මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සංවිධායකත්වයෙන් මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුහු එම විශ්ව විද්‍යාලයේ සිට කටුබැද්ද දක්වා පාගමනින් යති.
මේ හේතුවෙන් 255 කොට්ටාව - ගල්කිස්ස බස් මාර්ගයේ ගමනාගමනය එක් මංතීරුවකට පමණක් සීමා වී ඇති අතර සිසුහු 500කට අධික පිරිසක් පාගමනට එක්ව සිටිති.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට ඉගෙනගන්න වෙලාවක් තියෙනවද? (නි)
තමන් ගේ විරෝදතාව ප්‍රකාශ කිරීම ප්‍රජාත්‍රාන්ත්‍රික උරුමයක් නමුත් අනිත් අයගේ නිදහසට බාධා කිරීම් වැරදී. මහජනයාට හිංසාකාරී ලෙස හැසිරෙන මොවුන්ට විරුද්ධව වන්දි ඉල්ලා නඩු කියන්න කවුරුත් නැතිද. (ම)
කිසියම් අධ්‍යාපන ආයතනයක් වසා දැමීමට සිසුන්ට බල කළ නොහැකිය අධ්‍යාපනය කිනම් හෝ ආකාරයකින් ලබා ගැනීමට එය එක පිරිසකට පමණක් සීමා නොවේ (ම)
ඉහළට දෙන පින් අධ්‍යාපනය නැවැත්තුවොත් මේ සේරම උද්ඝෝෂණ නැවතී කීකරු පැටවු විදිහට ඉගෙනගනීවි. අපට තිබෙන ජීවන බරත් සුළු වශයෙන් හෝ අඩුවේවි. (නි)
තිලක්-ඩුබායි, කතාව ඇත්ත. පිනට දේවල් ලබාගන්න බොහොම අමාරුයි. සල්ලි ගෙවනවා නම් එංගලන්ත විශ්වා විද්‍යාලයකට යවා ලෝකෙම පිළිගන්න සහතික ලබාගන්න පුළුවන්. ඇයි එ්ක නොකළේ? (නි)
සෙනරත්, ටිකිරිබණ්ඩා-නුගේගොඩ. පද්මිණි, ලෝකය ගැන හොඳින් දන්නා බව පේනවා. තමන් කැමති අධ්‍යාපනයක් සඳහා ඕනෑම කෙනෙකුට නිදහස තිබිය යුතුයි. එයට විරුද්ධවන්නෝ කුහකයෝ පමණි. තත්වය නඟාසිටුවීම රජයේ වගකීමයි. මෙතන ඇත්තේ පැහැදිලිම කුහකකම පමණි. (නි)
මොරටුවත් පටන්ගත්තද ඒ ගමන? (නි)
මේ උද්ඝෝෂණ දැන් මහා විකාරයක් වෙලා (නි)
ටිකිරිබණ්ඩා-නුගේගොඩ, ඔබේ අදහස හරියටම හරි. ලෝකය ගැන හරිහැටි නොදැන ඇතැමුන් අදහස් දැම්මාට, මමද ඒ පිළිබඳව හොඳින් දනිමි. (නි)
මෙතන විවේචනය කරලා තියෙන අය දැක්කහම හිතෙන්නේ කෝටි ගණන් දීලා පුද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් ඉගෙන ගන්න පුළුවන් විශාල කොටසක් මේ රටේ ඉන්නවා කියලා! (ම)
තමන් වැනිම වූ තවත් කාණ්ඩයක ඉගෙනීමේ අයිතියට මොවුන් විරුද්ධවෙන හැටි? (නි)
සයිටම් එකට ළමයි තෝරගන්නෙ ඉන්ටවිව් තියලා. මම දන්න ළමයෙක් ඉන්ටවිව් එකෙන් ෆේල්වෙලා ඇමරිකා ගියා. සල්ලි දුන්නා කියලා පාස්කිරීමක් නැහැ. මිනිස්සු නොදැන නිකන් කතා කරනවා (නි)
