IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


මුන්නේශ්වරමේ බිලි පූජාවට යළි වාරණයක්

හලාවත මුන්නේශ්වරම භද්‍රකාලි කෝවිලේ සත්ව ඝාතන සම්බන්ධයෙන්  ඕමාරේ කස්සප හිමියන් හා ඇමැති මර්වින් සිල්වා මහතා විසින් ඉදිරිපත් කැරුණු මෝසම් ගැන ලබන 11 වැනිදා තීන්දුවක් දෙනතුරු බිලි පූජා නතර කරන ලෙස හලාවත ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ජගත් ඒ. කහඳගම මහතා කෝවිල් පාලකයනට නියෝග කළේය. වෙන්නප්පුව පොලිස් අධිකාරී ඊ.එස්. දයාරත්න මහතා කියා සිටියේ කෝවිලේ සත්ව ඝාතන නීති විරෝධී බවයි.



අදහස් (0)

මුන්නේශ්වරමේ බිලි පූජාවට යළි වාරණයක්

රිස්වාන් - සවුදි Thursday, 06 September 2012 08:34 PM

ඇමතිතුමනි, පුලුවන්නම් බාර් එකක් වහලා පෙන්නන්න. වැඩියෙන්ම එතකොට කලබල වෙන්නේ පාර්ලිමේන්තුවේ කට්ටිය තමයි. (නි)

:       0       0

රූපසිංහ Friday, 07 September 2012 10:51 AM

''අනුන් ගැන නොසොයන්න. තමන් සත්ත්‍ය ගරුක වෙන්න. තමන්ගේ වැරදි පළමුව දකින්න. දෙවනුව නිවැරදි වන්න'. එවිට මේ කතාකරන සියලු දෙනාම නිවැරදි වී ඇත . තෙවනුව අන් අයට දේශනා කරන්න. එවිට එය තේරුම් ගැනීම ඔවුන්ගේ වැඩකි . තමන් කරගන්නා දෙය තමන්ටය. ඒ නිසා ඔබ නොවැනසෙන්න.'' (ස)

:       0       0

සමීර Friday, 07 September 2012 10:52 AM

මේක කරන්නේ රටට සෙත් පතාලු .. .අනේ අහිංසක සතුන්ට නොලැබෙන සෙත රටට ලැබේවිද ? (ස)

:       0       0

ප්‍රවීන් Friday, 07 September 2012 11:25 AM

අපි ඔක්කොම වැරදියි...මේ මිනිස්සු කරන වැ‍ඩෙත් වැරදියි..අපි කරන වැඩෙත් වැරදියි..(ස)

:       0       0

ලංකා Thursday, 06 September 2012 09:03 PM

පොලිසියේ අදහස් අනුව වැඩ කළොත් නේද හොද? (නි)

:       0       0

ගුණරත්න Thursday, 06 September 2012 08:57 PM

මහේල, අහංසක සතුන් බිල්ලට දීමෙන් ඇති පලේ කුමක්ද? (නි)

:       0       0

ශ්‍රියා Friday, 07 September 2012 12:03 PM

අන්න හොදයි

:       0       0

අමිල කටුනායක Thursday, 06 September 2012 09:17 PM

කො‍හොමත් ඔය පූජාව තියන එකක් නැහැ. (නි)

:       0       0

ශ්‍රියානි Friday, 07 September 2012 12:03 PM

ජනපති තුමනි ඔබට පින් ඔය වැඩේ නවත් වන්න (දී)

:       0       0

කිවිනි Thursday, 06 September 2012 03:43 PM

කොන්දක් තියෙන පොලිස් නිලධාරියෙක්..(ස)

:       0       0

ධනුෂ්ක Thursday, 06 September 2012 03:45 PM

මේ ස්ථාන වලට මස් කඩ බලපත්‍ර තියෙනවද ?(ස)

:       0       0

මහේල Thursday, 06 September 2012 03:46 PM

සිංහලයිනි, බොරු කරන්න එපා. මේ පූජාවට වැඩිපුරම ඉන්නේ සිංහල අයයි. අනික ‍මේ පූජාව නොකළොත් රටට හොද නැතිලු. (නි)

