තමා නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගත්තැයි සන්ඩේ ලීඩර් මාධ්‍යවේදී ආතර් වාමනන් සොර්ණලිංගම් පොලිසියට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කැර ගත්තේය. ඔහුට එරෙහිව මහේස්ත්‍රාත් උසාවියේ පවරා තුබූ නඩුව අවසන් කැර ඔහු නිදහස් කිරීම නිසා ඒ පියවර ගත් බව ඔහුගේ නීතිඥවරු ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කීහ. ඇමැති මනෝ විජේරත්න මහතාගේ බිරියගේ ජංගම දුරකතන බිල, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් ගෙවූ බව කියන සිද්ධියක් සන්ඩේ ලීඩර් පත්‍රයේ පළ නොකිරීම සඳහා රුපියල් ලක්ෂ 50ක කප්පමක් ඉල්ලා සිටි බවට ලද පැමිණිල්ලක් අනුව 2007.10.25 වැනි දා ඔහු රිමාන්ඩ් කැරිණි. ඊට පසුදාම ඔහුට ඇප දුන් එවකට ගල්කිස්ස මහේස්ත්‍රාත් අයේෂානි ජයසේන මහත්මිය රහස් පොලිසියට පැවැසුයේ සමාජයේ යහපත තකා දුෂණ හෙළි කරන මාධ්‍යවේදීන් බොරු නඩුවලට නොපටලවන ලෙසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ගොරක දඩමස් කරපු තවත් කතාවක්...
එතකොට ඇමති ට මොකද උනේ? එයාගෙ බිරිදගේ දුරකථන බිල ඇයි රජයෙන් ගෙවන්නේ? අපේ සල්ලි. ජනතාවට කන්ඩ නැහැ..රජයේ රෝහලකට ගිහින් බෙහෙත් කරන්ඩ විදිහක් නැහැ අපි බදු ගෙවන්නේ මේගොල්ලන්ගෙ බිරිදලගෙ බිල් ගෙවන්නද?
අධිකරණයේ ස්වාධීනත්වයට හිස නමා ගරුකරමි... කොන්ද කෙලින් තියෙන විනිසුරු නෝනල මහත්තයල ආරක්ෂා වේවා... !!
අපේ සිරි සැප දෙන සිරි ලංකාව තමා මේක... හිත් හික්.. හික්..
පොලිසිය ගොරක දඩම්ස් කරනවාලු කියල මම අහල තියෙනවා...
සමාජයේ යහපත තකා දුෂණ හෙළි කරන මාධ්‍යවෙිදීන් බොරැ නඩුවලට පැටලවීම හොද දෙයක් නොවෙි.
මාධ්‍යවේදීන්ට කරන කෙනෙහිලිකම් ගැන මගේ පිළිකුළ ප්‍රකාශ කරමි...
මාධ්‍යවේදීන්ට සිදුකර කෙණෙහිලිකම් වහාම නතරකළ යුතුයි.
රුපියල් ලක්ෂ 50ක් දෙන්න තියෙනවනම් ජංගම දුරකතන බිල නොගෙව ඉන්නවයැ... මෙයාලට පිස්සු අනේ...
විනිසුරු නෝනාට අපේ උපහාරය! ඔබට දීර්ඝායු!