අද මාසික රැස්වීමට සහාභාගී වීමට හිරගෙදර සිට ආ මොරටුව උප පුරපති සුජිත් පුෂ්ප කුමාර පැය දෙකකට ආසන්න කාලයක බන්ධනාගාර රියේ හිරවී සිට දැඩි ආරක්ෂාව මධ්‍යයේ යළි ආපසු රැගෙන යනු ලැබීය. මහා සංඝරත්නය ඇතුළු මහජනයාගේ විරෝධය නිසා ඔහුට බන්ධනාගාර රියෙන් බැසීමට පවා නොහැකි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා ....ජයවේවා ....
දැනට මාස තුනත නිවාඩු ගන්න, මොරටුවේ අය මෙයාව සදාකාලයට දේශපාලනයේන් විශ්‍රාම ගන්වයිද? මම හිතන්නේ අපට පිස්සු.(නදී)
ජන බලය ඉතා බලගතුයි. යමු ඉදිරියට. ජය වේවා! (නි)
අපි කල්පනාවෙන් ඡන්දෙ දෙමු. ඕනෑම පක්ෂයකට වැඩි බලය හොඳ නැහැ (නි).
මිනි මැරුම් චෝදනාවලට හිරේ ඉන්න මිනිස්සුනට තැන දෙන්න හදනකොට මහජනයා මෙලෙස පෙළ ගැසීම සතුටක්. දූෂණය නැති කරන්න මිනිස්සු ඉදිරියට එන්න ඕනෑ. නගර සභා, පළාත් සභා, ප්‍රාදේශීය සභා මහා ආණ්ඩුව මේවයේ ඇමතිවරු කී දෙනෙක් ඉන්නවද? ඒත් දඹුල්ලේ කුණුවෙන එළවලු ටික රට පුරා බෙදා හරින්න වැඩපිළිවෙලක් නැහැ. ඔය සුදු අලි සේරම විසුරුවා පැරණි ගම් සභා පිහිටුවන්න. (නි)
හිරේ ඉන්න ඕනෑ කෙනා මොකටද සබාවට ගෙනාවේ? (නි)
බුදු සරනයි දෙවි පිහිටයි! (නි)
හසන්ත මහත්තයෝ, මේ තමා ආසියාවේ ආස්චර්ය. සුබ අනාගතයක් !(නදී)
ඇඟිල්ල උලුක් කරන කෙනත් උසවිට අපහාස කලා නේද?(නදී)
හාමුදුරුවරුන්ව අවුස්සගන්න එපා. මුලු රටේම ජනතාව පිළිගන්න බුදු දහම රකින්න ඉන්න පිරිස. කොටියන්ට වැඩිය බලගතුයි, මුළු ජනතාවත් එක්ක පෙළගැසුනොත්. හැකි ඉක්මනින්න්ම පනතක් සම්මත කරගත්තොත් හොදයි, පොලිස් අත්අඩංගුවට පත්වෙන කිසිම දේශපාලුවෙකුට නීතියෙන් නිදහස් වනතුරු රජයේ ක්‍රියාකාරකම් වලට සම්බන්ද වෙන්න බැරි බවට. (නි)
ඉතා හොදයි. ඔය මැතිසබේ ඉන්න ඔය වගේ අනෙක් අයට විරුද්ධවත් පාරට බහිනවා නම් ඉතාමත්ම හොදයි (නි)
මට නම් හිතෙන්නේ උල තියන්නම ඕනෑ කියලා (නි)
අර හාමුදුරුවන්ට ඇඟිල්ල දික් කරන කෙනාගේ ඇගිල්ල කපන්න හිතෙනවා මට. (නි)
මොරටුවේ ජනතාවට මගේ ප්‍රණාමය! (නි)
ඇයි එහෙනම් සරත් ෆොන්සේකා මහතාට පාර්ලිමේන්තුවට යන්න අවසර නැත්තේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