:       0       0

නිශාන්ත Thursday, 06 September 2012 03:56 PM

සතුන් මරණ ආගමක් මොකටද මිනිස්සුනේ (ස)

:       0       0

නිශාන්ත Thursday, 06 September 2012 03:51 PM

කෝවිලක්ද? මස් කඩයක්ද? (නි)

:       0       0

මහේල Thursday, 06 September 2012 03:58 PM

ධනුෂ්ක, වැඩියෙන්ම ඌරු මස් කඩ තියෙන්නේ මේ පළාතේ තමයි. (නි)

:       0       0

නිශා Thursday, 06 September 2012 03:59 PM

අපි පළමුව මස් කඩ වැසිය යුතුයි. (නි)

:       0       0

නිශාන්ත Thursday, 06 September 2012 03:52 PM

මේක කෝවිලක් නෙමෙයි, ලේ විලක්. (නි)

:       0       0

නෙල්සන් Thursday, 06 September 2012 10:28 PM

අනේ මේ විකාර දොඩවන්න එපා. අපේ රටේ මරන සතුන් ප්‍රමාණය දවසකට ලක්ෂයකට වෑඩියි. නමුත් මේ දේවාලේ සතුන් මරන බව රටටම කියලා මරන නිසා තමයි අපේ අය නින්දෙන් අවදිවෙලා වගේ දොඩවන්නෙ. අනේ බෞද්ධයගේ රට නෙමෙයි, පෙරේත බෞද්ධයගෙ රටයි මේ. (නි)

:       0       0

කුමාර Friday, 07 September 2012 07:39 PM

මොනවාද මහේල? "සිංහලයිනි, බොරු කරන්න එපා. මේ පූජාවට වැඩිපුරම ඉන්නේ සිංහල අයයි. අනික ‍මේ පූජාව නොකළොත් රටට හොද නැතිලු." මේවා දෙමළ වැඩ. (නි)

:       0       0

රණා Thursday, 06 September 2012 04:03 PM

ඕක මොකක්ද ? හැමතැනම මස් කඩ තියෙන්නේ..(ස)

:       0       0

සනුල් Thursday, 06 September 2012 04:11 PM

මෙවැනි කොන්ද පණ අති පොලිස් නිළධාරීන් ඉන්නවනම් අපේ රට නීතිගරුක රටක් කරන්න පුලුවන්.(වි)

:       0       0

ඇරිස් Thursday, 06 September 2012 10:40 PM

වෘක්ෂලතා සහ වනජීවී පනත අනුව මෙය තහනම් කරන්න බැරිද? (නි)

:       0       0

ටුආන් Thursday, 06 September 2012 04:11 PM

පුලුවන් නම් එක බාර් එකක් වහලා පෙන්නන්නකෝ. (නි)

:       0       0

ගැලැක්සි Thursday, 06 September 2012 04:11 PM

මිනිසුන්ගේ මොලයේ මැටි තිබෙන තුරු උසාවි නියෝග කී දාහක් නිකුත් කරන්න වෙයිද දන්නේ නෑ. සතෙකු මරා ලැබෙන කාලකන්නි සතුට කුමක්ද කියා තේරුම් ගැනීමට තරම් මම සමත් නොවෙමි. තමාගේ හෝ තම දරුවාගේ අතක් උවද සීරිමකට ලක්වීමට කිසිවකු කැමති නැත. එහෙයු මිනිසුන් තම විමුක්තිය සඳහා අහිංසක සතුන් ගෙල කපා මරයි. සා ගින්නේ මියැදීමට සිටින මිනිසෙකු තම ආහාරයට මෙම සතුන් මරුවෙහි නම් එය මෙලෙසින් කතා කිරීමට මට නොහැකිය. ලැබෙන විමුක්තිය කෙසේ උවද කල්ප ගණනින් අපාගත වී අනන්ත දුක් විඳීමට වන බවනම් ඒකාන්තය. මනස උසස් මිනිසුනේ. මොල ගෙඩිය තිබේනම් කල්පනා කරන්න.(වි)

