මහා සංඝරත්නයේ සෙත්පිරිත්, ජය සක්, මඟුල් බෙර හා මහජන ප්‍රීති ඝෝෂා මත්තල රාජපක්ෂ අන්තර් ජාතික ගුවන්තොට සිසාරා ඇසෙද්දී මහින්ද රාජපක්ෂ ජනපති කටුනායක සිට ශ්‍රී ලංකන් ගුවන් යානයකින් මත්තලට පැමිණ නව ගුවන්තොට විවෘත කළේය.
එවිට වේලාව පෙරවරු 11.08.50 විය.
ගුවන්යානය මත්තලට ළඟා වූයේ පෙරවරු 10.54ට ය.
ජනපති, කතානායක චමල් රාජපක්ෂ, අගමැති දි මු ජයරත්න හා ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්න මහත්වරු රතු පලස මතදී පිළිගන්නා ලද්දේ දකුණු පළාතේ මහ ඇමති ශාන් විජයලාල් ද සිල්වා, හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය මහත්වරුන් විසින් මල්දමින් පිළිගනු ලැබූහ.
සිය ගණනක් පාසල් සිසුහු ජාතික කොඩි වනා අමුත්තන් පිළිගත්හ. ජනපති ජාතික කොඩිය ඔසවද්දී නමෝ නමෝ මාතා ජාතික ගීය වාදනය විය.
ගුවන්තොටේ සංචාරය කළ ජනපති පෙරවරු 11.22ට එහි සමරු ඵලකය විවෘත කළේය.
හෙක්ටයාර 800ක් පුරා පැතිරුණු මත්තල පෙර දින වැස්සෙන් සිසිල් විය. ගුවන්තොට වටේ ඔසවා තිබූ කොඩි වලින් ද තවත් සිසිල එක් විය.
ජනපති පැමිණ මිනිත්තු 43කට දෙවැනි ගුවන් යානයට මත්තලට ළඟා විය. ශ්‍රී ලංකා ගුවන් සේවයේ එම යානය පැමිණියේ ඩුබායි සිටය.
2009 නොවැම්බර් 27 දින මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිකිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උළෙල පැවැත්වීය.
චීනයේ චයිනා හාබර් ඉංජිනේරු සමාගම මෙහි කොන්ත්‍රාත්කරු වෙයි. මුළු ගිවිසුම්ගත කොන්ත්‍රාත් මුදල ඇමරිකානු ඩොලර් කෝටි 20.9කි. මින් චීන රජයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 19 මුදලක් සහනදායී ණයක් ලෙස ලබා දී ඇත. ඉතිරි මුදල ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම විසින් දරනු ලැබීය.
2010 මාර්තු 16 වැනි දා සිට චීන සමාගම මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා නිර්මාණ සැළසුම් කිරීම අරඹා ඇති අතර එම වසරේ නොවැම්බර් මස සිට ඉදිකිරීම් කටයුකු අරඹා ඇති අතර මේ දක්වා දේශීය විදේශීය ඉංජිනේරුවන්ගේ අධීක්ෂණ යටතේ සියලු කටයුතු සිදුවෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙන් සුභ පැතුම් ශ්‍රී ලංකාවට සහ අපේ මහින්ද රාජපක්ෂ ජනපතිට (අ)
මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
අපේ ලංකාව දියුණුවෙන ලකුණු. ආඩම්බරයි මේම ගුවනුතොටුපොළේ වටිනාකම තව ඉදිරියට අපිට දකින්න හැකිවේවි. (අ)
අහන්නත් සන්තෝෂයි. තවත් ගුවන්තොටුපොළක් (අ)
දැනගෙන ගියොත් වත්තල නොදැන ගියොත් මත්තල... (තරහා ගන්න එපා. විහිළුවට කිවුවේ) (නි)
ජය වේවා ජනාධිපතිතුමනි! (නි)
වාසනාවන්! මගේ රටට දළදා හිමි සරණයි. (නි)
