IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘මාධ්‍යවේදී පැමිණිල්ල වැරදි පොලිසියටයි‘

මාගම්පුර වරායේදී නාවික හමුදාපති මාධ්‍යවේදියාට පහරදීමේ සිද්ධියේදී පහර කෑ මාධ්‍යවේදියා පැමිණිල්ල කර ඇත්තේ වැරදි පොලිසියට බවත් හරි පොලිසිය හම්බන්තොට බැවින් එහි පැමිණිල්ලක් කළහොත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව අගමැති රනිල් වික්‍රමසිංහ අද (15) අරලියගහ මන්දිරයේදී කීවේය.

නාවික හමුදාපති ආර්.විජේගුණරත්න හම්බන්තොට වරාය සේවක වර්ජනය හේතුවෙන් ඇතිවූ සිද්ධියේ වාර්තාව අගමැතිට ලබාදීමේ අවස්ථාවේදී එසේ සඳහන් කළේය.

හම්බන්තොට වරායේ නාවික හමුදා කඳවුරක් පිහිටුවන ලෙසද අගමැති එහිදී නාවික හමුදාපතිට උපදෙස් දුන්නේය. වරාය සේවක වර්ජනයේදී විදේශ නෞකාවක් වරායේ රඳවාගෙන සිටීම හේතුවෙන් ඩොලර් ලක්ෂ 40ක බිලක් එම නැව් සමාගම ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා එවා ඇතැයි අගමැති කීවේය. මාගම්පුර වරායේ දේපළවලට හානි කර ඇත්නම් තරාතිරම නොබලා දඬුවම් ලබාදෙන බවද අගමැති කීය.

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කළ පැමිණිල්ලක් අනුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පසුගිය දෙසැම්බර් 11 වැනිදා ඊමේල් පණිවිඩයක් මගින් දන්වා ඇත්තේ දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කර සුදුසු පියවර ගන්නා ලෙස තමා නියෝග කළ බවයි.

web_DSC0371_DSC0377_DSC0339



අදහස් (0)

‘මාධ්‍යවේදී පැමිණිල්ල වැරදි පොලිසියටයි‘

කසුන් Friday, 16 December 2016 02:41 AM

අපි බලමු දැන් අලුතින් පත්කළ ජාතික පොලිස් කොමිසම මේ සම්බන්ධයෙන් මොනවගේ අර්ථකථනයක් දක්වාවිද කියලා. මට හිතෙන්නේ පාලකයෝ හිතාගෙන ඉන්නේ මේ රටේ ඉන්නේ හැට දෙලක්ෂය ජනතාව හැර අනිත් කොටසත් තණකොළ බුදින හරක් ගානටයි කියලා (නි)

:       0       0

සකුන්තලා Friday, 16 December 2016 02:57 AM

රාජකීය අගමැති, රාජකීය නීතිය සහ සාමය පිළිබඳ ඇමති සහ රාජකීය නාවික හමුදාපති! රාජකීය වැඩකිඩ සහ තීරණ. රටම අනාථයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදයට දෙවි පිහිට ඉල්ලීම විතරයි කරන්න තියෙන්නේ. යහපාලනය හැමතැනම ඉතිරෙනවා. (නි)

:       0       0

දහම් Friday, 16 December 2016 03:20 AM

තුන්වන පින්තූරයේ ඇමතිතුමා අගමැතිතුමා දිහා සොඳුරු බැල්මකින් බලාගෙනයි ඉන්නේ (නි)

:       0       0

ජයන්ත Friday, 16 December 2016 03:38 AM

ඔන්න කිවුවා ගතවුණ අවුරුද්දටම හරියන්න කතාවක් (නි)

:       0       0

සම්පත් පතිරණ Friday, 16 December 2016 03:38 AM

පැමිණිල්ලක් දාන සියලුදෙනා ළඟ අනිවාර්යෙන් පොලිස් වසම් ගැන සිතියමක් තිබිය යුතුය (නි)

