අංජනී ඔබ ඇමරිකාවට ද ආදරේ ලංකාවට ද?
ලංකාවට ගොඩාක් ආදරෙයි. ඇමරිකාව - උපන් රට නිසා එහෙටත් ආදරෙයි. ඒත් වැඩියෙන්ම ආදරේ ලංකාවට. අපේ අම්මයි - තාත්තයි දෙන්නම හඳුනාගෙන තිබෙන්නෙ ඇමරිකාවෙදි. ඉන්පස්සෙ ඒ දෙන්නා විවාහ වෙලා. මාව උපදින්න ඉන්නකොට පියනන්ද
හාමුදුරුවන් බණක් පවා වදාරා තිබෙන බව දැනගත්තා. මේ ඔක්කෝම දේවල් නිසා මම ලංකාවට ගොඩාක් ආදරේ ඇති.
කුඩා කාලය කොහොමද ගත කළේ?
ඇත්තටම ඇමරිකාවේ ඉපදුනාට, කුඩා කාලය එහිදී ගත කළේ එහේ විදියට නෙවෙයි. එහි සිටින ශ්‍රී ලාංකීය පවුල්වල දරුවන් සමඟ බොදු සිරිත් වලට මුල් තැන් දුන් සමාජ පරිසරයක ජීවත් වුණේ. අපේ සංස්කෘතියට මුල්තැන් දීම ගැන දෙමාපියන් නිතර කියා දුන්නා. ඇමරිකාවේ ඉපදුනාට මගේ හදවත තියෙන්නෙ ශ්‍රී ලංකාවෙ කියලා හැමෝම කියන්න පටන් ගත්තා.
බුද්ධාගම කෙරෙහි උනන්දුව ඇතිවුණේ කුඩා කාලයේදිමද?
ඔව්, දෙමාපියන් නිතර අපට ඒ ආභාසය ලබා දුන්නා. අම්මාගෙ පවුල කතෝලික සහ බෞද්ධ මිශ‍්‍රයි. නමුත් අම්මා ගොඩාක්ම බෞද්ධාගමික වැඩවලට උනන්දුයි. අපිටත් ඒ දේවල් කරන්න ඉඩ දුන්නා. කුඩා කාලයේදී අපේ පියනන්ද හාමුරුවො නංගිටයි, මටයි කියවන්න ලොකු බෞද්ධ පොතක් දුන්නා. අපි බොහෝ දේ ඉගෙන ගත්තා.
ඇමරිකාවේ තරුණ සමාජය අපේ වගේ නෙවෙයි. බොහෝ දේ සමාජයට විවෘතයි. එවැනි සමාජ පරිසරයක සිට ඔබ ජීවිතය අපේ සංස්කෘතියට අනුව හැඩගස්වා ගත්තෙ කොහොමද?
ඇත්තටම ඇමරිකානු සමාජයේ ඇති වේගවත් බව නිසාම දෙමාපියන් අපට ඕනෑවටත් වඩා තදින් හිටියෙ. ජීවිතය ගැන වටහලා දුන්නා. සැබෑ ජීවිතය කියන්නෙ මොකක්ද කියන වග වටහලා දුන්නා. ඒ නිසාම සභ්‍යත්වය රැකගෙන කටයුතු කරන්න සහ හරි විදිහට හිතන්න පුරුදු වුණා.
කොහොමද මේ චිත‍්‍රපටයේ ප‍්‍රජාපතී දේවියගේ චරිතයට සම්බන්ධ වුණේ?
මුලින්ම මෙහි නිෂ්පාදක මහතුන් වෙත මගේ ඡායාරූප එව්වා. අනිවාර්යයෙන්ම මෙහි චරිතයක් ලැබෙන බව මට දැනගන්න ලැබුණා. නමුත් චරිතය මොකක්ද කියලා කිව්වෙ නැහැ. මුලින් - තීරණය කරලා තිබුණෙ යශෝධරා දේවියගේ චරිතයටයි. නමුත් පසුව මාව ගැලපෙන්නෙ ප‍්‍රජාපතී දේවියගේ චරිතයට කියලා දැනගන්න ලැබුණා. එම චරිතයේ ඇති සමහර ලක්‍ෂණ, ගති යම්තාක් දුරකට මගේ ජීවිතයෙ තියෙනවා. ඒ නිසා මට වඩාත් ගැලපුණේ ඒ චරිතයයි.
