අයි. පී. එල්. තරගාවලියේ පස්වැනි වැනි තරගයේදී මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංස් පිලට එරෙහිව ලකුණු 9 ක ජයක් ලැබීමට රිකී පොන්ටින්ගේ නායකත්වයෙන් යුත් මුම්බායි ඉන්ඩියන්ස් පිල සමත්විය. තරගය චෙන්නායිහිදී පැවැත්විණ.
තරගයේ වීරයා බවට පත්වූ මුම්බායි ඉන්ඩියන්ස් පිලේ කිරන් පොලාර්ඞ් වේගවත් පිතිහරඹයක යෙදෙමින් පන්දු 38 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 57 ක් රැස්කළේය.
චෙන්නායි සුපර් කිංස් පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි පන්දු 26 කින් ලකුණු 51 ක් ලබාගෙන තරගය ජය ගැනීම සඳහා හුදකළා සටනක නිරතවුණද, ඔහුගේ දැවීයාමත් සමග තරගයේ ජයග‍්‍රහණය ඔවුන්ගෙන් ගිලිහී ගියේය.
මුම්බායි ඉන්ඩියන්ස් පිල ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 148
(දිනේෂ් කාර්තික් 37, කිරන් පොලාර්ඞ් නොදැවී 57, හර්බජාන් සිං නොදැවී 21, ඬේවොයන් බ‍්‍රාවෝ 44/2)
චෙන්නායි සුපර් කිංස් පිල ඕවර 20 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 139
(මයිකල් හසී 20, සුබ්රමනියම් බද්‍රිනාත් 16, මහේන්ද්‍ර සිං දෝනි 51, රවින්ද්‍ර ජඬේජා 16, ප‍්‍රගයන් ඕජා 16/2, මුනාෆ් පටේල් 29/3, හර්බජාන් සිං 31/2)
(**)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා ඔහොම වෙනවා තමයි. කලබල නොවී බලාගෙන ඉදිමු. (නි)
මම හිතුවේ ලංකාවේ සාමාන්‍ය මිනිස්සු සහ ජනතා හිතවාදී මාධ්‍ය අයි.පී.එල් වර්ජනය කරනවා කියල. බලාගෙන ගියාම ප්‍රචාරෙකුත් දෙනවා.(නදී)
ඔව් මහේෂ්, ඔබ හරි. අපි නැවතිලා බලමු.(නදී)
චෙන්නායි වලට ඔහොම වෙන්න ඕනේ. (නදී)
මම නම් කැමති නැහැ මේවා අහන්න. මොකද මම අයි.පී.එල්. අප්‍රිය කරනවා. (නි)
මම අහන්න අයි.පී.එල්. ගිය එක වැරදිද? ඉන්දියන් ආධාර ගන්න පුළුවන් අපිට අයි.පී.එල්. ගහන්න බැහැ? (නි)