( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ජුනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (02) තීන්දු කළේය.
මෙම පෙත්සම් වල නීතිමය පදනමක් නොමැති බව සඳහන් කරමින් විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලදී.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
දින 10 ක් පුරා පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශ්ව වල කරුණු දැක්වීම් ඊයේ (01) අවසන් කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් විභාගයට අවසර දෙනවාද නැත්ද යන්න පිළිබඳ තීන්දුව මීට ස්වල්ප මොහොතකට පෙර ප්‍රකාශයට පත් කරමින් මෙම තීන්දුව ලබා දෙන ලදී.
නීතීඥ චරිත ගුණරත්න , රාවය හිටපු කර්තෘ සහ ප්‍රවීන මාධ්‍යවේදී විකටර් අයිවන් මහතා ඇතුළු හත් දෙනෙක් , විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු , සමගි ජන බලවේගයේ මහලේකම් හා හිටපු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර , ජාතික හෙළ උරුමයේ නායක හා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක හා හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම යන් මහත්වරුන් ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබිණි.
ජාතික වැදගත්කමින් යුතු පෙත්සම් වන බැවින් මෙම පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන්නැයි පෙත්සම්කාර පාර්ශ්ව කළ ඉල්ලීම සලකා බලමින් මෙම පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට ඉකුත් මැයි 14 වැනිදා අගවිනිසුරුවරයා තීරණය කළේය.
මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම , එහි සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ එන්.ජේ. අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල් , ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර , සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
එසේම ජුනි මස 20 වැනිදා පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් සිය පෙත්සම් වලින් ඉල්ලා තිබිණි.
කොරෝනා රෝග ව්‍යාප්තිය තුළ ජූනි 20 වැනිදා මහමැතිවරණයක් කැඳවා ඇති බව තමන්ට දැන ගන්නට ලැබූ බවය.ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් ඉකුත්දා 2072/3 දරණ අති විශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කරනු ලැබ ඇති බවද පෙත්සම්කරුවෝ සිය පෙත්සම් වලින් කියා සිටිති.
ඉකුත් මාර්තු මස පාර්ලිමේන්තු ව විසුරුවා හැරීමෙන් පසු නව පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් තෝරා ගැනීමට මැතිවරණය අප්‍රේල් මස පැවැත්වීමට නියමිතව තිබූ ණි. එහෙත් කෝවිඩ් වසංගතය පැතිරී ඇති නිසා එදින මැතිවරණ පැවැත්වීමට නොහැකි බව සඳහන් කරමින් මැතිවරණය ලබන ජූනි මස පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් තීරණය කරන ලදී.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ දිනයේ සිට මාස තුනක් තුළ නව පාර්ලිමේන්තුව සඳහා මැතිවරණය පැවැත්විය යුතු අතර එසේ නොකිරීම නීතිවිරෝධී බව කියමින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.
එමගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ද පෙත්සමේ සඳහන් කර තිබේ.
එබැවින් මෙම මැතිවරණය ජූනි මාසයේ පැවැත්වීමට අදාළ ව නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙසද ඉල්ලා තිබිණි.
එසේම මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට එරෙහිව, නියමිත පරිදි මැතිවරණය පවත්වන්නැයි ඉල්ලා පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි , අචාර්ය ගුණදාස අමරසේකර , නීතීඥ ප්‍රේම්නාත් සී.දොළවත්ත , මහාචාර්ය සුදන්ත ලියනගේ , සම්පත් මෙරිඤ්ඤගේ ඇතුළු පිරිසක්ද අතරමැදි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබිණි.
මහ මැතිවරණය ලබන ජුනි 20 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා ගොන කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට එරෙහිව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික විරෝධතාවයන් තුනක් ගොනු කළ අතර එමගින් මෙම පෙත්සම් කාලාවරෝධී බවත් ඇතැම් පෙත්සම් වල අත්‍යවශ්‍ය පාර්ශවකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපති නම් නොකිරීම සහ ඉල්ලා සිටින සහනයන් ප්රදානය කිරීම සදහා පෙත්සම පවත්වාගෙන යා නොහැකි බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සිය මූලික විරෝධතා ඉදිරිපත් කියා සිටියාය.
