මහනුවර ඉඩම් ලේකම් කාර්යාලයේදී ඔප්පුවක මුල් පත්ඉරුවක් හපා කා ගිල දැමූබව කියන මහරගම නාවින්නේ ජේමිස් මාරසිංහ (73) මහනුවර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රවීන්‍ද්‍ර පේ‍්‍රමරත්න මහතා විසින් රිමාන්ඞ් කරණු ලැබීය. නීතිඥයකු බව කියාගත් ඔහු නීතිඥයකුදැයි විමසා වාර්තා කරන ලෙස නියම කළ මහේස්ත‍්‍රාත් කටෙන් එළියට ගත් පත්ඉරුකෑලි රජයේ රස පරීක්ෂක වෙත යැවීමටද නියෝග කළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ගිලින්න හේතුව නොදැන මෙයා වීරයෙක්ද , මානසික රෝගියෙක්ද කියලා කියන්න අමාරුයි
පත්තිරැ කන්න තහනම් කියල නීතියක් තියෙනවාද අපේ රටේ...
මේ මනුස්සයට දොස්තර කියල හොදට කොළ ජාති කන්න කියලා... ඉතිං අහුවෙන හැම කොලේම කනවා...
මාර සිංහ මාර පොරක් නේ
තීතියටම අනුව එයා වැඩ කටයුතු කරලා තියෙන පාටයි.ඇයි වෙන සමහර නීතිඥවරු කාලා ගිලින්නේ මිනිස්සු අමාරුවෙන් හරි හම්බ කරන දේවල් නේ.ඒ අනුව මෙයා තව හොදයි. මෙයා නීතිඥයෙක් නම් මෙයා මිනිස්සු අමාරුවෙන් හරි හම්බ කරන මුදල් වෙනුවට කාලා තියෙන්නේ ඉඩම් පත් ඉරු..
අනේ අපොයි මේ මිනිහා ඉඳලා තියෙන්නේ බඩගින්නේද?
අනේ මේ...වයසේ හැටියට නෙමෙයි වැඩ ..
නියමයි ජේමිස් බන්ඩා.......!
නීතිය ගැන නිතර කතාකරන අයටත් ක්‍රියාත්ම කරන්න හොද අවස්ථාවක්...
කටේ දමා රස පරීක්ෂණය කරල තියෙන්නේ ජේමිස්
මෙවැනි කටයුතු සල්ලි වලට ඉඩම් කච්චේරි වල කරනවා. ඒහෙම කලාම ඉඩම් හිමියා අමාරුවේ. කෙනෙකුට තරහින් එහෙම කලාට එම කොළයේ අනිත් පැත්තේ අයිතිය ලියා තිෙයන කෙනාටත් පත් ඉරුව නැති ෙවනවා. ඒකෙන් වෙන්නේ කිසිවක් නොදන්න අහිංසකෙයකුටත් අයිතිය ප්‍රකාශ කරන්න බැරි වීමයි.
හැබෑටම රට කන ගම කන උන් ඉන්දෙද්දි පත් ඉරුවක් කන එක මොන කජ්ජක්ද?
වළ පයයි ගොඩ පයයි තියාගෙනත් පෙනේද තියෙන තණ්හාව.පිනක් දහමක් කරගෙන ඉන්නේ නැතුව
මානසික රෝගියෙක්
මෙයා අලි ජේමිස්වගේ පොරක්නේ.
අනිත් පැත්තෙන් එන ඒවා රස පරීක්ෂකට යවන්නෙ නැද්ද ?
මෙහෙමත් කෙනෙක්. හිස නිකට මොකට කෙස් පැහුනද දෙයියනේ.