මහා බඩවැලේ පිළිකාව සුව කළ නොහැකි බව විශ‍්‍රාමක ඉංජිනේරුවකුට ලන්ඩනයේ නොර්ත් ටීස් රෝහලේ වෛද්‍යවරු කීහ. සැත්කම් කිහිපයක් කිරීමෙන් පසුවද පිළිකාව ඔඩුදුවා ඇතැයි කී වෛද්‍යවරුන් ඔහුට කීවේ ගෙදර ගොස් කැමැති දෙයක් කා බී සිටින ලෙසයි. ඇලන් ටේලර් (78) වෛද්‍යවරුන් කී කතාව පිළිගත්තේ නැත. පිළිකා මරුවා සමග සටන් කෙළේය. ඊට පිහිට වූයේ අන්තර් ජාලයයි. ඔහු අන්තර් ජාලය කාල්ගෑවේය. පිළිකාවට බෙහෙතක් සොයා ගත්තේය. රතු මස් හා කිරි නිෂ්පාදන ආහාරයට ගත් ඔහු එය වෙනස් කෙළේය. පලතුරු හා එළවළු වැඩියෙන් කෑමට ගත්තේය. බාර්ලි ගස්වලින් අඹරාගත් පිටි කුළුබඩු ඇප්රිකොට් ඇට, සෙලීනියම් පෙති ද හාර මාසයක් කෑවේය.
පිළිකා සෛල කඩා බිඳ දැමීමේ ශක්තිය ඇප්රිකොට් ඇටවලටද පිළිකා වර්ධනය නැති කිරීමේ ශක්තිය කහ වලටද ලේ වල ඛනිජ ප‍්‍රතිශතය වැඩි කිරීමට බාර්ලි ගස ඉවහල් වන බවද අන්තර්ජාලයේ ඔහු සොයා ගෙන ඇත.
එම ආහාර ගැනීමෙන් මාස හතරකට පසු ඔහු යළි වෛද්‍ය පරීක්‍ෂණයකට ලක්විය. ඔහුගේ පිළිකාව සුව වී ඇති බව වෛද්‍යවරු නිගමන කළහ. ඔහුගේ මේ කතාව ලන්ඩන් ඬේලිමිරර් පත‍්‍රයේ පළවිය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසාට කළ නොහැකි දෙයක් නැත..!(නු)
මෙවන් ලිපි මගින් දැනුවත් කිරීම ගැන ඔබට බොහොම ස්තූතියි (අ)
ඔබතුමාට ගොඩක් පින්(ම)
http://www.mirror.co.uk/news/uk-news/man-cures-himself-of-cancer-using-1325900 (නි)
සිතට සිතන්නට දිරි දෙන් නොවැටී ඇවිද යන්නට... නුඹට හැකි නම් නුඹ කළා නම්... අවැසිය අන් හැමටත් සිතට දිරි ගෙන ඇවිද යන්නට...(නු)
නැවත නැවතත් උත්සාහ කළ යුතුයි. (නි)
ඔබට දීර්ඝායුෂ පතමි. (ස)
පිළිකා තියෙන අය බාර්ලියි ආපිකොට් ආහාරයට ගත්තොත් නරකද? මේ සොයාගැනීම කළ අතිවිශිෂ්ඨ මිනිසාට මාගේ උපාහරය..!(නු)
අන්තර්ජාලයේ හොද වැඩත් තියෙනවා එහෙනම්. (නි)
ඔව්. අපේ වෛද්‍යවරුන්ටත් මේ වගේ දේ අත්හදා බලන්න පුළුවං..නේද යම් හෝ සහනයක් ලබා දීමට ..(නු)
ලංකාවේ වෛද්‍යවරුන්ට දොස් කීම වැරදයි. පහත වෙබ් අඩවියට ගොස් බලන්න. http://www.sundayobserver.lk/2011/07/24/fea12.asp (නි)
