පිටින් එන්නේ බලාගෙන ඉන්ඩකෝ.(නදී)
ආනේ, මෝඩ දීපක්, ඕක තේරෙන්නේ නැද්ද ? දුවිලි හේදෙන්නනේ වතුර ගහන්නේ. හි හි හි ... (නි)
පණ්ඩිතගේ මහත්තයත් නැති තැනක් නැහැ.(නදී)
ශ්රී ලංකන් ගමන් වාර ගණන අඩු කරලා නේද මෙයාලට එන්න දුන්නේ.(නදී)
කෙනෙක් අහලා තිබුනා ගුවන් යානය බානකොට වතුර ගහන්නේ මොකද කියලා. මම නම් හිතන්නේ මඩ දුවිලි හෝදන්න කියලයි. (නි)
යුනිෆෝම් එකේ පටි 3 ක් තියෙන්නේ සහායක නියමුවාට නේද ? කැප්ටන් කෙනෙක්ට පටි 4 ක් තියෙනවා . පටි 4 තමයි ගුවන් යානයේ ප්‍රදානියා. කෙසේ වෙතත් ලංකාවේ ඉපිද සුද්දන්ගේ රටේ ගුවන් සේවයේ ඉන්න එකම සහායක නියමුවාට මගේ සුබ පැතුම් බ්‍රිතාන්‍ය ජාතිකයෙක් උනත් මෙයා ඉපදිලා තියෙන්නේ ලංකාවේ පියෙක්ට හෝ මවකට දාව නේ.(නදී)
මෙච්චර කට්ටිය ආඩම්බර වෙන මේ ලාංකිකයා පිළිබදව මටත් හරිම ආඩම්බරයි. (නි)
මෙහි සමහර අදහස් බලන විට හිනා යනවා. (නි)
කවුරු හරි කියන්න ප්ලේන් එක බාන කොට වතුර ගහන්නේ ඇයි කියලා (නි)
මධූ, ඔයාගේ කට්ටිය වැඩකරන්නනේ යුරෝපයේද? (නි)
ෂා මරුනේ.... අපිට හරි ආඩම්බරයි. (නි)
ජිනීවා වලදී මෙයාලා අපිට විරුද්ධවව නේද කතා කළේ? කොහොම වුණත් අපි ලාංකිකයෝ හැටියට ඉවසීමෙන්,කරුණාවෙන්,දයාවෙන් හා ආගන්තුක සත්කාරයෙන් ඉතා ඉහළයි. අපේ කොල්ලා ගැන ආඩම්බරයි. අපේ රට පැමිණි සියලුම දෙනාට ආයුබෝවන්! (නි)
මා දන්නා තරමින් පුරවැසිභාවය තියෙන කෙනකුට තම රටට එන්න වීසා අවශ්‍ය නැත. එතුමා මට පෙනෙන විදියට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය පුරවැසියෙක්. ඒක එහෙමනම්, මෙතුමාට දැනට අත්හිටුවා තිබෙන ද්විත්ව පුරවැසිභාවය ලබාදීමට කටයුතු කරන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලමි. (නි)
ඔචිචර තේරෙන්නේ නැද්ද. මේක පරණ ගුවන්යානයක් නිසා මඩ ටික හෝදලා සර්විස් එකක් දෙන්නයි වතුර ගහන්නේ.(නදී)
බොහොම ස්තුතියි ලංකා! (නි)
තවත් කාලයක් යද්දී මොනවා වේවිද දන්නෙ නැහැ. එතකල් අපි එයා හොදයි, නැහැ නැහැ මෙයා හොදයි කිය කියා ඉදිමු. (නි)
දිල්ෂානි නංගියේ, ඔයාට ඔය නම ලැබුනෙත් සුද්දන්ගෙන් නේද? සුද්දන් එක්ක ඔය තරම් ඔරොප්පු නම් නම වෙනස් කරලා රන් හොටි කියලා සුද්ද සිංහල නමක් දාගන්න (නි)
