මුන්දලම උඩප්පුවේ සුනාමි කුළුන අද උදේ 10.21 සිට දෙවරක් ක්‍රියාත්මක වීම නිසා ප්‍රදේශවාසීහු කල බල වූහ.
උදේ සිට ඇද හැලෙන මහ වැසිද නොතකා ඇතැමෙක් දිවූහ.
පුත්තලම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ සුනාමි අනතුරු ඇඟවීමක් සිදු නොකළ බවයි. සුනාමි කුළුනේ කාර්මික දෝෂයක් නිසා එය නාද වී ඇති බව ද එහි නිලධාරීහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මහත්තුරුනේ, ඔය අනතුරු ඇඟවීම වැදුනාම ඒක වැරදීමක් කියල ලවුස්පීකරයක් බැඳගෙනවත් ගිහින් කියන්නේ නැත්තේ? මහත්තුරු අහල නැද්ද අර කොටිය එනවා කොටිය එනවා කියල වෙච්ච දේ ගැන කතාව? (ස)
කවද හරි සුනාමි අවොත් මිනිස්සු දුවන්නේ නැහැ. (ස)
සුනාමි කුලුනත් දැන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වගේ. (ස)
ඔය වගේ දෙයක් වත් බාලබඩු හදන රටකින් නැතිව හොද රටකින් ගන්න. අනික මොනරටකින් ගත්තත් වැඩක් නැහැ නඩත්තු නොකරනවානම්. මොකෝ ඒවා යන්ත්‍ර සුත්‍රනේ. (ස)
මේ නිලධාරීන් සුනාමි නොවේ මාරයා ආවත් කමක් නැහැ. කොමිස් ලැබෙනවනම්.. (ස)
මේක හරි වැඩක්නේ... යක්කු වෙන්න ඇති දෝෂ ඇති කරන්නේ. (ස)
උපාලි එහෙම කියන්නත් මුන්ට මොලයක් තියෙන්න එපායැ.(ස)
බොරුවෙන් දුවන රටට ඕක මොකක්ද ? (ස)
තල් අත්ත උඩට බෙලි ගෙඩිය වැටිලා අහස කඩා වැටෙනවා කියල හාව දීවලු.අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු. මීරිගම මෝඩ හල්පේ කියල ගමක් තියෙනවා. ඉස්සර ඒ ගමේ අය ඔය වගේ වැඩ කරාලු.(ස)
මේකෙනුත් කොච්චර ජරාව කාලද දන්නේ නැහැ (නි)
සුනාමි එන වෙලාවටත් මේක කාර්මික දෝෂයකට ලක්වෙලා තියේවිද දන්නේ නෑ. (ස)
ආසියාවේ ආශ්චර්යය, ඕක වුනේ නැත්නම් තමයි පුදුමේ. (නි)
අනේ රන්ජනී,අනතුරු අගවන උපකරණයකින් සංඥා පිට වුනාම බෙලිගෙඩියේ කතාව මතක් කර කර ඉදො හරියනවද? පන බේරාගෙන දුවනවා මිසක්,මෙතන වුනේ හැබැයි දැන් නම් අර කොටියා ආපු කතාව තමයි. උපාලි කියනවා වගේ වැරදීමක් වුණා නම් ඒක දන්වන්න ඕනෑ. මේකෙන් වුනේ මිනිස්සුනට කුලුන ගැන විශ්වාසය නැත්තටම නැති කිරීමක්. වැරදීම් කාර්මික දෝෂ වෙන්න පුළුවන්. ඒත් ඒවා ඉදිරියේදී නොවෙන්න වග බලාගන්න එක තමයි බලදාරින්ගේ වගකීම (නි)