IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


මම රඟපෑවේ සීතලේ ගැහි ගැහී

ජපන් සිනමාවට ලෝකයේ කවදත් ලැබුණේ හොඳ වටිනාකමක්. සිනමාත්මක ප‍්‍රකාශ සහ හරය රැකගෙන සිනමාව එදා සිටම පවත්වාගෙන යාම ඊට හේතුවයි. අකිර කුරසෝවා වැනි ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවන් ලෝකයට දායාද කළ ජපන් සිනමාවේ නිර්මාණයකට දායකවීම  ඕනෑම නළුවකු හෝ නිළියක ලබන එක්තරා දුර්ලභ වරප‍්‍රසාදයක් ලෙස හඳුන්වන්න පුළුවනි. මේ සුවිශේෂි වරම ශ්‍රීලාංකීය යොවුන් රංඟන ශිල්පිනී උමාලි තිලකරත්න හට  පසුගියදා හිමිවුණා. ඒ චිත‍්‍රපටයේ රඟපෑම සඳහා ගොස් දැන් ඇය සිටින්නේ ජපානයේය. එහි සිටින උමාලි සමග විශේෂිත හමුවක යෙදීමට සැඳැල්ලේ අපට හැකිවුණා. අයි එම්  ඕ කියන ජපන් නියෝජිත ආයතනයේ සාමාජිකාවක ලෙස මා ලියාපදිංචි වී සිටිනවා. ඒ අවස්ථාව ලැබුණෙ අපේ තාත්තාගෙ මිතුරකු වන ජපන් ජාතික මහත්මයකු නිසයි. එතුමා තමයි අයි එම්  ඕ නියෝජිත ආයතනයේ ප‍්‍රධන විධායකට මාව හඳුන්වා දුන්නෙ. මම මගේ උසස් අධ්‍යාපනය සඳහා ජපානයට යෑමට අදහස් කරමින් සිටි කාලයේදී තමයි මේ ජපාන ජාතික මහතා හඳුනා ගැනීමට ලැබුණෙ. මෙහි කලාවට දායකව මම කරන කියන දේවල් ඔහුට දැක ගැනීමට ලැබී තිබෙනවා.  එදා ඔහු මේ අවස්ථාව සඳහා ආයතනයට හඳුන්වා දෙන බවට පොරොන්දු වී සිටියා. ඒ පොරොන්දුව සැබෑවක්ම  වුණා. එම නියෝජිත ආයතනයට හඳුන්වාදීමෙන් පසුව ඔවුන් මාව මෙම චිත‍්‍රපටයේ යෝග්‍යතා පරීක්‍ෂණය සඳහා යොමුකළා. ඊට පස්සේ මෙහි රඟපෑම සඳහා වාසනාව, අවස්ථාව මට ලැබුණා. ”මුලින්ම මට ජපානයට යන්න ලැබුණේ 1995 දී විතර. එදා කෙටි සංචාරකයක් සඳහා පවුලේ අය එක්ක ගියේ. ඉන්පසු කීප වතාවකදීම ජපානයට යාමට අවසථාව ලැබුණා. තානාපති සබඳතා යටතේ පැවැත්වෙන සමරු උත්සවයේ 50 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වූ සංස්කෘතික උළෙල නියෝජනය කිරීමටද මට අවස්ථාව ලැබුණා. පසුව 2004 දී ජපන් බස ඉගෙන ගැනීම සඳහා එරටට ගියා. ගිහින් 2005 නැවත ආවා. දැන් මම මගේ උසස් අධ්‍යාපනය සඳහා එරටට ගොස් සිටිනවා. ඒ වෙනුවෙන් මම ජපානයට ආවේ 2010 අපේ‍්‍රල් මාසයේදීයි.   මේ චිත‍්‍රපටය වැඩ කටයුතු සිදුකෙරෙන විදිය ගැනත් සඳහනක් කළොත්. මෙහි රඟපෑමේ කටයුතු වෙනුවෙන් මාස හයක පමණ කාලයක් මට මිඩංගු කරන්න සිදුවුණා. පෙර සහ පසු නිෂ්පාදන කටයුතු සියල්ල වෙනුවෙන් එලෙස කාලය වෙන්වුණා. මෙහි රූගත කිරීම් ප‍්‍රධානව සිදුවුණේ විශාල ප‍්‍රදේශයක් වන ෆුකුෂිමා (පසුගියදා මහා සුනාමි කම්පාව ඇතිවූ ප‍්‍රදේශයේ) වලදීයි. ඊට අමතරව ජපානයේ බොහෝ තැන් යොදාගෙන තිබුණා. ජපානයේ අතිශය කාර්ය බහුල නගර වන ටෝකියෝ සහ ෂිබුයා වැනි ප‍්‍රදේශවලදීත් රූගත කිරීම් කළා. විවෘත දර්ශන තලයේදී 700කට වැඩි අමතර නළු නිළියන් පිරිසක් සමග රඟපෑමේ අවස්ථාද තිබුණා. මෙම චිත‍්‍රපටය නිෂ්පාදනය කරන්නේ ජපානයේ ආගමික සංවිධානයක් විසිනුයි.  