දිල්හානි නංගි, සුද්දෝ ලංකාවට ආවේ නැත්නම් අපි තවමත් ජීවත් වෙන්නේ ගල් යුගේ (නි)
මුතුකුඩ මහත්තයාගේ කරේ එල්ලිලා තියෙන පැරෂුට් එක තාම ගලවන්න කෙනෙක් නැද්ද ? (නි)
නිලුපුලි, ඔයාගේ කතාව ඇත්ත. මම ස්වීඩන් පදිංචි කෙනෙක්. මට තියෙන්නේ යුරෝපේ පාස්පොර්ට් එක. අපි ඒක ගත්තේ නැත්නම් අපිට ගොඩක් දේ අහිමියි. ලංකාවට ලොකු ගානක් ගෙවන්න ඕනෑ පුරවැසිකම ගන්න ලංකාවේ. මම උපතින් ලාංකිකයෙකු වුණත් අද මම ලංකාවට එන්නේ ටුවරිස්ට් විසා වලින්. (නි)
හේවාවිතාරණ සහ ශාන්ත ට මොලයක් නැහැ. තවම සුද්දන්ට වඳිනවා. සුමුදු ට නම් මොළය තියෙනවා (නි)
ලාංකිකයෙකුට උත්පත්තියෙන්ම ලංකාවේ පුරවැසිබාවය හිමිවෙනවා. වෙනත් රටක පුරවැසිබාවය ලැබෙනවිට ලංකික පුරවැසිබාවය අහිමි කිරීමට කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට කිසිම අයිතියක් නැහැ. මෙය ප්‍රබල මානව අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක්. මේ වැඩේ කරන්නේ ලංකාව ඇතුළු රටවල් කිහිපයක් පමණයි. වෙනත් රටක පුරවැසිකම් ලැබීමට සුදුස්සෙකු වීම අහස පොලොව නුහුලන අපරාධයක්ද? (නි)
සමහරු අහලා තිබුන ශ්‍රී ලාංකිකයකු නම් වීසා ඕනෑද කියලා ලංකාවට එන්න. ලාංකිකයකු වුණත් වෙන රටක පුරවැසිකම ලැබෙනකොට ලංකික පුරවැසිකම අහෝසි වෙනවා. ඒ අයට ලැබෙන්නේ ඒ රටේ පාස් පොර්ට් එක .වෙනම ලංකාවට සල්ලි ගෙවලා ද්විතීක පුරවැසිබාවය ගන්න ඕනෑ. ඒ කියන්නේ එකම පාස් පෝර්ට් එකේ රටවල් දෙකේම පුරවැසිකම තියනවා. (නි)
මේ ගුවන් සේවයේ ගාස්තු අඩුයි. පහසුකම් වැඩියි (නි)
ඉකුත් වසර තුළ ශී‍්‍ර ලංකාවට බි‍්‍රතාන්‍ය සංචාරකයින් 114,214ක් පැමිණි ඇති නමුත් මාලදිවයිනටත් මෙම ගුවන් යානා යන නිසා ලංකාවට එන සංචාරකයන් අඩුවීමට ඉඩ තියෙනවා. (නි)
ගුවන් යානයට වතුර ඉසින එක තමයි ගුවන් යානයට කරන උත්තමාචාරය.. මොකක් හරි ගුවන් යානයක් හෝ ගුවන් සමාගමක් ප්‍රථම වතාවට ගුවන් තොටුපලට පැමිණීමට ගෞරව කිරීමක් වශයෙනුයි වතුර ඉසින්නේ.(නදී)
අමිල මල්ලි, ඒක අහගන්න පයිලට්ගෙන් (නි)
ක්‍රිකට් ක්‍රීඩකයින්ට බැට් එක ඔසවලා ආචාර කරනවා වගේ ගුවන් යානයක් පිළිගන්නේ දෙපැත්තෙන් උඩට වතුර ගහලා. (නි)
