ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව්.මරුසිරා.කොම් වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් ගනුදෙනුකරුවන් වූ තරුණයන්ට මෘදුකාංග හා පිවිසුම් කේත විකිණූ බව කියන පරිගණක හැකරෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රෂ්මි සංගප්පුලි මහතා විසින් මැයි දෙවැනිදා වන තුරු රිමාන්ඩ් කරනු ලැබීය.
යුද හමුදා බුද්ධි අංශය මගිනක් පසුගිය මාර්තු තුන් වැනිදා රහස් පොලීසියට කළ පැමිණිල්ලක් අනුව මහනුවමර ධර්මාශෝක මාවතේ ගයාන් රෝෂාන්ත සිල්වා අප්‍රේල් 29 වැනිදා එසේ අත්අඩංගුට ගත් බවත්, ඔහු මෘදුකාංග හා පිවිසුම් කේත තම ලියා පදිංචි ගනුදෙණුකරුවනට විකුණා ඇති බවත් රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.
අනුන්ගේ වෙබ් අඩවිවලට හොරෙන් ඇතුළු වීම සඳහා අවශ්‍ය මෘදුකාංග සැපයූ ඔහු ඒ සඳහා උපදෙස් දී ඇතැයි ද උසාවියේදි කියැවිණි.
නීතිවිරෝධි ලෙස අනුන්ගේ වෙබ් අඩවිවලට ඇතුළු වී ඒවායේ දත්ත මකා ඇති බව ද පොලීසිය උසාවියට දැන්වීය.
පරිගණක භාෂාවෙන් එය ‘හැකර්‘ ක්‍රියාවකි. එසේ හැකර් කැරුණු හෙවත් දත්ත මකා දැමුණු වෙබ් අඩවි හඳුනා ගැනීමේ පරීක්ෂණ පැවැත්වෙන බනත්, විනාශයේ හා අපරාධයේ ස්වභාවය ගැන පරීක්ෂණ පැවැත්වෙන බවත් රහස් පොලීසිය උසාවියට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා නම් කවදාවත් වැරදි දෙයක් කරන කෙනෙක් නෙමෙයි, මම දන්න විදියට (නි)
මේකේ තියෙන අදහස්වලින් වැඩි හරියක් මේ අතිදක්ෂ තරුණයාගේ වටිනාකම තේරුම් ගන්න කියලා කරන ඉල්ලීම්. එදා ත්‍රස්තවාදීන් අද 'රජ වැඩ'. එහෙව් එකේ මේ වගේ සැබෑ විශේෂඥයෙක් විනාශ කරන්න හදන්නේ ඇයි? (නි)
පහුගිය මාස ටිකේ ලංකාවේ රජයේ වෙබ් අඩවි දිගට හරහට හැක් කරද්දී හොයාබලන්න කිසිම කෙනෙක් හිටියේ නැහැ. ලංකාවට වැරදුනේ මෙන්න මෙතන තමා... (නි)
කොටි කලබල කියෙන කාලෙ අත මිට මොලවගෙන යන්න පුළුවන් පිස්තෝලයක් හදපු කොල්ලෙක් හිරේ දැම්ම කතාවක් මට මතක්වුණා මේ සිද්ධිය ගැන ඇහෙද්දි. කරන්න තිබුනෙ මිනිහා හිරේ දාන එක නෙමෙයි. එයාගෙන් වැඩක් ගන්න එක. මෙතනත් එහෙමයි. අනවසර මෘදුකාංග විකුණුවයි කිව්වට ඕවා අපෙ රටේ මිනිස්සුට කතෘභාගයක් තියෙන ඒවා නෙමෙයි. වික්කා නම් වික්කෙ රුපියල් 100ට 200ට. ඒකෙන් වැඩක් වුණෙත් ලංකාවෙම කොල්ලන්ට. අනෙක රජයේ සයිට්වල දත්ත මකන්න දෙයක් නැහැ. ඒවායෙ ඉන්න ක්‍රියාශීලී නෝනා මහත්තුරු ඒවා කළින්ම මකාගෙන තියෙන්නෙ. මොන රජයේ සයිට් එකක්ද හරියට තියෙන්නෙ. විභාග දෙපාර්තමේන්තුවෙ සයිට් එක දැක්කාම කීයකින් හරි ආධාර කරන්න හිතෙනවා කාටහරි කියලා හදාගනින් කියලා. වෙලාවකට හිතෙනවා අහවල් කරුමයක් කොලාටද කියලා මෙහෙම රටක ඉපදිලා මේව දැක දැක ඉන්නේ. (නි)