:       0       0

දාස Friday, 16 December 2016 03:43 AM

ඔන්න ඉඳලා ඉඳලා කිව්වා එකක්. බලාගෙන මිනිසුන්ට හිතෙයි ඡන්දෙ දුන්නෙත් වැරදි මිනිහටද කියලා. (නි)

:       0       0

ජයසිංහ Friday, 16 December 2016 03:47 AM

අපෝ! ලක්ෂ 62ක්නේ අප්පේ... (නි)

:       0       0

රන්ජිත් Friday, 16 December 2016 04:07 AM

කොහෙද අප්පේ වැරදි පොලිසි තියෙන්නේ? හරි පොලිසී හොයාගන්නේ කොහොමද? වැරදි පොලීසියට ගියාම හරි පොලීසියට යන පාර කියලවත් නැද්ද? එතකොට අපිව පාරේ යනකොට අල්ලාගන්නා පොලිසි? හරි ඒවාද? (නි)

:       0       0

ටෙහාන් Friday, 16 December 2016 04:13 AM

සමහර අදහස් දැක්කහම නම් දුකත් හිතුනා. තවම මිනිස්සු හරි වැරැද්ද තේරුම්ගෙන නැහැ (නි)

:       0       0

හේමන්ත Friday, 16 December 2016 04:30 AM

අනතුරක්, කරදරයක්, පහරකෑමක් වුණාම එම ප්‍රදේශයේ පොලිසියට පැමිණිල්ල දාන්න ඕනෑ නේද? (නි)

:       0       0

ප්‍රියන්ත Friday, 16 December 2016 05:14 AM

රටක රාජය නායකයෙක් වුනාම ප්‍රශ්න දියා බැලිය යුත්තේ යථා ස්වරූපයෙන් මිසක්, විශාදයෙන් පෙළෙන කෙනෙක් බලන ආකාරයට නෙවෙයි (බ)

:       0       0

චන්ද්‍රා Friday, 16 December 2016 05:36 AM

මේක නැව් දෙකක් මුදාගත්තු මෙහයුමක් (ම)

:       0       0

කමල් Friday, 16 December 2016 06:20 AM

රාජ්‍ය දේපල වලට හානි කර ඇත්නම් දඩුවම් ලබාදිය යුතුයි (බ)

:       0       0

ප්‍රභාත් Friday, 16 December 2016 07:31 AM

වරදක් සිදුවුවිට ඊට අදාල පොලිස් වසමට යායුතුයි (ම)

:       0       0

රෝහිත Thursday, 15 December 2016 01:04 PM

ඔය තියෙන්නේ කාගේ සල්ලි වලින්ද මේ වෙන පාඩු ගෙවන්නේ! (බ)

:       0       0

සරණපාල Thursday, 15 December 2016 01:07 PM

අනේ දෙවියනේ මේ මොනවද කියන්නේ? කොයි පොලිසියට කීවහම මොකද . මම ඉන්නේ නුවර මට ගැහැව්වේ ගාල්ලේදී. කොහාටද දන්නේ නැහැ කියන්න ඕනේ. (බ)

:       0       0

සෙනෙවි Thursday, 15 December 2016 01:37 PM

දැන් ත්‍රිවිධ හමුදාවට කරන්න වෙලා තියෙන්නෙ ජනතාව රකින්න නෙවෙයි කොම්පැණි ජනතාවගෙන් රැක ගන්න (හේ)

:       0       0

අරියවංස Friday, 16 December 2016 07:05 PM

කවුරුහරි වරදක් කළාම අල්ලන්නේ මොන පොලිසියෙන්ද? (නි)

:       0       0

සිසිර Thursday, 15 December 2016 01:43 PM

දැන් අලුත් දෙයක්.(හේ)

