IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මිනිහෙක් ගැහැනු ඇඟිල්ලක් ගිලියි

මීගහකිවුල කරමැටියේ දෙපිරිසක් අතර ගටුමක් දුරදිග යාමෙන් කෝපයට පත් පිරිමියකු කාන්තාවකගේ මැද ඇගිල්ලක් සපා ගිල දමා ඇතැයි පොලීසිය පවසයි.
ඇඟිල්ල අහිමිවූ කාන්තාව සිද්ධියෙන් මොහොතකට පසුව කන්දකැටිය රෝහලටත් අනතුරුව බදුල්ල මහ රෝහලටත් මාරුකර යවා ඇති අතර සැකකාර පුද්ගලයා කන්දකැටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
කුඩා දරු පිරිසක් අතර ඇතිවූ සිද්ධියක් මුල් කර ගනිමින් ප‍්‍රදේශයේ දෙපිරිසක් අතර මෙම ආරවුල ඇතිවී තිබේ.
කාන්තාවට ප‍්‍රතිකාර කරන කන්දකැටිය දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරී කේ.එච්. ජගත් කුමාර මහතා මෙසේ කීය.
”අතක ඇඟිල්ලක් සපා කෑ බව පවසමින් කාන්තාවක් රෝහල් ගත කළා. ඇඟිල්ල යලි බද්ධ කල හැකිදැයි බලන්නට මා එම කොටස කාන්තාවගෙන් ඉල්ලා සිටියා. එහෙත් එය සපා කෑ පුද්ගලයා විසින්ම එය ගිල දැමූ බව ඇය මට පවසා සිටියා” යැයිද වෛද්‍ය ජගත් මහතා පැවැසීය.



අදහස් (0)

මිනිහෙක් ගැහැනු ඇඟිල්ලක් ගිලියි

ආනන්ද Wednesday, 17 April 2013 10:23 PM

ඇගිල්ල පමණක් කාලා නිකන් සිටියාට ස්තූතියි (නි)

:       0       0

දමිත් Wednesday, 17 April 2013 10:24 PM

ඇගිල්ල මොන රහද දන්නෙ නැහැ (නි)

:       0       0

ජසීම් Wednesday, 17 April 2013 10:53 PM

අනේ දෙවියනි, මෙය මොන අපරාධයක්ද? ලංකාවේ මේ වගේ සත්තු ඉන්නවද? (නි)

:       0       0

කසුන් ධර්මවංශ Thursday, 18 April 2013 01:50 PM

සෙත්තිල් , මෝඩයෙක් වගේ කතා කරන්න එපා. මේ මනුස්සයා නම් ඇගිල්ලනේ කෑවේ. ඒත් ප්‍රභාකරන් මිනී මසුත් හොදට කෑවා. හොදද? (නි)

:       0       0

හේරත් Thursday, 18 April 2013 01:56 PM

ඇත්තටම ඇඟිල්ලක් ගිල්ලද? (නි)

:       0       0

ෂෙරිෆ් Wednesday, 17 April 2013 11:43 PM

සිංහල අවුරුදු සතිය නියමෙට නැගලා යනවා.... (නි)

:       0       0

සෙන්තිල් Wednesday, 17 April 2013 11:44 PM

සිංහලයාගේ මී මුත්තා, සිංහයෙක් කියලනේ මහා වංසයේ ලියලා තියෙන්නේ. (නි)

:       0       0

හේවාවිතාරණ Thursday, 18 April 2013 12:17 AM

අපි මිනී කන සිංහයන්ගෙන් පැවත එනවා කියන ජනප්‍රවාදය බොරුවක් වෙන්නත් බැහැ (නි)

:       0       0

හේවාවිතාරණ Thursday, 18 April 2013 12:22 AM

ගැහැණි මොකටද මිනිහගේ කටේ ඇඟිල්ල ඔබන්න ගියේ ? (නි)

