ශාසනික සේවය, අවංකකම හා මහජන සේවය වෙනුවෙන් මීරිගම තිදෙනෙක් උපහාර ලදහ.
මරදන්කල්ලේ සුසීම හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක හා මීරිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එරික් පෙරේරා ඔවුහුය.
ශාසනික මෙහෙවර වෙනුවෙන් සුසීම හිමියෝ ද, ජනතා සේවය වෙනුවෙන් සේනානායක මහතාද මේ උපහාරයට ලක් වූහ.
ගම්පහ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා පැවුසවේ පොලිස් ස්ථාන 34කින් යුත් තම බල ප්‍රදේශයේ හොඳම ස්ථානාධිපති එරික් පෙරේරා මහතා බවයි.
යුද බිමේදී නිර්භීතව සටන් කළ ඔහු පොලිස් රාජකාරිය අවංකවත්, අල්ලස හා දූෂණයෙන් තොරවත් ඉටු කරන බව ගුණවර්ධන මහතා කීවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා ද අපරාධකරුවන් සම්බන්ධයෙන් පොලීසියට කිසිම බලපෑමක් නොකරතියි ද ඔහු සඳහන් කළේය.
‘දැන් පොලීසියට පහර දීමේ රැල්ලක් ඇතිවේගය එනවා. කිසිමවිටක මගේ නිලධාරීන් ගුටි කන්න බැහැ. පොලීසිය පහර කීවාම අහිංසක අසරණ ජනතාවට යන්න විශ්වාසවන්ත තැනක් නැතිව යනවා. කප්පම්කරුවන්, මත් උවදුරේ යෙදෙන්නන්, මිනීමරුවන් මේ සමාජයෙන් තුරන් කළ යුතුයි. ඒ සඳහා එරික් පෙරේරා වැනි ස්ථානාධිපතිවරුන් මට අවශ්‍යයි.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට ඔබ ආඩම්බරයක්. (නි)
පොලිසියේ ඔය වගේ අවංකව සේවය කරන අයව අපි ආරක්ෂා කරගත යුතු වෙනවා. නැත්නම් ඔය වගේ දක්ෂ නිලදාරීන් අපිට ,අපේ රටට නැතිවෙනවා. ඔබට සුබ අනාගතයක්. (නි)
සිරිලක් වැසියනට බොහොම සන්තෝසයි. පොලීසියට ජය! (ස)
පොලිස් ස්තානාදිපතිතුමව කැලණියට මාරු කරන්න. එතුමා හොඳ එහෙට. (ස)
ඔය වගේ හැමෝම අවංකව වැඩ කලා නම් ලංකාවත් මෙහෙ (එංගලන්ත) පොලිසි වගේ.මගේ ගම ගැන පුදුම සතුටක් දැනෙනවා. (නි)
අපේ ගම ගැන ගොඩක් ආඩම්බරයක් දැනෙනවා මීරිගම පොලිසියට දිගු කලක් දිගු ගමනක් යන්න ඔබතුමාට දේව ආරක්ෂව ප්‍රර්ථනා කරනවා වගේම මිරීගමට ලබපු ලොකුම සම්මානයක්,..සුබ පැතුම්!(ස)
''හිටියොත් හොදට හැදි දෙවියොත් නමට වඳි''(ස)
අවංක මහජන සේවකයෝ සොයන එක කළුනික සොයනවා වගේ වැඩක් බව මේ සිද්දියෙන් පේනවා.එහෙම එක සිදුවිමක හරි අහන්ට ලැබීමත් සතුටක්.(ස)
පිදිය යුත්තන්ට පිදිය යුතුයි.(නදී)
ඉතාම හොද වෙඩක් ... මම ලංකාවේ නැති උනත් ඔබ තුමාගේ හොද වැඩ ගැන හොදින් අහල තියෙනවා .... මගේ සුබ පැතුම් ... දිගු කාලයක් මීරිගම සහ ලංකාවේ ජනතාවට සේවය කරන්න ලැබෙන්න ඕනේ ඔබ තුමාට ....(ස)