හොද දෙයක්. (නි)
අපේ රටේ පිළිකා වැළදුන ගොඩක් අයගේ ඉරණම මරණයමයි.. මේ බෙහෙත සොයා ගැනීම ඉතාම විශිෂ්ඨයි..!(නු)
සොයන්නාට සම්බ වේ කියනවනේ. අපිත් අත්හදා බලමු. (නි)
වෛද්‍යවරුන් කී කතාව පිළිගත්තේ නම් අද ඔහු ජීවතුන් අතර නොසිටින්නත් ඉඩ තිබුනා. වෛද්‍යවරුන්ගේ වචනය නිසාම හිස් මුදුනින් පිළි නොගෙන එයට අභියෝග කිරීම නිසා ඔහු ජීවිතය ජය ගත්තා. ඉංජිනේරුවකුට වඩා ඔහු තුළ ජීවත් වන්නේ නොසැලෙන අධිෂ්ඨානයෙන් සිය පරමාර්ථය ජය ගන්නා විද්‍යාඥයෙක්. (නි)
ආයුර්වේද වෙදකමෙහි සහ බටහිර වෛද්‍ය ක්‍රමයේ වෙනස බලන්න..!(නු)
සෙත් වේවා! (නි)
අද ගොඩක් දොස්තරලාට මිනිස් ජීවිත වල වටිනාකමක් නැහැ. (නි)
විශ්වාසයේ ශක්තියට ජයවේවා! ඔබට දීර්ඝායු වේවා! (නි)
අපේ "කොන් දොස්තරලා" මේක නැහැ කියයි. ඇයි ඔවුන් ලෙඩ වැඩි වන තරමට සන්තෝෂ වන අයනේ. (නි)
මහරගම රෝහලේ ඉන්න පිළිකා රෝගීන්වත් මේ ආකාරයෙන් සූවපත් කරගැනීමට හැකිනම් මොන තරමි මිළ කළ නොහැකි කර්තව්‍යයක්ද? ඒ අහිංසකයින්ගේ ලෝකේ එළිය කර ගන්න ඇත්නම් කොපමණ හොදද? ඇත්තටම මේ ලිපිය බලන ඔබත් සතූටූවෙනවා නොඅනූමානයි. මවූ බිමේ සිටින වෛද්‍යවරුන්ගේ නෙත මෙය ගැටේවා! සියලුම රෝගීන් නිරෝගි වේවා! (නි)
ඒ ඩේලි මිරර් පුවත් පතේ යොමුව පළ කරන්නකෝ..!(නු)
මේ කතාව පළ කළ එසැණ පුවත් වෙත අපගේ ස්තුතිය..!(නු)
අන් අයටත් දැන ගැනීමට සැළැස්වීම ගැන චමින්ද මහතාට ස්තුතිය..!(නු)
අපේ රටේ ලෙඩුන්ටත් මෙම අසිරිමත් ක්‍රමය අනුගමනය කරන්නේ නම් මහගු ඵල ලබා ගන්නට හැකිවේවි.. මෙම දැනුමත් කිරීම ඉතාම හොද පිණක්..!(නු)
සැබෑ මිනිසෙක් .ඔබට දීර්ඝායු වේවා !!(ස)
ස්වාභාවධර්මයට අනුකූලව ජීවත් වෙනවානම් ලෙඩ අඩුයි.. කෘතිම ආහාර පාන වලින් හැකි තරම් අයින් වෙන්න.. මොකද මිනිසා ස්වාභාවධර්මයේ නිර්මාණයක් නිසා.. බලන්න අපේ ආච්චිලා සීයලාගේ ආයුෂ..(නු)
නියමයි නියමයි අගේ ඇති වැඩක් ?(දී)
ඔබ තුමාට දීර්ඝායුෂ පතමි . (දී)
හිත ඇත්නම් පත කුඩාද කියලා කියන පැරණි කතාව අදටත් වළංගු බව මේකෙන් ඔප්පු වෙනවා. ඒකට ලංකාව. පිළිකාව ඔඩුදුවනකම් සමහර වෛද්‍යවරුන්ට හොයා ගන්නත් බෑ. (දී)