එහි බෙදාහැරීම් කටයුතු සිදු කරන්නේ නික්කට්ෂු සංස්ථාව විසිනුයි. මෙහි සමහර නිර්මාණ කටයුතු සඳහා පරිගණක ග‍්‍රැෆික්කරණය ඉතා විශිෂ්ඨ ලෙස යොදා ගෙන තිබෙනවා. මගේ පුද්ගලික මතය අනුව මට එය අදහාගත නොහැකි තරම් දෙයක්. එතරම්ම එය විශිෂ්ඨයි. නරඹන්නන් ඇද - බැඳ තබා ගන්නා වඩාත් චිත්තාකර්ශණීය දෙයක් වේවි. මේ සියල්ල වගේම, චිත‍්‍රපටය නිපදවීම සඳහා අති විශාල ධනස්කන්ධයක් වැයකර තිබෙනවා.   මේ චිත‍්‍රපටයේ රඟපෑමේදී ලද අත්දැකීම්? මුල සිටම අවසන දක්වා මා ලද අත්දැකීම් නම් අති විශාලයි. විටෙක එය වචනයට පෙරළීමට නොහැකි තරම්. ප‍්‍රධාන නළු නිළියන් සහ අමතර  අය සමඟ පෙර පුහුණුවීම් කළා. රූගත කිරීම් පටන්ගත්තෙ ශීත සෘතුවේදියි. ආහ්...එය උසුලාගත නොහැකි දරුණු ශීත සමයක්. එවැනි කාලගුණික තත්ත්වයක් යටතේ එළිමහනේ රූගත කිරීම් පවා සිදු කෙරුණා. හිතන්න පුළුවන්ද එවැනි ශීතලක් දරා ගත්තෙ කොහොමද කියලා? කොහොම වුනත් ශීත කාලයක් නැති ගාණට අපි රූගත කිරීම් වලට මුහුණ දුන්නා. මේ සියල්ල දෙබස් සහිතව එකවර රූගත කරන අවස්ථා වුණා. එය මගේ රංගන ජීවිතයේ ලද පළමු අත්දැකීම නිසා මට ගොඩක් සතුටුයි.මම මගේ චරිතය වීරවරියක් සේ ගොඩනගා ගැනීමට මේ සියලූ අත්දැකීම් උපයෝගී  වුණා. ඉතින් මට මේ සියල්ල නිසා ඉගෙනීමට ලැබුණු දේ වගේම ලැබූ අත්දැකීම් බොහොමයි. මෙහිදී මට අමතකම නොවන දේ හැටියට සඳහන් කළ හැකි වන්නේ විශාල ජනකායක් ඉදිරියේ ලද උණුසුම් ප‍්‍රතිචාරයයි. එහිදී ශ්‍රී ලංකාවේ වගේ චිත‍්‍රපටයක මංගල දර්ශනය පැවැත්වෙන්නේ නැහැ. ඒ වෙනුවට රඟපෑමට දායක වූ ප‍්‍රධාන නළු නිලියන්ට උපහාර පිදීමේ - ගෞරව කිරීමේ උළෙලක් පැවැත්වෙනවා. නරඹන්නන් 1600කට වැඩි පිරිසක් ඉදිරියේ මා ලද ඒ ප‍්‍රතිචාරය සහතිකෙන්ම සදාදරණීයයි. උපාධි අපේක්‍ෂිකාවක ලෙස කටයුතු කිරීම නිසා ඒ සියලූ වැඩ කටයුතු පහසුවෙන් කර ගැනීමට මෙම නියෝජිත ආයතනයේ කළමනාකාර වරයා සියල්ල වෙනුවෙන් මට සැලසුමක් හදා දුන්නා. ප‍්‍රධාන රූගත කිරීම් වලට පෙර මාස දෙකහමාරක් පමණ පෙරපුහුණුව ලබා දුන්නා. මේ සියල්ල හරි ආශ්චර්යවත් දේවල්.   