එසේම පෙත්සම් හි වගඋත්තරකරුවකු වන ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතාද මූලික විරෝධතා දෙකක් ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ කියා සිටියේ මෙම පෙත්සම් කරුණු වසන් කරමින් අධිකරණය හමුවේ ගොනු වී ඇති බවත් , එසේම එම පෙත්සම් නීතියට පටහැනි ලෙස ගොනු කෙරී ඇති බවත්ය .
(ඡායාරූප - ගයාන් අමරසේකර)
කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්
නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල
සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස
ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි දින වකවානු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ(27) සාකච්ඡා කර ඇත.
ජනතා හිතවාදී නව අයි එම් එෆ් වැඩපිළිවෙළකට යන බව පැවසූ වත්මන් රජය ජනවරම විසිකර රනිල් වික්‍රමසිංහගේ අඩිපාරේ යමින් සිටින බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් නිෂ්ප්‍රභ කෙරේ
Deepal Nirosh Tuesday, 02 June 2020 10:02 AM
අයියෝ දැන් අර 99ට මොකද වෙන්නේ...?
බණ්ඩාTuesday, 02 June 2020 10:27 AM
මොනවා වෙන්නද? සමගි බලවේගේ ආසන 80 ක් අරගෙන දෙමල සාන්ධානෙයි , ජෙප්පොයි එක්ක එකතු වෙලා ආණ්ඩුවක් හදයි.
BamunuarachchiTuesday, 02 June 2020 12:08 PM
එ්ක නිශ්ප්‍රභා කරන්නේ රටේ ජනතාව... එතකොට හොඳ කටුකම්බි වැලක් එවන්නම්...
RaveendraTuesday, 02 June 2020 12:25 PM
පක්ෂ, පාට බේදයකින් තොරව කාරුණිකව මධ්‍යස්ථව හිතන්න මෙම දේශපාලුවන් මේ වෙනුවෙන් මිලකළ නොහැකි මිනිස් කාලය මොනතරම් කා දැමුවේද යන්න... රටක් කෙසේ දියුණු වන්නේද... එමගින්ම මනාව පැහැදිලි වෙනවා නොවේද..?
BamunuarachchiTuesday, 02 June 2020 01:46 PM
මෙහෙන් දෙනවා කටුකම්බි වැලක්, අරහෙන් හම්බවෙයි එස්ලෝන් බට කෑල්ලක්.
wasala arachchiTuesday, 02 June 2020 03:41 PM
බමුණුආරච්චි... පහුගිය සති ගණන් ඔබතුමා. ….[අනේ….සමාවන්න..].ඔබ වහන්සේ කොහෙද වැඩවාසය කළේ ? කොමෙන්ට් කෙටුවෙ නැත්තෙ ?.....නඩුවේ තීන්දුව ලැබෙනකල් බලා සිටියද ? සාදු …සාදු….
BamunuarachchiWednesday, 03 June 2020 02:53 PM
වාසල ආරච්චි මහතා නඩු කටයුත්තක් තිබෙන අවස්තාවක ඒ සම්බන්ධව අදහස් ඉදිරිපත් කිරීම වැරදී වගේම ඉදිරිපත් කල අදහස් පල නොවන බව දන්නේ නැද්ද? අනේ අම්මප අපිම මේවා කියල දෙන්න ඕනේ. ඉස්කෝලෙදි ප්රජාචාරය විෂය ඉගෙනගන්න ඔබලාට අවස්තාව නැතිවීමේ පාඩුව දැන් පෙනෙනවාද?
ranil Tuesday, 02 June 2020 10:03 AM
දැන් ඉතින් සමගි ජන බලවේගේ එවුන්ට අපහු මා ළඟට දණගාගෙන එන්න වෙනවා...