මේ වාගේ දක්ෂයන්ව විනාශ නොකර රජයේ කටයුතු වලට යොදාගන්න. (නි)
දාලා තියෙන අදහස් 98% කින්ම ඉතාම හොද යෝජනාවක් කරලා තියෙන්නේ. මමත් 100% ක් එකගයි. මේ හොද මොලයක් එයාට අපේ රටේ එයාගේ දැනුමෙන් වැඩක් කරන්න තිබුනා නම් එයා මේ වගේ දේකට පෙළඹෙන්නෙ නැහැ. (නි)
හැකර් කියන වචනයට නියම ගැලපුමක් " හැකරා". නියමයි. මේ කොල්ලා ගේ මොලේ පාවිච්චි කරන්න ඕනෑ.අපේ අයි ටී පොලිසි ගැන කතා කරලා වැඩක් නැහැ. (නි)
මහා කැත නම්නෙ දාලා තියෙන්නේ (දී)
මධු, සේනානායක, දන්නා දෙයක් විතරක් කතා කළා නම් හොදයි. (නි)
අනේ මන්දන්නේ නැහැ
මම දන්න විදියට මොහු ඉතාමත් හොද බුද්දියක් තිබෙන කෙනෙක් විශේෂයෙන් පරිගණක පිලිබදව.. මම අහල තියෙනවා මොහු තුන් පාරක් වයි.සී.එස් වෙලා ලංකාවට කීර්තියක් ගෙනල්ලා තියෙනවා. සහ මොහුගෙ දැනුම විශාලයි එම නිසා මොහුව නිදහස්කර රට වෙනුවෙන් මොහුගෙන් නුවණ ප්‍රයෝජනයට ගන්න මම හිතනවා ගයාන් කියන්නේ රටට සම්පතක් ඉතා වටිනා සම්පතක් (නු)
මට ස්ථිරයි ඔය කියන කිසිම දෙයක් සල්ලිවලට විකුණලා නෑ කියලා. (ස)
රජයේ වේබ් අඩවි හැක් කරන්න බෑ. වෙබ් අඩවියක් හැක් කරන්න නම් සරළම ආරක්ෂක විධියක් වත් තියෙන්න ඕන. ගොඩක් රජයේ වෙබ් අඩවි හදල තියෙන්න කිසිම ආරක්ෂක විධි විධානයක් නැතුව. ඉතිං අගුලක් නැති දොරක කොහොමද අගුළු කඩන්නෙ. නරකද මෙයාට හෙඳ පඩියකට හොඳ රස්සාවක් දුන්නොත්.(නදී)
මෙහි ඇති බොහෝ අදහස් අනුව මෙම අපරාධකරු ඇගැයීමට කටයුතු කර ඇති බව පෙනේ. අපරාධකරුවන් උනන්ඳු කරවීම සමාජයට කරන බරපතළ හානියකි. (නි)
කුමාර, ඔයාටත් එක්ක කියන්නේ. දන්නේ නැති ඒවාට හොට දාන්න එපා. ඔහු අපරාධකරුවෙක් නොවේ (නි)
නීති තදයි
ගයන් නිදහස් කරලා කියලත් ආරංචියක් තියෙනවා දැන්. ලැජ්ජයි මෙහෙම රටක ඉපදුනාටත්. (නි)
අනේ මන්දා අපේ රට කවදා හැදෙයිද මන්දා. (නි)
අයියේ, නියමයි නියමයි, සන්තෝෂයි, මේ වගේ නියම හැකර් කෙනෙක් ලංකාවේ බිහි වුන එක ගැන. ආඩම්බරයි මට අපේ සහෝදරයා ගැන. (නි)
ලංකාවේ ගොඩක් වෙබ් අඩවි තියෙනවා මේ වගේ... මම දන්නේ නැහැ මෙයා වෙබ් සයිට් හැක් කලාද කියලා... එහෙම කලානම් වැරදියි.. ඒකට සුදුසු දඩුවමක් දිය යුතුයි..!(නු)
ඔය මොළය හොඳ දේකට යෙදෙව්වා නම් මොකද? (ස)
මගේ මිතුරෙක්ගෙත් වෙබ් අඩවියකට ඇතුලුවෙලා ඔහු නොකියපු දේවල් දාලා ජාතින් අතර භේද පවා ඇති කිරීමට තැත්කරලා තිබුණා.. මේ වගේ අය තමයි.. මෙයාලට නිසි දඩුවම් දෙන්න ඕන..!(නු)
විජේසින්හේ ඔයා මොනාද දන්නේ.? (ස)