මේ ආශ්චර්යවත් දේ සමග ජපන් බස හැසිරවීම කළේ කොහොමද? මගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා ජපන් භාෂාව ප‍්‍රගුණ කිරීමට තිබෙනවා. ඒ නිසා ජපන් බස ඉගෙන ගන්නා ආරම්බක සිසුවියක ලෙස මට එය එතරම්ම දුෂ්කර වුණේ නැහැ. ජපානයේ ශිල්පීන් රංග කාර්යයේදී දෙබස් කීම සහ ප‍්‍රකාශනයන් ඉදිරිපත් කිරීම හරි වෙනස්. නමුත් ඒ දුෂ්කරතා බිඳහැර ජපන් භාෂාවට අගෞරවයක් නොවන පරිදි මටම සියල්ල උච්චරණය කිරීමට ලැබීම සතුටටම කරුණක්. මට මා වෙනුවෙන් දෙබස් කවන ශිල්පීනියක අවශ්‍ය වුණේ නැහැ. කොහොම වුණත් මම ජපන් බස සහ වචන වලින් කියැවෙන අරුත නිවැරදිව ප‍්‍රකාශ කරන හැටි යම්තාක් දුරකට ඉගෙන ගත්තා. රූගත කිරීම් කරන අවස්ථාවේදී ජපාන ජාතිකයින් සමග අදහස් හුවමාරු කර ගැනීම නිසා එය තවත් පහසුවක් වුණා.   මෙහි නළු - නිළියන් කොහොමද ඔබට සැළකුවේ?  ඔවුන් වඩා මිත‍්‍රශීලිද? සහතිකෙන්ම ඒ අය මට උණුසුම් පිළිගැනීමක් ලබා දුන්නෙ. එයාලා එකිනෙකාට හරියට ගරුකරගන්නවා. ප‍්‍රවීන ශිල්පීන් තමුන්ගේ ඊලඟ දර්ශන වාර වලට පෙර සූදානම් වීම සඳහා කරන පුහුණුවීම අපමණයි. ඔවුන් වෙතින් මා දුටු හොඳම දේ එයයි. මේ බොහොමයක් අය වේදිකාවේ අති දක්‍ෂ ශිල්පීන්. ආගන්තුක ශිල්පිනියක ලෙස එයාලා මාව සමච්චලයට ලක් කළේ නැහැ. එය හරියට අපේ ශ්‍රී ලාංකික ශිල්පීන් - ශිලිපිනියන් අනෙක් ආගන්තුක අයට දක්වන සත්කාරයේ තරමටම වඩාත් මිත‍්‍රශීලියි. ගෞරවණීයයි. මෙහිදී මට අමතකම නොවන දේවල් නම් බොහෝමයි. වෙරළ තීරයේදී රූගත කිරීම් සිදුවෙමින් තිබූ එක්තරා අවස්ථාවකදී මාව ගිලෙන්නට ගියා. මේ නිසා රූගත කිරීම නතර කරන්න සිදුවුණා. මෙහි චරිතයේ හැටියට මට වේගයෙන් ගමන් කරන, දුවන අවස්ථා තියෙනවා. මෙහිදී ලිස්සා වැටුණු වාර එමටයි. ශීතල දරාගන්න බැරිව උණ පවා හැදුණා. මේ දේවල් චරිතයේ හැඟීම් ප‍්‍රකාශනයට බාධාවක් තමයි. ඒත් ඒ සියල්ල මැඩගෙන අපි අපේ අවසාන අරමුන කරා ගියා. විටෙක මට ජපන් ජාතික කාන්තාවන්ගේ සම්ප‍්‍රදායික ඇඳුම වන කිමෝනාව ඇඳගෙන ඉහත කී ආකාරයට ජපානයේ විශාලතම රංග ශාලාව වන ෂින්ජුකු මිලානෝහි රඟහල් අත්දැකීම් ලබාගත හැකිවුණ. එදා සෙනග දෙදහසකට ආසන්න පිරිසක් අතරට මැදිවී ජපන් බසින් වචන කීපයක් කියන්නට ලැබීම ඇත්තෙන්ම මට අමරණීයය මොහොතක් වුණා. එහි ප‍්‍රකට නළු නිලියන් වන මියුර කෝතා, කයිකු කෙන් වගේම ප‍්‍රවීන ශිල්පී ටමුර රිය්‍යූ මෙන්ම දුෂ්ඨයා ලෙස වඩා ප‍්‍රකට නළු ෂිෂිදෝ ජෝ සමග රඟපෑමට ලැබීම භාග්‍යයක්. මෙහි අධ්‍යක්‍ෂවරයා මෂාකි හමමෝටෝ මෙන්ම ෂොහේයි තනකාවා මෙන්ම තිර රචක මිනාමි හිසාතෝ ගැන සඳහන් කළ යුතුමයි. මේ අපූරු චිත‍්‍රපටය වන ”පයිනල් ජජ්මන්ට්” ශ්‍රී ලංකාවේදීද තිරගතවීම බොහෝවිට සිදුවේවි. අපි ඒ අවස්ථාව ලැබෙන තෙක් උමාලිට සමුදෙමු.