ඊට කලින් මේ චරිතය ගැන අහලා තිබුණ ද?
චරිතය රඟපාන්න කළින් මම පිටපත බොහෝ අවස්ථාවල කියෙව්වා වගේම එම චරිතය ගැන බොහෝ දේ දැනගත්තා. මෙහි පිටපත කියවන විට ඇත්තටම මම ඇඬුවා. ඒ තරමටම සංවේදීව එය දැනෙන්න ඇති. කන්ථක අසු මැරෙන වෙලාවෙත්, මහාමායා දේවියගෙ මියයාම සහ සිදුහත් කුමරු නික්මයාම යන තැන්වලදි මට ඉබේටම ඇඬුණා.

දැන් නැවතත් ඇමරිකාවට යන්නෙ නැද්ද?
ඇත්තටම පවුලේ ඔක්කෝමලා නංගි, මගේ හිතවත්ම යාළුවෝ - නෑදෑයෝ ඔක්කෝම එහේ. ඒත් එහේ සියලූ පහසුකම් තිබුණත්, මට මේ රටට - සමාජයට මොනවාහරි කරන්න ඕනෑ. 92 දි විතර මුලින්ම ලංකාවට එනකොට මම හරි පුංචියි. ශ්‍රී ලංකාව එදා මට දැනුනෙ ලෝකයේ සුන්දරම තැන ලෙසයි. ඉන්පස්සෙ 2002 දී තරුණියක ලෙස නැවත ඇවිත් ගියා. ආයෙත් ආවෙ 2004 දී ආච්චිගෙ මළගමට. එදා සුනාමි ඇතිවී තිබූ නිසා, මම විවිධ පළාත්වලට ගිහින් දුප්පත් මිනිසුන්ට උදව් කළා. සමාජ සේවයේ යෙදුණා. ඉතින් ඇත්තටම මට මේ රටට යමක් කරන්න, රටට ආයෝජන ලබාදෙන විදියෙ වැඩ කටයුතු වලට දායක වෙන්න ගොඩාක් ආසයි. තව ටික කාලයක් මේ විදියට ඉඳලා මගේ යුතුකම ඉටු කරලා නැවත යන්නයි බලාපොරොත්තුව.
මින්පසුව තවත් චිත‍්‍රපටයක රඟපානවද?
චන්ද්‍රන් රත්නම් මහතාගේ සරදියෙල් චිත‍්‍රපටයේ රඟපෑමට තෝරාගෙනයි තිබෙන්නෙ.
ආදරය, විවාහය ගැන එහෙම කතා කළොත්?
ඊට කළින් මට මගේම අත්තිවාරම හදාගන්න ඕනෑ. තරුණියක ලෙස සමාජයටත් යමක් කළාට පස්සෙ නිසි වයසෙදි විවාහ වේවි. එතකොට මම මේ ඔක්කෝගෙන්ම ඈත්වෙලා විවාහ ජීවිතයට, සැමියාට, දරුවන්ට වගකීම් ඉටු කරන්න ඕනෑ. ජීවිතය සමබර වෙන්නෙ එතකොටයි.
(ස්තූතිය - සමන්ප‍්‍රිය මාරසිංහ )
(ඇදුම් නිර්මාණය - ඔමෙෂ් විජේරත්න)
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ඇමෙරිකාවේ ඉපදුනත් හොඳ කෙනෙක්" මේක හරියට "අපායේ උනත් හොඳ වැඩ කරනවා" කිව්වා වගේ! පුදුම අදහස්!(නදී)
හැමෝම කෑගැහුවට අපිනේ දන්නේ ඇත්ත (නි)
රන්ජිත් ඔයා හරියටම හරි. මම ලංකාවේ අවුරුදු 30ක් ඉන්නවා, කාර්යාලයේ වැඩ වලට පිට රට යනවා. ඒ රටවල් වල මිනිස්සු හරිම එකමුතුයි සුහද ශීලියි ඉරිසියා නොකරන මිනිස්සු. ඒ රටවල් දියුණු වෙලා තියෙන්නේ මිනිසුන්ගේ තියන ආකල්ප නිසා. මම අදටත් විශ්වාස කරනවා ලංකාවේ මිනිස්සු කවදා හරි හැදෙයි කියලා.(නදී)