මෙයා සීනියර් ෆරස්ට් ඔපිසර් කෙනෙක්. ඒත් ගොඩක් ගුවන් සමාගම් ඉතා දිගු ගමන් වලදී කපිතාන්වරු දෙදෙනෙක් යොදා ගන්නවා.. බෝහෝවිට අතිරේක කපිතාන් ලෙස යොදාගන්නේ සිනියර් ෆර්ස්ට් ඔපිසර් කෙනෙක්.(නදී)
වීද්ද කිරාන් ට වැදුනේ මොහොමඩ් ට !(නදී)
ජගත්, ගුවන් සේවිකාවන් අපේ මිනිස්සුන්ව විශේෂයෙන් අපේ කොල්ලන්න්ව ගණන් ගන්නේ නැත්තේ එයාලා එහෙම කළොත් අපේ අය 'කරේ නගින්න' එන නිසා. එමිරේට්ස්, සින්ගප්පූර්, පැසිෆික් වගේ ගුවන් සේවා වල අයත් එහෙමයි. මම වැඩ කරන නිසා දන්නේ. අනික ගුවන් සේවයට ගන්නේ ගොඩාක් ලස්සන අය නෙමෙයි. භාෂා ගැන දන්නා කට්ටිය. කියන්න කලින් පොඩ්ඩක් හිතන්න ඔයාලා පහලට දාන්නේ අපේ ජාතික ගුවන් සේවය. අපේ ජාතික ගුවන් සේවයට කොච්චර පිළිගැනීමක් තියෙනවද කියලා රට ඉන්න අය සහ නිතරම රට යන අය දන්නවා. හොඳම උදාහරණය ජපන් යන ශ්‍රී ලංකන් ගුවන් යානය. ජපන් කට්ටිය කොච්චර සලකනවද කිව්වොත් කොච්චර මිල වැඩි වුණත් ඒ අය යන්න කැමති අපේ යානයේ. (නි)
ද සිල්වා ඕක මේ රටේ තියන් ශාපයක්නේ. ඒක වඩාත් හොදින් දන්නේ පිට ඉන්න ඔබයි මමයි.(නදී)
මේ මිතුදමට සලකන්නත් එක්ක අර බ්‍රිතාන්‍ය සංචාරකයා ඝාතනය කරපු අයගේ නඩුව ඉක්මන් කරලා ඉවරකර දඩුවන් දුන්නොත් නරකද ?(නදී)
මේ මහත්තයට මෙහෙ පුරවැසිභාවයත් නෑලු. මෙහෙ ඉන්න විසා ගන්නත් ඕනලු. අම්ම තාත්ත මෙහෙන් ගිහින් දැන් අවුරුදු 40 විතර වෙනවලු. ඇයි දෙයියනේ මේ මිනිස්සු මේවට පුරාජේරු ගහ ගහ දගලන්නේ.(නදී)
ඉතාමත් සතුටු දවසක්, ශ්‍රී ලාංකීය බ්‍රිතාන්‍යයෙකු වීම ගැන (නි)
ඇත්තෙන්ම සතුටුයි. මේකේ නම් ෂුවර් එකටම හදිසි ආපදා අවස්ථාවේදී පැරිෂුට් තියෙන්නම ඕනෑ. මොකද කිවුවොත් මේක බ්‍රිටිෂ්නේ. නේද? (නි)
කෝ මේ අපේ ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරයෝ මොනවත් කියන්නේ නැතේ මොකද ? (නි)
මෙවැනි කටයුතු වලින් මිතුදම් අලුත් වෙන එක හොදියි. පුංචි රටක් හැටියට මහා ජාතීන්ගෙන් උදවී ලබාගන්න ඕනා. මෑත කාලයේ අපි කළෙම ජාත්‍යන්තරව කොන් වෙන වැඩනේ. හිතේ කුහක කමක් නැතුව සතුටු වෙන්න පුළුවන් කාරණාවක්.(නදී)