අපිට ඔබ ගැන හරිම ආඬම්බරයි. ජනපතිතුමනි ඔබට පින් මේ කරන වැඩවලට (අ)
අපි ගැන හරිම ආඩම්බරයි. (නි)
හොද වැඩක්. දැන් අපිට ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් දෙකක් තිබෙනවා. (නි)
ජය වේවා ජනාධිපතිතුමනි ජය වේවා! (නි)
නියමයි ජනාධිපතිතුමනි. (නි)
මේ වගේ හොද වැඩ තව තව වැඩි වැඩියෙන් කරන්න ජනාධිපති තුමාට ශක්තිය දයිරිය ලැබේවා!(නදී)
මේ ගැන එක එක විදියට කතා කරාවි. නමුත් මෙය උසස් දෙයක්.(නදී)
බඩු මිල?(නදී)
පින්තූර නැද්ද? (නදී)
ජයවේවා!(නදී)
දකුණු පලාතේ අයට කටුනායක කොගොසින් අරාබියේ රැකියාවකට, දඹදිව වන්දනාවේ, යන්න දැන් පුළුවන්.(නදී)
අපේ රට ගැන හරිම ආඩමිබරයි.(නදී)
හරිම සතුටුයි.(නදී)
හෙට එන්නේ කොහේ ගුවන් යානාද?(නදී)
මේ සදහා දායක වූ සැමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! මගේ රටට දළදා හිමි සරණයි! (නි)
සුභ පැතුම්! (නි)
ලාංකිකයෙක් වීම ගැන ආඩම්බරයි. (නි)
ඡයවේවා! (නි)
ජනාධිපතිතුමනි, කොහොම සුභ පතන්නද කියලා හිතාගන්නවත් බැහැ. (නි)
නිල් අඹර ජයගත්තා අපි (දී)
දිගටම අහස් යානා පැමිණෙන්න කියා සුබ පතනවා ! (නි)
අද හැබෑ වුණේ සිහිනයක් නොවෙයි. රටට ආදරය කරන අපි සහ අපේ දරුවන්ගේත් හෙට දවසයි. ඔබට මගේ නමස්කාරය ජනපතිතුමනි! (නි)
ගුවන් තොටුපළවල් හදන එක හොදයි. නමුත් ලංකාවට එන ගුවන් යානා ප්‍රමානයට කටුනායක එක හොදටම ප්‍රමානවත්. ගුවන් තොටුපළක් නඩත්තු කිරීම ඉතා අධික වියදම් සහිත එකකි. (නි)
හරිම ආඩම්බරයි. ඡයවේවා! මගේ රටට සුභ පතන අයටත් මගේ රටටත් උත්තම දළදා හිමි සරණයි! (නි)
දැන් අපේ රට හරිම දියුණුයි. අපිට දැන් අඩු රොකට් අංගනයක්. (නි)
වැඩේ නම් හොදයි. ආඩම්බරයි. (නි)
රුවන්, ගුවන් තොටුපළ හැදුවේ ඔයාටයි, මටයි, ජනාධිපතිතුමාටයි නෙමෙයි. රටේ අනාගත පරපුරට. (නි)
මේවාට ගිය වියදම් එහෙම කොහොමද?(නු)
මේකටත් නගරයේ දාන්න තිබුණේ අනිත් රටවල වගේ (නු)
ගුවන සිසාරා ජය ගොස (දී)
ලෝකෙම අවධානයට ලක්වෙන වැඩක් (දී)
වැඩේ හොදයි. ඒත් බඩු මිළ ගැනත් ටිකක් හිතන්න. (නි)
මේවාට යටවන මුදල් ගෙවන්නෙ අපි නිසා අපි කැමතියි කීයක් වියදම් උනාද කියලා දැනගන්න..!(නු)
නියමයි. (නි)
දැන් මත්තලට එන අලි ටික නවත්වන්න වෙයි. (නි)
සුභ පැතුම් මහින්ද මහතාණෙනි! (නි)
නියමයි නියමයි නියමයි ජයවේවා! (නි)
මගේ රට ගැන හරිම ආ්‍ඩම්බරයි. ජය වේවා මහ රජාණෙනි! (නි)
ජය වේවා ජනාධිපතිතුමනි! (නි)
චීනෙට යන්නේ නැද්ද? අපේ ජාතියට දැං හොදට සළකනවා එහෙන්..!(නු)
හෙට මෙහි ගුවන් ගත් වීමට නියමිත ගුවන් යානා බඩු මිල බස් ගාස්තු පැට්‍රල් ඩීසල් මිල (ස)
මේක හදන්න කොපමණ මුදලක් ගියාද (දී)
ආඩම්බරයි. ජය වේවා! (නි)
