IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


මන්ත්‍රී චමින්ද අල්ලන්න පොලිස් මෙහෙයුමක්

 (පාලිත ආරියවංශ)
 
බණ්ඩාරවෙල තැපැල් කාර්යාලය ඉදිරිපිටදී කොළඹ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි.
 

මන්ත්‍රීවරයාගේ නිවස හා කාර්යාලය  අද(12) දිනයේ සෝදිසියට ලක් කළ නමුත් ඔහු නොසිටි බවද පොලිසිය සඳහන් කරයි.
 
සැකකාර මන්ත්‍රිවරයා කිසියම් මොහොතක පොලිසිය පැමිණ බාරවිය හැකි යැයි  විශ්වාස කරන බව පොලිසිය කියයි.


අයුතු අවහිරය, රජයේ සේවකයෙකු විසින්  තම රාජකාරි ඉටුකිරීම වැළැක්වීමට තුවාල කිරීම, රජයේ නිලධාරියෙකුට අඩන්තේට්ටම් කිරීම හා සාපරාධී බලවත්කාරකම් පෑම යනාදී චෝදනාවන් සැකකාර මන්ත්‍රීවරයාට එල්ලවී ඇති බවද පොලිසිය සඳහන් කළේය.
 
 ඉකුත් 10 වනදා සවස කොළඹ මත්ද්‍රව්‍ය  කාර්යාශයේ පොලිස් කොස්තාපල්වරයා පැදවූ ජීප්රථය සැකකාර මන්ත්‍රීවරයාගේ වාහනය පසුකර ධාවනය වූ අවස්ථාවේ මන්ත්‍රීවරයා ගමන් කළ වාහනය ජීප්රියට ඉස්සර කර මාර්ගය අවහිර කර නවත්වා මෙම පහරදීම සිදුකර ඇතැයි පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය පවසයි.
 
 



අදහස් (10)

මන්ත්‍රී චමින්ද අල්ලන්න පොලිස් මෙහෙයුමක්

dias Tuesday, 12 February 2019 11:59 AM

මෙවැනි අය නොපමාව පක්ෂයෙන් පහ කල යුතුයි.

:       34       221

කුමාර Tuesday, 12 February 2019 12:20 PM

පහුගිය කාලෙ තමන්ගේ පක්ෂ නායකයාටත් සමච්චල් කතා කියමින් සිටි මොහු වහාම මට්ටු කල යුතුයි

:       0       59

මම සපුමල් Tuesday, 12 February 2019 12:20 PM

අම්මා, තාත්තා කලත් වැරදි නම් වැරදි. පොලිසිය කියන්නෙම රාජ්‍යය සහ ජනතාව. අපි පොලිසියේ සමහර වැරදි සමග එකඟ නොවුනත් ඔවුන් ක්‍රියාත්මක කරන්නේ ජනතා පරමාධිපත්‍ය. ජනතාවගේ චන්ද බලයෙන් පත්වුණු පුද්ගලයෙක්, එහෙම රජයේ සේවකයෙකුට පහර දුන්නා කියන්නේම ඔහු රජයටත්, ජනතාවටත් අභියෝග කරලා තියෙනවා කියන දේ මිසක් වෙන මොකක්ද? එහෙම කාටවත් කරන්න බැහැ. රටේ නීතියක් තියෙනවා. ඒ නිතිය අනුව මේක සාපරාධි ක්‍රියාවක්. අපරාධ නිතිය යටතේ ක්‍රියා කල යුතුයි. වෙන රටක් එහෙම නම් ඔහු ඉල්ලා අස් වෙනවා.. ඒ නිසා ඔහුව අත් අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන ලෙස රජයෙන් ඉල්ලනවා. නීතියේ ආධිපත්‍ය තහවුරු කරන ලෙසත්, නැවත මෙවැනි පුද්ගලයන් පාර්ලිමේන්තුවට ඒම වැලක්වීමට ක්‍රියා කරන ලෙසත් අගමැති තුමාගෙන් ඉල්ලා සිටිනවා. මම සපුමල්

:       0       505

අතුල Tuesday, 12 February 2019 12:54 PM

පොහොට්ටුවට සම්බන්ධ කෙනෙක් නම් රාජපක්ෂ ගිණුමට බැරවෙන, එසේ නොවේ නම් හුදකලා සිද්ධින් වන අමුතු කලාවක් මේක .

