රාජගිරියේ පාර්ලිමේන්තු හන්දියට හැරෙන වට රවුම අසල දැඩි මාර්ග තදබදයක් පවතී.
දෝෂාභියෝගයට පක්ෂ පිරිසක් එහිද රැස්ව සිටිති. ලංගම බස් රැසක් ඒ අසළ නවතා ඇත.
මේ අතර දෝෂාභියෝග විවාදය නිසා මහජන ගැලරියට ඇතුළු වීම සීමා කැර ඇත.
2013 ජනවාරි මස 10 12:15:47 ( රොමේෂ් ධනුෂ්ක සිල්වා , දසුන් රාජපක්ෂ, ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ )
නීතීඥවරුන් සමග අරලියගහ මන්දිරය දෙසට යෑමට පොලීසියෙන් ඉඩ නොලැබුණු හෙයින් වැස්සේ කුඩ ද ඉහලාගෙන දේශපාලන පක්ෂ නායකයෝ පාර මැද රැස්වීමක් පවත්වන්නට වූහ. වැඩිපුර
නීතීඥ පාගමන කොටුවේ හිටී
ජල ප්‍රහාරක රථ/ කඳුළුගෑස් සූදානමින්
කොළඹ කොටුවේ හිල්ටන් හෝටලය අසළින් අධි ආරක්ෂක කලාපයට ඇතුළු වන නොහැකි වන සේ 3000ක පමණ සන්නද්ධ හමුදා හා පොලිස් බලෑණි කැඳවනු ලැබ සිටියි.
ජල ප්‍රහාරක රථ, කැරළි මර්දන හමුදා, කඳුළු ගෑස් බලෑණි ද ඒ අතර වේ.
තද වැසි නොතකා නීතීඥවරු ඇතුළු 3000කට වැඩි පිරිසක් යකඩ වැට කඩාගෙන යන්නට කිහිපවරක් තැත් කරත් පොලීසිය හා හමුදාව ඊට ඉඩ දුන්නේ නැත.
නීතීඥවරු අරලියගහ මැදුර දෙසට?
2013 ජනවාරි මස 10 11:22:55 | දසුන් රාජපක්ෂ
නීතීඥවරුන්ගේ පෙළපාලිය පෙරවරු 11.30 වන විට හිල්ටන් හෝටල පාරෙන් අධි ආරක්ෂක කලාපයට ඇතුළු වීමට නියමිතය සිටියහ.
අරලියගහ මන්දිරයට ගොස් ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සන්දේශයක් බාර දී දෝෂාභියෝග යෝජනාව ඉවත් කරගන්නැයි ඉල්ලා සිටීම ඔවුන්ගේ අරමුණ වී ඇත.
අලුත්කඩෙන් පෙළපාලි දෙකක්
පොද වැසි මැද වීදි බසිති
2013 ජනවාරි මස 10 11:12:20 | .
පැය කිහිපයක අවහිර නිසා පමාවූ නීතීඥ පෙළපාලිය දහවල් 11.15 වන විට පිටකොටුව බෝගහ අසළට ළඟා විය. දෝෂාභියෝගය හකුළා ගන්නැයි ඉල්ලන පෙළපාලියේ නීතීඥවරු දෙදහසක් පමණ පොද වැසි මධ්‍යයේ ගමන් ගනී.
කොළඹ මුළු පරිසරයම වැහිබර සීතල කාලගුණයක් පවතියි.
මේ අතර අගවිනිසුරුවරිය ඉවත්වියයුතු යැයි දෝෂාභියෝගයට පක්ෂව වෘත්තීය සමිති හා ජන සංවිධානය පෙළපාලිය ද අලුත්කඩේ සිට පිටකොටුව දෙසට ගමන් ඇරැඹීය. පිටකොටුව ස්වයරැකියා නියෝජිතයංගේ සංගමයේ සභාපති මහින්ද කහඳගම මහතාගේ ඊට නායකත්වය දුන්හ.
ඇමෙරිකාව දැඩි කණස්සල්ල පළකරයි
2013 ජනවාරි මස 10 11:03:02 | තරිඳු ජයවර්ධන
අගවිනිසුරුවරියට එරෙහි බරපතල කණස්සල්ල පළකරන ඇමෙරිකාව අධිකරණයට එල්ලකරන දැඩි පීඩනයෙන් බරපතල ප්‍රශ්න මතුවන බව ද පවසයි.
අලුත්කඩේ පිවිසුම් මාර්ග අවහිර කරති
නීතීඥ පෙළපාළියට දිගටම අවහිර
2013 ජනවාරි මස 10 10:58:03 ( තිළිණි ද සිල්වා , දසුන් රාජපක්ෂ )
අලුක්ඩේට පිවිසෙන සියලුම මාර්ග අද උදේ 10 පමණ සිට මුලිමණින්ම අවහිර වී තිබිණි. දෝෂාභියෝගයට පක්ෂ හා විපක්ෂ පිරිස් කෑකෝ ගසමින් පාරේද අවට ද රැස්ව සිටිති. දෝෂාභියේගියෝගයට එරෙහිව අලුත්කඩේ සිට පාර්ලිමේන්තුව කරා යාමට නීතීඥවරු උත්සාහ කළහ.
නීතීඥ පෙළපාලියට ඉඩ දෙන්නැයි එක්සත් ජාතිත පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහත්වරු දේෂාභියෝගයට පක්ෂ පිරිසෙන් ඉල්ලා සිටියහ.
එහි ප්‍රතිඵලය වූයේ දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුවක් පමණි.
අලුත්කඩේ පිරිසකට පොලු පහර
2013 ජනවාරි මස 10 10:33:20 | පාරුක් තාජුඞීන්
දෝෂාභියෝගයට පක්ෂව අලුත්කඩේට පැමිණි පිරිසක් දෝෂාභියෝගයට විපක්ෂව සිටි පිරිසකට පොලුවලින් පහර දුන්හ.