අපේ සුභපැතුම් (දී)
හරිම සතුටුයි. (නි)
ජාත්‍යන්තරය හා එක වෙන්න ගොඩාක් වැදගත් වැඩක්
ලංකාව දියුණු කරන්න මේවගේ වැඩ අවශ්‍යමයි (දී)
ශ්‍රී ලංකාව දිනෙන් දින දියුණූ වී ලෝකයේ අභිමානවත් රටක් බවට පත්වේවා! (නි)
ජනතාවගේ සුභපැතුම් (දී)
ගුවන සිසාරා (දී)
ජනාධිපති තුමනි ඔබට ජාතියේ ප්‍රණාමය (දී)
සුභපැතුම් ලංකාව ලෝකෙටම විවෘතයි (දී)
ගුවන ජයගත් වගයි (දී)
තව අවුරුදු 10ක් විතර යද්දී මත්තල ලංකාවේ ප්‍රධාන ගුවන් තොට වේවි. මගේ සුභ පැතුම්! (නි)
මට නම් මේ පිරිස අතර ලොකු අඩුවක් පෙනෙනවා. (නි)
මත්තලට නත්තල..!(නු)
ඉතාම හොදයි.. ඉක්මනින් හැදුවා.. හදිසි අවස්ථාවලදී එහෙම හොදට ප්‍ර යෝජනවත් වෙයි..!(නු)
මෙවන් ජන නායකයෙක් අපිට වාසනාවන්! (නි)
රට දියුණු කරන්න .ජනතාව සතුටු කරන්න . වරදට දඩුවම් දෙන්න . වංචා දුෂණ අවම කරන්න . ඔබම යලිත් එන්න . හොද දේ අපි අගයමු .....!!
නොපසුබට නායකයෙක්. ඔබතුමන්ට දළදා සමිදු පිහිටයි. (නි)
අපේ ජනාධිපතිතුමා තමයි අපේ දෙවැනි දුටුගැමුණු. (නි)
බැසිල් මහත්තයා කෝ..?(නු)
ජයවේවා! ඔබ සෑමට විකසිත අනාගතයක්. නව ගුවන් තොටුපොල රටට සෞභාග්‍යය ගෙනේවි. (නි)
කාටද ආඩම්බර (දී)
අපි මුළු ලෝකෙම ජය ගන්නවා (දී)
විශිෂ්ට නිර්මාණයක් (දී)
ජනපති තුමනි ඔබට සුභපැතුම් අපෙන්, අපි මත්තල ජනතාව (දී)
මිට කලින් ගුවන් යානා දැකලා නැද්ද.. වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න (දී)
ඈත අහසේ ඉදලා ඒ ගුවන් යානය ආපු හැටි දැක්කාද (දී)
සන්දු ඔබතුමාට අමතක උනාද ණය ගෙවන්නේ කවුද කියලා..!(නු)
ඒ ප්‍රදේශය සීග්‍රයෙන් දියුණු වෙයි (දී)
වැඩක් නැති වැඩක් (දී)
වැඩේ නම් හොදයි. බඩු මිළ තමයි වැඩි. (නි)
සන්තෝසයි (දී)
අලියෙක් ගන්න ඉස්සර හෙන්ඩුව අරන් ඉවරයි, ඊළගට ලයිට් බිල... (නි)
අපිට නොපෙනෙන පැත්තක් තියෙනවා මේ සිද්දියේ, මේ ප්‍රදේශය සිටින මිනිස්සුන්ට රැකියා සහ සමාජතත්වය නොදනිම වැඩි දියුණු වෙනවා (දී)
ඇත්තටම කියන්න වැඩේ හොදයි නේද (දී)
අපේ සුභ පැතුම්! (නි)
ඒ ගුවන් යානය එනකොට මට ඇඩුණා
සුභපැතුම් (දී)
ගොඩාක් ආඩම්බරයි (දී)
නිල අහස අපේ (දී)
පෙරමග සුබයි (දී)
අලියා ගන්න ඉස්සර හෙන්ඩුව අරන් ඉවරයි. ඊළගට ලයිට් බිල 100 ට 100ක් බලාපොරොත්තු වන්න. (නි)
අහස අපිට (දී)
කාටද ආඩම්බර (දී)
මගේ උණුසුම් සුභ පැතුම් සමග විශාල වෙහෙසක් දරා මත්තල ගුවන් තොටුපළ සෑදූ සැමටම ඉතාමත් ස්තූති කරමි. ..රුවන් වළා අතරින් වැසි දෙන කාලේ.. ගුවන් මගින් මත්තල පිබිදෙන තාලේ.. පවන් බඳින් වැඩිවන යානා ජාලේ.. බලන් මුළු ලොවම හෙට මෙහි එන තාලේ (දී)
අපේ රටේ පිබිදීම ගැන ආඩම්බරයි (දී)
ගුවන් තොටුපල ඉදිවීම අපට ආඩමිබරයකි.ජය වේවා (දී).
