මිනිස් සිරුරු 154 ක කොටස් සහ හිස් කබල් 81 හමුවී ඇති මාතලේ සමූහ මිනී වල පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ජනාධිපති කොමසමක් පත්කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
විවිධ අංශ ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ මේ මිනී වළෙන් හමුවූ පුද්ගලයන් වදදී කපා කොටා මරා දමා ඇතැයි ද එය 88-89 කාලයට අයත්විය හැකියැයි ද පැවසේ. මේ මිනී වළේ තම සාමාජිකයන් ඇතිබව සැකයක් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව ඇත්ත වෙන්න පුළුවන්. එදා රට හැමතැනම සමූහ මිනීවලවල් තිබුනා. (නදී)
එදා මෙහි සිටි හමුදා ලොක්කෝ හිටපු හැම තැනකම මේ වගේ මිනි වලවල් තියනවා .(නදී)
ඕනෑම කෙනෙක් දන්නවා සමුහ මිනී වලක් කියන්නේ අපරාධයක් සිදු වෙච්ච තැනක් කියල. ජනාධිපති කොමසමක් පත් කිරීම විතරක් මදි. ඒක අපක්ෂපාත එකක් වියයුතු අතර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කල යුතුයි. අතීතයේ මේවගේ පත් කල කොමිසන් වාර්තා වලට පමණක් සීමා උනා. බලමු මේ වතාවේ. (නදී)
මාතලේ මිනී වළට ජනපති කොමිසමක්. මෙය විහිළුවක්. තවත් නොවිසඳුණු අපරාධයක් පමණක් වේවි. තමන්ට බලපෑමක් වෙන දෙයක් යට ගැසීමට හොඳම ක්‍රමය.(නදී)
චින්තනේ මාධ්‍ය සංදර්ශන.(නදී)
ඇයි මේකට කොමිසමක්? මෙය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ පොලීසිය විසින් කළ යුතු රාජකාරියක්. මේකට කොමිසමක් පත් කරනව කියන්නෙ ‘ නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත් පට්ටයක් හෙවීම‘ වගේ කතාවක්!(නදී)
හැම දේටම කොමිසන් නම් දානවා ප්‍රතිපල තාම නැත්තේ මොකද ඒකට හේතුව. දේශපාලනය කොහේ කොනක ඉන්නවා.(නදී)
මේක අනවශ්‍ය දෙයක් කියලයි මට නම් හිතෙන්නේ. (නි)
මේ තියෙන්නේ වැඩ කිඩ. ජයවේවා!(නදී)
දැන් මෙන්න මෙහෙමයි ඕක වෙන්නෙ. ජනපති කොමිසම අවුරුදු 5 යි. වියදම රු ලක්‍ෂ 500. නිගමනය - අපරාධයක් සිදු වී ඇත. පොලිසිය වැඩිදුර පරීක්‍ෂාකර වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මේ වන විට වැදගත් සාක්කි වශයෙන් ගත හැකි භාණ්ඩ මෙන්ම බොහොමයක් සාක්කි කරුවන්ද සොයාගත නොහැක. පොලිසිය: සැකයෙන් තොරව ඔප්පු කිරීමට සාක්‍ෂි නොමැති බැවින් මෙය තවදුරටත් පරීක්‍ෂා කළ නොහැක. (නදී)
මේ කුණු කන්ද අවුස්සන්න හැමෝම බයයි. මොකද කාගෙ කාගෙ කිල්ලෝටෙත් හුනු ටික ටික තියෙන නිසා! (ස)