ශ්රී ලංකාවේ හොඳම ව්‍යාපාරික කාර්යසාධකයින් ඇගයීමේ ‘බිස්නස් ටුඩේ ටොප් 30‘ සම්මාන උළෙලේදී අගමැති රනිල් වික්‍රමසිංහ හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහත්වරු එකිනෙකා මුණගැසී සතුටු සාමීචියේ යෙදී සිටියහ..
කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති එම උත්සවයට ගංගාරාමාධිපති ගලබොඩ ඥානිස්සර හිමියෝ ද විශේෂ ආරාධිතයකු ලෙස එක්ව සිටියහ.
උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස අගමැතිවරයා එක්ව සිටි අතර අගමැති බිරිය මෛත්‍රී වික්‍රමසිංහ ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියහ.
පෞද්ගලික අංශයේ හොඳම ව්‍යාපාර සමාගම ලෙස මෙවර ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම පළමු ස්ථානය දිනා ගත්තේය. දෙවැනි ස්ථානය කොමර්ෂල් බැංකුවටත් තෙවැනි ස්ථානය හැටන් නැෂනල් බැංකුවත් සමත්විය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඉතින් කවර කතාද? අපි තමයි රැවටුනේ. (නි)
පසුගිය ආණ්ඩුවේ සිටි හොරුන්ට දඬුවම් කරන්න ප්‍රමාද මොකද කියලා අහන මිනිසුන්ට පිළිතුර මේ පින්තූරේ තිබෙනවා (නි)
එයාලට ලැජ්ජාවක් නැතිවුණාට අපිට තියෙනවා (නි)
අයියා මල්ලි වාගේ...... අයියා මල්ලි... (නි)
අපේ හිමිවරු මොකද ව්‍යාපාර ඇගයීමේ උත්සව වලට ගෙන්වන්නේ? (නි)
බලන්නකෝ මුහුණේ තියෙන සිරියාව! (ම)
ඔය ඉන්නේ බිතු සිතුවම් රූ මෙන්... (නි)
ඉතින් තවත් මොකටද අමතර සාක්කි? (නි)
බමුණු ආරච්චි හරි. දෙගොල්ලොම ජනතාව රවට්ටනවා. හිරේ අරිනවා ඇප දෙනවා. රට යනවා. පොඩි අය හැමදාම හිරේ. ඇපත් නැහැ. (නි)
ආර්ථික වේගය ඉහළ නැග්ගුවේ කොහොමද කියලා දන්නවද. රජය ගත් ණය වෙනත් ආයතන වලට බැරකරලා එම ආයතන රජයේ ණයකරුවන් විදියට පෙන්නලා. (නි)
ඔවුන් ඔවුනගේ කුලකය තුළ සතුටින් ඉඳි. දෙදෙනාම තනිකර සුද්දවන්තයෝ නොවේ. මිනිස්සු මෙයාලව බලයට ගෙනෙන්න ගහමරා ගනිති (නි)
මේ දෙන්නා මොනවා කතාකරනවා ඇද්ද දන්නෙ නැහැ (නි)
බලන්නකෝ මුහුණේ තියෙන සිරියාව! (නි)
මෙය තමා හොඳම අවස්ථාව. ගම්වල මිනිස්සුත් මේ වගේ හැසිරෙන්න පුරුදු වෙන්න. නමුත් සමහර දේශපාලකයන්ට උවමනා තමන් එකට ඉන්න ගමන් ගම්වල මිනිසුන් පක්ෂ වලට බෙදලා ගහගන්න. (නි)
මහින්ද ජනාධිපතිතුමනි, පරෙස්සමෙන්! (නි)
තවමත් නක්ෂත්‍ර වැඩ මහින්ද මහත්තයා කරනවා වගේ. අතේ දමාගෙන ඉන්න වළල්ලෙන් එ්ක හොඳට පේනවා (නි)