කව්රු කොහෝම කිව්වත් කරලා තියෙන්නේ ලොකු වැඩක් (දී)
මත්තල ගුවන් තොටුපොල හැදුවේ පුංචි අපිට. අපේ අනාගතේට. මත්තල අපේ... (නි)
විශිෂ්ට අනාගතයක්! (නි)
සතුටුයි.. ස්තුතියි ජනපති තුමනි.. මේක ගොඩක් හොදයි දකුණේ ජීවත් වන අයට... ජය වේවා..!(නු)
ඇයි මේ හාමුදුරුවන්ව පස්සට දාලා..!(නු)
යන්තම් ඇති. දැන් අපිට බස්වල දුක් විදින්නෙ නැතුව ප්ලේන් වලම යන්න පුළුවන්. (නි)
ජයවේවා,..... සුභපැතුම් අපෙන් (දී)
කවුරු කළත් හොද දේ හොදයි. (නි)
කුහකයෝ මොනවා කිවුවත් අපිට අපේ රට ගැන ආඩම්බරයි. (නි)
මට නම් පිස්සු වගෙයි. (නි)
ආඩම්බරයි! (නි)
රට දියුණු වෙනවට නම් අපි අවංකවම සතුටුයි. ඒත් මට හිතෙන්නේ මේක අපේ රටේ අවශ්‍යතාවයට ගැළපෙන්නෙ නැහැ කියලයි. (නි)
සම්තින් ඉස් බෙටර් දෑන් නතින්... (නි)
මෙය දියුණුවෙන් දියුණුවට පත්වේවා! (නි)
හරිම ආඩම්බරයි! (නි)
රුවන් ඔයා වගේ අය ඉන්නකල් මේ රට දියුණු කරන්න බැහැ. අගේ කරන්න බැරිනම් කටවහගෙන ඉන්න. අනික දෙයක් කියන්නම ඕනෑ නම් තර්කානුකුලව ඔප්පු කරන්න පුළුවන් දෙයක් කියන්න. කටට එනවට කියන්න එපා . (නි)
අනාගත පරපුරට සැබෑවූ සොදුරු සිහිනයක්. (නි)
රටේ අනාගතය සුබයි. (නි)
ජනපති තුමනි ඔබ අපිට වීරයෙක් (දී)
දැන් ඉතින් බඩු මිළ නගියි.(නදී)
රටේ ජනතාව විදිහට අපිට හරි හරි සතුටුයි (දී)
රුහුණට පාර්ලිමේන්තුවක්ද අවශ්‍යයි යන්නයි මාගේ හැගීම. (නි)
අපි තව ටික දවසකින් හදටත් යනවා (දී)
සුභපැතුම් (දී)
කැලේ ඉන්න සතුන්ට විශේෂයෙන් අලි කුරුල්ලන්ට අනුරාධපුරයට එන්න කියන්න.. නැත්නම් අලි කුරුළු ප්ලෙන් යුද්ධයක් ඇති වෙයි.. ඒත් මේ වැඩේට අපෙන් සුභ පැතුම්..!(නු)
සුභ අනාගතයක් (දී)
අපි අහසත් දින්නා (දී)
විශිෂ්ට කාර්යයක්. (නි)
ශාන්, කාලා බීලා හිටියොත් ඔක්කොම හරිද? (නි)
ජය වේවා! තව තව හොද වැඩ කරන්නට ජනපතිට වරම් ලැබේවා! (නි)
ගොඩාක් හොදයි.. ගොඩාක් ලස්සනයි (දී)
මෙච්චර වැඩක් කරලත් මිනිස්සු කතාකරන්නේ බඩු මිළ ගැන. ලැජ්ජයි. (නි)
ඒවත් ණයට අරන් තියෙන සල්ලි.. කටුනායක ටිකක් අළුත් කළානම් මදිද? ලංකාවට දවසටම ප්ලෙන් කීයද එන්නෙ.. (නු)
නියම වැඩක්.(නදී)
ජනාධිපතිතුමාට මගේ නමස්කාරය! (නි)