යසස්,රන්ජිත්,හැමෝම එක වගේ නැහැ. අපි බොන්නේ රෙඩ් වයින් විතරයි.අනුන්ගේ සැපතට ලෝබ කිරීම මිනිස්කමට ගැලපෙන්නේ නැහැ.බුදු බණේ ඒකට කියන්නේ (අත්රිචතා) කියලා.තමන් ලැබූ සම්පත් වලින් පවා පිරිහීමට හේතුවක්. (නි)
ලංකාවට කවුද ආදරේ නැත්තේ
යසස් ඔයා හරි. මම ලංකාවේ සිංහල කොල්ලෙක්. ඒත් අපේ රටේ මිනිසුන්ගේ තරම් ඉරිසියාව, කුහකකම, අනුන් අගය කරන්න දන්නෙ නැති, තමන්ගේකම නොදන්නා මිනිසුන් වෙන කොහෙවත් නැහැ. වසර 12 විදෙස්ගතවෙලා ඉන්න මම ඒක හොදට දන්නවා. අපේ මිනිස්සු දන්නේ කසිප්පු ගහලා පුරාජේරු කියන්න විතරයි (නි)
පිට රටක හිටියත් අපි ලංකාවේ ගමක ජීවත් වෙන්නත් පුළුවන් විදියටයි දරුවන් හදන්නේ. ඒකවත් වටහා ගන්න බැරිද?(නදී)
මේකේ දල තියන සමහර කමෙන්ට්ස් දක්කම් ලංකාවේඅයගේ තියන එරිසියව,කුහකකම හොදට පේනවා...තමන්ට නෙති දෙයක් අනිත් අයටලැබුනොත් ලංකාවේඅයට නින්ද යන්නේ නැහැ......එක හින්ද අපි ජාතියක් වසයෙන් හැමදාම එක තැන (අ)
කමල් ඔයා සම්බෝලයි බතුයි වල තියන ගුණයක් නැහැ තියෙන්නේ කබෝහයිඩ්ඩ්‍රේටුයි,මේදයයි. විටමින්,ප්‍රෝටීන්, ඛනිජ ලවන, අමිනෝ ඇසිඩ්, මොකුත් නැහැ. හැබැයි රසයි පුරජෙරුවයි නම් තියනවා. ඇමරිකාවේ ඉදන් කන එකවත් හරියට කරන්න.(නදී)
යසස් ඔබ හරි, රන්ජිත් වගේම මමත් සිංහල කොල්ලෙක්. යසස් කිවුවා වගේ අපේ රටේ මිනිසුන්ගේ ඔය කියපු ගති නිසාමමයි අපි අද මේ තත්වේ එන්නේ. මම සියයට කෝටියක් ඔය මතයේමයි ඉන්නේ. හැම තැනම ඔය දේ තමයි තියෙන්නේ. හරියට හිතලා බැලුවොත්, හැබැයි මතක තියාගන්න, ඒ තත්වේ ඇති කලේ අපි අවුරුදු 450ක් යටත් විජිත ජාතියක් වෙලා හිටපු නිසා. ඒක නිස මේකට පිලියම් යෙදිම ගොඩාක් හොඳින් හිතලා කරන්න ඕනෑ. හැබැයි බටහිර රටවලින් අපි වගේ අයට දෙන පුරවැසිභාවයත් ඔය යටත් විජිත කාරණයම ඉදිරි ගමනක් බව සිහි තබාගත්තොත් හොදයි. (නි)
ජාති වැඩේ කළු සුදු වර්ණ බෙදේ කියන දේ සුද්දන්ට පමණක් අදාළ දෙයක් නොවේ. ඒ සංකල්පේ කළු අයටත් අදාලයි. දැන් මෙතන කියන විදිහට කෑම අගුණ නැතත් අපි ඒවා නොකා ඉන්න ඕනා. ඒවා සුද්දන්ගේ නිසා නම් එතන තියෙන්නේ කළු සුදු වර්න බේදේ.(නදී)
රුවන්වැලි සෑය වගේ බත් එකයි පොල් සම්බෝලයි කන්න දීල දරුවන්ගේ වර්ධනේ බාල කරන්නේ නැතිව හොද කෑම වේලක් දෙන්න කමල්. පොල් සම්බෝලයි බතුයි මෙහෙ අය කන්නෙත් කරන්න දෙයක් නැතිකමට. 60% මන්ද පෝෂනයෙන් ලංකාවේ.(නදී)
