මීගහකිවුල කරමැටියේ දෙපිරිසක් අතර ගටුමක් දුරදිග යාමෙන් කෝපයට පත් පිරිමියකු කාන්තාවකගේ මැද ඇගිල්ලක් සපා ගිල දමා ඇතැයි පොලීසිය පවසයි.
ඇඟිල්ල අහිමිවූ කාන්තාව සිද්ධියෙන් මොහොතකට පසුව කන්දකැටිය රෝහලටත් අනතුරුව බදුල්ල මහ රෝහලටත් මාරුකර යවා ඇති අතර සැකකාර පුද්ගලයා කන්දකැටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
කුඩා දරු පිරිසක් අතර ඇතිවූ සිද්ධියක් මුල් කර ගනිමින් ප‍්‍රදේශයේ දෙපිරිසක් අතර මෙම ආරවුල ඇතිවී තිබේ.
කාන්තාවට ප‍්‍රතිකාර කරන කන්දකැටිය දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරී කේ.එච්. ජගත් කුමාර මහතා මෙසේ කීය.
”අතක ඇඟිල්ලක් සපා කෑ බව පවසමින් කාන්තාවක් රෝහල් ගත කළා. ඇඟිල්ල යලි බද්ධ කල හැකිදැයි බලන්නට මා එම කොටස කාන්තාවගෙන් ඉල්ලා සිටියා. එහෙත් එය සපා කෑ පුද්ගලයා විසින්ම එය ගිල දැමූ බව ඇය මට පවසා සිටියා” යැයිද වෛද්‍ය ජගත් මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇඟිල්ල ගිල්ලා කියලා ස්ථිර වෙලා නැහැනේ. නේද? ඒ කාන්තාව කියපු දේ ඇත්තද කියලා කව්රුත් හොයලා නැහැනේ. කාන්තාවන්ගේ බස් අසා අනුන් සමග කලහයට යන තැනැත්තා පරිහානියට පත්වේ කියලා බුදුහාමුදුරුවෝ වදාරලා තියෙනවා. ඒ නිසා හරියට නොදැන මිනිස්සුන්ව වැරදිකාරයෝ කරලා අදහස් දාන්න එපා. (නි)
සිංහලයාගේ මී මුත්තා, සිංහයෙක් කියලනේ මහා වංසයේ ලියලා තියෙන්නේ. (නි)
අපි මිනී කන සිංහයන්ගෙන් පැවත එනවා කියන ජනප්‍රවාදය බොරුවක් වෙන්නත් බැහැ (නි)
ගැහැණි මොකටද මිනිහගේ කටේ ඇඟිල්ල ඔබන්න ගියේ ? (නි)
අංගුලිමාලගේ මල්ලිද මන්දා? (නි)
අනේ මෙහෙම නපුරු මිනිස්සු. ඉවසන්න පුරුදුවෙන්න මිනිසුනේ. ඔක්කොටම මුල ඉවසීමක් නැතිකම. (නි)
මිනිසුන් හරිම භයානකයි (නි)
මෙම පුද්ගලයා මයික් ටයිසන්ගේ නෑදෑයෙක්ද? (නි)
අපි හිතන් හිටියට ලෝකෙන්ම උතුම් රට කියලා, එක සාහිත්‍යට විතරයි! අපි දැන්වත් අපේ නියම තත්වය හදුනාගෙන ලෝකෙන් ඉගෙන ගනිමු. (නි)
සිංහල අවුරුදු සතිය නියමෙට නැගලා යනවා.... (නි)
මිනිහෙක් නෙමෙයි තිරිසනෙක් ගැහැනු ඇඟිල්ලක් ගිලියි කියලා හෙඩිම එන්න ඕනෑ. අංගුලිමාලවත් ඇගිලි කෑවෙ නැහැ. එයාට අපහාස කරන්න එපා (නි)