අහස අපේ...... මේ අහස අපේ (දී)
කවුද මේකේ නිර්මාණකරු? (නි)
අපේ ජනාධිපති තුමාට ජයවේවා (දී)
අපේ පාර්ලිමේන්තුවත් මෙහාටම ගෙනිච්චා නම් තමයි හොද. (නි)
දවසක ලංකාවේ අපි ලෝකෙම ජය ගන්නවා (දී)
නියම වැඩක්. සුභ පැතුම් ශ්‍රී ලංකා! (නි)
අපෙන් සුභපැතුම් (දී)
අපේ ජනාධිපති තුමාට අපේ සුභපැතුම් (දී)
දැක්කාද ප්‍රථම ගුවන් යානය ලංකාවට ආපු හැටි (දී)
දහසක් පැතුම් පොදි බැඳ අප සිත්තුල ලොවටම අරිය ගුවන් තොට අද මත්තල (අ)
very good හුඟක් හොඳයි (අ)
ඉදිරියටම යන්න වාසනා! (නි)
අපේ රටට ජයවේවා (අ)
සමහර මෝඩ මිනිස්සු අපේ රටට මොන දේ කළත් කතා කරන්නේ බඩු මිල ගැනමයි (අ)
කටුනායක ඉඩ ගන්න. පුටුවේ ඉදලම මත්තලට ඇදලා වගේ. දැන් අපිට බිම ඉදගන්න වෙයිද දන්නේ නැහැ.(නදී)
මෙතන තියෙන අදහස් දැක්කහම ලංකාවේ මිනිස්සු ගැන අපිට හිතාගන්න පුළුවන්. (නි)
හම්බන්තොටට නැවක් ආවම පොටෝ සහිතව කියනවා වගේ මත්තලට ගුවන්යානයක් ආවම අපිව දැනුමිවත් කරන්න.(නදී)
චීනයේ චයිනා හාබර් ඉංජිනේරු සමාගම මෙහි කොන්ත්‍රාත්කරු වෙයි. ආයේ ඉතින් අහන්න දෙයක් නෑ (අ)
මෙම අපුරු දර්ශන බලන්න සැමට ආරාධනා! (නි)
රටටකට ගිය කලක්
බඩ ගැන විතරක් හිතන අය රටේ දියුණුව ගැන හිතන්නේ නැහැ. මේ රට මේ තරමි හරි දියිණු වුනේ රට ගැන හිතන අය ඉන්න නිසයි.(නදී)
ගොඩක් අගය කරණව.හරිම සන්තෝසයි.නමුත් එක අඩුපාඩුවක් තියෙනව.විපක්ෂ නායකතුමත් ඔය උත්සවයට සම්බන්ද කර ගත්තනම් වටිනාකම කියල නිමකරණ්න බැහැ. (අ)
ජනතාවගේ හිස මත දරාගන ඉන්න බරට මත්තල බරක් නොවේවා! මත්තල නිසා රට ඔත්පල නොවේවා! (නි)
අපේ ජනාධිපතිතුමා ගැන අපිට ආඩම්බරයි. (නි)
මම නම් මුකුත් කියන්න කලබල වෙන්නෙ නැහැ. (නි)
ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන තවත් එක් දවසක්.. මගේ රටට සියළු සතර වරම් දෙවි පිහිටයි..!(නු)
අකි විශිෂ්ඨයි සර්.(නදී)
මිනිස්සුන්ට කන්න බොන්න නැත්නම් මේවා හැඳුවට වැඩක් නැ (අ)
නියමයි! (නි)
ලෝකෙම මිනිස්සුන්ගේ ඇස් ඇරුණ දවසක් (දී)
වර්තමාන ලංකාවේ ජනප්‍රියම නගරය මත්තල (දී)
උණුසුම් සුබ පැතුම් සමගින්, ජයවේවා! (නි)