වෙන සංස්කෘතියකට ගරු කරන්න මදිකමක් තියන මිනිස්සු ඉන්නේ ලංකාවේ. එහෙ ඉපදුනා නම්, හැදුනා නම්, ඉගෙනගත්තා නම් සමාජය එහෙ නම් ඇයි මෙහෙ තාලෙට ජිවත් වෙනවට මෙතන අය කැමති. මොකද්ද ඇති හොදේ. ඒකත් එක සංස්කෘතියක් කියල පිළිගන්ට බැරි තරඟ මානෙකින් ඔලුව පිරිලද.(නදී)
ඇමරිකානුවකු වෙන මේ කතාව සිංහල තාලෙට ජිවත් වීමේ ඇති හොදේ මොකද්ද සනා. කන්නේ සම්බෝලයි බතුයිද කියන දේට වඩා වැදගත් කෑම වේලෙහි පෝෂනය තියනවද කියන එක.(නදී)
කමල් ඔය සම්බෝලයි බතුයි කියන්නේ රසවත් ගුණක් නැති කෑමක්. ඕකේ විටමින්,ප්‍රෝටීන්,ඇමයිනෝ අම්ල,ඛනිජ ලවන වගේ කිසිම දෙයක් නැහැ.මෙහෙ අය ඕවා කන්නේ නැතිකමට.එහෙ ඉදන් පුළුවන් එකේ හොදට දරුවන්ට කන්නවත් දෙන්න, පුරාජේරුව පැත්තක තියලා. (නි)
අන්න හරි. දක්ෂයට ලෝකේ කොහෙත් ඉඩ තියෙනවා.මේ ළමයට මඩ ගහන අයට මොනවද පුළුවන්.දන්නවද විදේශ රටක ඉන්න මම මගේ දරුවන්ට උදේට කන්න සම්බෝලේයි බතුයි පුරුදු කරලා තියෙන්නේ.ටික දෙනෙක් කරන වැරදී වලට හැමෝම ඒ වගේ කියලා බනින්න එපා. (නි)
අහන්න තියෙන්නේ එක දෙයයි ඹයාට සිංහල කතාකරන්න පුලුවන්ද. (නදී)
ඔබ කියන්නේ ඇත්තම නම් ගොඩක් හොද කෙනෙක්නෙ ඔයා.(නදී)
අපිට සතුටු වෙන්න බැරිද එයා ගේ දක්ෂකම් බලල, වැරදි පෙන්නලා දීල උනන්දු කරන්න බැරිද , අපේ රටට තව දක්ෂ නිලියක් බිහිවේවි(අ).
අන්ජනී පෙර්රා සම්බන්ධ කරගන්න පුලුවන් ලිපිනයක් හෝ දුරකථන අංකයක් හොයල දෙන්න පුලුවන්ද? අපිට ඇයගේ සේවය රට වෙනුවෙන් ලබාගන්න. (ස)
මේ තනිකරම මාකටින් (අ)
ඔය චිත්‍රපටයේ රඟපෑමට රංජන්ව ගැලපෙන්නේ නැහැ.(නදී)
මෙතන අදහස් දැක්කහම තේරෙනවා ලංකාවේ සිංහල මිනිස්සු මොනතරම් කුහකද කියලා. ලංකාව කවදාවත් දියුණුවෙන්නේ නැත්තෙ ඒකයි. තව කෙකෙකුගේ සතුට දැකලා සතුටු වෙන්නේ නැති ජාතියක් අපිට ඉන්නේ (නි)
හැමෝම කියන්නේ ඔහොම තමා. එහෙත්.... (නි)
සංසාරේ... (නි)
හැමදාම චිත්‍රපටිවල දකින මුනත් තහඩු දැන් බලලා ඇති වෙලා. අලුත් මූණක් හොඳයි. ඇමරිකාවේ ඉපදිලා සිංහල කතා කිරීමට හැකි වීම ගැන සතුටු වෙනවා. ඔබට සුබ අනාගතයක්.(නදී)