දැන් මීට තිබෙන එකම විසදුම නම් ඔය කලබල කරන අයව අල්ලලා බන්ධනාගාරගත කරලා ඇතුළේ ඉන්න නිදොස් පුරපතිතුමාව එලියට දැමීම කියලයි මට නම් හිතෙන්නේ (නි)
මොරටුවේ අරටු - නියමයි. කොට්ටෝරුවා කෙසෙල් ගහට ඇනලා. (නි)
පින්වතුනි. ඊළඟ මොරටු නගර සබා රැස්වීම පැය දෙකකට වැඩි කාලයක් බන්ධනාගාර රියේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ පැවැත්වීමට තීරණය කළ බව වාර්තා වුණත් පුදුම වෙන්න කාරි නැහැ (නි)
ලංකාවේ සැබෑ රැස්වීමක් තිබුණොත් කඩු, කිනිසි, බෝම්බ ඇතුලත් වෙන්නම ඕනෑ. ඒවා තිබුණේ නැද්ද? (නි)
බෞද්ධ හාමුදුරුවරු වෙනුවෙන් කතා කරන, ඒ වෙනුවෙන් මෙහි රැස්වූ සැමට ස්තුතිය සහ පින්. (නි)
හතරවෙනි ෆොටෝ එක හරිම සංවේදී. (අ)
කොන්ද කෙලින් තියාගෙන වැඩක් කරන්න පුළුවන් කොටසක් ඉන්න අපේ පුරවරයේ ජනතාවට මගේ ප්‍රණාමය! (නි)
මෙන්න ලෝකේ උතුම්ම බෞද්ධ රටේ නීතිය හා සාමය. ත්‍රස්තවාදීන් මීට වැඩිය හොදයි බලාගෙන ගියාම. (නි)
මොරටුවේ ජනතාවට කොන්ද පණ තිබීම ගැන සතුටු වෙනවා. බෞද්ධ හාමුදුරුවරු වෙනුවෙන් කතා කරන, ඒ වෙනුවෙන් මෙහි රැස්වූ සැමට ස්තුතිය.ජන බලය ඉතා බලගතුයි. යමු ඉදිරියට. ජය වේවා! (නි)
මොනවා ගැනද දන්නෙ නැහැ සාකච්ඡාව ? (නි)
මොනවා වුණත් ලංකාවේ තියෙන නීතියට අපි හිස නවන්න ඕනෑ. හාමුදුරුවරු මෙහෙම වැඩ කරන්න කලින් ටිකක් හිතන්න ඕනෑ. මේ විදියට ගියොත් සාමාන්‍ය ජනතාවත් නීතිය අතට අරන් මේ රට නැවත අරාජික වෙන දිනය වැඩි ඈතක නොවන බව නම් පේනවා. (නි)
මොරටුව උප පුරපති සුජිත් පුෂ්ප කුමාර මුග්ධ මිනිසකු යැයි මම සිතමි. මිනිසුන් ඔහුට අකමැතියි. (අ)
ළගදීම අරුම පුදුම නඩු තීන්දුවක් ලැබේවි ඕකටත්. (නි)
බයවෙන්න දෙයක් නැහැ. හෙට අනිද්දට වෙන ඉතුරු ටික දන්නවනේ ? (නි)
අපේ පුරපතිතුමා මොකද මේ කරන්නේ? (නි)
මොරටුවේ ජනතාවට කොන්ද පණ තිබීම ගැන සතුටු වෙනවා. කහවත්තේ ජනතාවත් මේ වගේ වුණා නම් කොච්චර හොඳද? එහෙනම් බියකින් සැකයකින් තොරව ජීවත් වේන්න තිබුනා. (නි)
අයියෝ රටකට ගිය කලක්! හැමතැනම හොරු. (නි)
මොකටද එයාව රැස්වීමට ගෙන්වන්නේ ? (නි)
ඔය වගේ අයට රට පාලනය කරන්න දෙනවද? අනේ අපේ රටට ගිය කල! ගිනිසිලුව පැමිණේවා! ඔහොම යමුකෝ. දළදා හාමුදුරුවන්ගේම පිහිටයි! (නි)