:       0       0

ආශා Thursday, 18 April 2013 02:16 AM

අංගුලිමාලගේ මල්ලිද මන්දා? (නි)

:       0       0

රුවිනි Thursday, 18 April 2013 05:38 AM

අනේ මෙහෙම නපුරු මිනිස්සු. ඉවසන්න පුරුදුවෙන්න මිනිසුනේ. ඔක්කොටම මුල ඉවසීමක් නැතිකම. (නි)

:       0       0

ආනන්ද Thursday, 18 April 2013 05:50 AM

මිනිසුන් හරිම භයානකයි (නි)

:       0       0

නන්දන Thursday, 18 April 2013 06:24 AM

මෙම පුද්ගලයා මයික් ටයිසන්ගේ නෑදෑයෙක්ද? (නි)

:       0       0

ගාමිණී Thursday, 18 April 2013 03:49 PM

ඇගිලි සපා කෑ මහතාණෙනි, ඔබගේ දත්,නීරෝගීව , ශක්තිමත්ව තබාගැනීම සදහා ඔබ පාවිච්චි කරන දන්තාලේපය කුමක්ද? එය අපගේ සමාගමේ නිෂ්පාදනයක් නම් ඉදිරියේදී ඉතිරි ඇගිලි සපාකෑමට දිරි දීමනාවක් වශයෙන් වටිනා තෑගී මල්ලක් ඔබට පිරිනැමේ!! (නි)

:       0       0

දිනේෂ් Thursday, 18 April 2013 07:59 AM

අපි හිතන් හිටියට ලෝකෙන්ම උතුම් රට කියලා, එක සාහිත්‍යට විතරයි! අපි දැන්වත් අපේ නියම තත්වය හදුනාගෙන ලෝකෙන් ඉගෙන ගනිමු. (නි)

:       0       0

අසේල Friday, 19 April 2013 11:38 AM

දැන් ඇඟිල්ල උදේට අනෙක් පැත්තෙන් එනකොට...??? (නි)

:       0       0

සජීව Thursday, 18 April 2013 10:19 AM

ඇඟිල්ල ගිල්ලා කියලා ස්ථිර වෙලා නැහැනේ. නේද? ඒ කාන්තාව කියපු දේ ඇත්තද කියලා කව්රුත් හොයලා නැහැනේ. කාන්තාවන්ගේ බස් අසා අනුන් සමග කලහයට යන තැනැත්තා පරිහානියට පත්වේ කියලා බුදුහාමුදුරුවෝ වදාරලා තියෙනවා. ඒ නිසා හරියට නොදැන මිනිස්සුන්ව වැරදිකාරයෝ කරලා අදහස් දාන්න එපා. (නි)

:       0       0

චන්දන Wednesday, 17 April 2013 06:07 PM

කේන්තිය පාලනය කරගන්න බැරි වුණහම වෙන දේවල්? (නි)

:       0       0

අසිරු Thursday, 18 April 2013 11:10 AM

මිනිහෙක් නෙමෙයි තිරිසනෙක් ගැහැනු ඇඟිල්ලක් ගිලියි කියලා හෙඩිම එන්න ඕනෑ. අංගුලිමාලවත් ඇගිලි කෑවෙ නැහැ. එයාට අපහාස කරන්න එපා (නි)

:       0       0

රිස්වාන් Wednesday, 17 April 2013 06:14 PM

ඔන්න අපේ ලංකාවේ මිනිස්සු මිනි මස් කන්නත් පටන් අරන්... අනාගතේදී මොනවා මොනවා කයිද දන්නේ නැහැ. (නි)

:       0       0

රූපවතී Wednesday, 17 April 2013 06:16 PM

තව ටික දවසකින් අපිට අහන්න ලැබෙයි, මරලා මස්ටිකත් උයාගෙන කාලා කියලා. ඇයි මිනිසුනේ ඔබ තිරිසන්නු වගේ වැඩ කරන්නේ ?නුගත් වුණත් තැනට සුදුසු විදියට වැඩ කරන්න ඉගෙන ගනිල්ලා. (නි)