අපිත් ඉන්නේ පිට රට. අවුරුදු 31 ක් වෙනවා රටෙන් ඇවිත්. හැම අවුරුද්දේම ලංකාවටත් එනවා. එහෙම වුණාට අපේ රට අපිට අමතක නැහැ. මෙහෙ අපිට කන්න ලංකාවේ දේවල් නිතරම ලැබෙන්නේ නැහැ. අපේ සමහර මිනිසුන්ගේ අදහස් හරි කුරිරුයි කියන්න තියෙන්නේ එක දෙයක් විතරයි. හිත හොඳ කරගන්න. කාගේත් වැරදී හොයන්න එපා (නි)
නංගි, පිටරටක ඉපදී හැදුනු වැඩුණු ඔබ ලංකාව සහ සිංහලකම ගැන මෙසේ කතා කිරීම අනිකුත් 'කළු සුද්දොන්ට' හොඳ ආදර්ශයකි. මළපොත අකුරක් නොදැන ඉතාලියට ආ සමහරුන්ට අද සිංහල කතාකරන්නත් බැරි බව අඟවමින් ඉතාලි පමණක් අලංකාර ලෙස 'වැරදියට' කතාකරනවා විශේෂයෙන් නිවාඩුවට ලංකාවට ගියාම අහිංසක දුප්පත් නෑයන් ඉදිරිපිට. (නි)
රසාදරී, ලංකාවේ ෆිල්ම් එකකට රගපාන්න අවස්ථාව නැති වෙච්චි එක්කෙනෙක් වෙන්න ඕනේ. මොකද ඔච්චර ඉරිසියාව. ඊලග බාර සබන් දැන්වීමකට හරි ඉන්න බලන්න.(නදී)
අදහස් දාපුවා බැලුවම හිතා ගන්න පුළුවන් අපේ අයගේ ඉරිසියාවයි තියෙන කුහකකමයි. ඇත්තටම අපේ රට දියුණු නොවෙන්නෙත් ඒ නිසානේ නේද ? (නි)
ජෙෆ්, ඕකත් අහන්න දෙයක්ද. නාන්න විතරක් නෙමෙයි ලංකාවේ වතුර බොන්නත් හරි ශෝක් (නි)
ලංකවේ වතුර උදේට, දවල්ට, රැට, පාන්දර, නෑවත් හරිම සිසිලයි. ඔයා නාලා තියෙනවද ? (නි)
ඒ වුණාට නංගි හොලිවුඩ් ෆිල්ම් එකක පාට් එකක් කරලා නිව්යෝර්ක් නිවුස් පේපර් එකකින් ඉන්ටවිව් කළා නම් කියන්නේ "අයි ලව් ඇමෙරිකා. දිස් ඊස් මයි කන්ට්‍රි, බට් මයි මදර් ඇන්ඩ් ෆාදර් දේ ආ ශ්‍රී ලංකන්ස්" කියලා. (නි)
මුන්ගේ බොරු සෝබන.(නදී)
ශිහාන් සමග 100%ක් එකගයි(නි)
අවුරුදු විස්සක් තිහක් ලංකාවේ හැදිලා රස්සාවකට බෝට්ටුවෙන් ගිය කෙනෙක්ගේ ගති ලක්ෂණ 50%වත් ලංකාවේ වගේ තමා, අධ්‍යාපනේ සහ ළමා කාලේ ලංකාවේ නිසා. එහෙ ඉපදිලා පොඩි කාලේ ඉදන් ඒ සමාජේ ජිවත් වුණහම තත්වේ වෙනස්.උදාහරණ ඇමරිකන් කළු ජාතිකයෝ අප්‍රිකානුවන් වගේද? ලංකාවේ දෙමල අය ඉන්දියන් වගේද? (නි)
ඇමරිකානුවෙක් ලංකාවට ආදරෙයි කියනවා. වෙනසකට තියෙන්නේ එයා කියනවා එයා සිංහල බෞද්ධ කියල. නමුත් අර සිංහල සංස්කෘති කතාව පුරාජේරුවක් පමණයි. (නදී)
අපිත් විදේශ රටක ඉන්නේ.අපි අපේ දරුවෝ හදන්නේ ලංකාවේ අපි හැදුන විදියට. (නි)
මේවා මාර්කටින් වලට කියන කතා කියලයි මන් නම් හිතන්නේ. අනික පත්තර වලත් මෙහෙම දේවල් වාර්තා උනාට අනික් දේවල් වර්තාවෙන්නේ නැහැනේ. උදාහරණ ලෙස ජර්මනියේ නුරම්බර්ග් නගරේ කාන්තා සමලිංගික සමුළුවේ සභාපති ලංකාවේ කෙනෙක්. කවදාවත් ඒවා පත්තරවල යාවිද.(නදී)