:       0       0

දහම් Thursday, 15 December 2016 02:09 PM

ඕකගේ පින්තූරේ කපල දාපු එක හොඳයි මූණ දැක්කමත් මිනිස්සුන්ට තරහ යනවා කරපු ජරා වැඩේට. (බ)

:       0       0

අරවින්ද Thursday, 15 December 2016 02:15 PM

මගේ දැනුමට නම් පැමිණිල්ලක් ඕනෙම පොලිසියකට කළ හැකියි.(හේ)

:       0       0

අසංක Thursday, 15 December 2016 02:27 PM

වැරදි කාරයෝ ආරක්ෂා කරන්න හදන්න එපා (හේ)

:       0       0

සමන් Thursday, 15 December 2016 02:51 PM

ඕකට තමා කියන්නේ ලිච්චවි පාලන ක්‍රමය කියලා (හේ)

:       0       0

අනුර Thursday, 15 December 2016 03:41 PM

ඉතාම ලැජ්ජයි. දෙකයි පනහේ නීති තර්ක ඉදිරිපත් කිරීම ගැන. (බ)

:       0       0

දම්මි Thursday, 15 December 2016 03:56 PM

දේශපාලකයන් මෙහෙම නීති තමයි දන්නේ ඉතින් (නි)

:       0       0

ධම්ම Thursday, 15 December 2016 03:57 PM

මේ වගේ කතා එච්චර ගණන් ගන්න එපා. (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Friday, 16 December 2016 10:13 AM

තමන්ට පහරදීමක් වුණොත් පැමිණිල්ල යොමු කළයුත්තේ ආසන්නතම පොලිසියට මිසක් වෙන කොහාටද? මේවාට විහිළු කිව්වොත් ඒ වචනයට අගෞරවයක්. හැබැයි මේ පැමිණිල්ල ලංකාවේ මොන පොලිසියට කළත් ප්‍රතිචාරය එකයි. (නි)

:       0       0

එඩ්වඩ් Thursday, 15 December 2016 04:16 PM

ජනතාවට විහිළු සපයන්න එපා මහත්තයෝ (නි)

:       0       0

අන්වර් Thursday, 15 December 2016 04:47 PM

ඒක තමයි. යන්න තිබුනේ යහපාලන පොලිසියකටනේ! (නි)

:       0       0

විදානේ Thursday, 15 December 2016 04:49 PM

ඔබතුමා හරි පොලිසි වල නාම ලේඛනයක් ප්‍රසිද්ධියට පත්කරන්නකෝ අපිට පහසු වෙන්න (නි)

:       0       0

උපසේන Thursday, 15 December 2016 04:47 PM

මේවා අහලා පණ පලයන් ලබන සුමානේ කිවුවලු! (නි)

:       0       0

හිරාන් Thursday, 15 December 2016 04:59 PM

මදැයි කළා! දැන් ඉතින් හරි පොලිසිය හොයාගෙන පලයන්කෝ අසාධාරණයක් වුණාම (නි)

:       0       0

නලින් Thursday, 15 December 2016 05:00 PM

මාර වැඩේ. දැන් කොහොමද හරි පොලිසිය හොයන්නේ? ඕක ඔබතුමා ටිකක් කලින් කියන්න එපායැ (නි)

:       0       0

සේරම් Friday, 16 December 2016 11:00 AM

යුද්ධයට මහින්ද වුණාට ආර්ථිකයට නම් ඉතින් රනිල් තමයි (නි)

:       0       0

හර්ෂ Thursday, 15 December 2016 05:00 PM

දැන්නම් නියම කට්ටියක් රට පාලනය කරන්නේ. කිසිදෙයක් හරියට කරගන්නේ බැහැ. මොන නාවික හමුදාපතිද නැවෙන් බැහැලා ඇවිල්ලා මිනිසුන්ට ගහන්නේ. (නි)

:       0       0

ගුණසේන Friday, 16 December 2016 11:23 AM

දැන් රට පාලනය වෙන විදිහට ඔය වගේ දේවල් වෙනවා. (නි)

