IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


මුදල් අමාත්‍යංශයට හිරිකිතක් නැතිලු

රවී කරුණානායක මුදල් අමාත්‍යවරයාත් මුදල් අමාත්‍යාංශයත් දුම්කොළ සමාගම් වෙනුවෙන් පෙනී සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා අද (29) ප්‍රකාශ කළේය.

ජනාධිපති අරමුදලට මුදල් දෙන්නැයි හිරිකිතයකින් තොරව  මුදල් අමාත්‍යවරයා දුම්කොළ සමාගම්වලින් අයවැය යෝජනාවක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටින බව ද වෛද්‍ය සොයිසා මහතා  කීවේය.

“ සෞඛ්‍යයට වියදම් කරන්න මුදල් නැතැයි මේ ආණ්ඩුව කියනවා. ජනාධිපති අරමුදලට දෙන්න සල්ලි නැහැයි මුදල් ඇමතිවරයා කියනවා. දුම්කොළ සමාගම්වලින් සල්ලි අරගෙන දුම්කොළ නැවැත්වීමේ වැඩපිළිවෙළ කරගෙන යන බව මුදල් ඇමතිවරයා කියනවා. දුම්කොළ සමාගම් රුපියල් මිලියන පන්සියයක් දෙන්න කැමති බව කියනවා.

දුම්කොළ සමාගම්වලට බද්දක් පැනවීමට ගිය අවස්ථාවේ මුදල් අමාත්‍යාංශය ඊට විරුද්ධ වුණා. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැහැදිලිව ඒ බව කියා සිටියා. මුදල් අමාත්‍යාංශය ලැජ්ජාවකින් තොරව බද්ද පැනවීමට විරුද්ධව පෙනී සිටියා.

රවී කරුණානායක මහතා මුදල් අමාත්‍යධුරය දරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ. එවැනි තත්ත්වයක ජනාධිපතිවරයාට මුදල් අමාත්‍යවරයා මුදල් වෙන් කරන්නේ එහෙමයි.”  



අදහස් (0)

මුදල් අමාත්‍යංශයට හිරිකිතක් නැතිලු

නිමාලි Wednesday, 30 November 2016 05:19 AM

සුසිල්, ප්‍රදීප්, පෞද්ගලික අංශයේ පමණක් සේවය කරන වෛද්‍යවරයෙක් හෝ ඉහළ නිලධාරියෙක් රුපියල් ලක්ෂ 2 ක් සඳහා ගෙවන බද්ද රුපියල් 6,000/- යි. එ්ත් රජයේ වෛද්‍ය වරයෙක්, ඉහළ නිලධාරියෙක් හෝ ගුරුවරයෙක් රජයේ ආදායම හා පුද්ගලික සේවයේ ආදායම යන දෙකෙන්ම ලක්ෂ 2ක් ලැබුවොත් බද්ද රුපියල් 20,000/-. ඉතින් ඒක සාධාරණද? (බ)

:       0       0

උපුල් Wednesday, 30 November 2016 06:39 AM

නිරුවත් වානරයන්ට සභ්‍යත්වය කතා කළ හැකිද ? (බ)

:       0       0

රෝහිත Wednesday, 30 November 2016 08:05 AM

ඔබතුමා වෛද්‍ය රැකියාවෙන් අස්වෙලා දේශපාලනය කරනවානම් හොඳයි මොකද ඔබ කතාකළ යුත්තේ ඔබගේ සේවා ගැටළු ගැන මිස රජයේ අය වැය පිළිබඳව නොවේ. (බ)

:       0       0

ජනහිත Tuesday, 29 November 2016 06:44 PM

කොහොමටත් දැන් මහජනතාවටත් ගානක් නැති බව දන්නේ නැද්ද. (නි)

:       0       0

අසෝකා Tuesday, 29 November 2016 07:37 PM

සෞඛ්‍යය අමාත්‍යංශයට සල්ලි වෙන්කරලා කොහොමද. මන්ත්‍රීවරුන්ගේ පඩි වැඩි කරන්න. ලංකාවම කියන්නේ දියවන්නාවේ කට්ටිය විතරයි කියලයි මේ අය හිතාගෙන ඉන්නේ. (නි)

:       0       0

ඉසුරු Wednesday, 30 November 2016 09:58 AM

දොස්තරලට බැනලා ප්‍රශ්න විසඳන්න බැහැ. සෞඛ්‍ය ඇමතිට මහජන මුදලින් කාර් ගන්න පුළුවන්, නෞකාවන් ගන්න පුළුවන්, නමුත් ඒවාට බනින කෙනෙක් නැහැ. මෙතන මීහරක් රැල වගේ මෝඩ අදහස් දාගෙන එකිනෙකාට බැණ ගන්නවා. නියම ප්‍රශ්නය, එනම් දූෂිත දේශපාලුවෝ, අමතක කරගන්නවා. (බ)

:       0       0

චන්ද්‍රිකා Tuesday, 29 November 2016 10:14 PM

මේ පාර ආණ්ඩුවට වැරදුනොත් වරදින්නේ ඔන්න ඔය කියන මුදල් ඇමතිතුමා නිසා තමයි..... (නි)

:       0       0

අලුගොල්ල Tuesday, 29 November 2016 11:05 PM

සමහරු නිතරම බලන්නේ තනතුරෙන් බැබළෙන්නටය. අද සිදුවන්නේ එවැනි බැබළීමකි. ජනතාව රූපවාහිනී ප්‍රවෘත්ති පවා බලන්නේ අරඹා ටික වෙලාවක් ගිය පසුවය. (නි)