:       0       0

කැටවල Thursday, 06 September 2012 04:20 PM

වහාම නවත්වන්න...(ස)

:       0       0

රොනී Thursday, 06 September 2012 10:56 PM

සත්ත්ව ඝාතන වලට වඩා කුඩු නිසා මිනිස් ජනගහණය අඩු වෙනවා. (නි)

:       0       0

සෑම් Thursday, 06 September 2012 04:30 PM

ඔය හරක් මස් කඩ වහන්න කියන අයම නේද රස කර කර කුකුලු මස් කන්නේ? (නි)

:       0       0

යෝනුසලවි Thursday, 06 September 2012 04:39 PM

මස් කඩ ටික ඉබේම වැහෙයි මේ අදහස් ප්‍රකාශ කරන උදවිය මස් නොකා හිටියා නම්. මස් කඩවල් වලට එන මිනිසුන්ගෙන් 90% ක්ම මේ සතුන් මරන්න එපා කියා බෙරිහන් දෙන කට්ටිය තමයි. හරි පිරිමියෙක් ඉන්නවා නම් ඉස්සරහට එන්න, සංගණනයක් කරමු, මස් වැඩි පුර කන්නේ කවුද? නැතහොත් පෙරේත කවුද කියලා. කාවද රවට්ටන්නේ? හමුදාවට මස් කිලෝ කීයක් ඇණවුම් කරනවද? සොයා බලන්න. මම එක උදාහරණක් පමණයි කිවුවේ. තව තියෙනවා. (නි)

:       0       0

උපේන්ද්‍ර Thursday, 06 September 2012 04:41 PM

නියමායි. (නි)

:       0       0

රොහාන් Thursday, 06 September 2012 04:49 PM

ඇමතිතුමා කරන්න යන්නේ මොකක්ද කියලා හිතා ගන්න අමාරුයි. (නි)

:       0       0

සුමිත් Thursday, 06 September 2012 04:45 PM

මේ වගේ නොහොබිනා වැඩ කරන්න එපා

:       0       0

ලසන්ත Thursday, 06 September 2012 04:45 PM

මිනිස්සුන්ගේ ජිවිත ලස්සන කරන්න සත්තු මරණ එක හරිද

:       0       0

අසිත Thursday, 06 September 2012 04:49 PM

මේක දමිළ අයගේ ප්‍රශ්නයක් මිසක් හාමුදුරුවරුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. (නි)

:       0       0

එරන්ද Thursday, 06 September 2012 04:56 PM

ගැලැක්සි, ඔයා දෙමළ බසින් ලියන්න ඕනෑ. (නි)

:       0       0

සූරියන් Thursday, 06 September 2012 04:57 PM

සතුන් මරනවා වාගේ මිනිසුන් මරන එක හෙළා දකිමු. (නි)

:       0       0

සමන් Thursday, 06 September 2012 05:02 PM

අධිකරණයෙන් නිත්‍ය විසදුමක් දෙන්න

:       0       0

දිල්ෂාන් Friday, 07 September 2012 12:30 AM

සත්ත්ව ඝාතන වැරදි නම් කුකුල් මස් කන්නත් එපා. (නි)

:       0       0

චන්ද්‍රපාල Friday, 07 September 2012 01:41 PM

අන්න හොදයි (දී)

:       0       0

මධු Friday, 07 September 2012 01:23 AM

මම මේ කියන ඇමතිතුමාට ඉස්සර කැමති නැති වුණත් දැන් මම එතුමාට කැමතියි. ඔබට ජය වේවා! (නි)

:       0       0

ගයාන් Thursday, 06 September 2012 05:28 PM

හොද වැඩක්

:       0       0

මහේෂ් Friday, 07 September 2012 01:50 AM

මට දැනගන්න ඕනෑ මේ මරණ සත්තුන්ගේ මස් වලට මොකද කරන්නේ කියලා. මොකද ඔය ඔක්කොම කාලි අම්මා කන්නේ නැහැනේ. (නි)