සාගලTuesday, 02 June 2020 10:24 AM
රනිල් , ඔයා මගේ ගැනද කිව්වේ?
sajith Tuesday, 02 June 2020 10:07 AM
ජිනීවා වලින් මොනවා හරි කරගන්න බැරිද දන්නේ නෑ...
Thilina Tuesday, 02 June 2020 10:07 AM
රංජන් කළින් නඩු කතා කළා වගේ මේ නඩුවට රංජන්ට මොකුත් කරගන්න බැරි වෙන්න ඇති.. දැන් ඉතින් පුතාණෝ ඇතුළු කණ්ඩායමට කැම්පේන් එක පටන් ගන්න වෙන්නෙම පරාජයකින්... ලොකේ මොන විපක්ෂයද ඡන්දය එපා කියලා උසාවි ගියේ..?
ධම්ම Tuesday, 02 June 2020 10:13 AM
ජයවේවා!
mahesh Tuesday, 02 June 2020 10:16 AM
ඔබට සතුටුද දැන් ?
ලැවොයිසියර් Tuesday, 02 June 2020 10:24 AM
පෙත්සම් විභාගයට අවසර දෙනවාද? නැද්ද? කියලා සලකා බලන්නටම දින 10ක් ගියා නම් විභාගය පවත්වන්නට මාස කීයක් යාවිද? ඇති, ඔයින් බේරුණා..
Champa Tuesday, 02 June 2020 10:44 AM
කොහොමත් වැඩක් නැහැ. මැතිවරණ කොමිසම වේලාසනම උසාවියට කිව්වා ජූනි 20 ඡන්දෙ පවත්තන්නේ නැහැ කියලා. සරල තීන්දුවක් දෙන්න දවස් 10ක් කල් ගත්තේ තීන්දුව ජූනි 2 වෙනිදාම දෙන්න හිතාඋන්නු හින්දා වෙන්න ඇති. අතරමැදි පෙත්සමෙන් ඡන්දෙ තියන්න කියලා ඉල්ලුවට ශ්‍රේෂ්ඨාධිකරණයට මැතිවරණ කොමිසමේ තීරණය වෙනස් කරන්න බැරි බවකුත් මෙතනින් පෙන්වනවා. අන්තෝ ජටා බහි ජටා...!!!
CITIZENTuesday, 02 June 2020 11:16 AM
සම්පූර්ණයෙන්ම එකඟයි. මෙතැන කවුරුත් ජයග්‍රහණයක් ලබා නැහැ. මැතිවරණ කොමිසම ජූනි 20 වැනිදා මැතිවරණය පැවැත්විය නොහැකි බව කල්තියාම දුන්නා. ඇස් පෙනෙන, කන් ඇහෙන අයට එතැනින්ම මෙම පෙත්සම් විභාගයට නොගෙනම විසිවෙන බව අනුමාන කළ හැකිව තිබුණා. ගැටලුව එය නොවෙයි. ජනපතිවරයාගේ ගැසට්ටුව අදින් අවසන් වන නිසා, මෙතැන ඉඳන් මැතිවරණය වෙනකන් රට පාලනය වන්නේ කෙසේද? කියන එක. ඒ සම්බන්ධයෙන් ජනපතිවරයාට ව්‍යවස්ථාවෙන් සැලසී තිබෙන බලතල මොනවාද? එසේ බලතල නැතිනම් කළ හැක්කේ මොනවාද? කියන එක... කණගාටුට, මේ ගැන තවමත් අවධානය යොමුවෙලා නැහැ...
මානවඩුTuesday, 02 June 2020 12:08 PM
ඔබතුමා හොඳට ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව කියවන්න. එතකොට ඔයාට ඔයාගේ ප්රශ්නය ගැන අවබෝධයක් ගන්න පුලුවන්...
මාරයා Tuesday, 02 June 2020 12:39 PM
මෙතන සිට මමයි රට පාලනය කරන්නේ... කට්ටියම පරිස්සමින්...