තිලක් ඩුබායිගේ අදහස් වලින්ම කියන්න පුළුවන් ඔහුගේ පුතාගේ ඔලුගෙඩියේ තරම. අධ්‍යාපනය කප්පාදු කරන්න කලින් මේ අය අල්ලලා කප්පාදු කරන්න කෙනෙක් නැද්ද? පුළුවන් නම් පෞද්ගලික රෝහල්, චැනල් සෙන්ටර් වලට විරුද්ධව පෙළපාලි යන්න. එතකොට අපිත් එකතු වෙන්නම්. (නි)
අනේ රටේ ජනතාවගේ සල්ලි වලට කරන විනාශයක්? මෙයාලා තමන්ගේ මුදල් වලින් ඉගෙනගන්නවා නම් මෙහෙම පාරවල් ගානේ ගුටිකාවිද? රජයෙන් දෙන සියළු දීමනා හා පහසුකම් වහාම නතරකරන්න. නැත්නම් ජනතාව පොලු මුගුරු රැගෙන පාරට බසින එක වළක්වන්න බැහැ (නි)
සයිටම් එක ස්ථාපනය කිරීමේ පටන් සිසුන් ඇතුළත් කිරීම සහ විෂයය පාඨමාලා සඳහා අවශ්‍ය ප්රමිතීන් සපුරා නැති බවයි කියන්නේ. ඉතින් එවැනි අඩුපාඩු හදාගත්තොත් සියල්ලම විසඳෙයි නේද? (නි)
රජයේ උපාධි පමණක් ප්‍රමිතියෙන් යුතු නිසා තමයි සමහර රජයේ උපාධිදාරින්ට කාර්යාලයේ පරිගණකයක් මඟින් ලියුමක් ලියන්න, ඉංග්‍රීසි ලියුමක් පරිවර්තනය කරගන්න බැරි වෙන්නේ. මොන උපාධි තිබුනත් වැඩක් නැහැ අත්‍යාවශ්‍ය රැකියා කුසලතා නැත්නම්. මීට දශක කීපයකට කලින් බිහිවුණ උපාධිධාරින්ට යම් ප්‍රමිතියක් තිබුනා. දැන් රජයේ උපාධිධාරීන් බහුතරයක් මුළු රටම අකුරු නොදන්නා ජාතියක් වෙනවාට කැමති කුහකයෝ. තමන් ඉගෙනගත්තාම ඇති. (නි)
කොළඹින් අපි ගත් ලකුණු වලට වැඩිය ලකුණු 50 කටත් අඩුවෙන් අරන් දොස්තරලා වුණ පිට පළාත් වල උදවිය ඉස්සරත් හිටියා. ඒ අයට හීනමානය. ඔය ඔක්කොම කොළඹ ටියුෂන් ආවා. ඩුබායි තිලක් හෙට කියාවි පුද්ගලික රෝහල් වල ළමයින් ඉපදෙන එකත් වහාම නවත්වන්න, අපේ කට්ටිය විතරයි දන්නේ රජයේ රෝහලේ ළමයා හම්බවෙන්න ගිහින් කොච්චර අමාරු වුණාද කියලා. (නි)
ප්‍රංශයේ නම් පුද්ගලික ආයතන වලින් දොස්තරලා බිහිකරන්නේ නැහැ. රජයේ වෙද විදුහල් පමණයි. (නි)
හම්මෙ මුළු සයිටම් එකම එක එක නම් වලින් කොමෙන්ට් කරලා (බ)
අරවින්ද, පුද්ගලික විශ්වවිද්‍යාලවල සන්බන්දව ඔබට ඇති දැනීම ගැන කනගාටු වෙමි. ඉංජිනේරු, නීති, ගණකාධිකරි වෘතීන්ට අයත් උපාධි බාහිරව පුද්ගලික ලබා ගැනීමට ඔබට කඩයිම් ලකුණු මෙන්ම, අයදුම් විබාගයක් ලිවිම අනිවර්යයි. මේකේ ඒ මුකුත් නැති එකයි වැරැද්ද. (ර)
මෙතන පුදුම කොමෙන්ට් තමා තියෙන්නේ. අද උද්ගොසනය කරන්නේ හෙට උපදින ඔබලාගේ දුවා දරුවා වෙනුවෙන්. (ර)
තිලක්-ඩුබායි ඔබට තිබෙන්නේ රාජපක්ෂ භීතිකාව. ඩුබායි පැන්නේ රාජපක්ෂලාට බයේද? පොයින්ට් එකට කතා කොරන්න. මීට කලින් මට දමිල කෙනෙක් හමුවුනා. මේවගේ වැඩසටහනකදී ඔහු රාජපක්ෂගේ රැවුලටත් බයයි. (අ)