:       0       0

තරුෂ Thursday, 06 September 2012 05:28 PM

මෙහෙම ආගම් ඇදහීම බලා සිටින කුඩා දරුවන්ගේ මනස නිතැතින්ම බෙලි කපන ලේ විල් දකින සිද්ධි සාමාන්‍යකරණය වී අනාගත ප්‍රභාකරන්ලා බිහිකරන මොන්ටිසෝරි බවට පත්වේවි. (නි)

:       0       1

ජගත් Friday, 07 September 2012 02:07 AM

මේ බෞද්ධ රටේ එක දවසකට මොනතරම් සතුන් ප්‍රමාණයක් මරනවද ? ඒ අපේ බඩගෙඩිය පිනවන්න. කාලි මෑණියන්ගෙ බිලි පූජාවට එරෙහි වෙන්න කලින් බෞද්ධ යැයි කියාගන්නා අපි, අපි විසින් කරන බිලි පූජා නවත්වමුද ? මස් කඩවල තියෙන්නෙ සතුන්ගෙ මස් නෙමෙයිද සනුල්? අපි පෙරේතයන් වගේ මස් කකා මොනවද මේ කරන විකාර වැඩ. මේ රට තුන්වරක් බුදුන්ට පූජා කළාට ඒ පූජා කළ අය රජකම දාලා ගෙදර ගියාද ? බුදු හාමුදුරුවො රජකම ගන්න එන්නේ නැහැ කියලා ඒ අය දන්නවා. ඉතින් මොකද පූජා කරන්න බැරි ? (නි)

:       0       0

චන්ද්‍රසිරි Friday, 07 September 2012 02:23 AM

මොනවා වුණත් මර්වින් ඇමතිතුමාගේ විතරයි කොන්ද පණ තියෙන්නේ. (නි)

:       0       0

ලලිත් Friday, 07 September 2012 03:22 AM

සතුන් මරලා යකුන්ට පිදුව කාලෙන් අපි අයින්වෙලා අවුරුදු දෙතුන් දහසක් දැන් ගතවෙලා හමාරයි. මේවා ආගම් නොවෙයි. මනස විකෘති වුණු මිනිසුන් කීහිපදෙනෙකුගේ ක්‍රියාකලාප. කිසිම ආගමක බිලි පුජා අනුමත කිරීමක් නැහැ. (නි)

:       0       0

ප්‍රේමලාල් Friday, 07 September 2012 03:25 AM

මොන ආගමකවත් කියලා නැහැ බිලි පූජා කරන්න කියලා. (නි)

:       0       0

ට්‍රෝයි Friday, 07 September 2012 04:01 AM

ඔතන අදහස් දාන මෝඩයන්ට තේරෙන්නේ නැද්ද මේක පුජාවකට මරණ තැනක් මිස කන්න මරන තැනක් නොවේ කියලා.කන්න නම් කමක් නැහැ. මේ මරන්නේ ආගමක් වෙනුවෙන්. ඒක අනුමත කරන්න බැහැ. (නි)

:       0       0

ශානක Friday, 07 September 2012 04:12 AM

අනේ හොදයි

:       0       0

හේමසිරි Thursday, 06 September 2012 06:00 PM

මමත් මස් කන කෙනෙක්.. අපි මස් කන එක නතර කළානම් මේ ගැටලු ගොඩක් දුරට විසදෙනවා.. (නු)

:       0       0

ලියනගේ Friday, 07 September 2012 05:16 AM

සත්තු මරන්න ලැහැස්ති වෙන්න එපා

:       0       0

ජයා Thursday, 06 September 2012 06:10 PM

කාලි අම්මා මේ අපරාධ දැනගත්තොත් මේ සේරම මරණවා..!!(නු)

:       0       0

ලිලියන් Friday, 07 September 2012 05:13 AM

ලංකාවේ මුස්ලිම් මිනිසුන්ගේ හරක් මස් කඩ පූජාවත් සමගම නතර කරන්න. (නි)

:       0       0

නලින්ද්‍ර Friday, 07 September 2012 05:26 AM

පන්සල් වල අලි ඇතුන් බැදලා වද දෙන එකත් නවත්වන්න ඕනෑ. (නි)