දොස්තරට තිබුනේ මහේස්ත්‍රාත්ගේ, විශේෂ අවසරයක් රැගෙන, චීන ගේ කුසෙන් ආදා පන පිටින් ගත්ත වගේ ඇගිල්ලාගෙ බඩ පලා ඇගිල්ල ලබාගෙන සවිකර දැමීමයි. (නි)
ඇඟිලිම කෑවේ වෙන දෙයක් කන්න තිබුනෙම නැතුවද? (නි)
සෙත්තිල් , මෝඩයෙක් වගේ කතා කරන්න එපා. මේ මනුස්සයා නම් ඇගිල්ලනේ කෑවේ. ඒත් ප්‍රභාකරන් මිනී මසුත් හොදට කෑවා. හොදද? (නි)
ඇත්තටම ඇඟිල්ලක් ගිල්ලද? (නි)
ඇගිලි සපා කෑ මහතාණෙනි, ඔබගේ දත්,නීරෝගීව , ශක්තිමත්ව තබාගැනීම සදහා ඔබ පාවිච්චි කරන දන්තාලේපය කුමක්ද? එය අපගේ සමාගමේ නිෂ්පාදනයක් නම් ඉදිරියේදී ඉතිරි ඇගිලි සපාකෑමට දිරි දීමනාවක් වශයෙන් වටිනා තෑගී මල්ලක් ඔබට පිරිනැමේ!! (නි)
දැන් ලෝකේ මිනිස්සුන්ට මානසික අසහනය වැඩිවෙලා.. සත්තුන්ටත් අන්ත විදිහට ක්‍රියා කරන්නේ.. මෝඩ මිනිස්සු. (ස)
දැන් ඇඟිල්ල උදේට අනෙක් පැත්තෙන් එනකොට...??? (නි)
කාලයක් වෙඩි තියාගත්තා. දැන් ඉතින් කාගනිල්ලා! (නි)
ඔන්න අපේ ලංකාවේ මිනිස්සු මිනි මස් කන්නත් පටන් අරන්... අනාගතේදී මොනවා මොනවා කයිද දන්නේ නැහැ. (නි)
තව ටික දවසකින් අපිට අහන්න ලැබෙයි, මරලා මස්ටිකත් උයාගෙන කාලා කියලා. ඇයි මිනිසුනේ ඔබ තිරිසන්නු වගේ වැඩ කරන්නේ ?නුගත් වුණත් තැනට සුදුසු විදියට වැඩ කරන්න ඉගෙන ගනිල්ලා. (නි)
ආයෙමත් අංගුලිමාල ඉපදිලාද කොහෙද? (නි)
තිරිසන් සහ පහල ලෝකවල සිට පළමු වරට මනුෂ්‍ය ආත්මයක් ලැබුවහම ඔහොම තමා. (නි)
අවනීතිය රජයනකොට මිනිස්සු සත්තු වගේ වෙනවා.... (නි)
එච්චරයි අඩුවකට තිබ්බේ... (නි)
ඇඟිල්ලේ වටිනා මුද්දක් තිබ්බද කියල දන්නේ නැහැ. නැතිනම් ඇඟිල්ල ගිලියිද ? (නි)
මීගහකිවුල කරමැටියේ කියන්නේ කොළඹ හත නොවෙයි අනේ! (නි)
කේන්තිය පාලනය කරගන්න බැරි වුණහම වෙන දේවල්? (නි)
පහු ගිය දවස් වල මන්ත්‍රීතුමන්ලා නාහේ හැපුවා කියලා කතාවක් තිබුනා. මේ මැතිතුමා ඊළඟ මැතිවරණයේ පොදු අපේක්ෂකයා වෙන්න සුදුසුකම් හදනවා ඇති. දොස්තරලාත් අමාරුවේ. යකඩ බඩු කඩෙත් ඇඟිලි නැහැනේ (නි)
නිමල්ගේ කථාව සත්‍යයක්. තිරිසන් ගති ඇරෙන්න තව ආත්ම ගනනක් යයි. (නි)
ඒ මිනිහගේ ඇගිල්ලක් බද්ධ කරන්නත් බැහැනේ. මාර ප්‍රශ්නයක්නේ? (නි)
ඇයි ඉතින් ගෑනු හැමදේටම ඇගිලි ගහන්න යනවනේ. (නි)
ඇගිල්ල පමණක් කාලා නිකන් සිටියාට ස්තූතියි (නි)
ඇගිල්ල මොන රහද දන්නෙ නැහැ (නි)
අනේ දෙවියනි, මෙය මොන අපරාධයක්ද? ලංකාවේ මේ වගේ සත්තු ඉන්නවද? (නි)