IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


මුතුරාජවෙළ වගුරු පිරිවීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය නඩු මගට

( තිළිණි ද සිල්වා  සහ රංජන් කටුගම්පොළ  )

 

මුතුරාජවෙළ වගුරු ආශ්‍රිත බිම් පෙදෙස් පිරවීම සදහා එම  තෙත්බිමට අපද්‍රව්‍ය දැමීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ,  මුතුරාජවෙළ ඇතුළු පාරිසරික වැදගත්කමකින් යුතු අනෙකුත් තෙත්බිම් ආරක්ෂා කිරීමට ව්‍යවස්ථාමය පියවර ගන්නා ලෙසට  මධ්‍යම පරිසර අධිකාරි , පරිසර අමාත්‍ය මහින්ද අමරවීර , වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා  පාරිසරික යුක්ති කේන්ද්‍රය අභියාචනාධිකරණය හමුවේ අද (26) රිට් පෙත්සමක් ගොනු කරන ලදී.

තවද මෑතකදී පෞද්ගලික සමාගමක් මෙම මුතුරාජවෙළ තෙත්බිමේ අක්කර 50 ක් නීතිවිරෝධී ලෙස පස් පිරවීම සදහා ලබා ගෙන ඇතැයි දැනගන්නට ලැබී ඇතැයි සදහන් කරමින් ගොනු කර ඇති මෙම පෙත්සම පාරිසරික යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් එහි අධ්‍යක්ෂක හේමන්ත රංජිත් සිසිර කුමාර මහතා විසින් ගොනු කරනු ලැබ  ඇත.

මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය , පරිසර අමාත්‍ය මහින්ද අමරවීර , වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී.රත්නායක , වන සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක ජනරාල් චන්දන සූරියබණ්බාර , වනජීවී අධ්‍යක්ෂක ඩබ්ලිව්.ඒ.සී වේරගොඩ , ගොවිජන සේවා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක රෝහණ රාජපක්ෂ , පොලිස්පති සී.ඩී වික්‍රමරත්න , වත්තල , මීගමුව හා ජා ඇළ ප්‍රාදේශීය ලේකම්වරුන් , නීතිපති ඇතුළු 12 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

මුතුරාජවෙළ තෙත් බිම ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි තෙත් බිමකි.මෙම තෙත් බිම සුවීශේෂ ජෛව විවිධත්වයක් සහිත පරිසර පද්ධතියක්ද වේ.ඊට අමතරව සෞන්දර්යාත්මක වටිනාකමකින් යුක්තවේ.

මුතුරාජවෙළ කුඹුරු යාය , ඇළ මාර්ගය සහ වගුරු බිම් වලින් සමන්විත වන අතර අක්කර 635 ක් ප්‍රමාණයක කුඹුරු යායකින් සමන්විත වේ.

තත්ත්වය මෙසේ තිබියදී මෙම වගුරු බිමෙහි නීතිවිරෝධී ආකාරයට පස් යොදා වගුරු බිම ගොඩ කිරීම වසර ගණනාවක සිට සිදුවේ. මෙය මහපරිමාණයෙන් සිදුවන නීතිවිරෝධී ව්‍යාපාරයකි.මේ හේතුවෙන් මෙහි ජලපෝෂක ප්‍රදේශය අහිමිව ගංවතුර තත්ත්වයක් ඇති විය හැක.

තවද මෑතකදී පෞද්ගලික සමාගමක් මෙම තෙත්බිමේ අක්කර 50 ක් නීතිවිරෝධී ලෙස පස් පිරවීමට ලබා ගෙන ඇතැයි දැනගන්නට ලැබී ඇත. මෙම තත්ත්වය දිගටම පැවතුණහොත් මෙම පරිසර පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වීමේ තත්ත්වයක් උදාවේ.

එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , මුතුරාජවෙළ වගුරු ආශ්‍රිත බිම් පෙදෙස් පිරවීම සදහා අපද්‍රව්‍ය දැමීම වළකාලන ලෙසට වගඋත්තරකරුවන්ට එරෙහිව අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා සිටී.

ඊට අමතරව මෙම තෙත්බිම ආරක්ෂා කිරීමය අවශ්‍ය ව්‍යවස්ථාමය පියවර ගැනීමට වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසත් , මෙම තෙත්බිම ඇතුළු අනෙකුත් පාරිසරික වැදගත්කමකින් යුත් තෙත්බිම් අවභාවිතය කිරීම වළක්වාලන පියවර ගැනීමට වගඋත්තරකරුවන්ට නියෝග කරමින් අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කාර පාරිසරික යුක්ති කේන්ද්‍රය සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

 



අදහස් (4)

මුතුරාජවෙළ වගුරු පිරිවීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය නඩු මගට

Demuni Uduwara Tuesday, 26 January 2021 04:36 PM

එය සිදුවිය යුතුයි.

:       1       4

Lanka Tuesday, 26 January 2021 05:05 PM

ගොඩකරන්නේ නැතිව කොහොමද රට ගොඩ ගන්නේ?

:       0       1

විජිත් Tuesday, 26 January 2021 06:08 PM

රටේ අනාගත පරපුරේ වාසනාවට පරිසරයට ආදරේ කරන මිනිස්සු තවමත් අපේ රටේ ජීවත් වෙනවා. චාමිකර, හේමන්ත, රවින්ද්‍ර.. ඔබලාට ගොඩාක් පින්. මම ලංකාවේ හිටියා නම් පරිසරය ආරක්ෂා කරන සටනට ඔයාලත් එක්කම ඉන්නවා. මේ බොරු නොවෙයි. මැරෙනකම්ම ඉන්නවා.

:       0       1

Kamal Koyrala Wednesday, 27 January 2021 06:53 AM

පරිසර යුක්ති කේන්ද්‍රයට අපගේ සහයෝගය සහ අපේ ප්‍රදේශවල දේශපාලකයන්ට මේවාට රිංගලා ඒක දාගන්න දෙන්න එපා. අදත් ඔවුන් ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 1691 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 451 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 586 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට
2024 නොවැම්බර් මස 07 835 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ


මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
2024 නොවැම්බර් මස 07 1693 0

හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි


හිස්බුල්ලා‌ගේ මැතිවරණ කාර්යාලයකට ගල් ගැසූ අයෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 473 1

හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 68 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 445 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1396 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site