බණ්ඩාරගම පාළු පාරක වෙඩි තබා මරා දමා සිටි සුජීව ගුණරත්න (39) චන්දිම නුවන්රත්න (29) හිසට වෙඩි වැදීමෙන් මරණයට පත්වී ඇතැයි කළුතර අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර එන් එල් එල් ජයසිංහ මහතා කියයි.
මොරටුව සුනන්දෝපනන්දාරාමාධිපති හිමියන් ඝාතනය සම්බන්ධයෙන් ඔවුන් සැකකර බව පොලීසිය පවසයි.
ඔවුන් පදිංචිව සිටි ගෙවල් ගිනි තබා වනසා ඇති හෙයින් සිරුරු ගෙන යෑමට තැනක් නැතැයි නෑයෝ පොලීසියට කීහ.
සිරුරු කළුතරින් එහාට නෙගෙනෙන ලෙස තර්ජනය කර ඇතැයි ද නෑයෝ කීහ.
මේ සිරුරු නාගොඩ ඇටවිලවත්ත සුසාන භූමියේදී බදාදා (6) මිහිදන් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයින්ට වැඩ කරන අපරාදකාරයින්ට කවදත් වෙන්නේ ඔය ටික තමයි.(නදී)
මිනි තියන් තැනක් නැත්නම් අර පන්සලේ තිබ්බානම් හරිනේ! (ස)
අනේ මන්දා , මේ යන විදිහ මටනම් තේරෙන්නේ නැහැ (දී)
දැන් ඒ දෙදෙනාව නඩු තීන්දුවක් අනුවද මරණීය දණ්ඩනය ලබා දුන්නේ? ඒ දෙදෙනා තවමත් සැකකරුවන් පමණයි. තීන්දුවක් ලබාදී වැරදි කරුවන් කිරීමට හෝ නිවැරදිකරුවන් කිරීමට තමයි මහාධිකරණ නීතියක් පවතින්නේ. මේ අයුරින් වැරදිකරුවාව හෝ අමානුෂික අන්දමින් මරාදමන්නැයි කියා බුදුන්වහන්සේ කොහේද දේශනා කරලා තියෙන්නේ? (නි)
මේ සිද්දියත් අනිත් ඒවා වගේ යට යයි. ආරක්ෂිතව කාලයක් ඉදලා බන්ධනාගාර රෝහලට යාවි .ඊට පස්සේ හිමින් නිදහස් වේවි (ස)
අසරණ ළමයි (දී)
අම්මෝ...මේ ගෑනු අයනම් නියෙමෙට රඟපානවා (ස)
පොලීසියත් පිරිහිලා. ඒකයි මේ ගැටළු මේ තරම් (ස)
අර අහිංසක හිමිනම අපවත්කල අපරාධ කරුවන්ට හොඳට නීතිය ක්‍රියාත්මක කරන්න ඕන (ස)
කවුද මේ කියන දේශපාලඥයෝ? (නි)
දරුවන්ට හරි මග පෙන්නුවේ නැතිවුණහම දෙමාපිටන්ට මේ ඉරණම අත්වෙනවා (ස)
ඇත්තටම කනගාටු දායක පුවතක් (දී)
මේ ඔක්කොම මැරුවේ මෙයා වෙන්න බැරිද ??(ස)
ඒ දෙන්න මැරුවාම කරවාපු කෙනා බේරිලා.(ස)
පොලීසිය නොමග යැවීමට තැත් කරනවාද දන්නේ නෑ (ස)
ඇයි, අයිතිකරුවන් කෝ (දී)
ඇයි මේ මලකදන් නාගොඩ කනත්තේ වලදමන්නේ. ගමේ සූසාන භුම්යේ භුමිදානය වූ වදගතුන්ට අවමානයක් නේද.(නදී)
ඇයි නෑයෝ නැද්ද ? (ස)
තරිදු, ඔහොම හිතන්න ගියොත් පන්සල් බිමේ පල්ලිත් හදයි.(නදී)