මට දන්නා කෙනෙක් කියා දෙත්වා. ඔබාමා කෙන්යානුද,ඉන්දුනිසියානුද, අමරිකානුද? සෝනියා ගාන්දි ඉතාලිද,ඉන්දියන්ද? ලක්ෂ්මන් කදිරගාමර් ලාංකිකද, ඉන්දියන්ද? ජෝර්ජ් බුෂ් අමරිකානුද නැති නම් අයිරිෂ් ජාතිකද....? අයි මේ ජතිකත්වේ... ඉපදුන රට, ගමන් බලපත්රේ හිමි රට තමාගේ රටයි.(නදී)
"කල්චර් ශෝක්" කියන මානසික තත්වයක් තියනවා මනෝ විද්‍යාවේ. ඕන කෙනෙක් අන්තර්ජාලෙන් කියවා දැනගන්න. ඔබතුමිය ටික කලක් මෙහෙ හිටියම ඒ තත්වේ ඇතිවෙයි. එක රටකින් තව රටකට යන ඕනෑම කෙනෙක්ට ඇති වෙනවා. ඒක ඇති උනහම ඔබ මෙසේ නොකියනු ඇත.(නදී)
මේවා මන් නම් හිතන්නේ මාර්කටින්. අර ශාන්ති කියන කෙනා ඇවිත් කිවා ලංකාවට ආදරෙයි කියා. තව තව ඉන්දියන් අය ඇවිත් කියලා ගියා. හෙට මෙය ඇමරිකාවේ හොලිවුඩ් ගියොත් කියන්නෙත් ඒ කතාවමද.(නදී)
කව්ද මේ මෝඩ රූපා ? මොනවාද මේ කියන මෝඩ කතා? (නි)
එහෙත් බෞද්ධ,මෙහෙත් බෞද්ධ,එහෙත් සිංහල,මෙහෙත් සිංහල කියන පුරාජේරුකාර සිහිනේ දකින්න අපි කවුරුත් කැමතියි.නමුත් වැඩේ තියෙන්නේ එහෙ තියා මෙහෙ ඉන්නෙත් කලුසුද්දෝ. ඉතින් එහෙ කොහොමද කළු සිංහලයෝ ඉන්නේ.... (නි)
ඔබාමා ඇමරිකන්ද, කෙන්යාද, ඉන්දුනිසියන්ද? ජෝජ් බුෂ් ඇමරිකන්ද, අයිරිස්ද? කදිරගාමර් මහතා ඉන්දියන්ද ලාංකිකද ? දන්නා කෙනෙක් කියා දෙත්වා.(නදී)
සමාජ විද්‍යාවේ තියනවා ලිබරල් සංකල්පයක් "මෙල්ටින්ග් පොට්" කියලා. ඒකට අනුව වෙන රටකට ගිය කෙනෙක් බහුතර සංස්කෘතියට අනුගත වෙනවා. ඇතැම් විට එකට පරම්පරාවක් දෙකක් යන්න පුළුවන්. ඔය පුරවැසිබාවේ දෙන රටවල් ඒක දන්නවා.එතකොට මේ කියන විදියට විද්‍යාව බොරුවෙනවනේ. (නි)
රූපා, ඔබේ අදහස් වලට මම එකග නොවෙමි. මමත් පිට රටක රස්සාව කරන කෙනෙක්. මෙහෙත් ඉන්නවා ඉපදුන දා පටන්ම මෙහෙ පදිංචිවෙලා ඉන්න දරුවෝ. ඔවුන්ගේ දෙමාපියන් ඔවුන්ට සිංහල සිරිත් විරිත් පුරුදු කරනවා.කන්නේ සිංහල ආහාර.ඒ නිසා පිට රටක ඉපදුන පලියට ජීවත්වෙන පලියට අමුතු විදිහට බලන්න හොද නැහැ. මේ සමහර අදහස් දැක්කහම් හිනා යනවා.අමුතු සත්තු දිහා බලනවා වගේ (නි)
ඔබ ලාංකිකයෙක් නොවේ.ඇමරිකානුවෙක්. ලංකාවේ හිතන ක්‍රමේ හැටියට, ලංකාවේ ඉපදුන කෙනෙක් පිටරට ක්‍රමේට ජිවත් වීම උපන් රටට කරන අගෞරවයකි.එම තියරියට අනුව ඔබ ඇමරිකාවට අවමන් කරන්නෙකි. (නි)