CITIZENTuesday, 02 June 2020 04:53 PM
මානවඩු මහතා වෙත - ඔබට තිබෙන අවබෝධය අප සමග බෙදාගත්තොත් නරක ද? සමච්චලයට නොවෙයි සැබෑවටමයි අහන්නේ. මෙම ගැටලුව ආරම්භයේ සිටම විපක්ෂය මතුකරපු තර්කය වුනේ මා පැවසූ දෙය. එයට ආණ්ඩු පක්ෂයෙන් සෑම අවස්ථාවකම ලැබුණේ ඇග බේරාගන්නා ආකාරයේ පිළිතුරු. ජනපති ගෝඨාභය මෙ දක්වා ගෙන තිබෙන පියවර ගැන කිසිදු ගැටලුවක් මට නම් නැහැ. නමුත් පුරවැසියෙක් ලෙස කරුණු පැහැදිලි කරගැනීමට මම කැමතියි.
ජගත්Tuesday, 02 June 2020 06:53 PM
මෙතැන් සිට රට පාලනය වන්නේ බලය ඇති අයට අවශ්‍ය විදියටයි. පහුගිය මාස කිහිපයේද වැඩ කෙරුණේ පවත්නා නීතියකට අනුව නොවෙයිනේ. මේකට ව්‍යවස්ථාවක් කොහෙත්ම අදාළ වෙන්නේ නැහැ.
ජගත්Tuesday, 02 June 2020 06:53 PM
මෙතැන් සිට රට පාලනය වන්නේ බලය ඇති අයට අවශ්‍ය විදියටයි. පහුගිය මාස කිහිපයේද වැඩ කෙරුණේ පවත්නා නීතියකට අනුව නොවෙයිනේ. මේකට ව්‍යවස්ථාවක් කොහෙත්ම අදාළ වෙන්නේ නැහැ.
BamunuarachchiTuesday, 02 June 2020 12:22 PM
දැන් ඉතින් අපි ලැහැස්ති වුණු ගමන් ඡන්දෙ තියනවා.
siri Tuesday, 02 June 2020 10:44 AM
"ඉස්සර කාලෙක" අපට ඔය නඩුව නම් අහන්න බැහැ.. " කියලා නඩු විභාගයකින් ඉල්ලා අස් වුණු විනිසුරුවන්ගේ නම් දකින කොට අපිට නම් හිතුනා තීන්දුව මොන වගේ එකක් වෙයිද කියලා" පාරේ යන ගමන් කවුදෝ කියනවා ඇහුණා.
amila Tuesday, 02 June 2020 10:52 AM
පදනමක් නෑ. එයාලා කවද්ද පදනමක් තියන වැඩ කලේ..? හරිනම් පදනමක් නැති නඩු ගෙනැල්ලා අධිකරණයේ වටිනා කාලය නාස්ති කළාට නඩු දාන්න ඕනෑ...
mahel Tuesday, 02 June 2020 10:58 AM
සුමන්තිරන්ගේ ඇඟේ එල්ලිලා ගොඩ යන්න හිටපු සජිත් පිලට හා ජවිපෙට අපගේ බලවත් ශෝකය....
BamunuarachchiTuesday, 02 June 2020 12:10 PM
අපේත් බලවත් ශෝකය! දණිස්සෙන් ඉහළට මිනිය උස්සන්න තහනම්...
දොලේවත්තWednesday, 03 June 2020 10:06 AM
යමක් ප්‍රකාශ කරන්න ඉස්සරලා වෙලා ඒ ගැන හොයලා බලන්න. ජේවීපී එක එහෙම පෙත්සමක් ඉදිරිපත් කළේ නෑ.. වහල්කම මෙතන පෙන්නන්න එපා..
BamunuarachchiThursday, 04 June 2020 05:09 AM
ජේවීපී එක දන්නවා පෙත්සම් ගැසීම් කිරීමෙන් කිසිවක්ම නොලැබෙන වැඩක් කියලා. ඒ නිසයි පෙත්සම් නොගහ සිටියේ.
max Tuesday, 02 June 2020 11:04 AM
ප්රජාතන්ත්රවාදයේ ජයක්... අහෝ පාක්‍යසෝති, අයිවන් වැනි රාජ්‍ය නොවන සංවිධාන සාමාජිකයින්ටත්, පාටලී, වෙල්ගම, මද්දුමබණ්ඩාර වැනි දේශපාලකයින්ටත් වෙච්ච දෙයක්...
