අයි. පී. එල්. තරගාවලියේ 56 වැනි තරගය ලෙස පූනේ වොරියර්ස් පිල සහ කොල්කටා නයිට්රයිඩර්ස් පිල අතර අද (9 වැනිදා) පැවති තරගයේදී පූනේ වොරියර්ස් පිල පරදවා ලකුණු 46 ක පහසු ජයක් ලබාගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් පිල සමත්විය.
පන්දු 44 කින් වාර්තාවූ කොල්කටා පිලේ නායක ගෞතම් ගම්භීර්ගේ අර්ධ ශතකයට හතරේ පහර 6 ක් ඇතුළත්විය.
ඇන්ජලෝ මැතිව්ස් හයේ පහර 4 ක් සමගින් පන්දු 28 කදී ලකුණු 40 ක් රැස්කළ අතර ඕවර 4 ක් යවා ලකුණු 31 ක් දෙමින් කඩුලූ දවාගැනීමට අසමත්විය.
කොල්කටා නයිට්රයිඩර්ස් පිල ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 152
(මන්වින්දර් බිස්ලා 12, ගෞතම් ගම්භීර් 50, ඉයන් මොර්ගන් 15, රයන් ඩොස්කේට් 31, මනෝජ් තිවාරි 15, රජත් භාතියා 13, බුවනේෂ්වර් කුමාර් 25/3, මිචෙල් මාර්ෂ් 7/2)
පූනේ වොරියර්ස් පිල ඕවර 19.3 කදී සියලූදෙනා දැවී 106
(රොබින් උක්තාපා 31, ඇන්ජලෝ මැතිව්ස් 40, ලක්ෂ්මිපති බලාජි 19/3, සුනිල් නරේන් 12/2, ඉක්බාල් අබ්දුල්ලා 26/2, ජැක් කලිස් 27/2)
(*)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවුස්ගේ විතරක් නෙමේ , අපේ ගිය 11 දෙනාගේම වෑයම අපතේ.ලබන සැරේ අපේ අයට තැනක් නැහැ. (නි)
"මැතිව්ස්ගේ වෑයම"... අපිට කියවන්නත් ලැජ්ජයි. මේ 11 දෙනාම මුදල් වලට අපේ රටේ ක්‍රිකට් පාවලා දුන්නා. දැන් මේ අයගේ මනස හදන්න අපි කොපමණ මහන්සි වෙන්න ඕනෑද? (නි)
ඔහොම වෙලා මදි. අපේ රටේ නම කෑව සල්ලි පස්සේ ගිහින්. රට වෙනුවෙන් තරග කරලා පැරදිලා ආවත් අපි පිළිගන්න ලෑස්තියි. කවදාවත් ඔබලාට වීරයෝ වෙන්න බෑ දැන්නම් මිනිස්සුන්ගේ හදවත් තුල.(නදී)
යොහාන් හරි, ඒත් මේ අයගේ මනස හදන්න අපිට තියා කාටවත් බැහැ. රට ගැන ආදරයක්,හැගීමක් බලෙන් දෙන්න බැහැ. මෙයාලා මුදලට තම ආත්මයම පාවා දීලා ඉවරයි. අපි හිතාගෙන හිටියේ දේශපාලකයො විතරයි එහෙම කියලා. ඒත් දැන් දෙගොල්ලම එකයි. (නි)
අපි හැම තිස්සෙම මෙයාලට බනින එක වැරදියි. සෙල්ලම් කරන්න පුළුවන් අවුරුදු 35-40 වෙනකන් විතරයි. අද හැමදේටම මුදල් අවශ්‍යයි. එයාලටත් පෟද්ගලික ජීවිතයක් තියෙනවා. පුළුවන් කාලේ පමණයි මේ සේරම.(නදී)
හේමක , සෙල්ලම් කරන්න පුළුවන් අවුරුදු 40 ත් වෙනකම් වුනාට මෙයාලා මැරෙනකම් ක්‍රිකට් වලින් තමයි සල්ලි හොයන්නේ. දැන් බලන්න ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න අය.(නදී)
අපි පිතිකරුවන් දේශපාලකයන්ගෙන් වෙන් කරලා තියමු නැද්ද මදුරංග? නැත්නම් අපිට පිතිකරුවන් රටට කරපු සේවය අමතක වේවි.(නදී)
මෙයාලා ගියේ නැත්නම් ගෙවල් දොරවල් උකස් කරලා හරි එයාලගේ එකගතා ගිවිසුම් වලට ගෙවන්න වෙනවා.එයාලා ගැනත් හිතන්න. (නි)
හේමක දැන් මොකද කියන්නේ.(නදී)
කුනු බිත්තර සූදානම්.(නදී)
තමන්ගේ හිතට එකගව කියන්න බලන්න මේ අදහස් දාන කෙනෙකුට මේ අවස්ථාව ලැබුණොත් අයි.පී.එල්. යනවද නැද්ද කියලා (නි)
ඔව් එක හරි මම කියන්නේ නැ මෙයාල 100% හරි කියලා. දැන් බලන්න දොස්තර මහත්වරු ලංකාවේ මුදලින් ඉගෙනගෙන පුද්ගලික සේවාවන් ලබාදෙනවා. ඊට පස්සේ පිටරටවල ගිහින් ජීවත් වෙන්නේ. මෙහෙම ප්‍රතිචාර දක්වන ඔයාලටත් ඔයාල කරන දෙයට අමතරව මුදලක් හම්බුවෙනවනම් අකමැතිද?(නදී)
කපිල ඔයාට අවස්ථාවක් ලැබුනොත් යනවද නැද්ද කියන්න. හැමෝටම මේ වගේ අවස්ථාවල් ලැබෙන්නේ නැ ජීවතෙට. ලැබුන අයට ඉරිසියා කරන්න එපා.(නදී)