:       0       0

හේවගේ Thursday, 15 December 2016 05:44 PM

මුළු රටම දැන් විනාශයි. එච්චරයි කෙටියෙන්ම අපිට කියන්න තියෙන්නේ (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 15 December 2016 05:58 PM

අයියෝ මෙහෙමත් බාල බොළඳ කතා! (නි)

:       0       0

ආනන්ද Thursday, 15 December 2016 06:44 PM

මම නම් කියන්නේ අපිට පක්ෂ පාට වැඩක් නැහැ. සිදුවුණ පාඩුව අගමැති අතින් ගෙවන්නේ නැහැ. දුප්පත් අපිම තමා ඔය අලාබයත් ගෙවන්නේ (නි)

:       0       0

කොස්තා Thursday, 15 December 2016 06:49 PM

වරද කොතන සිදුවුවත් ළඟම පොලිසියට පැමිණිලි කළයුතුයි. මගේ නුවර ගනුදෙනුවක් වංචා කළ අයෙක් නාරාහේන්පිට සිටින බව අසා එහි ගොස් සොයා බලා නාරාහේන්පිට පොලිසියට පැමිණිලි කළා. ඔවුන් කිවුවා ඒ පැමිණිල්ල නුවරට යවන බව. (නි)

:       0       0

සනත් Thursday, 15 December 2016 06:58 PM

ලිච්ඡවී පාලනය ක්‍රමය අනුව අගමැතිතුමා ප්‍රශ්න විසඳනවා. (නි)

:       0       0

බණ්ඩාර Thursday, 15 December 2016 07:10 PM

ඔය ගමන්ම කියන්නකෝ උතුරු නැගෙනහිර නාවුක කඳවුරු ඉවත්කර දකුණේ එම කඳවුරු පිහිටුවන්නෙ ඇයි කියලත් (නි)

:       0       0

චානක් ලොස් ඇන්ජලිස් Saturday, 17 December 2016 03:50 AM

ලංකා නීති සංග්‍රහයේ තිබෙන්නේ එහෙම කළයුතුයි කියාද?එය එසේ නොවේනම් මොහු නීති විදුහලට ගොස් නීතිය නැවත හදාරන්න ඕනෑ (නි)

:       0       0

ජනහිත Thursday, 15 December 2016 09:10 PM

පැමිණිල්ල කරන්න එනකොටම කියන්න තිබුනනේ "අනේ මේක වෙලා තියෙන්නේ අපේ වැයික්කියේ නොවෙයි, අහවල් තැනට ගිහින් කරන්න" කියලා. අනෙක ඇයි ඒ අයට අයිති නැත්නම් ඒක බාරගත්තේ. මොනවද මේ කියන කතා. හොරාගේ අම්මගෙන් පේන අහනකොට වෙන දේ කියන්න ඕනෑ නැහැනේ. (නි)

:       0       0

රකිත් Thursday, 15 December 2016 09:13 PM

රටේ නීතිය අනුව ඕනෑම පොලිසියකට පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැක. නිවැරදි පොලිස් ස්ථානයට පැමිණිල්ල යොමු කිරීම පොලිස් සේවාවේ අභ්‍යන්තර කටයුත්තක්. (නි)

:       0       0

කැලුම් Thursday, 15 December 2016 09:44 PM

අමතක කරන්න එපා, මේවා කියන ඔබ රටේ අගමැති කියලා (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 15 December 2016 09:57 PM

අනේ මෙහෙමත් හතරබීරි කතා? (නි)

:       0       0

සත්‍යයා Thursday, 15 December 2016 10:45 PM

පොලිසියේ ලොකු ලොක්කන්ට නීතිය දෙකට නවන්න කියලා දුන්නේ කවුද කියලා අපිට දැන් හිතාගන්න පුළුවන්. නේවි ලොක්කා රකින්න යන අය අනාගතයේදී කිසිදාක බලයට නේවි කියලා තමයි ජනතාව වන අපි නම් කියන්නේ. (නි)