සුභ අනාගතයක් වේවා.! සමහරු ඝෘණාත්මකව හැම දෙයක් ගැනම බලන්නේ.. ගුවන් තොටුපල වගේම වරාය අධිවේගී මාර්ග අනෙකුත් යටිතල පහසුකම් සියල්ල ඉදිරියෙදී සම්පූර්ණ කළ යුතුයි.. ඒ නිසා මේ ප්‍රාදේශය කොළඹට වඩා සුදුසුයි. නමුත් ටිකකලක් ගතවෙයි.. තරගකාරී විදෙස් ආයෝජන ගුවන් යානා සහ නාවික නඩත්තු කටයුතු වගේ දේවල් වලට ලොකු ව්‍යාපෘති අනාගතයේදී කරන්න වෙයි..!(නු)
පාට පක්ෂ ආගම් ජාති කුල පළාත් බේද නැතිව මාතෘ භූමියේ දියුණුව ගැන සතුටු වෙමු (අ)
පොලොව අහස මුහුද තුනම අපි ජය ගත්තා (දී)
ජනපති තුමනි ජාතියේ ප්‍රණාමය ඔබ තුමාට (දී)
මගේ රටට දළදා සමිදු පිහිටයි (අ)
දැන් ඉතින් හම්බන්තොට ජනතාවට පිටරට නිවාඩුවකට ගිහින් ගෙදර ළඟටම එන්න පුළුවන් (අ)
ගුවන් සේවා කියන්නේ වැදගත් දෙයක් (දී)
නියමයි. අපිට අඩුවකට තිබුණෙ මෙච්චරයි. (නි)
හරිම ආඩම්බරයි! ඔය වගේ අපිට ඉගෙනගන්න සරසවි ටිකකුත් හදන්නකෝ. (නි)
මම නම් කියන්නේ අපි වගේ පොඩි රටකට එක ගුවන් තොටුපළක් තිබුණහම හොදටම ඇති. (නි)
සුභ අනාගතයක්! (නි)
ජය වේ ලංකා ජය වේ! (නි)
දැන් අපේ මිනිස්සු හිතාගෙන ඉන්නේ සියළු ප්‍රශ්න අවසානයි කියලා. (නි)
රටක තිබිය යුතු කාලීන දෙයක් දායක කිරීම පිළිබදව ගෞරවය ලබා දිය යුතු අභිමානවත් දෙයකි.!(නු)
අපේ ආශීර්වාදය (දී)
ජය ජය ජය වේවා ශ්‍රී ලංකා! (නි)
දැන් සුද්දන්ට ලේසියෙන්ම එන්න පුළුවන් අපේ ගම් බලන්න. (නි)
මගේ රටට සුභම සුභ අනාගතයක් වේවා! (නි)
ඇත්තටම ආඩම්බරයි (දී)
රොකට් එකක් ඇරියහම, වරායක් හැදුවහම අපේ රට මාර දියුණුයි කියලා කෑගහන්න කලින් හිතන්න මේවට සල්ලි එන්නේ කොහෙන්ද කියලා. අපේ රටට සල්ලි තියනවා නම් ජාත්‍යන්තර ගුවන් තොටුපලවල් කීයක් හැදුවත් අපිට කමක් නැහැ. නමුත් කටුනායක ගුවන් තොටුපලට දරාගන්න බැරි තරමක් ගුවන් යානා ආවද? කටුනායක ඉඳන් කිලෝ මීටර් 200 වැනි ගුවන් ගමන් සැළකීමේදී ඉතාම අඩු දුර ප්‍රමාණයක් තුළ තවත් අන්තර්ජාතික ගුවන් තොටුපලක අවශ්‍යතාවයක් තිබේද? රටක දියුණුව කියන එක පේන්නේ රටේ ජනයාගේ ජීවන තත්වය එක්ක සිදුවන දියුණුවකුයි. (නි)
ගුවන් ගමන් සැළසුම් කිරීමෙි්දී හදිසියකදී එයට සූදානම් ව ගමන් ඇරඹීම අනිවාර්ය වේ.. මෙතෙක් ඒ සදහා ඉන්දියාවේ තැනක් තෝරාගෙන පැමිණි නමුත් ඉදිරියේදී ඒ සදහා මත්තල තෝරාගත හැක..!(නු)
