1977 දී එක්සත් ජාතික පක්‍ෂ ජයග‍්‍රහණයේ වසර 35ක් සැමැරීමේ උත්සවයක් ගලේවෙල දී අද පැවැත්විණි.
මධ්‍යම පළාත් මන්ත‍්‍රී සංජීව කවිරත්න මහතා විසින් සංවිධානය කැරුණු මේ උත්සවය ”ගජ විරු සැමැරුම” ලෙස නම් කැර තිබිණි. පක්‍ෂ ජයග‍්‍රහණයේ මාතලේ දිසා විරුවන් වන ඇලික් අලූවිහාරේ, ඒ.ඩබ්ලිව්.කේ.එම්. ඒකනායක, පී.බී. ක විරත්න හා ජේ.ටී. විජයරත්න බණ්ඩා මහත්වරුනට එහිදී උපහාර පිදිණි. 1977 දී මාතලෙන් පත් වූ මන්ත‍්‍රීහු ඔවුහුය. ඒ සිවු දෙනාම මිය ගොසිනි. ඔවුන්ගේ නෑයෝ පැමිණ සිටියහ.ඇතැම් සාමාජිකයෝ කිහිලිකරුවලින් ආහ.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝම හොඳ වැඩක් (අ)
මෝඩ වැඩක්........(ස.වි)
මට ඇඩෙනවා අප්පා. (නි)
නියමයි.කාට කාටත් ආදර්ශයක්. (නි)
මාතලේ ගජ විරුවො කියන්නේ කොහොමද? එක්සත් ජාතික පක්ෂයේ ගජ විරුවෝ (ත)
හොඳ වැඩක් ...................(ස.වි)
අප මිනිසුන් ගැන සත්‍ය කතා කල යුතුය. එහෙත් බොහෝ දාමරිකකම් කළ අය බහුතර මිනිසුන් දැන් මිය ගොස් ඇත. ඔවුන් ගැන වර්තමාන පරපුර දන්නේ නැත . මෙවන් සැමරුම් නිසා ඔවුන් ධර්මපාලතුමා වැනි ජාතික විරුවන්ගේ තත්වයට පත්වේ. ඒ නිසා සත්‍ය විකෘති වේ. මෙවැනි සැමරුම් සමහර පනින රිලවුන්ට ඉනිමං තැබීමකි. අප මොන වැරදි වැඩ කලත් ජනතාව අපට සමාව දී අප මිය ගිය පසුද සැමරුම් පවත්වනු ඇති බවට යන හැඟීම ඔවුන්ට පහල වේ. අප මිනිසුන් ගැන සත්‍ය කතා කල විට ඔවුන් වැරදි වැඩ වලට යොමු වීම වැළකේ. (නි)
පරණ ජයග්‍රහන වත් මතක් කරලා සතුටු වෙනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? (නි)
සංජීව, ඔබේ පැතුම් ඉටුවේවා!.(ස.වි)
අලික් අලුවිහාරේ ඇත්තටම වීරයෙක්.....(ස)
පරණ දේවල් මතක් කරනවා ඇරෙන්න වෙන මොන කරන්නද ?ආයේ කවද බලේ ගන්නද (දී)
ඉතාම හොද වැඩක්. (නි)
මේක නම් නියම විහිළුවක්. (නි)
ඇයි අපේ ගෙවල් වලත් හරක් ඉන්නවනේ ඕනේ තරම්..... (නි)