මේකෙ ඇත්ත දැනගන්න ගමේ මිනිසුන්ගෙන සහ පන්සල අවට අයගෙන් අහගන්න. මේ ප්‍රතිචාර දාන අය ඇත්ත දන්නේ නැහැ.(නදී)
මේ හාමුදුරුවන්ගේ ක්‍රියාකලාපය ගැන ඇයි කවුරුත් හොයන්නේ නැත්තේ? (නි)
විශ්ව, මුන් දෙන්නව මරපු එකා තමයි අර දැන් ඇතුලේ ඉන්නේ. (නදී)
නියමයි.(නදී)
අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ.(නදී)
අපි අසරණ වෙලා වගේ දැනෙනවා බුදු හාමුදුරුවනේ!(නදී)
මුතුකුඩ, මැරුණ කෙනාගෙන් ඔයත් ජරාව කෑවද?(නදී)
කුමාරට කියන්න මේ දෙන්නගේ මල සිරුරු එයාගේ ගෙදර ගිනියන්න කියලා.(නදී)
මළ සිරුරකට ගරු කරන්න ඕනෑ තමයි. ඒත් මෙයාලා ජීවත්වෙද්දි කවදාවත් හිතන්නෙ නැතුව ඇති එයාලත් මැරෙයි කියලා. (නි)
හසිත ඔයා බබාද? මොනවත් තේරෙන්නේ නැති (ස)
නියමයි, නියමයි. ඔය වගේ තව ට්ක දෙනෙකුට දඩුවම් දුන්නා නම් ලංකාවම බැබලෙයි.(නදී)
කරන්න තිබුණේ අරාබියේ වගේ ප්‍රසිද්ධියේ හිස ගසා දමන්නයි (ස)
හැම කාසියකම මුහුණු දෙකක් තියෙනවා. පොතක පිටකවරය දිහා බලල තීන්දු ගන්න එපා.(නදී)
තරිදු, මේවා පන්සලේ ඉඩම්. (නි)
මේ දෙය හොද ආදර්ශයක්. (නදී)
ඈයි උපනගරාධි පති තුමාගේ නිවසට ගෙනියන්න අපහසුද?(නදී)
අමා කියපු දේත් ඇත්ත. ගමේ අය කියන්නේ දන්න දේ. (නදී)
පන්සල් භූමියේ රංඩු කලාට හතර රියනක්.(නදී)
මේ සේරම දේවලට වගකීම අර දේශපාළුවට බැර කරන්න.(නදී)
පවි කරන කෙනාට කවදා හරි විපාක ලැබෙනවා.(නදී)
කළකම් පළ දේ.
පොලිසියේ උකුසු ඇස් වලට වහං වෙන්න අමාරුයි. අවශ්‍ය වෙලාවට නිසි දඩුවම් ලැබෙයි. (නි)
දැන් හතරවටේ උදවිය හඩා වැලපිලා වැඩක් නැහැ. මෙයාලත් මේවට සම්බන්ධ වෙන්න ඇති.(නදී)
දැක්ක නේද කරන පවු මිහිපිටම පල දෙන හැටි. අන්තිමේදි අවසන් කටයුතු කරන්නත් තැනක් නැහැ කාලකන්නි මිනිස්සු.(නදී)
නියමයි, මෙයාවත් මරන්න ඕනේ.(නදී)
ඔහොම වෙලා මදි. හොදම වැඩේ.(නදී)
අසරණ කොල්ලෝ (දී)
පුච්චපු අළු ගගේ පාකරන්න නම් එපා. මාළුන්ටත් විසයි.(නදී)
අව්රුදු 50 ක් හිටියත් අනුන්ගේ ඉඩම් වල හිටියනම් වැරදියි.(නදී)
හැටි විතරක්? (නි)
අපේ හාමුදුරුවනේ, ඔය දෙන්නාගේ බණකටවත් යන්න එපා. (නි)
පවු අප්පා (දී)
ඉගෙන ගන්න ගියානම් ඉගෙන ගන්න ඕනේ (දී)
දෙමවුපියෝ නැද්ද (දී)
අවි ගත්තෝ අවියෙන්ම නසී. (ත)
දිට්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දුන්නා. (ත)
