IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


මුදල් වංචා කළ ගණකාධිකාරිවරයකුට වසර 367ක සිර දඬුවමක්

(රන්ජන් කටුගම්පල  සහ  නිමන්ති රණසිංහ)
 
 ව්‍යාජ ලේඛන සකස් කර රුපියල් ලක්ෂ 21කට ආසන්න මුදලක් වංචා කරන ලදැයි ගණකාධිකාරිවරයකුට එරෙහිව පවරා තිබූ නඩුව විභාගයට ගැනීමෙන් පසු අදාළ චෝදනාවන්ට ඔහුව වරදකරු කළ කොළඹ මහාධිකරණ විනිසුරු ශිෂී මහේන්ද්‍රන් මහතා, විත්තිකාර ගණකාධිකාරිවරයාට රුපියල් ලක්ෂ 19ක දඩ මුදලක් සහ වසර 367ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් අද (06)  නියම කළේය.
 
 මෙම විත්තිකරු අධිකරණය මග හැර සිටීම හේතුවෙන් විත්තිකරුට විවෘත වරෙන්තු නිකුත් කළ මහාධිකරණය විත්තිකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කළේය. එසේම, එම විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත සහ බුද්ධි අංශයන් වෙත වහාම දන්වා යවන ලෙසට ද අධිකරණ ප‍්‍රධාන රෙජිස්ට‍්‍රාර්වරයාට නියෝගයක් නිකුත් විණී.
 
 මෙවැනි වරදිකරන අනෙක් විත්කිකරුවන්ට මෙන්ම අනෙක් පුද්ගලයින්ට නැවත මෙවැනි වැරැද්දක් නොකිරීමට ආදර්ශයක් ලෙස මෙලෙස දඩුවම් නියම කරනු ලබන බව සදහන් කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කළේය.
 
 මෙලෙස දඩ, සිරදඩුවම් සහ විවෘත වරෙන්තු නිකුත් වූයේ පුද්ගලික ආයතනයක ගණකාධිකාරීවරයකු වූ හික්කඩුව ලියනගේ නන්දසිරි නැමැත්තාටය.
 
 
විත්තිකාර ගණකාධිකාරිවරයාට එරෙහි චෝදනා 19ක් ඉදිරිපත් කර තිබූ අතර, පළමු චෝදනාවට වසර 7ක බරපතල සිරදඩුවමක් නියම කළ අතර ඉතිරි චෝදනාවන්ට වසර 20 බැගින් බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කළේය. ඒ අනුව, අදාළ චෝදනාවන්හි දඩුවම් එකට කි‍්‍රයාත්මක වී වසර 367ක සිරදඩුවමක් බවට පත්විණී.
 
 වර්ෂ 2000 සිට 2001 අතර කාලය තුළදී කී‍්‍රඩා උපකරණ අලෙවි මධ්‍යස්ථානයක සේවකය කරමින් සිටියදී රුපියල් 21,99130.66ක මුදලක් ව්‍යාජ ලේඛණ සකස් කර වංචා කරන ලදැයි නිතිපතිවරයා මෙම විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබිණී.
 
 



අදහස් (27)

මුදල් වංචා කළ ගණකාධිකාරිවරයකුට වසර 367ක සිර දඬුවමක්

Lokka Friday, 06 December 2019 12:13 PM

යකෝ, මේක පුදුම අවනීතියක්නේ... කෝටිගණන් හොරාකන දේශපාලකයන් නිදොස් කොට නිදහස්... මේ මනුස්සයා අවුරුදු 367ක්. අඩුම තරමින් මේ තරම් කාලයක් ජීවත් වෙයි කියලා හිතන්නවත් පුළුවන්ද? පුදුම තීන්දු... කෝ මේ රන්ජන්..? ඔයයි මේ රටේ ජනාධිපති වෙන්න ඕනේ...