ඔබගේ සේවයට අපගේ උපහාරය !(ස)
පොලිස් ස්ථාන හතරකටම එක්කෙනෙක් වීම ආඩම්බරයි. මීරිගම අපෙන් ඔබට සුබ පැතුම්.. !(ස)
පොලිසිය සියලු දෙන 100% අවංක විය යුතු බව මගේ විස්වාසය. එය එසේම විය යුතුයි අනිවාර්යයෙන්ම . එක අයකුට ඇයි සම්මාන ? අනෙක් අය එසේ නොකරනවා නම් පොලිස් දෙපාර්තමේන්තුවේම ලොකු අඩුවක්. ඉතින් කාට කියන්නද මේවා . අනික් සම්මාන අනුමත කරන අතර පොලිසියට දීපු එක අනුමත නොකරමි. බුදු සරණයි.(නදී)
හොද උත්සවයක්. අපේ ප්‍රණාමය.(නදී)
උතුම් කාර්යයක්. බොහොම හොදයි. (නි)
මිහිරි ගම මිහිරි ජීවිතයක් ගතකලාට කමක් නෑ. නහය පරිස්සමට දේශපාලකයන්ගෙන්.(නදී)
සම්මානයට පාත්‍ර විය යුතු කෙනෙකුට මේ සම්මානය ලැබුන නම් බොහොම හොදයි. අගය කල යුතු කටයුත්තක්, අපි මේ ගැන හරියටම නොදන්නා නිසයි එහෙම කිව්වේ. වාස් ගුනවර්දන මහත්තයාගේ පුත්‍ර රත්නය නම් මාලබේ කැම්පෙස් එකේ කොල්ලෙක්ට තඩි බාල හොදට හිටියා.(නදී)
නියමඊ එරික්, මීරිගම ඉන්නා චන්ඩි ටික මට්ටුකරන්න. අහිංසක අපේ ගමේ මිනිස්සුන්ට නිදහසේ ඉන්න දෙන්න. දේශපාලුවන්ට යටත් වෙන්න නම් එපා. මන් දන්නවා ඔබ හොද බොක්ෂර් කෙනෙක් කියලා. නීතියෙන් සහ අතින් පයින් අවශ්‍ය තැනැට යොදවන්න. අපිට ආඩම්බරයි. මොකද මගේ ත්ත්තත් හොද පොලිස් කාරයෙක් පගා ගහන්නැති. අම්ම ජොබ් එකක් කරපු කෙනෙක් නිසා අපි ගෙයක් හදාගත්තා.(නදී)
මෙහෙම මහජන උපහාර ලබන කොට බය හිතෙනවා. අනික් දෙන්න ගැන නම් බයක් නැහැ. ඒත් එරික් මහත්තයට? ඒ මොකද, ඔය වගේ එඩිතර නිලධාරීන් නුරුස්සන, සාක්කුවට දාගන්න, බැරි වුනොත් විනාශ කරන්න බලාගෙන ඉන්න බලධාරීන් අවට ඉන්නවා. වසන්ත මන්ත්‍රීතුමා ඉන්න තුරු නම් ප්‍රශ්නයක් නැති වෙයි. (නදී)
මීරිගම අපිට ආඩම්බරයි. ජයවේවා!(නදී)
මේ වගේ අවංක නිලදාරීන් දිරිගන්වන්න අවශ්‍යයි. පොලිසියේ හොඳක් අහන්න ලැබුනාම සතුටුයි. ඒත් කවුරු හරි ජරා වැඩක් කලාම මුළු පොලිසියම ලජ්ජාවට පත් වෙනවා. ඔබට දීර්ගායු වේවා!(නදී)
පුදුම හිතෙන සන්තෝෂයක්. ඇත්තෙන්ම ආඩම්බරයක් ඉඳාල හිටලා මෙවෙනි පුවත් ඇහීමත්.(නදී)
පොලිස් ස්ථාන හකරටම අවංක නිලධාරීන් එක්කෙනයිද? ඔබකුමාට ජාතියේ උපහාර.(නදී)
දැන් මීරිගම වැඩ දාපු කට්ටිය අසරණ වෙලාද? (ත)
පුදුම හිතෙන කතාවක්.(නදී)
සුබ පැතුම්! (නි)
මේ වගේ අවංක නිලධාරීන්ට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි. කොන්ද කෙලින් තියාගන වැඩකරන නිලධාරියෙක්. ඔබට ජය ශ්‍රී! (නි)