සංකල්ප Tuesday, 02 June 2020 11:05 AM
ඔවුන් හැමෝම දන්නවා ඔය පෙත්සම් විසිවෙන බව. කාලය කළමනාකරණය කර ගැන්මට අවශ්‍ය නිසයි.. ඒවා ඉදිරිපත් කරන්නට ඇත්තේ.. ඒත්, සමගි ජනබලවේගය සහ එජාපය එකතු වුනෙත් නැහැනේ...
දර්මසේකර Tuesday, 02 June 2020 11:08 AM
ඊයේ මැකෝගේ කතාවෙන් තේරුණා අද මේ වගේ තීන්දුවක් එයි කියලා...
BamunuarachchiTuesday, 02 June 2020 12:17 PM
මැකෝගේ කතාව මොකක්ද? පෙත්සම කියවපු අපිත් දැනගත්තා තීන්දුව ඕකයි කියලා. පැන්ෂන් ලබන්න හිටපු කට්ටියලු පෙත්සම් කාරයින්ට වියදම් කලේ කියලා කවුද කිව්වා.
rana Tuesday, 02 June 2020 11:12 AM
හරි ඔබ හරි සිරි , ඔය තීන්දුව පෙර තීන්දු වලින් නොවනබව මට කඩේ චීනා කිව්වා.
දොලුකන්ද Tuesday, 02 June 2020 11:16 AM
ජුනි 20 ඡන්දය තිබ්බා හෝ නො තිබ්බා එම දිනය නීත්‍යානුකූල හෝ නීත්‍යානුකූල නොවීම මගින් මේ රටේ සාමාන්‍ය ජනතාවට ලැබෙන වාසි හා අවාසි මොනවාද?
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 02 June 2020 11:24 AM
" මෙම පෙත්සම් කරුණු වසන් කරමින් අධිකරණය හමුවේ ගොනුකොට ඇති බවත්, එම පෙත්සම් නීතියට පටහැණිව ගොනුකොට ඇති බවත්" යනුවෙන් සඳහන් විග්‍රහය දෙස බැලීමේදී පෙනී යනුයේ පැමිණිළි පාර්ශවයේ අතපසුවීම් තිබෙනා බවයි. කරුණු කාරණා හා සාක්ෂි නිසි අයුරින් ඔප්පුකර ගැනීමට පැමිණිලි පාර්ශවයට නොහැකි වූ නිසා සමස්ත ප්‍රතිඵලය මෙසේ වූවායැයි උපකල්පනය කළ හැකිය.
කංජිපානි Tuesday, 02 June 2020 11:26 AM
මගේත් කේන්දරේ බලවා ගත්තොත් හොඳයි වගේ...
නුවන් Tuesday, 02 June 2020 12:17 PM
සිටිසන්ශිප් නඩුව වගේ විපක්ෂයේ ඉන්න කීපදෙනෙක් බෝලෙ උස්සලා දෙනවා.. ආණ්ඩුව ඩෑශ් පාරවල් ගහනවා. මේවා ඇතුළෙන්ම දාපු ඩීල් වෙන්න බැරි නෑ. එහෙව් රටක් මේ...
Bamunuarachchi Tuesday, 02 June 2020 12:20 PM
මටත් ඇහුණා කවුද කියනවා... නිකන් ඉන්නෙපා කොහොම කොහොම හරි.. ගහපල්ලා බන් පෙත්සම් කියලා.
Kamal Tuesday, 02 June 2020 12:34 PM
බමුණා, දන්න දෙයක් කියන්න... කට හින්දා තමයි මාලුවා නහින්නේ...
BamunuarachchiTuesday, 02 June 2020 01:41 PM
කට හින්දා කොරගන්න ගිහිල්ල අද ලැබුනේ තීන්දුව. ගාස්තුවට යටත්කොට තීන්දුව දෙන්න තිබුනේ කාල වරෙල්ලා කියලා.