:       5       853

විජිත් Friday, 06 December 2019 01:40 PM

ඇත්ත ලොක්කා...!!! මේ මනුස්සයාට අවුරුදු 367ක් රුපියල් ලක්ෂ 21ක් වංචා කළාට. එහෙනම් අපේ රටේ ඉන්න දේශපාලුවන් හොරකම් කරලා තියෙන රුපියල් ට්‍රිලියන ගාණට "කල්ප" ගණනක්වත් හිරේ දමන්න වෙනවා. නමුත් අපේ රටේ ඉන්න කැපුවත් කොළ, කැපුවත් නිල් කියන ගෝත්‍රිකයින් සිටින තාක්කල් මේ නඩු අහන නඩු කාරයින්ගේ කොඳු පණ නැතිකරලා තියෙන්නේ. කවදාහරි දවසක විප්ලවයකින් හරි, හමුදා නැගී සිටිමින් හරි, එහෙමත්ම නැතිනම් කුලී හේවායන් මගින් හෝ මේ රටේ බලය ලබාගෙන දැනට තිබෙන මේ ජරා " සිස්ටම් "එක අනිත් පැත්ත පෙරලන තෙක් මේවා මේ විදිහටම ඇදිඇදී යාවි. දේශපාලුවෝ ඇති තරම් රට කොල්ලකාවි. රන්ජන් මගේ පාසල් යාලුවෙක්. රන්ජා කියන්නේ ඇත්ත. එ්ත් එ්කටත් අපේ සමහරු විරුද්ධයිනේ. ඉස්සෙල්ලාම ගෝත්‍රිකයින්ගේ දරුවන්වවත් උගත් ශිෂ්ඨාචාරගත අය බවට පත්කර ගන්න ඕනෑ. ඊටපස්සේ ප්‍රශ්නය අවසන් වෙන්න පුළුවනි. නාකි ගෝත්‍රිකයින් මළ පසු ඔවුන්ගේ දරුවන් තම දෙමව්පියන්ගේ දේශපාලන "පාට" පසුපස යන්නේ නැහැ. ඒ අය මේ රට වෙනස් කරන්න උදව්වේවි. හැබැයි ... ඒ අපේ ජීවිත කාලයේද කියන්න නම් අවිනිශ්චිතයි ලොක්කෝ...

:       1       558

පුරවැසියFriday, 06 December 2019 01:44 PM

ඔබතුමාගේ කටේ මසුරන් දාන්න ඕනෑ... ඔය කියපු කතාවට...

:       1       173

RanjithSaturday, 07 December 2019 06:00 AM

අනේ මේක කොහොම කැල්කියුලේට් කළාද කියලා කියන්න හාමුදුරුවනේ...

:       1       11

Mahesh Friday, 06 December 2019 01:02 PM

සිල් රෙදි සිද්ධියටවත් ඔච්චර දුන්නේ නෑනේ. නිකන්ම මනුස්සයෙක් නිසා මෙහෙම වුනා කියලා හිතෙනවානේ..

:       1       211

Pri Friday, 06 December 2019 01:02 PM

කෝටි ප්‍රකෝටි වලින් හොරකම් කරපු අයට ආණ්ඩුවෙන් ආරක්ෂාව දෙනවා

:       2       279

රුචිර Friday, 06 December 2019 01:13 PM

ලක්ෂ 21ට මෙච්චර නම් මහබැංකුවට කොච්චර වෙයිද?

:       1       92

පිටිගල මිලානෝ Friday, 06 December 2019 01:17 PM

අපරාදේ.... මහ බැංකුවටම වැඩේ දුන්නා නම්, කේ.පී. වගේ ත්‍රස්තයින්ට ආයුධ දුන්නා නම් මේ දඬුවම් මොනවත් නැතුව සතුටින් ඉන්න තිබුණා.

:       1       197

Nuwan Friday, 06 December 2019 01:36 PM

ඉන්න හිතෙනවද දාලා දුවන්නද කියලා හිතුණා..!!!

:       1       43

Nandalal DE SILVA - France Friday, 06 December 2019 01:54 PM

අධිකරණ නීතියට වඩා මෙහිදී දේශපාලන නීතියක් බලපා ඇත්ද කියා පරෙස්සමෙන් විමසා බැලුවොත් නරකද? මෙතරම් දීර්ඝ නඩු තීන්දුවක් ශ්‍රී ලංකා ඉතිහාසයේ දීපු පළමුවැනි අවස්ථාව මෙයද?

:       1       31

[email protected] Friday, 06 December 2019 02:19 PM

මේ අධිකරණයෙන්ම තමා සතියකට පෙර විමල් වීරවංසගේ නඩුව දින නියමයක් නැතිව කල් දැම්මේ...

:       2       154

Nandalal DE SILVA - FranceFriday, 06 December 2019 06:15 PM

ඕක ඉතින් පුදුම වෙන්න දෙයක්ද? තුන්මුල්ලේ විමලේ කියන්නේ කුරහන් සාටකයට මුවාවී ඉන්න පුද්ගලයෙක් නිසා එයාගේ නඩුව කවදා හරි ඇහුවොත්, මෑන් නිදහස්වී ඔහුගේ මන්දිරයට යනවා ඇත...!!!

:       1       202

සංජීව Friday, 06 December 2019 03:10 PM

මේ මනුස්සයා කරලා තියෙන්නේ වරදක්. ඒකට නිසි දඬුවමක් හිමිවෙන්න අවශ්‍යයි. ඒ ගැන විවාදයක් නැහැ. හැබැයි ලක්ෂ 21ක් හොරකම් කරාට අවුරුදු 367ක් හිර දඬුවම්. ඒකත් පුද්ගලික ආයතනයකින්... රටේ මිනිස්සුන්ගේ සල්ලි කෝටි ගණනින් හොරකම් කරන දේශපාලුවන් නිදොස් කොට නිදහස් කරන, මිනීමරුවන්ට ජනාධිපති සමාව ලැබෙන රටක සාමාන්‍ය මිනිස්සුන්ට ලැබෙන මේ දඬුවම් අසාධාරණයි කියලා හිතෙනවා...