:       0       0

චන්දිමාල් Friday, 16 December 2016 03:04 PM

ටික කාලයයිනෙ ඉන්නෙ. ඒ හින්දා පිස්සු නටන්නකෝ. විකල්පය ඉල්ලන දවස වැඩි ඈතක නැහැ (නි)

:       0       0

බන්දුල Thursday, 15 December 2016 11:04 PM

මාධ්‍යවේදියාට පහරදීම ගැන කතා කරන්න. වර්ජනය නිසා වෙච්ච පාඩුව විසඳාගන්න එක අපේ ප්‍රශ්නයක් නොවෙයි. මිනිස්සු කරගත් මෝඩකම දැන් තේරෙනවා. ලබන සැරේ බලමු. (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 15 December 2016 11:06 PM

පින්තූරය දැක්කහම මට එන තරහක තරම කියන්න අමාරුයි (නි)

:       0       0

ලුම්බිණි Thursday, 15 December 2016 11:08 PM

මේ වගේ විහිලු කතා ප්‍රසිද්ධියේ කියන්න ලැජ්ජා නැද්ද? (නි)

:       0       0

සෑම් Friday, 16 December 2016 04:08 PM

පාඩු කළේ වර්ජනය කරපු අය. වාර්තාකරුවන් නොවේනේ පාඩු කළේ! වරදක් කළා නම් අල්ලලා උසාවි දාන්න ඕනෑ (නි)

:       0       0

සදුන් Thursday, 15 December 2016 11:34 PM

ඔබතුමාගේ උගත්කමට, බුද්ධිමත්කමට ගැළපෙන ප්‍රකාශ විතරක් නිකුත් කරන්න. (නි)

:       0       0

හේවාවසම් Thursday, 15 December 2016 11:42 PM

ලංකාවේ වැරදි පොලිසිත් තිබෙනවද? වැරදි පොලිසියක් තිබේ නම් වහාම කොමිසමක් පත්කරන්න (නි)

:       0       0

හේවා Thursday, 15 December 2016 11:46 PM

බොළඳ කතාවක් හා සමාන කියවිල්ලක් (නි)

:       0       0

සංජීව Thursday, 15 December 2016 11:53 PM

මෙහෙමත් නීති තියෙන රටක්. මේවා හරිම විහිළු. වෙන රටවල් දැනගත්තොත් හිතයි ශ්‍රී ලංකාව යන්නේ ආපස්සට කියලා. (නි)

:       0       0

සංජු Thursday, 15 December 2016 11:54 PM

මේ රටේ තියෙන්නේ එ්කාධිපති පාලන ක්‍රමයක්. නීතිය තියෙන්නේ දුප්පත් අයට විතරයි (නි)

:       0       0

බීනු Friday, 16 December 2016 12:23 AM

මොකද මේ බව පොලිසියෙන් නොකිවුවේ පැමිණිලි කළ වෙලාවේ? (නි)

:       0       0

සුනෙත් Saturday, 17 December 2016 07:33 AM

මෝඩ පාලකයෝ පත්කර ගන්නේ අපි. පක්ෂ බේදයකින් තොරව කියන්නේ. මෙහෙම උත්තරයක් අගමැතිගෙන් අපිට කොහොමවත් බලාපොරොත්තු වෙන්න බැහැ (නි)

:       0       0

රෝහණ Friday, 16 December 2016 01:51 AM

නැව් අයිතිකාරයන්ට යම්කිසි ප්‍රමාදයක් වුණොත් නැවේ කාර්මික දෝෂයක් නොමැතිවිට සහ අදාළ රටේ (නැව තිබෙන රටේ) දවසකට වෙන පාඩුව ගෙවන්න ඕනෑ. එ්ක එහෙමම තමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 351 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 532 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 328 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 273 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 867 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 171 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40221 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26021 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 284 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site