පොලුපහර වදිද්දී ඇතැමෙක් දිවූහ.
තුවාලකරුවන් ගැන ක්ෂණිකව විස්තර නොලැබිණි.
යුද හමුදා කමාන්ඩෝර් බලකාය අලුත් කඩේට පැමිණ සිටිති.
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිත්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, දොස්තර ජයලත් ජයවර්ධන හා ජනාධිපති උපදේශකයකුවූ හේමකුමාර නානායක්කාර මහත්වරු ද පැමිණ සිටි පිරිස අතර වූහ.
දෝෂාභියෝගයට පක්ෂ විපක්ෂ දෙපැත්තක් අලුත්කඩේ
2013 ජනවාරි මස 10 10:30:26 | දසුන් රාජපක්ෂ , රොමේෂ් ධනුෂ්ක සිල්වා
දෝෂාභියෝගයට පක්ෂව පෙළපාලිවලින් ආ පිරිස් අත දෙකේ දෙකේ පොළුවල බැඳි විරෝධතා පුවරු දක්නට ලැබිණි.
ඔවුහු අගවිනිසුරුවරියට එරෙහිව සටන් පාඨ කීහ.
විටක හූ තැබූහ. විටක කෑකෝ ගැසූහ.
එස් ටී එෆ් පොලිස් කැරළිමර්දන හමුදා හා පොලීසිය ආරක්ෂාවට කැඳවා ඇත.
දෝෂාභියෝගයට එරෙහි නීතීඥවරු ඇතුළු පිරිසක් අධිකරණ භූමියේ රැඳී සිටිති.
දෝෂාභියෝගයට පක්ෂ පිරිස්වලින් අලුත්කඩේ පිරෙයි
2013 ජනවාරි මස 10 10:24:13 | රොමේෂ් ධනුෂ්ක සිල්වා
පාර්ලිමේන්තුවේ පැවැත්වෙන දෝෂාභියෝග විවාදයට පක්ෂව දහස් ගණනක සෙනඟක් අලුත්කඩේ උසාවි භූමියට අද උදේ සිට රැස්වෙමින් සිටිති.
රණසිංහ ප්‍රේමදාස පිළිරුව අසළ පෙදෙස ඔවුන්ගෙන් පිරී ගොසිනි.
දෝෂාභියෝගයට එරෙහිව අලුත් කඩේ නීතීඥවරුන් ද විරෝධතා පෙළපාලියක් පවත්වන බව කළින් ප්‍රකාශ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩුයි, නඩුයි ,වාර්තායි, තීන්දුයි, තීරණයි, යෝජනායි, පෙළපාලියි ඔක්කොම හාමුරුවන්ගෙද? (නි)
පාර්ලිමේන්තුව උත්තරීතර වෙන්නෙ ඒකෙ සාමාජිකයනුත් උත්තරීතර ලෙස කතාකරනවානම් විතරයි..!(නු)
බස්වලින් ඇවිල්ලා ඉන්න පිරිස ඇවිල්ලා ඉන්නෙ අධිකරණයේ ස්වාධීනත්වයටද? පර්ලිමේන්තුවේ ස්වාධීනත්වයටද(නු)
යුද්දෙ ඉවර උන ගමන්ම අපි අපි ගහගන්නවා..!(නු)
ඊයෙ පෙලපාලියට ආපු අය අදත් ඇවිල්ල කියන්නෙ ඇත්තද?(නු)
අනේ රටේ අධ්‍යාපනය ,සෞඛ්‍යය. ආර්ථිකය ගැටළු ඇතිවෙද්ද නැති කට්ටිය බසුත් අරගෙන ඇවිත්(නු)
අපේ ගෙවල් පැත්තෙ යන්න බස් එකක් නැහැනේ. මොකද මන්දා? (නි)
පාර්ලිමේන්තුවෙ විවාද කරන්න ඕනෑ හදිසි ආපදා තත්ත්වය ගැන. ඒත් ඊට වඩා ලොකු වෙ දේවල්නේ. (නි)
ලංගම බස් රැසක් ඒ අසළ නවතා ඇත??? ඒ මොකෝ? (නි)
ඕකනේ කියන්නේ (දී)
සමහරුන්ට මේ වචනය ලියාගන්වත් බැරුව ඇති. සමහරු දෝෂාභියෝගය කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැතුව ඇති (ස)
මහජනතාව දන්නවා පාර්ලිමේන්තුව උත්තරීතරයි..!(නු)
ඔව්. එහෙම වෙන්න ඕනෑ තමයි. (නි)
අනේ මන්දා මොනවා වෙනවාද කියලා (දී)
තමන් ගේ වාසිය වැඩකරන්න මෙච්චර මිනිස්සු පිරිසක් ඉන්න එක ගැන මම රටක් විදිහ ට හුගාක් කනගාටු වෙනවා.(නු)
සී.ටී.බී. එකෙන් බස් තියෙන්නේ ඇයි මෙතන..!(නු)
දැං මේ කෑ ගහන අය දන්නවාද ඇයි මේ ඇවිල්ල තියෙන්නෙ වත් කියලා.!(නු)
මමනම් හිතන්නේ මේව මෙහෙම වෙන්න ඕන අපට එතකොට පුලුවන් ඉක්මනට නිවන් දකින්න (ස)
අද විතරයි...හෙට ඕවා කාටවත් මතක නැහැ... (ස)
දෝෂාභියෝගයට පක්ෂ පිරිසක් එහිද රැස්ව සිටිති. ලංගම බස් රැසක් ඒ අසළ නවතා ඇත. (නු)