සුභ අනගාතයක්..!(නු)
මෙයත් වාරය මෙන් පාසල් සිසුන්ට නරඹන්නට පමණක් සීමා නොවේවා..!(නු)
කදුලක් ආවෙ මගේ දෙනෙතට එයින් කියවුනේ ජනපතිදුන්හට රටට දැයට සහ මගේ දරු සැම හට හැකි වන බවමයි ලොව ජය ගන්නට(නු)
රොහාන් ඇත්තටම අඩන්න වෙන්නෙ ඉදිරියටයි.. කදුළු තියාගන්න..!(නු)
මේවට හුරේ දාන අයත් ඉන්නවනේ..!(නු)
රොකට් එකක් ඇරිය තමයි..ඒකෙන් මොකද උනේ..? ඉන්දියාවෙ අය ඩුබායි ඉදලා කාඩ් එකකින් පැය දොළහක් කතාකරනකොට අපිට පුළුවං පැය එක හමාරයි.. ඡන්ද්‍රිකාවක් ඇරියෙ මොකටද ? (නු)
ණය අරන් තමයි හැදුවේ නමුත් අපිටනේ (දී)
අපේ සුභ පැතුම් (දී)
ලංකාවේ ඉන්නේ බහුතරය ළිං මැඩියන් බව තේරෙනවා අදහස් වලින් මෙතන.(නු)
ජාතියේ උපහාරය (දී)
සන්තොදයි...සන්තොදයි... (දී)
මගේ රටට සුභ අනාගතයක් (දී)
ලාංකිකයෝ විදිහට ආඩම්බරයි අපිට (දී)
අපේ සුභ පැතුම් (දී)
අඩු වෙලා තිබ්බේ ගුවන් තොටුපලක් විතරනේ. නායකයන් රට ගැන, පොඩි මිනිහා ගැන හිතන හැටි ඉතාමත් පැහැදිලිව බලාගන්න පුළුවන් පහුගිය දවස්වල රේසින් කාර් වලට දුන්න බදු සහනෙන්. කෝටි ගණන් වටින වාහන වලට සහ හුදෙක්ම විනෝදය සදහා ගෙන්නන වාහන වලට බදු සහන දෙන පාලකයන් දුප්පතාගේ වාහනය ත්‍රී වීල් එකට කොච්චර බදු ගහනවද? බයිසිකල් වලට කොච්චර බදු ගහනවද? අද රට පිටින් පේන්නට දියුණු රටක්. මොහොතක් සිතන්න. අද රටේ අවශ්‍යතාවය ලැම්බෝගිනි කාර්ද, ගුවන් තොටුපලවල්ද,වරායවල්ද ,පිට්ටනිද ????? (නි)
මට මත්තල දකිනකල් ඉවසුමක් නැහැ. (නි)
උතුමාණෙනි ඔබට ජයෙන් ජය..!(නු)
ඊයේ(19) මත්තලට ගුවන් යානා කීයක් ආවද දන්නෙ නැහැ. (නි)
සන්තෝෂයි (දී)
මගේ රට දියුණු වෙනවට කැමති නමුත් ඔය කියන දියුණුවීම ගැන මට ප්‍රශ්න කිහිපයක් ඇත. සුරියවැව අන්තර්ජාතික ක්‍රීඩා පිටියක් හැදුවා නේද? මේ අවුරුද්දේ කීයක් විතර මැච් ගහලා තියෙනවද? හම්බන්තොට වරායට නැව් කීයක් ඇවිල්ලා තියෙනවද? මේ ගුවන් තොටුපලට දවස ගානේ කීයක් ගුවන් යානා එන්න සැලසුම් කරලා තියෙනවද? මේ ව්‍යපෘති සඳහා වැය වූ මුළු මුදල කොපමණද? (නි)