:       0       0

දේවානි Thursday, 06 September 2012 06:16 PM

මේක බෞද්ධ රටක්.. ලංකාවෙ තියෙන සියලුම දේවාල කෝවිල්වල සම්පූර්ණයෙන්ම සත්ව ඝාතනය තහනම් කළ යුතුයි...!!මේ කෝවිලේ විතරක් නෙමෙයි.. අවිහිංසාවාදී සංගමයත් මේවට එකතුවීම ඉතාම වැදගත් කියලා මම විශ්වාස කරනවා..!(නු)

:       0       0

නාමල් Friday, 07 September 2012 07:08 AM

අපේ ධර්මිශ්ඨ කට්ටියගේ වැඩ බලාගන්න අපිට හොද අවස්ථාවක්. (නි)

:       0       0

ලංකා Friday, 07 September 2012 03:18 PM

ජනපති තුමනි සත්තු මරන්න දෙන්න එපා (දී)

:       0       0

චන්දන Thursday, 06 September 2012 06:25 PM

මස් වැඩිපුර කන්නේ කවුද? නැතහොත් පෙරේත කවුද කියලා කාවද රවට්ටන්නේ? හමුදාවට මස් කිලෝ කීයක් ඇණවුම් කරනවද? පන්සල් වලට මස් කිලෝ කීයක් ඇණවුම් කරනවද? සිංහලයිනි, බොරු කරන්න එපා. වැඩිපුරම මස් කන්නේ සිංහල අයයි. (නි)

:       0       0

සනුල් Thursday, 06 September 2012 06:29 PM

මේ රටේ හමුදුරුවො තමයි මුර දේවතාව කියල හදුන්වන්නෙ. හාමුදුරුවරු නිසා තමයි අපේ සන්ස්කෘතිය මෙහෙම හරි රැකුණෙ. සුද්ද ඒ දවස් වල හාමුදුරුවන්ව කහ හමුදාව කියල හැදින්වුයෙ එක නිසා.(නු)

:       0       0

නිමල් Saturday, 08 September 2012 08:27 AM

නවත්වලම දාන්න (දී)

:       0       0

රාජිත Friday, 07 September 2012 07:26 AM

අධිකරණයට ස්තුතියි

:       0       0

sanul Thursday, 06 September 2012 06:49 PM

මේකට ප්‍රතිචාර දාන පණ්ඩිතයන් දෑනගත යුතු කරුණක් තමයි මේ රටේ බුද්ධ ශාසනය රැකුණේ මේ රටේ ඇති සිංහල බෞද්ධ සංස්කෘතිය නිසයි. ශාසනය රකින්න අවශ්‍ය නම් අපි සංස්කෘතිය රැකිය යුතුයි. ඒ නිසා මස් කඩ තියෙන එකේ බිලි පුජා තිබුණට කමක් නැහැ කියන්නෙ පුහුදුන් පණ්ඩිතයෝ. මස් කඩ වලට සමාජය තුළ තිබෙන්නෙ පිළිකුළක්. ඒවාට පිළිගෑනීමක් නැහැ. මෙතන තිබෙන්නෙ මේ බිලි පුජාවට පිළිගෑනීමක් ලබා දෙනවද නෑද්ද යන ප්‍රශ්නයක්. පිළිගෑනීමක් ලබා දෙනවා කියන්නෙ අපේ අවුරුදු 2500 ක සංස්කෘතිය පාවා දිමක්. මේ රට තෙවරක් බුදුන්ට පුජා කළ රටක්. මේ රට තුළ මේ වගේ දේ සිදුවෙන්න දෙනන් බැහැ. බෞද්ධයන් දෑන්වත් කොන්ද පණ ඇතිව නැගී සිටිය යුතුයි...(නු)

:       0       0

රංගීත් Friday, 07 September 2012 07:54 AM

එළුවන් කැපීම බඩගෝස්තරවාදයක්ද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

අනුර Thursday, 06 September 2012 06:54 PM

මස් කඩ ප්‍රසිද්ධියේ කරන්නේ නැහැ. (නි)

