කරන්දෙණියෙන් සොයාගත් ගිනි අවි හතරේ අයිතිකරු බව කියන ධනවත් ව්‍යාපාරිකයා පොලිසියට රුපියල් ලක්‍ෂ පනහ දක්වා අල්ලස් දී බේරෙන්නට උත්සාහ කළැයි පොලිස් ආරංචි කියයි.
ඔහු රුපියල් ලක්‍ෂ විස්සේ සිට ලක්‍ෂ පනහ දක්වා පොලිසියට දෙන බව කියා ඇතත් පොලිසිය ඒ සියල්ල ප‍්‍රතික්ක්‍ෂේප කැර ඇත.
දකුණු පළාත් සභාවේ රියැදුරකු බව කියන පුද්ගලයෙක් ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන්දෙණිය කුරුඳු මුදලාලිලා ළඟ තුවක්කු ඇති බව දන්නේ දැන්ද ? (ස)
අල්ලස නිසා ලංකාව විනාශ වෙලා (දී)
වරදවල් දෙකයි (දී)
ලක්ෂ සීයට වැඩියෙන් කතා කළා නම් සළකා බලන්න තිබුණා. (නි)
පොලිසියත් බයවුනාද දන්නේ නැහැ ගාන ලොකු නිසා ගන්න. අල්ලස් කොමසාරිස්ට මාටිටු කරයි කියලා.(නදී)
පගාව දෙන්න හදන්න ඇත්තේ පලවෙනි වතාවට නමි වෙන්න බැහැ.(නදී)
නම සදහන් නැති ව්‍යාපාරිකයා කොහේ කෙනෙක්ද දන්නෙ නැහැ. (නි)
සමන් වගේ අය රටින් පිටුවහල් කලයුතුයි.(නදී)
ජාතිය සදහන් නොකිරීමෙන් හැගෙන්නේ ඔහු සිංහල බෞද්ධයෙක් බවය. (නි)
ඒතන කණ්ඩාමය වැඩියි. තනියම හිටියානමි ගන්න තිබිබා. අනික වැඩි පිරිසක් ඉදිර්යේ ගැනීම අල්ලසක් වනවා සේම ජොබ් එක ගහලා යන වැඩක්නේ. මේ සියල්ල කල්පණාකර මෙලෙස කරන්නට සිදුවි විය.(නදී)
කොහොමද වැඩේ (දී)
අද රටේ වෙන අපරාද වලින් වැඩිහරියකට කොහෙන් ගියත් දේශපාලකයෙක් ගෑවෙනවා.(ස)
ගාන මදි බෙදාගන්න අමාරුයි. එතනයි ප්‍රශ්නේ... (ස)
මොහු කන්න එපැයි. කවුද මේ...? (ස)
අනුමානයක් නෑ.... මුදලාලිගේ හොඳම හිතවතෙක් අල්ලස් දෙපාර්තමේන්තුවේ ඉන්න බව ඉව වැටෙන්න ඇති... (ස)
ඔබතුමා ඕක නොගත්තට ඉහලින් අරගනියි ලස්සනට. (නදී)
ප්‍රවෘත්තිය ඇත්ත නම් සන්තෝෂයි... (ස)
මුදලාලිගේ ලක්ෂ පණහත් අරගෙනම වැඩේ දුන්න නම් ඉවරයි (ස)
පොලීසිය දෙන හැමදේම අරගෙන බැහැනේ ගන්න විදිහක් තියෙනවා... නැද්ද කොල්ලෝ... (ස)
මුදලාලි වැඩේ කාගෙන. මේක පත්තරෙන් ප්‍රසිද්ද වුනාට පස්සෙද අල්ලස දාන්න ගිහින් තියෙන්නේ. ඕක ප්‍රසිද්ද නොවුනනම් අද ලොක්කන්ගෙත් මල්ල කරේ.(නදී)
මුදල් පසුපස දුවනා හිස් මිනිසුන් පිරි සමාජයක මෙවන් උතුම් ගුණ ඇති අවංක නිලධාරීන් ද සිටින බව අසන්නට ලැබීමම පිනකි. ඔබලාට තෙරුවන් සරණයි! (නි)
අවංක පොලිස් නිළධාරීන් තවමත් ඇති බව ඇසීමමත් සතුටක්. (නි)
මේ මනුස්සයාට දේශපාලන සම්බන්දකම් නම් නැති වෙන්න බෑ....(ස)
මෙම මුදල් එකතු කරගෙන තියෙන්නේ මොන විදියටද කියලත් හොයලා බලන්න. (නි)
ලක්ෂ 50ක් හරි දීලා බේරෙන්න තරම් මොනතරම් බලාපොරොත්තු තියෙන්න ඇද්ද? පොලිසියට ස්තූතියි. (නි)