ධනුෂ්ක ඉතින් ඔය ගොල්ලොලන්ගේ නිදහස් අධ්‍යාපනයෙන් යන්න විශ්ව විද්‍යාලයක් තිබෙනවානේ පිනට දෙන නිසා එකේ සීමාවක් තිබෙනවා. පිනට දෙන අධ්‍යාපනයේ සීමාව හදා ගන්නේ ගත් වැඩිම ලකුණු බලල. ඔබ සල්ලි දීල ඉගෙන ගන්නවානම් සයිටම් තිබෙනවා. හෙට ඔබට කෝටි පහක ලොතරැයියක් ලැබුනොත් ඔබ සයිටම් යන්නේ නැද්ද? එතකොට සයිටම් එපා කියනවද ? නැහැ නේද? එහෙනම් ඔබඔය පෙන්නනේ ඔබේ කුහක කම නේද හලෝ? (අ)
අනේ මන්දා මෙයාලට මේවා කියලා වැඩක් නැහැ (නි)
රාජපක්ෂලා රුපියල් කෝටි ප්‍රකෝටි මුදල් ඉදිරියේ අසරණ මිනිසුන්ගේ දරු පරම්පරා සියයක් විනාශ කළා. දුප්පත් දරුවන්ට අබ සරණයි. (නි)
උසස් පෙළ එකම කඩ ඉම පදනම් කර එම ලකුණු අනුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ශිෂ්‍යයන් තෝරා සිටිමට ඇතුල්කර විට මුලදී සුදුස්සාට තැන ලබෙනා මැදපන්තියේ අයට සරිලන අය කිරිම් හා ශිෂ්‍යත්ව ලබා දිය යුතුයි (ම)
වෛද්‍යවරු වීමට කැමති , ඒ සදහා කැපවිය හැකි සෑම අයෙකුටම ඒ සදහා දොර විවර විය යුතුයි උසස් පෙළ එකම කඩ ඉම හෝ සුදුසුකම නොවිය යුතුයි .(ම)
සල්ලි වලට වෙනත් උපාධි ගත්තට ජිවිතයක් බේරන දොස්තරගේ ප්‍රමිතිය උසස් වියයුතුයි. (නි)
ඔව් ඊර්ෂයා හිතෙනවා තමා දේශපාලකයන්ගෙ. කෝටිපතියන්ගෙ. රස්තියාදුකාර, සල්ලාල රැට සමාජශලාවල ලගින දරුවො උසස්පෙලට කොහොමහරි එස් තුනක් දාගෙන ලක්ෂ 120 ක් දිලා දොස්තර වෙනකොට, 80%ත් වඩා ගමේ පාසලටත් අමාරුවෙන් ගිය අපට එහෙම හිතෙනවා. A 3 අරගෙනත් අපි ගෙවල්වල 3 අරගෙන සල්ලි දිලා දොස්තරලා වෙනකොට ඊර්ෂයයි තමා එ් සල්ලි දිලා පැහැර ගන්නෙ සැබැ දක්ෂයන්ට තියෙන අවස්ථා (බ)
බැලු බැල්මට පේන්නෙ සයිටම් හිතවාදින් ගොඩාක් වගේ. දන්නවද? මහපොලොවේ පවතින අැත්ත එ්ක නෙමේ. ඔවුන්ට මත පල කරන්න පුලුවන් අන්තර්ජාලයෙ පමණයි. ඉන්නෙ සුළු පිරිසක්. ඔවුන දැන් හතරගාතෙන් වැටිලා අත් දෙකයි කකුල් දෙකයි ඔක්කොම උස්සලා පෙන්නන්න හදනවා තමන්ගෙ ගොඩ ලොකුයි කියලා. එ් නිසා පුලුවන් හැම තැනම මත පල කරලා සයිටම් හිතවාදින් වැඩියි කියලා පෙන්නනවා. මේක සංවිධානත්මක මවා පැමක් (බ)
ජනතාවට දැන් පැහැදිලිව පෙනිලා තිබෙනවා සහතිකය මිසක් ප්‍රමිතියක් නැත්තේ රජයේ විශ්ව විද්‍යල වලින් පිටවන අයට බව. මේගොල්ලෝ ඉගෙනගන්නේ නැහැ. හැමදාම මහා පාරේ උද්ඝෝෂණ. එළියට ආවට පස්සේ ආණ්ඩුවේම රැකියා ඉල්ලා උද්ඝෝෂණ. (නි)