:       0       0

සමන් Thursday, 06 September 2012 06:57 PM

සත්ත්ව ඝාතන වළක්වමු. මිනිසුන් මරමු. (නි)

:       0       0

තිස්ස Monday, 26 December 2016 03:45 AM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

සමන් Friday, 07 September 2012 08:43 AM

ලංකාවේ වැඩියෙන්ම සත්ව ගාතන සිදුවෙන්නේ දෙසැම්බර් මාස‍යටයි‍‍....ඒවා කවුරුත් නවත්වන්න කියන්නේ නෑ..(ස)

:       0       0

සිල්වා Thursday, 06 September 2012 07:14 PM

මෙහෙමත් සත්තු මරණ එක හරිද

:       0       0

මොහෝ Thursday, 06 September 2012 07:11 PM

මහත්වරුනේ, ම මමේ පූජාව දැකලා තියෙනවා. වැඩිපුරම ඉන්නේ සිංහල අයනේ. (නි)

:       0       0

සමීර රුක්ෂාන් Saturday, 08 September 2012 09:33 AM

ඔය කියන පූජකයෝ කවදාහි කිසියම් රටක මිනී කන ගෝත්‍රයකට අහුවුණානම් එයාලගේ ආගමික නිදහස ගැන සතුටු වෙන එකක් නම් නැහැ..!!(නු)

:       0       0

අසිත Thursday, 06 September 2012 07:27 PM

කෝවිලේ එළුවන් වෙනුවට ඌරන් කැපුවනම් මොකද? (නි)

:       0       0

මුදිත Friday, 07 September 2012 09:28 AM

අයියෝ සත්තු

:       0       0

නාලක Friday, 07 September 2012 09:33 AM

බොහොම හොද තීරණයක්

:       0       0

මෙන්ඩිස් Thursday, 06 September 2012 07:38 PM

ලංකාවේ ප්‍රෝටීන් ඌණතාවය දැන් 60%යි. මස් කන එක නවත්වමුද? (නි)

:       0       0

මේනක Thursday, 06 September 2012 07:39 PM

රටට හොද නෑ කියන්නෙ බොරුවක්. කොහොම හරි වැඩේ කරගන්න. මමත් හලාවත කිට්ටුව. අනික මේකට මුන්නේශ්වරම් දේවාලය විරුද්ධයි. කාලි කෝවිල තියෙන්න මහා දේවාලෙට ගොඩක් එහා. ඒක හදනකාලෙ මම දන්නවා. එච්චර පරණ එකක් නෙමෙයි ඒක. (නි)

:       0       0

උපාලි Friday, 07 September 2012 09:34 AM

සත්තු වෙනුවෙන් පන උනත් දෙනවා

:       0       0

චතුල වෙරෝනා Thursday, 06 September 2012 07:58 PM

පොලිසිය කොහේද? (නි)

:       0       0

කුමාර Friday, 07 September 2012 09:50 AM

කවුරු හරි ඉන්නවානම් මේවා දෙමළ වලට පරිවර්තනය කරන්න..ඒක ලොකු පිනක්.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1112 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට
2024 ඔක්තෝබර් මස 11 72 0

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස


කීමෝ ප්‍රතිකාරයෙන් පසු විලියම් - කේට් මහජන අවස්ථාවකට
2024 ඔක්තෝබර් මස 11 320 0

කීමෝ තෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව කේට් මිඩ්ල්ටන් කුමරිය සහ විලියම් කුමරු යුවළක් ලෙස ප්‍රථම වතාවට මහජන අවස්ථාවකට සහභාගී වී ඇත.


රුසියන් - ඉරාන ජනපති හමුවෙති
2024 ඔක්තෝබර් මස 11 1156 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් පැවැත්විණි.


නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධීන්ට
2024 ඔක්තෝබර් මස 11 274 0

මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරි


රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා
2024 ඔක්තෝබර් මස 11 2743 2

රජයට අයත් බව කියන වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39936 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25916 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 193 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1286 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site