(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර එළියකන්ද අද(1) උදෑසන හදිසියේ නාය යාමට පටන් ගැනීම නිසා මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ වෙරළ පාර කොටස වසා දැමීමට පොලීසිය කටයුතු කර ඇත.
මේ නිසා මාතර සිට කතරගම දෙසට ධාවනය වන රථ වාහන මාතර මැද්දවත්ත ඔස්සේ ධාවනය කරවීමට ක්‍රියා කළ බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
අද උදෑසන 9.30ට පමණ එක්වරම එම කන්ද නාය යාමට පටන් ගත් අතර කන්දේ තිබු පොල් ගස් ඇතුළු විශාල ගස් ද මුලින් උදුරා පාරට ඇද වැටී තිබිණි.
එම අවස්ථාවේ දී රථ වාහන ද පාරේ ගමන් කරමින් තිබු අතර කිසිවකුට හෝ හානියක් සිදු වී ඇත්ද යන්න මේ වන තෙක් හෙළිවී නොමැත.
කෙසේ වෙතත් මාතර දිස්ත්‍රික්කයට ඇද හැළෙන ධාරාණිපාත වර්ෂාවත් සමග එම කන්ද තව දුරටත් නාය යාමේ ලක්ෂණ පෙන්නුම් කරයි.
එම නිසා ප්‍රදේශවාසීන්ට එම ස්ථානයට යාම තහනම් කර තිබු අතර මාර්ගය දෙපස පොලිස් නිලධාරින් රාජකාරියේ යොදවනු ලැබ සිටිති.
මාර්ග සංවර්ධන නිලධාරින් හා පොලීසිය එක්ව බැකෝ යන්ත්‍ර යොදා ගෙන දැඩි වර්ෂාව මධ්‍යයේ පාර මැද තිබු පස් හා ගස් ඉවත් කිරීමට උත්සාහ කරන අයුරු දැක ගත හැකි විය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානය පරික්ෂා කිරීමට පැමිණීමට නියමිතව තිබුණි.
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.
නිලධාරීන් කුමන දේශපාලන මත දැරුවත් රජයට එය ගැටලුවක් නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.
අනියම් සම්බන්ධතාවක් නවතා දැමූවැයි කියන සිද්ධියක් මුල්කරගෙන එම කාන්තාවගේ නිවෙස ඉදිරිපිටදී සිරුරට පෙට්‍රල් දමා ගිනි තබා ගත් බව කියන පොළොන්නරුව පොලිස
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී අද නව වසරේ වැඩ ඇරැඹීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මාතර එළියකන්ද නායයයි