මම සේවය කරන රාජ්‍ය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයක් තියෙනවා. නුදුරු තැනක පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකුත් තියෙනවා. මේ දෙකේම ශිෂ්‍යයන් සායනික පුහුණුව ලබන්නේ අපේ විශ්ව විද්‍යාලයට අයත් ශික්ෂණ රෝහලේ. අන්න එහෙමයි රජය විසින් පුද්ගලික අංශයේ තත්ත්ව පාලනයට සම්බන්ධ වෙන්නෙ. පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ අය අපේ රෝහලට එන්න නොදීපියව් කියලා උද්ඝෝෂණය කරනවා මම නම් දැකලා නැහැ. (නි)
හරි නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගන්න අපේ දොස්තර මහතුන් අපේ ජනතාවට සේවය කරන්න, අපෙන් චැනල් ගාස්තුවට මෙච්චර අය කරන්නේ මොකද. ජනතාවට අාදරේටද? (නි)
අන්තරේ අය මොරටුවටත් රිංගාගත්තා එහෙනම්. ස්ලිට් එක ආරම්භ කරන්නත් මුල්වුණේ මොරටුවේ ආචාර්යවරු නේද. මොරටුවේ අපි කවදාවත් තව කවුරුහරි ඉගෙනගන්න එකට විරුද්ධ නැහැ. අන්තරේ මේකට රිංගලා අපේ කැම්පස් එක විනාශ කරනවා. මම හිතන්නේ නැහැ ඉංජිනේරු පීඨයේ කට්ටිය ඔයතරම් පටු විදිහට හිතයි කියලා (නි)
හා හා! ඉංජිනේරු අපිව ගාවාගන්න එපා ඕවට (නි)
ප්‍රමිතියක් නැති දොස්තරලා බිහිවුනාම උන්ගෙන් බෙහෙත් ගන්න වෙන්නේ දුප්පත් මනුස්සයට. සල්ලිතියෙන මිනිස්සු දොස්තරගේ අධ්‍යාපන සුදුසුකම් බලලා තමයි එයාලව චැනල් කරලා එයාල ළඟට ගිහින් බෙහෙත්ගන්නේ.(බ)
මාෆියා වලට යට නොවී තීරණ ගන්නා කොන්ද පණ ඇති නායකයන් රටට වුවමනායි. පංති වර්ජනය කරන ශිෂ්‍යයන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීම වැඩ වර්ජන කරනන්ගේ රැකියා අහෝසි කිරීම කළයුතුයි. (බ)
ගැමුණු, පුද්ගලික ඉංගිනේරු ආයතන වල ප්‍රමිතියක් තියනවා එංගලන්තය වගේ රටවල් යටතේ තියන ආයතන හොයලා බලලා තමා සහතිකයක් දෙන්නේ, මේකේ ප්‍රමිතියක් නෑ, සමහර කොමෙන්ට් වලනම් මම දකින්නේ විශ්ව විද්‍යාලෙත් එක්ක තියන වෛරයක්, යන්න විදපු දුක දන්නේ ගියපු කෙනෙක්නෙ. (ර)
මොරටුවේ කොහෙද අන්තරේ...? (ර)
බ්‍රොයිලර් කුකුල්ලුවගේ, පෙනුමෙන් පමණක් දොස්තරලා වෙච්ච අයගෙන් බෙහෙත්ගන්න මෙතන අදහස් කොටපු කීයක් කැමතිද. ප්‍රමිතියක් නැති දොස්තරලා බිහුවුනාම ලෙඩවෙන්නේ මුළුමහත් සමාජයමයි. (ර)
රොමේෂ්, අද ඉංජිනේරු,, නීති, ගණකාධිකරි වෘතීන්ට අයත් උපාධි බාහිරව පුද්ගලික අංශෙන් ලබා ගත හැකිය. එතකොට ඒවයෙත් ප්‍රමිතියක් නැද්ද? (ර)
එක් ශිෂ්‍ය කණ්ඩායමකගේ උසස් අධ්‍යාපන නිදහස සහ අයිතියට එරෙහිව තවත් ශිෂ්‍ය කණ්ඩායමක් විරුද්ධ වෙන උද්ගෝෂණය කරන ලෝකයේ එකම රට තමයි ශ්‍රී ලංකාව . ඉතින් මේ රටට අනාගතයක් තියේවිද ? (ර)
