IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


මම දැන් ඉංග්‍රීසි සින්දුත් ලියනවා

2016-11-27-ent-126

‘රන් රන් රන් මාලා පලඳා මල් ගවසාලා’ ගීතයත් සමඟ ප්‍රසිද්ධියට පත් ටීෂා දැන් ජීවත්වෙන්නේ අෙමරිකාවේ මෙරිලන්ඩ් හි හේගස් නගරයේ. ටීෂා පෙරේරා හෙවත් තිසරු සුසනි පෙරේරා අලුත් වැඩක් කරන්න යනවා කියලා ආරංචි වුණා. අමෙරිකානු අය ඇයව හඳුන්වන්නේ ‘Teesha - The Sri lankan Queen’ කියලා

කවදත් අලුත් අත්දැකීමක් සිය රසිකයන්ට ගෙන එන ඇය මෙවර අ‍ෙම‍රිකානු මෝස්තර නිරූපණ ශිල්පියකු සමඟ එක්වී අලුත්ම අත්දැකීමක් රසිකයන් වෙත ගෙනඒමට සූදානම් වන බව තමයි අපිට දැනගන්න ලැබුණේ. ඉතින් අපි හිතුවා ඇය මේ කරන්න යන දේ පිළිබඳ ඇයගෙන්ම දැන ගන්න.

 

ටීෂා කොහොමද ජීවිතේ?

2016-11-27-ent-128ජීවිතේ ගොඩාක් හොඳයි. මම ගොඩක් සතුටින් ඉන්නවා.

 

දැන් අමෙරිකාවට ඇවිත් කොච්චර කාලයක් වෙනවද?

මම දැන් අමෙරිකාවට ඇවිත් අවුරුදු 8ක් වෙනවා.

 

කොහොමද අමෙරිකාවේ ගත කරන ජීවිතය?

මෙහෙ ගතකරන ජීවිතේ ගොඩාක් හොඳයි

 

ලංකාවේ පදිංචියට එන්න අදහසක් ඇත්තෙම නැද්ද?

ලංකාවට ආයෙමත් පදිංචියට එන්න අදහසක් නෑ. ඒ වුණාට කවදාහරි ලංකාවට එනවා ටික දවසක් ඉන්න.

 

ටීෂා මේ වෙද්දී අලුත් වැඩකට අතගහලා තියෙනවා කියලා ආරංචියි. මොකක්ද ඒ විස්තර ටිකක් කියන්නකෝ?

මම මේ අවුරුද්ද මුල අමෙරිකන් Record Label එකක් එක්ක Recording contract එකක් අත්සන් කළා. Hotshot 2 Star power LLC එක්ක මම English සින්දු 30ක් කරන්න ඕනේ. දැනට සින්දු 14ක් ඉවර කරලා තියෙන්නේ. ඒ හැම සින්දුවක්ම මගේ අතින් ලියවුණ ගීත. මේ Record Label එකත් එක්ක වැඩ කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා මම Music ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අලුත් Techniques එක්කම හඬ පාලනය ගැනත් ලොකු දැනුමක් ලබාගත්තා. මට මේ අවස්ථාව ලැබුණේ ලොකු වාසනාවකට.

 

ඇමරිකානු සමාගමක් සමඟ ගිවිසුමකට අත්සන් කරන්න කොහොමද අවස්ථාව ලැබුණේ?

මම Hotshot 2 Start power Recording studio එකට ගියේ එයාලට කියලා MusicTrack එකක්‌ හදාගන්න. එයාලා මට හදපු Track  එකට මම Melody එක දාලා වචන ලියලා Record කළා. ඒ සින්දුව අහපු Music Director , owner මගේ voice එකට ගොඩක් කැමතිවෙලා මට එයාලගේ Record Label එකත් එක්ක වැඩ කරන්න අවස්ථාව ලබාදුන්නා.

 

මෙවැනි අවස්ථාවක් ලැබෙන ලංකාවේ පළමුවැනි ගායිකාව ඔබ. මොකද හිතෙන්නේ ඒ ගැන?

2016-11-27-ent-124ලංකාව වගේ කුඩා රටකින් ඇවිත් American Record Label එකක් එක්ක ගිවිසුම් අත්සන් කරන්න ලැබීම ගැන මම ගොඩාක් සතුටු වෙනවා. ඒ වගේම අමෙරිකාවේ Record Label එකකට අත්සන් කරපු ලංකාවේ පළමුවැනි ගායිකාව වීම ගැන පුංචි අාඩම්බරයකුත් තියෙනවා.

 

ටීෂා දැන් ඉංග්‍රීසි ගීත රචනා කරන්නත් පෙළඹිලා නේද?

මගේ සිංහල ගීත හැම එකකම මම රචනා කරපුව තමා ලංකාවේ Release කරපු Album දෙකේම තියෙන්ණේ. එයින් සින්දු දෙකක් හෝ තුනක් පමණයි වෙන ගීත රචකයෙක් අතින් ලියවුණේ. එත් මම කවදාවත් හිතුවේ නෑ මට ඉංග්‍රීසියෙන් ගීත රචනා කරන්න හැකියාව තියෙනවා කියලා. මගේ American Album එකට ගීත ලියන්න පටන් ගත්තම තමා මට මගේ හැකියාව අඳුන ගන්න ලැබුණේ.

 

අපි කතා කළොත් ‘අපි දෙන්නා’ ගීතය ගැන?

‘අපි දෙන්නා’ ගීතය මගේ අතින් ලියවුණු ඉතාමත් ලස්සන ආදර ගීතයක්. අවුරුදු අටක නිහැඬියාවකන් පසුව මම මේ ගීතය මගේ රසිකයන්ට පිරිනමනවා. මේ ගීතයේ English version එකත් ළඟදීම අමෙරිකාවේ Release කරනවා. මේ ගීතයේ video එක කළේ 1015 multimedia . American Model Chris Forza මාත් එක්ක රඟපානවා.

 

ගීතයේ පූර්ව ප්‍රචාරක පටයක කොටසක් youtube වෙබ් අඩවියේ තියෙනවනේ. කොහොමද ලැබුණු ප්‍රතිචාර?

ඔව්. බොහෝ දෙනෙක් youtube එක හරහා මේ වන විට පූර්ව ප්‍රචාරක පටය නරඹලා තියෙනවා. හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සතුටුයි ඒ ගැන.

 

සම්පුර්ණ ගීතයම අහන්න දකින්න ලැබෙන්නේ කවද්ද?

මේ video එක December 9 වැනිදා youtube එකේ release කරනවා.

 

සංගීත ක්ෂේත්‍රයේ ඉදිරි කටයුතු සහ අනාගත බලාපොරොත්තු මොනවද?

මගේ American ගීත Album එක සාර්ථකව නිම කරලා අමෙරිකාවේ නමක් හදාගන්න එක තම මගේ තියෙන ලොකුම බලාපොරොත්තුව.

 

අවසාන වශයෙන් ශ්‍රී ලාංකික රසික රසිකාවියන්ට කියන්න යමක් ඇති?

ඔව්. මගේ රසික රසිකාවියන්ට මම හැමදාමත් ආදරෙයි.

 

අනූෂා රණසිංහ

 

2016-11-27-ent-127
2016-11-27-ent-126
2016-11-27-ent-125



අදහස් (0)

මම දැන් ඉංග්‍රීසි සින්දුත් ලියනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1660 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 758 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 255 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 351 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 158 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 107 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40001 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 227 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1302 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site