:       58       479

දිමුත් Tuesday, 12 February 2019 01:04 PM

ජනතාවට වගකීමක් තියෙනවා මෙවැනි අය නැවත බලයට පත් නොකිරීමට

:       0       312

Raveendra Tuesday, 12 February 2019 01:06 PM

මොහු " මන්ත්‍රි " වෙලා මෙහෙම නම් "ඇමතියෙක් " වුනොත් , " අගමැතියෙක් " උනොත් කොහොම වෙයිද ???

:       0       387

dinesh Tuesday, 12 February 2019 04:30 PM

මේ වගේ අයව පක්ෂෙන් නෙරපන්න ඕනේ.

:       0       162

appuwaa Wednesday, 13 February 2019 02:14 AM

හිවලුන් පාර්ලිමේන්තු යැවීම ලබන පාරෙදිවත් නවත්වමු.

:       0       372

Upul Wednesday, 13 February 2019 04:58 AM

පොලිසිය නම් වන රාජ්‍ය නියෝජනය කරන අයායනයට හෝ එහි නිළධාරින්ට සිදුකළ මෙම කටයුත්ත සදහා පොලිසිය ක්ෂණිකව අවශ්‍ය බලය එම මොහෝතේදිම යෙදිමයි කලයුත්තේ. එසේ දේශපාලකයන්ගේ වැරදි වැඩ වලට ක්ෂණික බලය යෙදුවානමි කිසිදු දේශපලකයෙක් කිසිදවසක නැවත එවැන්නක් නොකරනු ඇත. මෙි රට විනාශකරන්නේ දේශපාලකයන් නොව, දේශපාලකයන්ට අවනිතික වැඩ කිරිමට ඉඩදි බලා සිටින ඒ ඒ සිද්ධි වලට මුහුණ දෙන රජයේ සේවකයන්ගේ නිවට කමයි.

:       0       8

ලංකා Wednesday, 13 February 2019 06:31 AM

හරිහමන් අධ්‍යායාපනයක් නොමැති අය පාර්ලිමේන්තුවට පත් වුනාම මේ වගේ දේවල් වෙනව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ක්‍රීඩා පුහුණුවට නොආවැයි ගුරුවරියගෙන් අපූරු දඬුවමක්
2025 අප්‍රේල් මස 23 62 0

අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්ව


දළදා වඳින්න හෙට සහ අනිද්දා එන්න එපා
2025 අප්‍රේල් මස 23 170 0

දළදා වන්දනාව සඳහා හෙට (24) සහ අනිද්දා (25) දෙදින තුළ මහනුවර දළදා මාලිගාවට පැමිණීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානයේ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටි.


සිසුවා ඝාතනය සිසුන් 11 අධිකරණයට
2025 අප්‍රේල් මස 23 122 0

හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 2දෙදෙනකු අප්‍රේල් 29 දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටත් වයස


ඩෑන් ප්‍රියසාද් ඝාතනය ගැන පැතිකඩ 3කින් විමර්ශන
2025 අප්‍රේල් මස 23 566 1

සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම කොළොන්නාව නගර සභා අපේක්ෂයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීමට පෙර ඉකුත් (20) දා ඇතිව තිබූ ආරවුලක් මත ත්‍රි රෝද රථයකට ම


මෙරට කෝටියක් ටින් අංක ලබාගෙන
2025 අප්‍රේල් මස 23 342 0

බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය මේ වනවිට වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 10 ක් පමණ ලබාගෙන තිබෙන බවත් තවත් මිලියන 7 ක් පමණ ටින් අ


මාතර බන්ධනාගාරයේ කලබලය සමනය කරයි
2025 අප්‍රේල් මස 23 190 0

මාතර බන්ධනාගාරයේ ඇතුළු නොසන්සුන් කාරී තත්වය පැය 17කට පමණ පසු පාලනය කිරීමට හැකි වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 643 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 327 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 476 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site