පාර්ලිමේන්තු සභාවේ කතානායක අසුනෙහි පාර්ලිමේන්තුවේ ඉංජිනේරුවකු පසුගිය 16 වැනි දා අසුන් ගත් බවට ලැබී ඇති පැමිණිල්ල පිළිබදව කරුණු සොයා බලන ලෙස කතානායක කරු ජයසූරිය මහතා මහලේකම් ධම්මික දසනායක මහතාට උපදෙස් දුන්නේය.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රංජිත් අළුවිහාරේ මහතා කතානායකට පැමිණිලි කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතෙක් කලකට ඕකේ වාඩිවුණු උගත්ම මනුස්සයාද දන්නෙත් නැහැ. හැබැයි ඕක හදපු බාසුන්නැහෙත් ඕකේ වාඩිවෙන්න ඇති (නි)
ඉංජිනේරුවරයා ආසනයේ අසුන්ගත්තා නම් එසේ කර ඇත්තේ සද්භාවයෙන් විය හැකිය.පාර්ලිමේන්තුවේ කථානායක ආසනයේ ශක්තිමත් භාවය පරීක්ෂා කිරීම ඉංජිනේරුවරයාගේ වගකීමයි.තමාට අදාල නොවුනත් එය සද්කාර්යයක් (බ)
උගතෙකු ඔය පුටුවේ ඉඳගැනීම ඔච්චර ලොකු ප්‍රශ්නයක්ද? (නි)
මේවා මහා බොරු දේවල්. මේ පුටුවේ වැදගත්කම තියෙන්නේ රැස්වීම තියනකොට පමණි. රටේ තිබෙන ලොකු ප්‍රශ්න මඟහරින්න කරන දේවල් (නි)
ගැළපෙන මනුස්සයෙක්නේ වාඩිවෙලා තියෙන්නේ (නි)
ඔය වගේ සාම්ප්‍රදායික දේවල් නිසා තමයි රට ආපස්සට යන්නේ (නි)
මේ වගේ බොරු මහන්තත්වකම් හින්දා තමා මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ.රට දියුණු කරන්න නම් ඉතිරි පුටු වලටත් ඉංජිනේරුවර වාඩි කරවන්න ඕනෑ (නි)
ඔය පුටුව කවුරුන් හෝ ඉංජිනේරුවෙක් නිර්මාණය කළ එකක්නේ (නි)
සම්ප්‍රදාය ප්‍රජාතන්ත්‍රවාදය වගේ දේකට බලපායිද? (නි)
ඉංජිනේරුවෙක් වාඩිවුණාම මොකද වෙන්නේ? (නි)
පාර්ලිමේන්තු රැස්වීමෙන් පස්සෙ ඕකෙ කවුරු වාඩිවුණත් වරදක් අපිට නම් පේන්නෙ නැහැ (නි)
ඕක එහෙම වෙන්කරපු ආසනයක්ද? උගතෙක් වාඩිවුණාම මොනතරම් ගෞරවයක්ද? ලොකුකම නම් තියෙනවා අපේ රටේ (නි)
එතකොට අනිත් පුටුවල වාඩිවෙන හොරු ගැන මොකද කියන්නේ (නි)
ලොකු පුටුවල විජාතිකයින් වාඩිකරන්න හොඳයි, මේවා වැරදියි (නි)
ඔය වගේ සාම්ප්‍රදායික දේවල් නිසා තමයි රට ආපස්සට යන්නේ (නි)
නිකම් බොරු වැඩක්. මොකද ඕක පඬුපුල් ආසනයද? රැස්වීම පැවැත්වෙනකොට ආසනය වැදගත් වුණාට අනිත් වෙලාවට තවත් පුටුවක් විතරයිනේ. (නි)
ඉතින් ඉංජිනේරුවෙක් වාඩිවුණාම මොකද? පුටුවේ වාඩිවීම තහනම් කියල ගහලා තියෙනවද? ඉංජිනේරුවෙක් වාඩිවීම පුටුවට කරන ගෞරවයක් නේද? (නි)
ඔය පුටුවෙ ඉංජිනේරුවෙක් වගේ උගත් කෙනෙක් ටිකකට වාඩිවුණාම මොකක් වෙනවද (නි)
අනේ ඕකෙ කවුරුහරි ආසාවට පොඩ්ඩක් වාඩිවුණාම දිය වෙනවද? ඔයිට වඩා කොච්චර ලොකු වැරදි කරපු අය යහතින් ඉන්නවද? අනෙක ඔච්චර උත්තරීතර යැයි කියන ඔය ගොඩනැගිල්ලේ ඉඳගෙන මොනවද රටට කරලා තියෙන්නේ? (නි)