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ



අදහස් (0)

මම රඟපෑවේ සීතලේ ගැහි ගැහී

කාල් Friday, 13 July 2012 07:08 AM

මේ ප්‍රතිචාර දාන අයට පිස්සුද මන්දා

:       0       0

ප්‍රසාද් Friday, 27 July 2012 10:52 AM

උමාලි , ජපන් රටෙත් ෆොටෝ වලට කකුල පෙන්නන ඕනද ?

:       0       0

පසන් Wednesday, 19 September 2012 03:50 AM

ඇයි මෙයා ඇදුම් ඇදගෙන නෙමෙයිද රඟපාලා තියෙන්නෙ හීතලේ ගැහෙන්න..? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

උමාලි Monday, 16 July 2012 06:21 PM

අක්කි ,මම ඔයාට සුබ පතනවා ....ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල .ඔයා දැන් ලස්සන වෙලා .හෙබි අනිත් අය වගේ ආඩම්බර වෙන්න නම් එපා ....!!!!!!!!

:       0       0

කසුන් Thursday, 12 July 2012 09:39 AM

බත් කන අයගේ හැටි ඔහොම තමයි

:       0       0

පියල් Thursday, 19 July 2012 09:47 PM

ඔමෙදෙතොවූ [ සුබපැතුම් ] ,,,, මේ දවස් වල ජපන් TV එකේ මේ ෆිල්ම් එක ලඟදි රිලීස් වෙනවා කියල ඇඩ් යනවා ... මොනවා උනත් ලංකාවේ කෙල්ලෙක්ට ජපන් ෆිල්ම් එකක ඇක්ට් කරන්න අවස්තාව ලැබුන එක ඉතාම විරල අවස්තාවක් ...ජපන් TV එකේ ඉඳල හිටලා හරි වැඩසටහනකට ගෙන්නන්නේ තාම අර වයසක අංකල්ව විතරයි ....

:       0       0

අචිනි Thursday, 12 July 2012 09:41 AM

අපේ කෙනෙක් ජාත්‍යන්තරයට.සොයුරියණි, ඔබට සුභ පැතුම්!

:       0       0

පිලිපීනෝ Wednesday, 11 July 2012 06:54 PM

අනම් මනම් කතා ඕන නෑ....ඔයා අපේ රටට ආඩම්බරයක් නගෝ....ජය වේවා .!!!!

:       0       0

චාන් කුන් Friday, 13 July 2012 09:43 PM

ජපානේ ඉන්න මට හරි ආඩම්බර වෙන්න පුලුවන් ඕක තිරගත වෙනකොට

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 15 July 2012 09:44 AM

මෙහි රඟපාන නිලිය උමාලි තිලකරත්න ඉතාම හොඳින් රඟපා ඇතිබව හිතනවා.ඇය හරිම ලස්සනයි. ඇයට මගේ උණුසුම් සුබ පැතුම් පිරිනමනවා.