:       0       0

සුසිල් Wednesday, 30 November 2016 12:09 AM

මේ අය හරිම දක්ෂයි. මේගොල්ලො කැමති නැහැ චැනල් ආදායමට බදු අය කරනවට. ඒ අය කියන්නෙ චැනල් කරන්නෙ ලැබෙන පඩිය මදි නිසාලු. ඒ නිසා මේ දෙන්නෙකුටම දෙන්න මුදල් ඇමතිකමයි, නි‍යොජ්‍ය ඇමතිකමයි. (නි)

:       0       0

හෆීල් Wednesday, 30 November 2016 12:42 AM

රවි ඇමතිතුමාලට හිරිකිතක් තියනවා නම් දුප්පත් ජනයාට මෙතරම් විශාල බදු පටවනවද. මෙහෙම බදු පටවමින් ආදායම් හොයනවා නම්, රජයක් හෝ ඇමැති කෙනෙක් හෝ අවශ්‍ය නැහැ. සාමාන්‍ය මිනිහාටත් පුළුවන්. (නි)

:       0       0

ජයන්ත Wednesday, 30 November 2016 12:56 AM

ඒ ගොල්ලෝ හැමෝගෙම ඔය ලැජ්ජා සහ හිරිකිත නහර කපලා තියෙන්නේ පොඩි කාලෙම. ඉතින් එහෙම අයගෙන් අපි කොහොමද මීටවැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්නේ? (නි)

:       0       0

ජයකොඩි Wednesday, 30 November 2016 01:26 AM

දේශපාලකයන්ට පිස්සුද? නැත්නම් අපිට පිස්සුද? (නි)

:       0       0

සත්‍යයා Wednesday, 30 November 2016 02:09 AM

බලයේ ඉන්න රජයේ ප්‍රධාන කණ්ඩායම් දෙක වූ ශ්‍රී ල නි ප ය සහ එ.ජා.ප ය අතර පොදු අරමුණක් වෙනුවෙන් "යුග දිවියකට" එළඹුනත් එය ආදරය, සෙනෙහස හා ප්‍රේමය මුල්කොටගෙන සිදුවුණ විවාහයකට වඩා හුදු කායික පහස සඳහා එක්වූ අශුද්ධ සන්ධානයක් බව දෙපැත්තට අදිමින් යන මේ ගමනින් හොඳට පැහැදිලි වෙනවා. සමහර පවුල් වල පුරුෂයා ගැහැණිය වී ගැහැණිය පුරුෂයා වූ විට සිදුවන කොලොප්පම මේ දිනවල කරළියටත් ඇවිදින් (නි)

:       0       0

රොකී Wednesday, 30 November 2016 02:17 AM

හිරිකිතක් තියනවා නම් තමන්ගේම පඩි සහ දීමනා වැඩි කරගන්න මේගොල්ලෝ මෙච්චර කෑදර වෙනවද? මීටපස්සේ මම නම් කවදාවත් මේ අයට ඡන්දෙ දෙන්නේ නැහැ (නි)

:       0       0

ප්‍රදීප් Wednesday, 30 November 2016 02:26 AM

මුලින්ම ඔබලා පුද්ගලික චැනලින් වලින් ලබන අධික අාදායමෙන් අවංකව බදු ගෙවන්න. එතකොට ආණ්ඩුවට සල්ලි ලැබෙයි (නි)

:       0       0

සත්‍යයා Wednesday, 30 November 2016 02:27 AM

හිරිකිතය කියන දෙය හැමෝටම දැනෙන දෙයක් නොවේ. ලැජ්ජා භය කියන දෙයත් ඒ වගේමයි. ඊටත් වඩා විශේෂයෙන් දේශපාලකයන් අතර මෙකී ලක්ෂණ දකින්නට නොලැබීම සමස්ත ඛේදවාචකය තීව්‍ර කිරීමට හේතු වී තිබෙනවා. දුම්කොළය නොව උඳුපියලි කොළයට වුණත් මුවාවෙලා අතයටින් වැඩ කරගන්න මේ කවුරු කවුරුත් හොඳට දන්නවා. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 30 November 2016 02:32 AM

මුදල් අමාත්‍යංශයට හිරිකිතක් නැහැ වගේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අයටත් කිසිම ලැජ්ජාවක් නැහැ, ඒගොල්ලගෙ වැඩ ගැන බැලුවහම. (නි)

:       0       0

ප්‍රියාන් Wednesday, 30 November 2016 03:10 AM

මෙතුමා තව ලස්සන උදාහරණ දුන්න මාධ්‍ය සාකච්ඡාවෙදි..ඒක දාල නැනේ..කමක් නැහැ කොහොම වුනත් මේ ආණ්ඩුවටම කිසිම හිරිකිතයක් නැ..කරන සෑම වැඩක්ම අනාගන්නව..විපක්ෂයට කන් දෙන්නේ නැහැ..අගමැති උත්තර දෙන්න දන්නේ නැහැ ..හැම එකක්ම විහිලුවට ලක්කරනවා..ඉතින් කොහෙද හිරිකිතයක්..(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 24 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1791 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1372 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 388 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 524 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 236 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40018 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25950 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 233 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1307 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site