මෙයාට දඩුවම් කිරීමට වඩා මෙවැනි දස්කම් ඇති අය පලක් ඇති දෙයකට යොමු කිරීම තමයි වටින්නේ..!(නු)
මොහු රජයේ තොරතුරු විමර්ශන ඒකකයට සුදුසුයි. (නි)
ලංකාවෙ ඔරිජිනල් මෘදුකාංග ගන්න ගියොත් මෘදුකාංගය විතරයි තියාගෙන ඉන්න වෙන්නේ.. පරිගණකයක් ගන්න වෙන්නේ නැහැ... මොකද සැබෑ මෘදුකාංගය හරි ගණන්... ඒකයි මෙයා රහස් අංක මේ වගේ අනිත් අයට දෙන්නෙ..!(නු)
වරක් මට මතකයි එක ලිපියක තිබුණා, පේස් බුක් වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළුවී එහිතිබු බොහෝ දත්ත වෙනස්කල හැකර් කෙනෙක්ව එරට පොලිසිය මගින් අත්අඩංගුවට පත් වූ අවස්ථාවේදී,පේස් බුක් සමගම විසින් එම පුද්ගලයට නඩු නොපවරන ලෙස ඉල්ලීමක්ද කර ඔහුව එම ආයතනයේ මෘදුකාංග ආරක්ෂණ ඒකකයේ රැකියාවකටද තෝරාගෙන තිබුණි. දියුණු රටවල එසේ වුවද ලංකාවේ එසේ නොවේ. (නු)
මෙවැනි තරුණයින් හිර කර තබන්නේ නැතිව එයාලගේ දැනුමෙන් ප්‍රයොජනයක් ගන්න. (නදී)
මෙයාලගෙන් රජය වැඩ ගත යුතුයි. අවවාද කොට රජයට බදවා ගත්තොත් හොදයි. ඒත් වැරැද්ද නමි බරපතලයි.(නදී)
මොහුට අපහාස කරන්න එපා. මොහු රටට වැඩක් ගන්න පුළුවන් බුද්ධිමතෙක්.කරුණාකර මොහුව රජයේ බුද්ධි අංශ වලට සම්බන්ධ කරගන්න.. (නි)
ලංකාවෙ බුද්ධි ගලනයට ප්‍රධාන හේතුව මේක තමයි වෙන රටක මේ වගේ දෙයක් කරලා අහුවුනොත් දඩුවමට දෙන්නේ ඉහළම තැනක රැකියාවක්.. ඔහුට තියෙන දක්ෂතාවය හොද දේකට යොදවන්න.. ලංකාවෙ මොලකාරයන්ට වැඩක් නැහැ.. (නු)
හොඳ වැඩේ. උල තියන්න වටින්නේ.(නදී)
මොලය කොතරම් වටින්නේ නමුදු එය නරකට යෙදවීම, උමතු රෝගියකු අතට ගිනි අවියක් දුන්න හා සමානය. නමුත් මොහුගේ බුද්ධිය රහස් ඔත්තු සේවා බුද්ධි අංශ ආදියට ඉතා අගනේය.(නු)
රහස් පොලිසියේ මෙයාගේ දැනුම හෝ හැකියාව හා වැරදි පරික්ෂා කරන්න දන්නා කෙනෙක් නැතිව ඇති. මෙයාවම කන්සල්ටන්ට් කෙනෙක් ලෙස ගන්න වෙයි. (නු)
මෙයාලාගෙන් වැඩක් ගන්න බැරිවෙයි ඉන්ටනෙට් එකෙන් ක්‍රැක් එකක් බාගතකරගෙන ඒක විකුණපු කෙනෙක් වෙන්න ඇති.!(නු)
මරු සිරා ඩොට් කොම් කියන්නේ ලංකාවෙ තියෙන ඉහළ ආරක්ෂක විධි තියෙන වෙබ් අඩවි එකක්.. මේ අල්ලගෙන ඉන්නෙ තොරතුරැ තාක්ෂණයේ හොද මොලයක්.. මේ වගේ අය රටට ගොඩක් වටිනවා.. නඩු දාලා රටින් එලවන්න.. එතකොට හොද වැඩකරුවන් ටික රට ගියාම බුද්ධිගලනය වෙනවා කියලා කෑගහන්න.!(නු)
රජයේ වෙබ් අඩවිවල දත්ත වෙනස් කරන්න ඇත්තෙත් මෙයාද දන්නේ නැහැ..!(නු)
අපේ රටේ මේ වගෙ මොල කාරයින්ට කිසිම තැනක් නහැ.මේ වගේ දක්ෂතා තියෙන තරුණයින්ව අපි තව තවත් ඉදිරියට ගෙන යන්න ඕන.හැමෝටම මේ වගෙ දේවල් කරන්න බෑ.මේක රජයට හොද අවස්තාවක් මේ වගෙ දක්ෂ තරුණයෙක්ව රජයට බදවා ගන්න.(නු)