:       0       0

ප්‍රසා Wednesday, 17 April 2013 06:18 PM

ආයෙමත් අංගුලිමාල ඉපදිලාද කොහෙද? (නි)

:       0       0

නිමල් Wednesday, 17 April 2013 06:19 PM

තිරිසන් සහ පහල ලෝකවල සිට පළමු වරට මනුෂ්‍ය ආත්මයක් ලැබුවහම ඔහොම තමා. (නි)

:       0       0

නෙතුමි Thursday, 18 April 2013 04:26 PM

දැන් ලෝකේ මිනිස්සුන්ට මානසික අසහනය වැඩිවෙලා.. සත්තුන්ටත් අන්ත විදිහට ක්‍රියා කරන්නේ.. මෝඩ මිනිස්සු. (ස)

:       0       0

ජගත් Wednesday, 17 April 2013 06:38 PM

අවනීතිය රජයනකොට මිනිස්සු සත්තු වගේ වෙනවා.... (නි)

:       0       0

නදී Wednesday, 17 April 2013 06:42 PM

එච්චරයි අඩුවකට තිබ්බේ... (නි)

:       0       0

රිස්වාන් ඩුබාඊ Wednesday, 17 April 2013 06:52 PM

ඇඟිල්ලේ වටිනා මුද්දක් තිබ්බද කියල දන්නේ නැහැ. නැතිනම් ඇඟිල්ල ගිලියිද ? (නි)

:       0       0

හේරත් Wednesday, 17 April 2013 06:53 PM

මීගහකිවුල කරමැටියේ කියන්නේ කොළඹ හත නොවෙයි අනේ! (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 17 April 2013 07:00 PM

කාලයක් වෙඩි තියාගත්තා. දැන් ඉතින් කාගනිල්ලා! (නි)

:       0       0

හේරත් Wednesday, 17 April 2013 07:18 PM

පහු ගිය දවස් වල මන්ත්‍රීතුමන්ලා නාහේ හැපුවා කියලා කතාවක් තිබුනා. මේ මැතිතුමා ඊළඟ මැතිවරණයේ පොදු අපේක්ෂකයා වෙන්න සුදුසුකම් හදනවා ඇති. දොස්තරලාත් අමාරුවේ. යකඩ බඩු කඩෙත් ඇඟිලි නැහැනේ (නි)

:       0       0

ගාමිණී Thursday, 18 April 2013 12:55 PM

දොස්තරට තිබුනේ මහේස්ත්‍රාත්ගේ, විශේෂ අවසරයක් රැගෙන, චීන ගේ කුසෙන් ආදා පන පිටින් ගත්ත වගේ ඇගිල්ලාගෙ බඩ පලා ඇගිල්ල ලබාගෙන සවිකර දැමීමයි. (නි)

:       0       0

සෙනරත් Wednesday, 17 April 2013 07:30 PM

නිමල්ගේ කථාව සත්‍යයක්. තිරිසන් ගති ඇරෙන්න තව ආත්ම ගනනක් යයි. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 17 April 2013 07:36 PM

ඒ මිනිහගේ ඇගිල්ලක් බද්ධ කරන්නත් බැහැනේ. මාර ප්‍රශ්නයක්නේ? (නි)

:       0       0

රුහුණු Wednesday, 17 April 2013 07:54 PM

ඇයි ඉතින් ගෑනු හැමදේටම ඇගිලි ගහන්න යනවනේ. (නි)

:       0       0

දයා Thursday, 18 April 2013 01:10 PM

ඇඟිලිම කෑවේ වෙන දෙයක් කන්න තිබුනෙම නැතුවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 0 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1306 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 800 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1329 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 945 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 774 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site