නගර සභාවේ කුණු ට්‍රැක්ටරයේ දාගෙන යනවා මම හිටියා නම්. (නි)
මේ තරම් ඉක්මණින් මෙහෙම උපරිම දඩුවම් දෙන්න පුලුවන් නම් එල්ලුම් ගහ ඕනෑත් නැහැ වගෙයි. (නි)
ඔහොම වෙලා මදි. (ත)
නියමයි. ඔන්න ඔය වගේ ඉන්න. (ත)
කාගේ උනත් මරණයකට අගෞරව කරන්න එපා (ස)
ගෙනියන්න තැනක් නැත්නම් ඔහොම්මම කනත්තට ගෙනිහින් භූමධානය කරන්න .තවත් ප්‍රශ්න ඇතිකරන්නේ නැතුව (ස)
දේශපාලකයින් වෙනුවෙන් අපරාධ කරන්නන්ට ඉතාමත හොද පාඩමක්. (නි)
හැබෑවටම කෝ මේ සමාජ සේවය සදහා රාජ්‍ය සම්මාන ගත් ප්‍රභූවරුන්? (නි)
ඔබලාට නිවන් සුව අත් වේවා (දී)
තරිදු, ඔයාට බැරිද ඔයාගේ ඉඩමෙන් ටිකක් දෙන්න? (නි)
ලංතාවේ මිනීමැරුමි වැඩි ඉඩම් නඩු නිසා. ඒකට නීතියේ දුර්වල කම් බලපානවා. අනුන්ගේ ඉඩමකට ඇවිත් කව්රු පදිංචි උනත් එලවන්න බැහැ. ඒ නිසා කාටවත් දෙන්න බයයි. මම පිටරට ඉන්න නිසා කියන්නේ. මෙහෙ ඉන්න සමහර අය ඉඩම් ගෙවල් විකුනනවා. ඒ සල්ලි පිටරටට ගිනියනවා. අන්තිමට ලංකාව එක්ක සම්බන්ධයක් නැති වෙනවා. වහාම මෙය නවත්වන්න.(නදී)
අනේ මන්දා, ලංකාවට මොනවාද වෙලා තියෙන්නෙ කියලා. (නි)
මට නම් මේ හාමුදුරුවන්ව මරලා දාපු සහ මොවුන් දෙදෙනාව මරලා දාපු දෙගොල්ලන්ගේම කිසිම වෙනසක් නැහැ. ඔක්කොම තිරිසන්නු. (නි)
එල්ලුම් ගහ ක්‍රියාත්මක කළා වගේ තමයි. (ත)
මේ ඇත්තො මේ පදිංචිවෙලා ඉඳල තියෙන්නෙ සාංඝික ඉඩම් වලනෙ. සාංඝික දේවල් පාරිභෝජනය කරන්ඩ ලැජ්ජාවක් නැද්ද?. ඔය කථා කරන විදිහට මට නම් හිතෙන්නෙ මෙතන මේ කතා කරන ඇත්තොත් මේවට උල්පන්දම් දී ඇති බවකි. (නි)
තන්හාය ජායතී සොකෝ. වෙන මොනවා කියන්නද? (ත)
මුවන්ගේ පළිය ගොනුන්ගෙන් ගත්තද? (ත)
නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ මේ ආකාරයට නෙමෙයි. වහාම මේ තරුනයන් දෙදෙනාගේ ඝාතකයින් සෙවිය යුතුයි.(නදී)
මම මේ ක්‍රියාව අනුමත කරන්නේ නැහැ. නමුත් හාමුදුරුවන්ගේ තණ්හාවත් වැරදියි. (නි)
අදර්මයට කාලය කෙටි බව මේ සිදුවෙන දේවල් වලින් ,ජිවත් වෙලා සිටින අපට කදිම පාඩමක් කියා දී තිබෙනවා. අයියල වගේ රඟපාන අනිත් අය මේ යථාර්තය තේරුම් ගෙන දැන්වත් යහ පැවැත්මකින් ජිවත් උනොත් හොඳයි.(නදී)
ඔය කරලා තියෙන්නේ සාක්ෂි විනාශ කළ එකයි. (නි)
අර දේශපාලකයට දඬුවම් දෙන්න තිබුණ සාක්ෂි විනාශ කිරීමක්. හෙට අනිද්ද නිදහස් වෙයි. (ත)