:       0       0

උමාලි තිලකරත්න Sunday, 15 July 2012 09:45 AM

මෙහි අදහස් දාලා මාව ධෛර්යමත් කරපු සියළු දෙනාටම මම හද පිරි ස්තූතිය පුද කරන්න කැමතියි.ඉදිරියේදීත් මම ඔයගොල්ලන් වෙනුවෙන් දිගටම මේ වගේ විදේශිය නිර්මාණවල රඟපානවා.

:       0       0

කැළුම් Thursday, 12 July 2012 10:42 AM

මටත් සීතලයි දැන්....

:       0       0

වසා Saturday, 14 July 2012 10:42 AM

කවුරැ මොනවා කිව්වත් ඔබ හරිම වාසනාවන්තයි..!!

:       0       0

සගා Thursday, 26 July 2012 12:48 PM

සුභ පැතුම් නංගි (දී)

:       0       0

සුගත් Thursday, 12 July 2012 12:13 PM

සමහරු හරිම ආත්මාර්තකාමී කතා දානවා

:       0       0

සමන් Wednesday, 25 July 2012 10:14 PM

ඔබතුමිය අපේ පුංචි රටට ලොකු ගෞරවයක් වගේම ආඩම්බරයක්. (නි)

:       0       0

චතු Thursday, 12 July 2012 11:49 AM

හරිම සතුටුයි ඔයා ගැන.ඔයාට සුභ අනාගතයක්

:       0       0

පුංචා Thursday, 12 July 2012 12:37 PM

අක්කට මගෙන් ජපන් හාදුවක් උම්ම්ම්ම්ම්ම්මා.....

:       0       0

බත් කන එකා Wednesday, 11 July 2012 10:14 PM

මෙහි අධ්‍යක්‍ෂවරයා මෂාකි හමමෝටෝ මෙන්ම ෂොහේයි, තනකාවා-අනේ නංගියේ ඔය ඉතුරු උන කෑල්ල හරි කමක් නෑ අරගෙන ඉක්මනට ලංකාවට එන්න.

:       0       0

පොඩ්ඩා Friday, 13 July 2012 12:08 PM

හතර වෙනි ‍ඡායාරූපය දැක්කම මාවත් හීතල වුණා

:       0       0

පුංචා Thursday, 12 July 2012 12:45 PM

කෝ අපේ උණුසුම් කොල්ලා....

:       0       0

අසේල Thursday, 12 July 2012 01:03 PM

ෂෝක්.....

:       0       0

දිල්නුවන් Friday, 13 July 2012 01:21 PM

ගොඩක් සතුටුයි.... ජයවේවා නගේ....

:       0       0

මොහොමඩ් ජයා Saturday, 21 July 2012 06:54 PM

ඔව්.. ඇත්තටම ජපානයේ මිනිසුන් අවංක, කරණාවන්ත හොද ගතිගුණ තියෙන මිනිසුන්..මටත් අවුරුදු ගාණක පළපුරුද්දක් තියෙනවා ජපානෙ.. ඉතාම හොද රටක් ලෝකයේ තියෙන..(නු)

:       0       0

පිලිපීනෝ Thursday, 12 July 2012 02:53 PM

අනේ ඔව් එයා අපේ රටට ආඩම්බරයක් ...

:       0       0

සුජිත් Wednesday, 18 July 2012 01:47 PM

අපේ ආචාර්ය තුමා https://www.facebook.com/sujith.hewage.9

:       0       0

ජයකොඩි Thursday, 12 July 2012 08:13 AM

පුදුම ඉරිසියාවක්නෙ තියෙන්නෙ ඔබතුමාට..........

:       0       0

ලක්රාජා Friday, 13 July 2012 07:50 PM

ඔබ ගැන අපට ආඩම්බරයි.

:       0       0

තරුෂ Thursday, 12 July 2012 03:56 PM

මේ අර ලස්සන,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, ලන්කාවෙ කලු කෙල්ල නෙවෙයිනෙ ! දැන් ජපන් පාටයි ! රටට ආඩම්බරයක් සුභ පැතුම් !

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 122 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 951 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 531 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3367 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2498 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4496 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1347 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site