:       2       121

raviFriday, 06 December 2019 07:14 PM

ඔය වගේ තීන්දු දෙන නඩුකාරයින්ව පෙන්ෂන් නැතිව ගෙදර යවන්න ඕනෑ. මතකද නාගානන්ද මහත්මයා කීවා එතුමා බලයට ආවොත් මේ ඉන්න ලොකු නඩු කාරයෝ ඔක්කොම ගෙදර යවනවා කියලා...

:       1       128

adikari Friday, 06 December 2019 03:32 PM

ගෙදරින් එළියට බැහැලා තියෙන්නේ ගැනිගෙන් ගුටිකාලද කොහෙද..? නඩුව දාපුකෙනා වන්දිත් ලැබෙන හින්දා සමාව දෙන්න කැමති වුණොත් මොහුව නිදහස් කරන්න පුළුවන් නේද...?

:       1       3

[email protected] Friday, 06 December 2019 03:45 PM

කට්ටිය බොහොම කලබල වෙලා... මතක නැද්ද සති කීපයකට ඉස්සෙල්ලා වංචා සහ මිනීමැරුම් චෝදනා ඇති කෙනෙක් පත්කළා..

:       1       121

raheem Friday, 06 December 2019 04:09 PM

අවුරුදු 367ක් යනකම් මේ මනුස්සයා දිව්‍ය ලෝකෙට ගිහින් නැත්නම් අපායට ගිහින් ඉඳි...

:       1       55

Wasantha Friday, 06 December 2019 04:29 PM

මිනිසුන්ට එක විදිහක්, ලොකු ලොක්කන්ට එක විදිහක්... පුදුම නීතියක්... ප්‍රකෝටි ගණන් හොරකන් කළ අය එළියේ. ලංකාවේ නීතිය වෙනස් කරන්න ඕනෑ කාලේ ඇවිත් තියෙන්නේ...

:       1       20

Charlie Friday, 06 December 2019 04:47 PM

අවුරුදු 367 මෙයාට කන්න බොන්න දෙන්න වෙන්නෙ, එලියෙ ඉන්න අපි.

:       1       11

sandy Saturday, 07 December 2019 06:03 AM

නීතිය මාරයි. මාරම සනීපයි. ලියන්න ඕනේ අදහස් සේරම කට්ටිය එකතුවෙලා ලියලා තියෙනවා. අමුතුවෙන් ලියන්න දෙයක් නැහැ. ප්‍රායෝගික නැති නඩු තීන්දුවක්. එච්චරයි.

:       1       72

SIRINIMAL GAMPOLA Saturday, 07 December 2019 08:33 AM

මිත්‍රයිනි, මේ දඬුවම දීලා තියෙන්නේ ඔහුට නොවෙයි අපට... අවුරුදු 367ක් කන්න දීපල්ලකෝ අපි..

:       1       1

Rata Perata Saturday, 07 December 2019 08:39 AM

අධිකරණ අපේ රටේ දූෂිත තත්වයට පත්වෙලා... එතන ඉන්න බොහොමයක් නිලධාරීන් දේශපාලකයන්ටත් වැඩිය දූෂිතයි.

:       2       2

isurandi Saturday, 07 December 2019 10:19 AM

වරදට දඬුවම සාධාරණයි. නමුත් මේ රටේ එළිපිට සිද්ධවෙන දූෂණ, වංචා වලටත් අධිකරණයේ කොඳු නාරටිය කෙලින් විය යුතුයි නේද?

:       1       3

සත්‍යපාල Saturday, 07 December 2019 05:51 PM

මේවට අපිටනම් දෙකොනින්ම හිනා යනවා. සුනාමියෙන් මිලියන ගණන් ගසා කාපු අයට මේ නීතිය වලංගු නෑ. අපේ රටේ දුෂිත දේශපාලුවන්ට එක නීතියක්. සාමාන්‍ය ජනතාවට තව නීතියක්.

:       0       0

ශිෂී මහේන්ද්‍රන් Sunday, 08 December 2019 09:38 AM

මට ඕනෑ ගාන මම දාන්නේ... අනිත් අයට ඒකෙන් වැඩක් නැහැනේ...

:       0       1

Harin Sunday, 08 December 2019 09:42 AM

අල්ලගන්න ඕනෑ මොනවා කරන්නත්..! තාම ඌගේ නැට්ටවත් අල්ලාලා නැහැනේ.

:       0       1

jayaweera - ambalangoda Monday, 09 December 2019 03:11 AM

ටොපියක් හොරාට කෑවත් කිසියම් හෝ දඬුවමක් දිය යුතු කාලයක් තමයි ඇවිත් තියෙන්නේ. ඒත් මේ දඬුවම නම් සැර වැඩියි. කොහොම වුණත් අපි අධිකරණය විවේචනය කරන්නේ නැහැ..

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 1452 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 284 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 537 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 768 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 152 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 552 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 725 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 507 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site