BamunuarachchiTuesday, 02 June 2020 01:51 PM
කනට ගැහැව්වා වගේ වදිනවා නේද? සිංහල බෞද්ධයින් 75%ක් ඉන්න රටක් නිර්ආගමික කරන්න හදන හැත්තකට බලය දෙන්නේ මොන අමනයින්ද?
BamunuarachchiThursday, 04 June 2020 05:14 AM
හලෝ කමල් කමෙන්ට්ස් බ්ලොක් කරගෙන ඉන්න එපා. ඔයාගේ කමෙන්ට්ස්වලට අපි උත්තර දෙන්නම්...
KoralageThursday, 04 June 2020 05:28 AM
මේ බමුණා... දින 52 හොර ආණ්ඩුව හදපු කාලේ මේ වගේම කත් ඇදලා ඇදලා අන්තිමට හොම්බ බිම ඇනගත්තා. මොනවහරි වරදාන ලැබෙන නිසා තමයි මේ තරම් කහින්නේ... වැරද්දක් නොදකින එකේ හේතුව ඒකයි.
BamunuarachchiThursday, 04 June 2020 01:40 PM
කෝරලගේ, ලබපු ලොකුම වරදානය තමයි නොම්මර එකේ ජාතිවාදියෙක් වන මට අපේ රටට කොටි හැත්ත බුරුත්තම මේ සිංහල බෞද්ධ භූමියෙන් අතුගා සුන්නත්දූලි කර දැමීම. 75 % සිංහල බෞද්ධයින් සිටින මේ රටේ සිංහලයින් සුළුජාතීන් සමග සම කරන්න හදන අය වෙනුවෙන් කතා කරන්න පුලුවන්ද? අවුරුදු 10 උතුර පාලනය ප්රභාකරන්ට දෙන්න හදපු අය වෙනුවෙන් සිංහල ජාතිවාදියෙක් වන මට කතා කරන්න පුලුවන්ද? අපි මේ රජය පත්කර ගත්තේ ලාබෙට කන්න නොවෙයි. සිංහලයින් ලෙස ඔලුව කලින් තියාගෙන ජීවත්වීමට...
Demuni Uduwara Tuesday, 02 June 2020 12:49 PM
අපි නීතියට අවනත විය යුතුයි. පාලකයින්ද නීතිගරුක විය යුතුයි.
චන්දන-ඕස්ට්‍රේලියා Tuesday, 02 June 2020 12:49 PM
මෙතන අදහස් ප්‍රකාශ කර ඇති අය මේ දිනවල පැවැත්විය හැකිද? එවිට මෙම වසංගත තත්වය වැඩිවේද යන්න ගැන නොසිතා දේශපාලන වෛරයකින් පමණක් අදහස් පල කර ඇත.
බද්රානි Tuesday, 02 June 2020 01:40 PM
ආණ්ඩුවේ අධිකරණය නඩු ඇහීමකින් තොරවම තීන්දුවක් දීලා තියනවා. අපි ඉතින් දෙකට නැවෙනවා හැර වෙන මොනවා කරන්නද? වැඩිපුර කතා තරම් දෙයක් නැහැ. කතාවට පමණක් සීමා නොවිය හැකි අවස්තාවක්. කොරෝනා දෙවියන්ට ලංකාව බාරයි!! අවශ්‍යම වෙලාවේ කොරෝනා දෙවියන් අපේ ඡන්ද දායකයින්ට හොඳින් සලකාවි!!! මෙවැනි අවස්ථාවක ජනතාව දැනුවත් කළ (නොකළ), දොස්තර සංගමයටත් අපේ මෙව්වා එක පුදකරමි..!!
samanTuesday, 02 June 2020 02:57 PM
බද්රනිට මතක නැද්ද 2015 - 2019 දකවා රනිල්ලාගේ ආණ්ඩුව කාලෙත් එහෙම කරා. නඩු ගානක් නිකම්ම විසිකරා ඉතින් මේකට විතරක් කෑගහන්න එපා.