දිල්ෂානි නංගියෝ, ඔය ආර්ථික විද්‍යාව නම් ඉගෙන ගෙන නැහැ. ඔය කෙහෙල් මල ආවම එකේ නැගල සුද්දෝ අපේ රටට එනවා. සුද්දෝ ඇවිත්, අපේ හොටෙල් වල නවතිනවා. රට ඇතුලේ සල්ලි වියදම් කරනවා. ඔය හොටෙල් සහ සංචාරක ව්‍යාපාරය අශ්‍රිතව රැකියාවල ගොඩක් වැඩ කරනවා. සෘජුව සහ වක්‍රව රටට, ජනතාවට එයාලගේ අදායමට එක බලපානවා. එකෙන් ඔයාගේ කාර්ය ශක්තියත් ඉහල යනවා. ඉතින් ඔය වගේ තව කෙහෙල් මල් එනවා නම් රටට ගොඩක් හොදය නේද?(නදී)
රටට ආඩම්බරයකි.(නදී)
ඔය කෙහෙල්මල අවට අපිට මොකද (අ)
ශ්‍රි ලංකන් ගුවන් සේවයේ සේවය කරනා ගුවන් සේවිකාවන් තම රටේ ශ්‍රී ලාංකික ගුවන් මගීන්ට සලකන විදිය ඉතා පහත්ය. ඔවුන්ගේ ආඩම්බර සුදු ජාතික මගීන්ට දමන්නේ නැත. ඔය ගුවන් සේවිකාවන්ට ඔවුන් හිතනා තරම් ලස්සනකුත් නැත. (නි)
මාලේ හරහා එන එක හොදයි. එතකොට රටවල් දෙකටම යන එන අයට එකම ගුවන් යානයක් හරහා ලන්ඩන් යන්න පුළුවන්. ගොඩක් ජාත්‍යන්තර ගුවන් සේවාවන් ලංකාවට එන්නේ මාලදිවයින ඉලක්ක කරගෙන. (නි)
හොද දේ දැකල සතුටු වෙන්න ....... (නි)
අපේ ලාංකිකයෙක් වීම ගැන හරිම ආඩම්බරයි. (නි)
කිරාන් ගැන මටත් ආඩම්බරයි. (නි)
මෙහෙ බැස්සුවේ ඇයි? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
කොච්චර මේ දේවල් කළත් සමහරුන්ට නම් හොදක් පේන්නෙම නැහැ (නි)
අපේ ගුවන් නියමුවා ගැන ශ්‍රී ලාංකිකයෙක් හැටියට මමත් ආඩම්බර වෙනවා. ඒත් මේ ගුවන් සේවය සෘජු කියලා කිව්වට මාලෙ හරහා කියනවා නේද ඇවිත් තියෙන්නෙ. (නි)
මේ සීනියර් ෆස්ට් ඔෆිසර් කෙනෙක් නේද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මිතුදම අලුත් වුණා කියලා බලකරන්න යන්න එපා මත්තල යන්න කියලා. එහෙම වුණොත් ඕකත් නැතිවෙන්න පුළුවන්. අපි කුඩා රටක් නිසා ලෝකෙන් සහයෝගය ලබාගෙන දියුනු වෙන්න අපි උත්සාහ කරන්න ඕනෑ. (නි)
ශ්රී ලාංකීය ගෞරවය ඔසවා තබමින් ඔබතුමා කළ කාර්යය බෙහෙවින් අපි අගයමු (නි)
ඔබ අප රටට ආඩම්බරයකි. (නි)
බාල තෙල්නම් ගහන්න එපා. ආයෙත් පෑත්ත පලාතෙ එන්නෙ නැතුව යයි (නි)
සතුටුදායක පුවතක් (නි)
ගුවන් නියමුවා වන කපිතාන් කිරන් මැදිවක මහතා මහනුවර කටුගස්තොට ඔබ අප රටට ආඩම්බරයකි.!(නදී)
ලංකාවට අකුල් හෙලන රටවල් එක්ක මොන ගුවන් ගමන්.ද?...ඕකෙන් වෙන්නේ සුද්දෝ අපේ රටට තවත් ඇවිල්ල මේ රට විනාස කරන එක නේද?(නදී)
ලංකික ගුවන් නියමුවාට ලංකාවේ නවතින්න වීසා අවශ්‍යද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
