IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


මන්නාරම සමූහ මිනීවලේ තොරතුරු වගකීමක් ඇති මාධ්‍යවලට

 (රොමේෂ් මධුෂංඛ)
 
මන්නාරම් සමූහ මිනීවලේ කැණීම් කටයුතු පිළිබඳ මාධ්‍යට ආවරණය කිරීම සඳහා උදෑසන සහ සවස් කාලයේ දී පැය බාගය බැගින් වූ කාලය වෙන් කර ඇති බවට කැණීම් කටයුතු සිදුකරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.රාජපක්ෂ මහතා කියා සිටියේය.


එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස් රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.


‘මෙම කැණීම් සිදු කෙරෙන ස්ථානයේ අපි විධිමත් පරික්ෂණයක් සිදු කරගෙන යනවා. එතනදී පරික්ෂණ වලට බාධා වන අයුරින් අපි මහජනතාවට හෝ වෙනත් කිසිදු පාර්ශවයකට ඇතුල් වෙන්න අවසර දෙන්නේ නැහැ. ඒකේ බලය තියෙන්නේ පොලීසියට නමුත් පසුගිය කාලයේ දී විවිධ මාධ්‍යවල විශේෂයෙන් වගකීමක් නැති මාධ්‍යන් හි විවිධ කතා ගියා අපි මෙතනදී සිදු කරන ප්‍රකාශයන්ට වඩා වෙනස් වූ ආකාරයේ එමගින් අපේ පරික්ෂණ කටයුතු වලට බාධාවක් වුණා වැරදී අර්ථකතනයක් සමාජයට ගියා. ඒ නිසා පරික්ෂණ වලට බාධාවක් වේ යැයි යන අවදානම නිසා පොලීසියට දැනුම් දී පොලීසිය මාර්ගයෙන් අධිකරණ නියෝගයක් ගත්තේ නිසි අවසරයකින් තොරව සමූහ මිණිවලේ වාර්තාවන් මාධ්‍යට නිකුත් කිරීම තහනම් කරමින්.

කෙසේ වෙතත් අපි නැවත පසුගිය 21 වැනි දා සිට කැණීම් කටයුතු නැවත ආරම්භ කළා. එහිදී මාධ්‍යට නැවත මෙම ස්ථානයේ කැණීම් කටයුතු පිළිබඳව වාර්තා කිරීමට හැකි වන අයුරින් වේලාවක් සමඟ අධිකරණයෙන් නියෝගයක් ලබා දී තිබෙනවා. මේ අනුව උදෑසන 10.30 සිට උදෑසන 11.00 දක්වා සහ සවස 3.30 සිට සවස 4.00 දක්වා කාලය තුළදී කැණීම් බාර නිලධාරීන්ට දැනුම් දී මාධ්‍ය කටයුතුවල නිරත වීමට හැකිය. යනුවෙන් ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

මන්නාරම සමූහ මිනීවලේ තොරතුරු වගකීමක් ඇති මාධ්‍යවලට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 206 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 898 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


හඳුන්නෙත්ති මහජනතාවට අමාත්‍යාංශයේ දොර අරියි
2024 නොවැම්බර් මස 25 1232 0

වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.


මෙන්න මහා අපරාධයක්
2024 නොවැම්බර් මස 25 1635 1

මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක


තෙවන ලෝක යුද්දයට එරෙහිව බෞද්ධයෝ පෙළ ගැසෙති
2024 නොවැම්බර් මස 25 1174 0

ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ


කලපුවේ සැඟවුණු මල් කැකුලිය
2024 නොවැම්බර් මස 25 2253 2

මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 528 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 736 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2060 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site