(යොහාන් භාසුර)

විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන්කිරීම සඳහා ක්‍රියාත්මක ‘රටම එකට’ මෙහෙයුමට විෂ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තොරතුරු 1818.gov.lk  යන නව වෙබ් අඩවිය ඔස්සේ ද සැපයිය හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

‘රටම එකට’ මෙහෙයුමට හදුන්වා දුන් 1818 ක්‍ෂණික දුකරථන අංකයට අමතරව මෙම නව වෙබ් අඩවිය වන 1818.gov.lk වෙබ් අඩවියට ද ක්‍ෂණිකව තොරතුරු ඇතුළත් කළ හැකි බව ද එම දෙපාර්තමේනතුව වැඩි දුරටත් සඳහන් කරයි.