අපි කවුරුත් උපන් ගමන් ඇවිද්දේ නැහැනේ. මත්තලටත් දවසක ගුවන් යානා ඒවි. මත්තලත් කටුනායක වගේ වේවි. අපිටත් රු.500.00ක පඩි වැඩි වීමක් දෙපාරකට වැඩි වේවි. (නි)
ජාතියේ උත්තමාචාරය (දී)
හැමෝම බඩු මිළ ගැන කියවනවා. ලෝකයේ කිසිම රටක් බඩු ගැන හිතලා දියුණූ වෙලා නැහැ. (නි)
සියලු දෙනා අද ගැන නෙමෙයි හෙට ගැන හිතන්න. ඔබට මෙය අගයක් නැතුවාට මෙය වටින්නේ ඔබේ දරුවාටයි.(නදී)
අනුරාධ, ඔයාලා වගේ හිතන මොලයක් කියලා දෙයක් තියෙන අය අල්පයක් කියලා මෙතන ප්‍රතිචාර දැක්කම හිතෙනවා.(නදී)
මේක සැබෑ උණු හීනයක් (දී)
මගෙන් සුබ පැතුම්! (නි)
ලංකාව ආසියාවේ අස්චාර්ය වෙලා ඉවරයි (දී)
සමහරුන්ගේ අදහස් හරිම කුහකයි. (නි)
ඉස්සර කොළඹට කිරි - අපිට කැකිරි දැන් දකුණට කිරි - අපිට කැකිරි... (නි)
සාජා සිට එන් එයාර් ඇරබියා එකෙන් මත්තලටනම් ඩිරාම් 399 (රුපියල් 13965/=) ට එන්න පුලුවන්. කටුනායකට එන්න නම් හැම ගුවන් යානයෙම රු. 17850/= ත් යනවා. ඒ තරම් අඩුවට දීලාවත් සීට් ගනන පුරවගන්න බැරිවයි ඉන්නේ. කාට කියන්නද?(නදී)
නියමයි. සුභ පැතුම්! (නි)
අදහස් දක්වන ටිකක් අය හිත්නේ තමන්ගේ බඩ ගැන විතරයි 1962 කටුනායක හදනකොට අපේ රටෙ මිනිසුන් හිතන්නෙවත් නැතිව ඇති 2012 කටුනායකින් 20.00000ටත් වඩා මගීන් එය පාවිචිචකරයි කයලා අද මත්තලට දවසකට එකක් ආවත් මටනමි ඇති අනාගතය සුබවාදිව හිතන්න. (ස)
ජගත්. ඔබ කියන්නේ දවසට එකක් ආවත් ඇති කියලා. මගේ තාත්තා කියන්නේ ගුවන්යානා නාවත් කමක් නැහැ අනාගත දරුවන්ට ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල් දෙකක් තියෙනවා කියලා. රටේ මිනිසුන්ගේ මොල හෝදලා තියෙන තරම මේකෙන්ම තේරුම් ගන්න පුළුවන්.(නදී)
අනේ පුළුවන් නම් කොළඹ වරායෙන් හම්බන්තොට වරායට නැවක් දාලා දෙන්නකෝ. (නි)
මත්තල ගුවන් තොටුපොළ.?(නදී)
මටනම් හදතුලින්ම ප්‍රාර්තනා කරන්න වන්නේ රජතුමාගේ වැඩ නියමයි කියලා.(නදී)
මෝඩයෝ මෙනෙවා කිවිවත් ලංකාවට ගුවන්තොටුපොළවල් දෙකක් ඕනා. එදා මහවැලිය හදනකොටත් කිව්වේ ඔය වගේ කමයි. මමත් යු.එක්.පී කාරයෙක්. හැබැයි ඇත්ත කියන කෙනෙක්. දූෂනය හොරකම් අඩුකළ නම් හොදම ආණ්ඩුව මහින්ද රාජපක්ෂ ආන්ඩුවයි.(නදී)
මේකත් වරාය වගේ පාසැල් ලමුන්ට පෙන්වන්න විකරද හදලා තියෙන්නේ.(නදී)