(අංජුල මහික වීරරත්න)
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි පහසුකම් භාවිත කිරීම සඳහා උනන්දුවක් දක්වන පාර්ශවයන්ගෙන් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීම සඳහා 2023-1-9 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇතැයි රජය කියයි.
ඒ අනුව අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවා ඇති අතර ආයතන පහක් විසින් අභිලාෂ ප්‍රකාශ කිරීම් ඉදිරිපත් කර ඇත.
අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශ පරිදි මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි කළමනාකරණය ඉන්දියාවේ m/s Shaurya Aeronautics (pvt)Ltd සහ රුසියාවේ Airports of regions management company වෙත හෝ එහි බද්ධ ව්‍යවසායකයක් වෙත වසර තිහක කාල සීමාවක් සඳහා පැවරීම පිණිස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
Hafeel Friday, 26 April 2024 01:58 PM
රනිල්ගේ වී ගබඩාවට දැන් මාර්කට් එකක් ඇවිල්ලා වගේ...
ජගත් ලියනගේ Friday, 26 April 2024 04:10 PM
ඔය විදිහට අපිවත් කාට හරි විකුණලාද දන්නේ නැහැ...
චන්දිම Saturday, 27 April 2024 12:33 AM
දැන් ඕකත් අර වරාය වගේ විකුණලා ඒ සල්ලි ටිකත් ඡන්දෙට ගුල්ලෝ ගහපු හාල් කිලෝව 300 ගානේ කවුද මෝල් කාරයෙක්ගෙන් අරගෙන අත යට ගානකුත් කපාගෙන මිනිස්සුන්ට බෙදලා දාලා අන්තිමට ඔය ණයත් ඉපදෙන්න ඉන්න දරුවන්ට ගෙවන්න සෙට්කරලා අන්තිමට ගුවන් තොටුපොලත් නැහැ. එතැන තිබුණු ඉඩ කඩන ටිකත් නැහැ කොටින්ම මොන මළදානයක් වත් නැහැ කියලා දත නියවන්න සිද්ද වුණා. අනේ ඇත්තටම ඔය ගමන්ම රාජපක්ෂලවත් මිටිය පිටින්ම පොට්ටනියක් ගහලා කාට හරි කොහාට හරි කීයකට හරි විකුණලා දාගන්න පුළුවන්ද? මේ රටට නම් කරපු තරමක් කලේ විනාසේම තමයි.
Chandima Saturday, 27 April 2024 04:33 AM
අම්මපා .... මේ නම් එළාරගේ පුනරුත්පත්තියක්ම තමයි.
Perera Saturday, 27 April 2024 04:49 AM
රුසියන් සමාගමට උදයංගගේ රාජපක්ෂගේ එහෙම සම්බන්ධයක් තියෙනවාද?
Lalla Saturday, 27 April 2024 09:36 AM
මහින්ද රාජපක්ෂ පවුලට කඩේගිය හැම පනතටම අත උස්සපු සිරිපාල කොහොමද මත්තල විකුණන්න කැබිනෙට්ටුවට යෝජනා කළේ...? මොනතරම් නීචද?
fairoos Saturday, 27 April 2024 11:17 AM
ඇමැතිතුමාටත් වාසියක් ඇති නේද ?
Dharmatileke Saturday, 27 April 2024 11:32 AM
ඉස්සෙල්ලම කල යුත්තේ නම වෙනස් කිරීමයි