රබර් සෙරෙප්පු දාගෙන මොකද මේ කරන්නේ, සයිටම් ළමයි නම් ඔහොම නෑ. (බ)
පෞද්ගලික පාසල්වලට විරුද්ධ නැති පුද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ධ අපේ උගත්තු නිදහස් අධ්‍යාපනය නැතිකිරීම තමයි හොඳම දේ (බ)
මේ ලමයින්ට විරුද්ධව අදහස් පල කරන අය රාජ්‍ය විශ්ව විද්‍යාලයක අධ්‍යාපනයක් ලබපු අය නෙවෙයි කියල මට හිතෙනවා. (ර)
මොරටුවේ අයත් බැලුවහම අනිත් අයගේ පදයට නටන අය වෙලා. මටත් ලජ්ජා හිතෙනවා මොරටුවට ගියා කියන්න. තියෙන ඒවා දියුණු කරලා තව පුද්ගලික ඒවා අරින්න ඕන. (ර)
මෙය වසා දමනවාට වඩා මෙහි තත්ත්වය උසස් කලානම් වටිනවා. (ර)
ඉහලින්, මේ වැඩේට විරුද්ධ වෙන අය හැමදාම හිටියා. 88 දී රාගම සටනට විරුද්ධ අය හිටියා. ඒක තමා මේ රටේ තියෙන අවාසනාව. (ර)
මොරටුව විශ්ව විද්‍යාලය යනු ඉගෙන ගන්නට ලැදියාවක් තියෙන සිශ්යයන්ගෙන් පිරුණු තැනක්. ඔවුන් පෙළපාලි යා යුත්තේ පුද්ගලික අංශයේ පාඨමාලා වැසීමට නොව ඒවායේ ප්‍රමිතිය උසස් කරවීම වෙනුවෙනුයි. (ර)
ඉංජිනේරු පුද්ගලික උපාධි ආයතන ඕන තරම් තියෙනවා ඒවාට විරුද්ධ නැති උන් සයිටම් එකට විරුද්ධව පෙලපාලි යනවා.මේක වහන්ඩ නෙමෙයි එ්ක දියුණු කරන්ඩ කියල පෙළපාලි යන්ඩ ඕන. විශ්ව විද්‍යාල වලට ඇතුල් වෙන්ඩ බැරිවුන අයත් ඉගෙන ගන්ඩ ආසයි. (බ)
සයිටම් හැර සෙසු සියලු පුද්ගලික පාඨමාලා නියම ප්‍රමිතියට තියෙනවා වෙන්න ඇති. මේ ශිෂ්‍යයෝ ප්‍රයිවෙට් ටියුෂන් කරලා ඒ ලෙවල් පාස් වෙලා විශ්ව විද්‍යාලෙට එනකොට ඒකත් විකුණපු අධ්‍යාපනේ පිහිටෙන් නෙමෙයිද? (බ)
රට කන හරක් රැලක්. (බ)
ශිහාන්, ප්‍රමිතිය එංගලන්තෙන්ම දෙන්ඩ ඕනෙද? ඇයි ලංකාවේ ආයතන වලට ප්‍රමිතියක් ඇත්තෙම නැද්ද? මේ විරෝධයට මුලික හේතුව තව කෙනෙක් ඉගෙනගෙන දියුණු වෙයි කියා තිබෙන ඉර්ෂ්යාවයි. (බ)
අරවින්ද, ඔයා හිතන විදිය වැරදි නැහැ. ඔයා දන්නවද කටුබැද්දේ ජර්මන් ටෙක් එකේ සහතිකයේ එදා වටිනාකම හා අද එ්කට ලැබෙන වටිනාකමේ පරතරය? (නි)
තිලක්, නිකන්ම විශ්ව විද්‍යාලයක් කියලා අදහස් කරන්නේ කුමක්ද? (නි)
මේවා කළා කියලා සයිටම් එක වහනවද? (නි)
ඉන්දියාවේ පුද්ගලික අංශයෙන් දොස්තරලා කරලා මැදපෙරදිග වහල්ලුන්ට බෙහෙත් කරන්න යවනවා වගේ මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධියක් අරගෙන අවුරුදු 5 කට මැදපෙරදිගට යවනවා කියලා ගිවිසුමක් යටතේ නම් ප්‍රශ්නයක් නැහැ. අපේ රටේ අසරණ දුප්පත් කිසිම දෙයක් කරකියාගන්න බැරි මිනිස්සු මරනවට වඩා ඒක හොඳයි. (නි)