මට නම් මේ සිද්ධාර්ථ එකේ යශෝධරාවට ගන්නත් ලස්සන තරුණියන් ලංකාවේ දැක්කා. උදාහරන ඕෂධී එක්කෙනෙක් (නි)
ඔබතුමිට ලංකාවට එන්න විස ඕනෑ නේද.ලංකාවේ පුරවසිබවේ තියනවද? එහෙ කන්නේ බොන්නේ තුන්වේලම බතුයි මාලුයිද ලංකාවේ වගේ. මේ අය කියන විදිහට ඔයා ලොස් ඇන්ජලිස්වල ඉන්නේ මහියංගනේ හෝ ගාල්ලේ ඉන්න ලැජ්ජාශීලි,පුරුෂාධිපත්‍යයට යටත්,කුලෑටි තරුණියක් ලෙසද. මම මේ දන්නේ නැති නිසයි මේවා දැනගන්න අහන්නේ. (නි)
ඇමරිකාවේ "සිස්ටම් එක"නරක නම් සහ අපේ "සිස්ටම්"එක නම් ලෝකේ හොදම ඇයි එහෙ යන්නේ.අනික මොන පදනමින්ද අපි බලපොරොත්තු වෙන්නේ ඇමරිකාවේ ඉපදෙන කෙනෙක් ලංකාවේ සිංහල බෞද්ධ සිස්ටම් එක රැකගතයුතුයි කියා.මොකෝ මේ අය එහෙ ගියේ සිංහල බෞද්ධ ප්‍රාන්ත හදන්නද. (නි)
ලොස් ඇන්ජලිස් වල ඉදලත් ලංකාවේ විදියට ජිවත් වෙනවලු.මේක යාථාර්තයද? නැතිනම් අපි මෙහෙ ඉදන් දකින්න කැමති සිහිනේද? මොකෝ ඉපදුනේ එහෙනම්,ගමන් බලපත්‍රය එහෙනම්, හැදුනේ එහෙනම්,අධ්‍යාපනේ එහෙනම්,ලංකාවේ වගේ ජිවත් වෙන්නේ කොහොමද සහ ඇයි එහෙම ජීවත්වෙන්නේ. (නි)
පිටරටක ඉපදිලා තවමත් අපේකම හදවතේ පුරවාගෙන ඉන්න ඔබ අපේ බොහෝ දෙනෙකුට ආදර්ශයක් (නි)
නංගි , මමත් ඉන්නේ ඇමරිකාවේ. කාටද ඔය බයිලා ගහන්නේ, මෙහෙ ඉන්න ගොඩක් ලංකාවේ කෙල්ලොන්ට සුද්දෙක් යාළු කරගන්න කම් පුදුම අමාරුවක් තියෙන්නේ. හොඳ කෙල්ලෙක් දෙන්නෙක් එහෙන් මෙහෙන් ඉන්නවා. ලංකාවේ සංස්කෘතියට ඔච්චර කැමති කම් ඇයි දන්නේ නෑ සුදු හම ලොකු කරන ඉන්නේ. ඔක්කොම මාර්කටින් බයිලා.(නදී)
අපිත් ආදරෙයි
තමුන්ට නිදහස් ජීවිතයක් කැමති විදිහකට ගෙවන්න පුළුවන්. දැන් මේ ඇවිල්ල ඉන්න මුස්ලිම් මිනුස්සු අවුරුදු පන්සීයයක් විතර ලංකාවේ ඉන්නේ ඒ වුනාට ඒ ගොල්ලෝ උනන්දු වෙන්නේ අරාබියේ විදිහට ජීවත් වෙන්න. හැබැයි ලංසි මිනුස්සු ටිකක් ලංකාවේ දේවල් එකතු කරගෙන තියෙනවා.(ස)
මෙයා නම් හොඳ කෙනෙක් වගේ.ඒත් කව්ද දන්නේ මොකද යන යන තැන කැමරා හයිකරලා තිබුණයැ?(ස)
ඒක ලස්සන චිත්‍රපටයක්. (ස)
මේක සම්පූර්ණයෙන්ම ප්‍රෝඩාවක් කියලයි මම නම් කියන්නේ (නි)
අපේ අය දන්නේ අනුන්ගේ වැරදි සොයන්න විතරයි. ඔබගේ අදහස් ගැන හිතට එකඟවම සතුටුයි. (ස)
එතකොට ඔයාට? (නි)