දැන් කියන්න වෙන්නේ ඉස්සරහට 'හොරු සමග හෙළුවෙන් ජනතාව' කියලයි (නි)
හොදම වැඩේ. අනිත් අයත් පාඩමක් ඉගෙන ගත්තා නම් තමයි හොද (නි)
අහවලාටත් මෙහෙම කරන්න ඕනෑ නේද? (නි)
මේක බාරදෙන්න ඕනෑ කළුතර පොලිසියට . ඒ ගොල්ලෝ සියලු අපරාධ අහවරක් කරලා දැන් මල් විකුණන අයත් අල්ලනවා . (නි)
ලෝකයේ දියුණු රට වල රිමාන්ඩ් එකේ ඉන්න සැකකරුවන් උසාවියට හැර වෙන කිසිම තැනකට ගෙන යාම සපුරා තහනම්ය (නි)
මෙහෙම රටක ඇයි අපිට උපදින්න ලැබුණේ? (නි)
මේ අයගේ මුහුණුවල තියෙන්නේ මහා රෞද්‍ර බැල්මක් (නි)
රිමාන්ඩ් එකේ ඉන්න මිනී මැරුම් සැකකරුවන් රටේ පාලනයට සම්බන්ධ වීම මොන තරම් විහිලුවක්ද? ආයෙමත් පාරක් කතිරේ ගහන්න. (නි)
රිමාන්ඩ් එකේ ඉන්න මිනී මැරුම් සැකකරුවන් රටේ පාලනයට සම්බන්ධවීම මොන තරම් විහිලුවක්ද? ආයෙමත් පාරක් කතිරේ ගහන්න. (නදී)
ඔය කව්රු කව්රුත් දැනගන්න ඕනෑ ජනතා බලය හමුවේ සියල්ල අසරණ වන බව (නි)
බුදුන් වැඩි ශ්‍රී ලංකාව ශ්‍රී විෂ්ණු දෙවියෝ රකිත්වා! (නි)
මේ හාමුදුරුවන්ට තර්ජනය කරන්නේ කාගේ ගෝලයෝද ? (නි)
සෙන්තිල්, ඇයි ඔයාට දුකද? (නි)
වැඩි වැඩියෙන් පාර්ලි මේන්තුවට ඉල්ලුම තියෙන්නේ මැරයන්ටයි කුඩුකාරයන්ටයි. ජනතාව පාරට බැහැලා හරි වැරදි කරුවන්ට දඩුවම් කරවා.ි එවිට ජනතාව අවුරුදු ගණනක් උසාවිවල රස්තියාදු වෙන්න ඕනේ නැහැ ?
රන්දික, මැරයෝ හෝ කුඩු මුදලාලිලා පාර්ලිමේන්තුවට වැටෙන්නේ අහසින් නෙවෙයිනේ. ජනතාවගේම කතිරෙන්. (නි)
නියමයි හාමුදුරුවෝ නැත්නම් අද රට ඉවරෙටම ඉවරයි. (නි)
කවුද මේ හාමුදුරුවරුන්ට අත උලුක්කරන්නේ? මෙහෙම ගියෝතින් මේ රටට යන කල දසාව මොකක්ද? (නි)
මම මොකුත් නොකියමි (දී)
නිදහස් වීමේ ඉගියක්ද මන්දා මේක? (නි)
සංජය. පෝලිමේ ඉදලා කතිරේ ගහලා රට බාර දුන්නේ කාටද කියල දැන් තීරෙනවා නේද? මිනීමරු ප්‍රභාකරන්ට මේ තරම් විනාසයක් කරන්න ලැබුනේ නැහැ අවරුදු 30 කදීවත්. හරිම දුකයි රට ගැන.(නදී)
ඔය වැරදි සියල්ලම නිවැරදි වෙනවා මේ හැමදේම සුන්ද්දූලිම වෙලා ගියා නම්. එහෙනම් අපිට දෙවියනේ කියලා සැනසිල්ලේ ඉන්න තිබුනා. (නි)
මීට පස්සේවත් ඡන්දයක් දෙනකොට රට අනාගත පරපුර ගැන හිතලා වැඩ කරන්න. (නි)