නිදහස් අධ්‍යාපනය වගේම තමන් කැමති අධ්‍යාපනයක් සඳහා නිදහස තිබිය යුතුයි. එයට විරුද්ධවන්නෝ කුහකයෝය. නිදහස් අධ්‍යාපනය අරගෙන ප්‍රයිවට් චැනල් කරනවා, රිපෝට් බලන්නත් සල්ලි ගන්නවා. තරුණ කාලේ ඔය වගේ අදහස් එන එක ගැන කණගාටු වෙනවා. අනිත් අයගේ දියුණුවට සතුටුවෙන්න ඕනෑ. (නි)
නිමාවක් නැති ඊර්ෂ්‍යාව නිසයි මේවා වෙන්නේ (නි)
අරවින්ද මහතාණෙනි, ඔබගේ වචනය හරියටම හරි. මේ වෙන කිසිවක් නිසා නොව පැහැදිලිවම ඊර්ෂ්‍යාවයි. පාසල් කාලයේ තම පන්තියේ සිටි තමාගේ හොඳම මිතුරාද එක ලකුණක් අඩුවීම නිසා අද මෙම පුද්ගලික විශ්ව විද්‍යාලයේ ඉගනුම ලබනවා විය හැක (නි)
මගේ දරුවා මොරටුව විශ්ව විද්‍යාලයට ඇතුලත් වුනේ විශාල කැප කිරීමක් කරලා ගොඩාක් දුක් විදලා ඉගෙනගෙන.සමහරක් කියන විදිහට නිකම්ම විශ්ව විද්‍යාලයට ගිහින් උපාධියක් ගන්න තියෙනවනම් මොන තරම් වටිනවද? (බ)
දැන් කාට කාටත් තේරෙනවා ඇති මේ නිමක් නැති සමයන් නැති කරන්න පුළුවන් ගෝඨාභය මහතාට පමණක් බව. (බ)
අරවින්ද මහත්තයා දන්නේ නැතිවුනාට ඕනෑම උපාධියක් පිළිගන්නවද නැද්ද කියලා තීරණය කරන රාජ්‍ය ආයතනයක් තියෙනවා ඒ ඒ විෂයට අදාලව. සයිටම් උපාධිය දීල ඉවරයි දැන්. ඒක රජයේ වෛද්‍ය සභාවෙන් පිගන්න තරම් ප්‍රමිතියක් නැති එකයි ප්‍රශ්නේ. ඔබ තුමා සඳහන් කරපු සියලුම උපාධි රජයේ රැකියා සඳහා නිසි සොයා බැලීමකින්න තොරව පිළිගන්නේ නැතිබව නොදැනීම සම්බන්ධව කනගාටුවෙනවා. (බ)
ලෝකයේ කොහේ හරි රටක බැංකු ගිණුමට රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් බර කරලා ලංකාවේ ඕනෑම දෙයක් කරන්න පුළුවන් යුගයක් තිබුන.මුදල් බැංකු ගිණුමට වැටෙනවානම් ඕනෑම කුණු ගොඩක් කරන්න පුළුවන් යුගයක් තිබුන.අද රාජපක්ෂලා පැත්තක ඉදල අපිට හිනා වෙනවා. (බ)
ඉන්දියාවේ පුද්ගලික අංශයෙන් දොස්තරලා කරලා යවන්නේ මැදපෙරදිග වහල්ලුන්ට බෙහෙත් කරන්න.වුණක් හෙම්බිරිස්සාවක් හැරෙන්න වෙනත් ලොකු ලෙඩකට බෙහෙත් ගත්ත එකා ඉක්මනින්ම "සමාදානයේ " සැතපෙනවා.අත්දැකීමෙන් කියන්නේ .(බ)
ඔය සමහරක් කියන විදිහට ඕනෑම මෝඩයෙකුට වුනත් දොස්තර කෙනෙක් වෙන්න පුළුවනි. (ර)
ආර්නල්ඩ් වහල් චින්තනය නොවේ ඒක තමා ඇත්ත කතාව මේ බහු බූත වැඩ නතර කරන්න කොන්ද පන තියන නයකයෙක් අනීවර්යෙන් ඉතා ඉක්මනින් ඕන. (ර)
රොමේෂ්. ඔබගේ අදහස තේරුම් ගන්න ලංකාවේ අයට බැහැ. (ර)
අනේ ඉතින් කමල්ලා වගේ වහල් චින්තනය තියන අය තාම ඉන්නවනේ (බ)