බද්රානි Tuesday, 02 June 2020 06:57 PM
අර ලාබෙට දුන්නු කුණු වෙච්ච "සැමන්" කාලද කොහෙද අධිකරණ භූමියේම?
BamunuarachchiThursday, 04 June 2020 01:48 PM
ලාබ සැමන් කාලා භද්‍රානිට මොකද වුණේ..? කවද කාපු සැමන්ද?
BamunuarachchiThursday, 04 June 2020 01:51 PM
සමන්, බද්රානි කවදා කාපු සැමන්ද?
Bamunuarachchi Tuesday, 02 June 2020 01:48 PM
සිංහල බෞද්ධයින් 75%ක් ඉන්න රටක් නිරාගමික කරන්න යන හැත්තක් බලයට පත් කරන්නේ කවුද?
විකුම් Tuesday, 02 June 2020 02:45 PM
විශ්‍රාම වැටුප් සිහිනය, පාර්ලිමේන්තුව නැවත රැස් කර දෙවනුව රජය පරාජය කර, ඉන්පසුව චන්දයකින් තොරව එක දිගටම බලයේ සිටීමේ සිහිනය, වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ගමන නිමා කිරීමේ සිහිනය, එජාපය අල්ලා ගැනීමේ සිහිනය, කොරෝනා වලින් හෝ ගොඩයාමේ සිහිනය ඇතුළු සිහින සියල්ලක්ම නිමාවිය
සනත් ඉතාලිය Tuesday, 02 June 2020 09:47 PM
සිහින සතක් දුටුවෙමි දින 10ක් එක විලසින්...
BamunuarachchiWednesday, 03 June 2020 02:59 PM
අපි නම් පලවෙනි සිහිනය විග්රහ කරලා වෙනදේ දැනගත්තා.
tikiri Tuesday, 02 June 2020 03:29 PM
මෙම නඩු වලට පෙනී සිටි ජනාධිපති නීතිඥයන්ට ප්‍රාදේශීය සභා නීතිඥයන් වශයෙන් උසස්වීම් දිය යුතුයි . මොවුන් මාධ්‍යයෙන් ප්‍රචාරය කල මෝඩ තර්ක ගැන දැන් මොනවද දන්නේ නැහැ කියන්නේ ?
Asanga Tuesday, 02 June 2020 05:19 PM
මෙතන සමහරුන්ගේ කමෙන්ට්ස් දැක්කාම හිනායනවා.
Lelwala Wednesday, 03 June 2020 12:59 AM
මේ වැරදි දෙයක් කියන කෙනෙක් ඇත්නම් රටට ජාතියට ආදරයක් නැති කොටසක්. කොහේ හෝ වෙනත් රටක සම්භවයක් ඇති ලංකාවේ ජීවත් වන ජන කොටස් කරුවෙක්.
Rasi Wednesday, 03 June 2020 01:15 AM
මේ රටේ විපක්ෂය සමහර පක්ෂ හිතන ඉන්නේ, සියලුම ව්‍යවස්ථා කාරනා දන්නේ සුමන්තිරන් කියලා.
ධනා Wednesday, 03 June 2020 05:21 AM
ඇයි මේ ෆොටෝ වල ඉන්න අය දුකෙන් වගේ? පාස්කු ප්‍රහාරය දවසේ වගේ මීඩියා ඉස්සරහා හිනා වෙවී එන්නකෝ..
Rata Perata Wednesday, 03 June 2020 06:33 AM
දුෂිත පාලකයන් සිටින දූෂිත අධිකරණයකින් මීට වැඩිය බලාපොරොත්තු වෙන්නේ මොනවද? පොඩි දැනුමක් හරි තියෙනවා නම් හිතලා බලන්න මෙයාලා රජයට අවාසි කිසිම තීන්දුවක් දෙයිද කියලා... අනිත් එක හදිසියේ, නියම කාලෙටත් කලින් ඡන්ද තියන්නේ අපිට තියෙන ආදරේටද..? සමහර බයියලාට ඉතින් මේවා නියම සංදර්ශන..