මගේ දරුවන් තුන් දෙනාම ඉපදුනේ පිටරටක. නමුත් හොදට සිංහල කතා කරනවා . එපමනක් කෙමෙයි හාමුදුරුවන් සමග පිරිත් අවසාන වන තුරු කියනවා. ඉගනගත් සිංහල ටීක පිට රටකට ආපුවම අමතක වෙනවලු. නමුත් පිට රටකට ඇවිල්ලා පසුව ඉගන ගන්න ඉංග්‍රීසි ටික කොහේ ගියත් අමතක වෙන්නේ නැහැ. හරි පුදුම දෙයක්.(නදී)
චිත්‍රපටය නරඹද්දී මම හිතුවේ ඔබ ඉන්දියානු කෙනෙක් කියලා. (නි)
කොටින්ම කියනවානම් කොහේ ඉපදුනත් දක්ෂ පුද්ගලයාට මුළු ලෝකයම විවෘතයි. (අ)
ද නේම් ෂේක් කියල ඉන්දියානු ඇමරිකානු චිත්‍රපටයක් හැදුවා මීරා නායර් විසින්. සංක්‍රමණික දෙමාපියෝ තම දරුවන්ට මවු රටේ දේවල් උගැන්වීමට ගන්නා උත්සාහය සහ පවුල් අරගල ගැන. එම ගතිත් සමග ඇමරිකානු නිදහස් සමාජයට අවතීර්ණ වන තරුණ දරුවන් කරන අරගලය. එහාට ගියා නම් එහෙ තාලෙට ඉන්න. නැතිව දරුවන් අපහසුතාවෙට පත් වෙනවා.(නදී)
මන් මගේ දරුවන්ට සිංහල උගන්වනවා.නමුත් භාවිතේ අඩු නිසා අමාරුයි. අපට අපේ දේවල් රකින්න ළමයි ගෙවල් වල තියා ගන්නත් බැහැනේ. මගේ දුවගේ පන්තියේ ඇමරිකන් දරුවො10, ජමෙයිකන්3, ඉන්දියන්2 චින 4, මොසංබික3, නිකරගුව2 ඉන්නවා. අධ්‍යාපන ක්‍රමේ හැටියට ඔක්කොම උගන්වන්නේ තර්ක කරන්න. මන් නැතිදාට මුණුපුරන්ට අපේ දෙවල් කියාදෙන්න මන් තරම් මගේ දරුවෝ උනන්දු නොවෙයි."මෙල්ටින් පොට්" තියරියේ හැටියට ඔක්කොම දෙවල් දියවෙලා යාවි.(නදී)
මුරුගන්,මොකක්ද මේ සිස්ටම් කතාව? කොහෙද මේකේ කියල තියෙන්නේ අපේ සිස්ටම් එක ලෝකේ හොඳම කියලා. ලංකාවේ ඉපදුන ඔබ වගේ අය ලංකාව උපන් බිම කියල පිළිගන්නේ නැහැ නේද? ඔබලා හිතින් ඉන්නේ තමිල්නාඩුවේ. නමුත් අපි උපන් බිම හැටියට කවදත් හිතන්නේ ලංකාව ගැන. මමත් ඇමරිකාවේ ඉන්නේ. හැබැයි අපි මෙහෙ ආවේ බෝට්ටුවෙන් නෙමේ. අනික අපි මෙහෙ ඇවිල්ල රටෙන් කෑල්ලක් ඉල්ලන්නෙත් නැහැ. මොකද අපි දන්නවා අපි කොහෙන්ද අවේ මොකටද ආවේ කියලා. ලංකාවට ගෙනාපු කුලී හේවායෝ, කුලී කම්කරුවෝ සහ අරාබි වෙළෙන්දෝ දන්නේ නැහැ කොහෙන්ද ආවේ කියලා. ඒක නිසා තමුන් ජීවත්වෙන රටට ආදරේ නැත්තේ. අන්න එයාල තමයි ප්‍රාන්ත ඉල්ලන්න්නේ. තමුන් අවේ මොකටද කොහෙන්ද ආවේ කියන එක දන්නේ නැතිව.(නදී)
ඇයි පිටිගල මිලානෝ, සමහර ඉතාලි අයටත් තරහ යයි.(නදී)
ලංකාවේ මිනිසුන්ට ඔබ ආදර්ශයක්.(නදී)
ජෝයි, 'බෝට්ටු' කතා කියන්න එපා. ඕස්ට්‍රේලියාවේ අයට තරහ යයි. (නි)