IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


මොරටු-පානදුර මහ සටන අද සිට

මොරටු මහ විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය අතර 60 වැනි වරටත් මොරටු-පානදුර මහ හටන කි‍්‍රකට් තරගය අද සහ හෙට (16-17) මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේ දී පැවැත්වේ. මෙම දෙවිදුහල් අතර මෙතෙක් පවත්වා ඇති තරග අතරින් ශ්‍රී සුමංගල විදුහල තරග 9 ක්ද මොරටු මහ විදුහල තරග 7 ක්ද ජයග‍්‍රහණය කර තිබේ. අවසන් වරට ශ්‍රී සුමංගල විදුහල ජයගෙන ඇත්තේ 2007 වසරේ දී ඉරේෂ් පුෂ්පකුමාරගේ නායකත්ව    යෙනි. අනුරුද්ධ කල්හාරගේ නායකත්වය යටතේ වසර 2010 දී මොරටු මහ විදුහල මහ තරගය ජයග‍්‍රහණය කිරීමට සමත්විය. මොරටු මහ විදුහල මේ වාරයේ තරග 14 කට සහභාගි වී කොළඹ අශෝක අම්බලන්ගොඩ දේවානන්ද, කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලය, කෝට්ටේ සාන්ත තෝමස්, කළුතර තිස්ස හා මහනුවර විද්‍යාර්ථ යන විදුහල්වලට එරෙහිව ජයග‍්‍රහණ වාර්තා කර තිබේ. මෙවර මොරටු මහ විදුහල් නායකත්වය සංඛ රමේෂ් දරණ අතර ඔහු මේ තරග වාරයේදී කඩුලූ 103ක් හා ලකුණු 1187ක් ලබා ගනිමින් බාටා හා මොබිටෙල් සන්ඬේ ටයිම්ස් පිට පළාත් හොඳම කී‍්‍රඩකයා ලෙසත්, පිට පළාත් හොඳම තුන් ඉරියව් කී‍්‍රඩකයා ලෙසත්, පිට පළාත් හොඳම දෙවැනි වර පන්දුවට පහර දෙන්නා ලෙසත් සම්මාන ගණනාවක් ලබාගත් දක්ෂ කී‍්‍රඩකයෙකි. මෙවර තරගාවලියේ දී කඩුලූ 99 ක් සහ ලකුණු 768 ක් රැස් කරමින් දස්කම් දැක්වීමට සමත්වී ඇත.  ඔහු ශතක තුනක් හා අර්ධ ශතක තුනක් රැස්කර තිබේ. පන්දු යැවීමෙන් කෝට්ටේ සාන්ත තෝමස් විදුහලට එරෙහිව ලකුණු 94ට කඩුලූ 12ක් බිඳ හෙළා තිබේ. මොරටු විදුහල් කණ්ඩායමේ තෙවැනි ස්ථානයට පහර දෙන ඉෂාන් තිලක්ෂ මේ වනවිට ශතකයක් ද සමග ලකුණු 671ක් ලබා ගැනීමට සමත්ව තිබේ. කණ්ඩායමේ කඩුලූ රකින්නා ද වන ඔහු කඩුල්ල පිටුපස සිට දවා ගැනීම් 40 කට දායකවී තිබේ. මීට අමතරව කණ්ඩායමේ උපනායක ජනිත නිමේෂ් සමරජීව ලකුණු 410ක් රැස්කර තිබෙන අතර ඉරේෂ් චාමර හා හර්ෂ දේවින්ද කණ්ඩායමේ දක්ෂ පන්දු යවන්නෝ වෙති. පානදුර ශ්‍රී සුමංගල විදුහල මෙවර තරග 11 කට සහභාගිවී ඇති අතර ඉන් තරග 7 ක් ජය පරාජයෙන් තොරව අවසන් කර ඇති අතර ඉන් හතරක් පරාජයට පත්ව තිබේ. අරුණ ධර්මසේන මෙවර ශ්‍රී සුමංගල විදුහල් කණ්ඩායමේ නායකත්වය දරණ අතර ඔහු තරග 11 දී ශතක දෙකක් හා අර්ධ ශතක අටක් සමග ලකුණු 1034ක් ලබා ගැනීමට සමත්වූ පිතිකරුවෙකි. මාධව චතුරංග ලකුණු 450 ක්ද, කුෂාන් අකලංක එක් ශතකයක් සමග ලකුණු 418ක්ද, ලබා ගනිමින් මේ තරග වාරයේ පිත්තෙන් දස්කම් දක්වා තිබේ. කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා වන අංජු තාරක කඩුලූ 55ක් බිඳ හෙළා තිබේ. තාරුක නදීශාන් ලකුණු 380ක් හා කඩුලූ 38ක් ලබාගනිමින් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වීම කැපී පෙනේ. මෙම 60 වැනි මහා කි‍්‍රකට් ගැටුමෙන් අනතුරුව දෙවිදුහල අතර පන්දුවාර 50 එක් දින කි‍්‍රකට් තරගය ලබන ඉරිදා ද (18), පන්දුවාර 20x20 තරගය මෙම 25 වැනිදා ද මොරටුව ද සොයිසා කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ  පැවැත් වෙන බව මොරටු මහා විද්‍යාලයීය කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය පවසයි. මොරටු මහ විදුහල් කණ්ඩායම පානදුර ශ්‍රී සුමංගල විදුහල් කණ්ඩායම  



අදහස් (0)

මොරටු-පානදුර මහ සටන අද සිට

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පළාත් කීපයකට අදත් වැසි
2025 අප්‍රේල් මස 26 101 0

අන්තර් නිවර්තන අභිසාර කලාපය හෙවත් උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං එකතුවීම හේතුවෙන් දිවයිනේ කාලගුණයට බලපැම් ඇති කරමින් පවතින බව


සීවලී මහරහතන් ධාතුන් වහන්සේ ගංගාරමයට වැඩමවති
2025 අප්‍රේල් මස 25 1675 0

උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ


මැලේරියාව ගැන රටට කියන්න පා ගමනක්
2025 අප්‍රේල් මස 25 183 0

ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම


ඉදිරි පැය 36 තුළ වැසි තත්වයක්
2025 අප්‍රේල් මස 25 530 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව


මාතරින් දේශබන්දුට දුන් නියෝගය
2025 අප්‍රේල් මස 25 2563 0

“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත


අයි.එම්.එෆ් හතර වන වාරිකය දෙන්න එකඟතාව ලැබෙයි
2025 අප්‍රේල් මස 25 695 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 830 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 384 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 539 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site