දිල්ෂාන්, මම ගරු කරනවා ඔබගෙ අදහසට. එහෙත් මට තියෙන ප්‍රශ්ණේ ඔබගෙ අදහස කෙසේ වෙතත් වැස්සටවත් පාසලකටවත් ගොඩ වෙලා තියෙනවාද කියලා (දිල්ශානි වගෙ අය) තවත් අය නොදන්නා දෙසපාලන පාට පෙන්නනවා (වින්ත්) මම කියන්නෙ රට ගැන හිතන්න එපා ඔබ ගැන හිතන්න (නදි විකි) වගෙ (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ශ්‍රී ලාංකිකයෙකුට ලංකාවේ රැදී හිටින්න විසා අවශ්‍යද? (නි)
මෙවැනි දේවල් කොටි මැදහත් වීමෙන් නවතා දැමූ සේවාවන් බව අපි මතක තබාගත යුතුයි. (නි)
ඔය දිල්ෂානි කියන නෝනා තවමත් ජීවත් වෙන්නේ පාලු ලිඳක මැඩියෙක් වගේ කියලයි මට හිතෙන්නේ (නි)
මේ ජසීම කියන එක්කෙනා මේ ලෝකේ නෙමෙයිද ජීවත් වෙන්නේ? (නි)
හරිම ලස්සනයි (නි)
රට යම් ගමන් මගකට යොමුව් ඇති බව පෙනෙන මුත් ,හරි ගමනාන්තය දක්වා මෙහෙයවිම බලදරයන් අත ඇති වගකීමක් , ඔවුනට එය හොදින් වටහා ගැනීමට හැකියාව ලැබෙවායි ප්‍රර්ථනා කරමු ?(නදී)
මාල දිවයිනෙන් ගිහින් අපේ රටට එන කොට, හික්කඩුව බෙන්තොට යන්න සංචාරකයෝ අඩු වෙනවා, කෙලින් එන විදියට හදා ගන්න ඕනා . ඔලුවෙන් වැඩ කරන්න ඕනා. (නදී)
ලස්සනයි (නි)
ඇයි මේ නිකන් ඔරොප්පු වෙලා වගේ. සිනාසෙන්න සැනසෙන්න නංගෝ. (නි)
මෙවැනි දේවල් දැකීමත් සතුටක්. (නි)
සමහර අය පළකරන අදහස් දැක්කාම දුක හිතෙනවා. පවු නොතේරෙනකම වෙන්න ඇති. (නි)
මුතුකුඩ මේ ගැන මොකද කියන්නේ ? මෝඩ තකතීරු පණ්ඩිත අදහසක් බලාපොරොත්තු වෙමි . (නි)
කිරාන් මදවක මහතා ට දුක ඇති ලංකාවට එන්න විසා ගන්න උනාට.(නදී)
පිටරටවල ඉන්න අය ඉස්සරවෙලා බලන්නේ කොහොමද ගාන කියලා මිසක් යානය මොන රටේද කියලා බලන අය නැහැ කියලා මම නම් හිතන්නේ. යුරෝ ,පවුන් ,ඩිනාර් වල අගය බලලා තමයි හුඟදෙනෙක් මොන එයාර් ලයින් එකේද යන්නේ කියලා තීරණය කරන්නේ. එනිසා ගණන අඩු වුණ තරමට එන අය වැඩිවේවි , වෙල් කම් බ්‍රිටිෂ් එයා වේස් !!! (නි)
හරිම සතුටුයි . ඉදිරියේදී තවත් ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කරන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතාමත් හොද වැඩක්. අපේ උණුසුම් සුබ පැතුම්! (නි)
අරාබි රටවල් වලට වඩා යුරෝපා රටවල් හොදයි. (නි)
මත්තලට ආවෙ නැත්තෙ ඇයි??? (නි)