පසුගිය සෙනසුරාදා ඉතාලියේ එමිල්ලියා රොමඤ්ඤා සිදු වූ භූමිකම්පාවෙන් මෝදෙනා සන් ෆෙලිචේ නගරයේ ශ්‍රී ලාංකික තිස්දෙනෙක් විපතට පත්වූහ. එම පිරිසට අවශ්‍ය ආහාර සහ අනෙකුත් ද්‍රව්‍ය රැගෙන මෛත්‍රී විහාරාධිපති මෙදේරිපිටියේ විමලරතන හිමියෝ ද දායකයෝ පිරිසක් ද එම ප්‍රදේශයට ගියහ.
මෙම පිරිසට තවත් මසක පමණ කාලයක් එහි සිටීමට සිදු වෙතියි කියති. දරුවන්ගේ ආහාර, ඇඳුම් ආදිය ඔවුන්ගේ අවශ්‍යතා අතර වෙයි. අවශ්‍ය තොරතුරු 059783047 3285365382 දුරකථන අංකවලින් දැනගත හැකි බව කරුණාවෙන් සලකන්න.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ලාංකිකයින් වශයෙන් මොවුන්ට උපරිමයෙන් උදවු කළ යුතුයි
අපේ අය ගැන දුකයි.අපේ අය කරදරයට පත් වූවන්ට උදවුවට එන හොද කෙනෙක්
මේ වගේ ස්වාභාවික විපතක් වුනාම මොන රටෙන්ද ආවේ කියලා හොයලා වෙන වෙනම පහසුකම් සපයන රටක් නෙමෙයි මේ. කවුරු කවුරුත් තම තමන්ට හැකි විදියට අනෙකා වෙනුවෙන් යමක් කරන්න උත්සාහ කරනවා. ලංකාවේ මිනිසුන් ඒ මිනිසුන් වෙනුවෙන් උදව් කරනවා නම් ඒකත් සතුටක්. ඒත් මට හෝ තවත් බොහෝ අයට නම් මේ ඔක්කොම මේ ඩිසාස්ටර් එකක් හින්දා අසරණ වෙච්ච මිනිස්සු මිසක් ලංකාවෙන්ද, හම මොන පාටයිද කියලා වැඩක් නෑ.
ඉතාලියේ ඉන්න අයත් ලංකාවට එයිද දන්නේ නැහැ..ඇයි අපේ රට තාමත් ස්වභාවික උවදුරු අඩු රටක් නේ.ඉදිරියට ඉතිං මොනව වෙයිද කියන්න බෑ.
සැලකිල්ලට ගත යුතුයි.ඒ අය අසරණ වෙලා මිසක් අනාත වෙලා කියා නොකියන්න.උදව් උපකාර කරන එක ඉතා වටිනවා,ඒත් ගෙනිච්ච ඒවායේ තියෙන දත් බුරුසුව,දත් බෙහෙත් එක,ෂ්ම්පු එක එහෙම ටී වී එකේ පෙන්නන කොට හරි දුකයි.පොදුවේ ආදාර ගෙනිච්චා කීවාම මදිද?උපකාර කිරීමේදී කිසි තරගයක් වාසියක් ලබා නොගන්නේනම් ඉතා අගය කරමි. දැනුත් පොලව හෙලවුනා තදින්, මොනවා කරන්නද . ඕක තමයි මෙහේ තත්ත්වය.
උපන් බිමට ණය ගෙවාගන්න ඔබතුමාට පුඵවන් වෙයි...