මේකේ මහින්දගේ පැත්ත අරන් රනිල්ටත්, රනිල්ගේ පැත්ත අරන් මහින්දටත් කඩේ යන සුවච කීකරු ගෝලයෝ මොනවද කියන්නේ බලමු. රැවටෙන්න එපා අසරණ මිනිසුනේ. ඔවුන් එක පන්තියක්, ඔබ බෙදිලා මරාගන්නේ මේ මායාවට. කල්පනා කරලා බලන්න (බ)
රටේ ආර්ථිකය 7.5% ඉහළ නැංවූ සහ රටේ ආර්ථිකය 2.6% පහළ බැස්සූ නායකන් දෙදෙනෙකුගේ සුන්දර හමුවක් (නි)
යහපාලනයට ජයවේවා! (නි)
අපි දැක තිබෙන මහින්දත්, රනිලුත් මෙහෙම තමයි. ඔවුන්ගේ දේශපාලනය වෙනත් දෙයක්. මේකේ අදහස් දාන අය හිතා ඉන්නේ දේශපාලනය කරනවා නම් එකිනෙකාගේ මුහුණ බලන්නත් බැහැ, කතා කරන්නත් බැහැ, ඔරෝගෙනම ඉන්න ඕනෑ කියලා. (නි)
අපි සියල්ලෝම ශ්‍රී ලාංකිකයෝ වෙමු. ප්‍රතිපත්තිමය දේශපාලනය තුළ අපි එකිනෙකාට වෛර නොකරමු. අද දේශපාලනයට පැමිණි සිටින දේශපාලන පක්ෂ නියෝජිතයෝ බොහොමයක් සාරධර්ම, මනුෂත්වය තුරන්කර දේශපාලනය කරන අය නිසා අප රට අගාධයකට ගොස් ඇත. මෙහෙම ඉඳගෙනවත් මේ දෙන්නා කතාකරන එක කොයිතරම් අගනේද (නි)
අපේ නිමල් සිරිපාල මැතිතුමා නම් මෙතනත් නිදිද මන්දා. දේශපාලකයෝ යනු අතේ පැලවෙන බොරු කීමෙහි අති දක්ෂයෝය. (නි)
මේ මහින්දගේ හැටි! හැබැයි දේශපාලනේ වෙනයි. එ්ක මිනිස්සු තේරුම්ගත යුතුයි, මෝඩ කතා කියන්නේ නැතුව. (නි)
අර හිනාවෙන්නේ කියන කතාව ඇහිලා නොවෙයි මගෙ හිතේ. ඔය ෆොටෝ එකට වෙන හිනාවක් වෙන්න ඇති. ඉස්කෝලේ යන කාලේ අපි ඔය හිනාවට කීවේ එස්.ආර්. හිනාව කියලා (නි)
දියුණු රටවල නම් පක්ෂ විපක්ෂ දේශපාලකයින් එකට හමු වී කතාබහ කිරීම, විනෝදවීම වැනි දේවල් ප්‍රවෘත්ති නොවේ. මොකද ඔවුන් කරන්නේ ප්‍රතිපත්තිමය දේශපාලනයක් මිස එකිනෙකාට පුද්ගලිකව වෛර කිරීමක් නොවේ (නි)
එක්කෝ ඒගොල්ලෝ එකිනෙකා රවටා ගන්නවා. නැත්නම් දෙගොල්ලොම මහජනයා රවටනවා. (නි)
හැබයි ඉතින් උඩින් මිතුරු යටින් කතුරු නැතිනම් හතුරු. මොනතරම් කුහක ජීවිතද මේවා. මම ඊයේ පෙරේද බලපු ඉංග්‍රීසි චිත්‍රපටයක කියනවා දේශපාලන දියුණුවේ පාර අතුරලා තිබෙන්නේ කුහකකමින්මලු. (බ)
බලනකොට මහජනතාව හැමදාම රැවටිලා (නි)
මේ ඡායාරූප ටික පළකළාට ලංකාදීපයට පින්! (නි)
තේරෙනවනේ. එ්ගොල්ලෝ හරිම යාළුවෝ. අපි තමා ඕවට අහුවෙලා ඇණකොටාගෙන තරහවෙලා ඉන්නේ, දේශපාලනය කතා කරන්න ගිහිල්ලා (නි)
මෛත්‍රී නෝනගේ හිනාව දැක්කම හිතෙන්නේ නම්, රනිල්, මෛත්‍රී නෝනත් එක්ක මහින්ද ගැන කියන දේවල් දන්නා නිසා මේ වෙලාවේ කියන දේ කොච්චරනම් අදාලද කියල වෙන්න ඇති. (බ)