ඕස්ටි‍්‍රයා ජාතික පීලික්ස් බම්ගර්ට්නර් ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ අහසේ අඩි 128,000ක් හෙවත් කිලෝමීටර් 39ක් උඩසිට බැලූනයක හා පැරෂුටයක ආධාරයෙන් බිමට පැන ලෝක වාර්තාවක් පිහිටැවීය.
ශබ්දයේ වේගයට වඩා වේගයකින් බිමට පැනීමට ඔහුට ගත වූයේ මිනිත්තු 10කි.
පීලික්ස් කැප්සුලයෙන් පැන නිදහසේ මිනිත්තු හතරක් පමණ බිමට පාවෙමින් සිටියදී පැරෂුටය විවෘත කැරගත්තේය.
1960දී ගුවන් නියමු ජෝ කිටින්ගර් අඩි 102800 (කිලෝමීටර් 19) අහසින් පැන වාර්තාවක් පිහිටැවීය. පීලික්ස් ඒ වාර්තාව බිඳ දැමීය.
අහසේ එවැනි උසක සිට බිමට පැනීමේදී මිනිස් සිරුරට ඇතිවන බලපෑමත් පැනීම සඳහා යොදාගන්න බැලූන හා පැරෂුටවල ශක්තිය මැන බැලීමත් මේ පිම්මේ අරමුණ විය.
පීලික්ස් ශබ්දයේ වේගය පැරදවූ පළමු මිනිසාය. ඔහු පොළොවට ආ වේගය පැයට කිලෝමීටර් 1342 කි.
‘මා බිමට එද්දී මට හිතුණේ ටොන් විස්සක පමණ බරක් මගේ උරහිස මත තුබූ සැටියකි. මේ කාරියට මා හත් අවුරුද්ධක්ම පුහුණු වුණා‘ යැයි පීලක්ස් ජර්මන් බසින් මාධ්‍ය ඇමතීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාරයිනේ. (නි)
සල්ලි තියෙනවානම් මාත් උත්සාහ කරනවා (ස)
අයියෝ සල්ලි
ලංකාවේ බඩු මිළ මුණගැසුණේ අඩි කීයෙදිද? (නි)
ඔබ සැබැවින්ම විශිෂ්ටයෙක් !!!!!(ස)
නියම වැඩක් (ස)
කරන්න දෙයක් තිබුණෙම නැද්ද වෙන (ස)
විශිෂ්ටයන් අතර විශිෂ්ටයෙක් , මගේ සුබ පැතුම් (ස)
කුරුවිට, ඕස්ට්‍රේලියා වල ඉන්න හම සුදු මිනිස්සු, සුද්දන් නැතුව වෙන කවුද? (නි)
ඕක මොකද්ද අපි අවුරුදු ගණනාවක ඉඳලා අහසෙත් නෙමෙයි පොළවෙත් නෙමෙයි.මොනවා කරත් ජීවන වියදමයි අපරාධ රැල්ලයි නිසා ජීවත් වෙන්න බැරුව එලෝ මෙලෝ නැතුව ඉන්නේ (ස)
ඇත්තෙන්ම අතිවිශිෂ්ඨයි (ස)
අයියෝ මේකත් මොන පැනිල්ලක්ද..? අපේ මන්ත්‍රීවරු පක්ෂ මාරුකරලා පනින පැනිල්ලට..? (ස)
ඕස්ට්‍රේලියාව සහ ඔස්ට්‍රෙියාව යනු සම්පූර්ණයෙන්ම වෙනස් රටවල් දෙකක්.. ඔය දෙන්නම පටලවාගෙන ඉන්නේ..!(නු)
මිනිහෙක් අහසින් බිමට පනී? විහිළු කරනවද මන්දා? (නි)
අපේ අය 5 දෙනෙක් විතර ඉන්නවනේ අනවශ්‍ය අය , දිගහැරෙන්නේ නැති පැරෂුට් 5ක් දීල පන්නමුද . මල් හතයි (ස)
වැඩේනම් හොදයි හැබැයි අපේ රටේ සමහර දේශපාලකයොත් ශබ්දෙට වඩා වේගෙන් පැනල පක්ෂ මාරු කරල වාර්තා තියල තියෙනවාලු (ස)
නියමයි. අති විශිෂ්ටයි. (නි)
මිනිසෙක් සතු බලය පෙන්වයි මුළු ලොවටම. නියමයි. අති විශිෂ්ටයි. (නි)
නියමයි. අති විශිෂ්ටයි. (නි)
ඇත්තෙන්ම අතිවිශිෂ්ඨයි (ස)
ඔබ හරිම විශිෂ්ටයි (ස)
සුද්දා කොහොමත් දක්ෂයි (ස)
නියමයි....ඓතිහාසික සිද්ධියක් (ස)
මොකද්ද කියන්න මම දන්නේ නැහැ
නියම වැඩක්. මේක ලෝක වාර්තා කිහිපයක්ම බිඳ දැමීමක් (ස)
ඔහුට ශබ්ධයේ වේගයත් පරදන්න පුලුවන් වුණා එහෙනම් ....නියමයි (ස)
මොකක්ද අප්පා මේ හරුපේ? (නි)
ඕකත් මහ ලොකු වේගයක්ද? අපේ බඩු මිල නග්ගන්නෙ සද්දයේ වේගය වගේ දෙගුණෙකින් (ස)
වාව් !!! ..මෙන්න සැබෑ වැඩකාරයෝ (ස)
ඇත්තෙන්ම අතිවිශිෂ්ඨයි (ස)
හැබැයි මෙයාට ලංකාවේ සංවර්ධන වේගය පරදවන්න පොඩ්ඩක් අමාරුවෙයි. (නි)
අතිවිශිෂ්ටයි (ස)
ඕස්ටි‍්‍රයා ජාතික පීලික්ස් බවුම්ගර්ට්නර් වීරෝධාර පුද්ගලයෙක් ලෙස ලෝක ඉතිහාසයට එක්වේ. මගේ උණුසුම් සුභ පැතුම්! ලෝකේ උසම ගොඩනැගිළිත් මදි ඔහුට අවුරුදු හතක් දුක් විඳමින් පුහුණුවට ශබ්දය පරදවා ඔහු ලත් වේගයට මිනිසෙක් සතු බලය පෙන්වයි මුළු ලොවට (ස)
පිස්සුද
ගුවන් ගැබේ ජය ගන්නට ඔබ සමතෙක් වූවා ලක් මවු තුරුලේ සිටගෙන ආසිරි ගෙන ආවා... (නි)
සුද්දා හිතා මතා අහසින් බිමට පැනලා ලෝක වාර්තා පිහිටවනවා! අපේ රටේ අහසින් වැටුණු දරුවන් ගැන වාර්තා ලියවෙන්නේ නැත්ද? (නි)
සිල්වා අයියා මෙයා සුද්දෙක් නෙමෙයි . ඔස්ට්‍රියන් ජාතිකයෙක්. කවුරු උනත් වැඩකාරයෙක් (ස)