BamunuarachchiThursday, 04 June 2020 12:50 AM
ඇයි හලෝ ඔය අධිකරණ විනිසුරුවන් අග විනිසුරු පත් කලේ ඔහෙලගේ යහ පාලනයනේ... ඒ කාලෙනම් විනිසුරුවන් ප්‍රොමෝෂන් බලාගෙන තුට්ටුදෙකේ දේශපාලකයින්ගේ අභිප්රායයන් ඉෂ්ටකල බව ප්‍රසිද්ධයි. නමුත් දැන් ඒකාලේ ගිහිල්ලා හලෝ.. මේ නඩුවට කතාකලේ රටේ උගත් නීතිඥවරු ඔබ වගේ ආවට ගියාට අකුරු කොටන අය නොවෙයි.
Rata PerataThursday, 04 June 2020 06:40 AM
ගිහින් මොලේ පරීක්ෂා කරගන්න. නුගත් වගේ හැම මගුලටම එක්කෙනෙක් ගැන, එක පක්ෂයක් ගැන මැරෙන්න හදන්නේ නැතුව..... තමුන් වගේ බයියෝ නෙමෙයි හැමෝම, මොලයක්, උගත්කමක් තියෙනවා හරි, වැරදි දෙකම දකින්න.
BamunuarachchiThursday, 04 June 2020 01:45 PM
මේ රටේ නූගත් බයියන් ඉන්නේ ඔබත් ඇතුළුව ලක්ෂ 58යි උගත් බයියන් ඉන්නවා.. මමත් ඇතුළුව ලක්ෂ 69 ක් තේරුණාද? ඔබට කෙලින් කියන්න තරම් ආත්ම ශක්තියක් නැති වුණාට අපි දන්නවා ඔබ මොන බයියෙක්ද කියලා...?
sirimal Wednesday, 03 June 2020 07:14 AM
ඔය නීති විශාරදයෝ 19 සංශෝධනයේ ඇති වගන්ති වලට අනුව එක එක ප්‍රති විරුද්ධ අදහස් ජන මාධ්‍යයේ ප්‍රකාශ කළා. දැන්වත් ඔය සංශෝධනයේ නිවැරදි කරුණු අපිට දැනගන්න බැරිද? ඒ ලියැවිල්ල නිර්මාණය කළ අයවත් ඕක හරියට කියවලා නැතිද?
BamunuarachchiWednesday, 03 June 2020 02:56 PM
උසාවි පරිශ්‍රයේ නීති පොත් විකුනන්න තිබෙනවා අන්තර්ජාලයේ ව්‍යවස්ථාව ගැන තිබෙනවා කියවන්න. "කියවීම නියම මිනිසෙකු කරයි". ඒ වගේම හරියට හිතන්න
Akila Viraj Wednesday, 03 June 2020 08:32 AM
සමගි ජන බලවේගේ මුහුණු ටික දැක්කද?
athula Wednesday, 03 June 2020 08:54 AM
මේ කමෙන්ට්ස් දකින කොට තක්කඩි පාලකයින් කොතරම් සතුටුවෙයිද...? ඔවුන් මේ තරම් අගාධයට රට පත් කරලත් තවම ඒ දෙගොල්ලන් වෙනුවෙන් කොයිතරම් බත් කන හරක් ඉන්නවද?
BamunuarachchiWednesday, 03 June 2020 02:57 PM
ඒ දෙගොල්ලන් වෙනුවෙන් කොයිතරම් අය ඉන්නවද? ඔබත් එකතු වුණාම එක්කෙනෙක් එගොඩට වැඩිවෙනවා.
Kamal Koyrala Wednesday, 03 June 2020 09:14 AM
අම්මෝ අද පත්තරේ ෆුල් කමෙන්ටුවක්.. නිකම් කෝවිඩ් රටින්ම තුරන් වුණා වගේ... දැක්කනේ සමාජ දුරස්ථ භාවය...