මොරටුව පරණ පාරේ පාලම මාස තුනකින් ඉදිකිරීමට අඟහරුවාදා උදේ මුල් ගල් තැබීමට යයි.
මහා මාර්ග ඇමති නිර්මල කොතලාවල ප්‍රධාන ආරාධිතයාය.
වියදම රුපියල් කෝටි සියයකි.
මොරටුව පරණ පාරේ පාලම මාස තුනකින් ඉදිකිරීමට අඟහරුවාදා උදේ මුල් ගල් තැබීමට යයි.
මහා මාර්ග ඇමති නිර්මල කොතලාවල ප්‍රධාන ආරාධිතයාය.
වියදම රුපියල් කෝටි සියයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වාගේ ව්‍යාපෘති වලින් හැදෙන දෙයට වඩා හැදෙන අය වැඩියි. කෝටි සීයක් වැය කරන්නේ මොනවටද, කොහොමද, කවුද කියලා ප්‍රසිද්ධ කළා නම් අගෙයි. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. කෝටි සීයම පාලමටද? (නි)
සුනිල්,චී නය අවතක්සේරු නොකරන්න. ඇමරිකා කලාපය තුල ඇති ඉක්වදෝර රට වෙනුවෙන් චීනය චන්ද්‍රිකාවක් ගුවන් ගත කලේ පසුගිය සතියෙයි. ඒ කොහොම නමුත් චීන මහා ප්‍රාකාරය ගැනවත් ඔබ අසා නැතිද?(නදී)
පාලමේ කොකු ටිකවත් මාස 3න් දැම්මොත් ලොකු දෙයක්.(නදී)
අර අපේ අහවල් ඇමතිතුමාගේ බස් හෝල්ට් එක වගේ වෙයිද දන්නෙ නැහැ (නි)
ඔය පාලම හදන එක නවලෝක බිල්ඩර්ස්ලට දුන්නා නම් හාස්කමකින් වගේ දවස් තුනෙන් හදලා දෙයි පටාස් ගාලා. මොකටද මාස ගණන් බලන් ඉන්නේ. (නි)
කපිල මහත්තයෝ. අපේ ගමට පාලමක් නැහැ ගොඩ වෙන්න .අපිට් ලොරි . කාර් නැහැ. පයින් යන්න පාලමක් තිබුණොත් හොදටම ඇති . තේරුණාද. ඔයගොල්ලෝ හිතන්නේ යන වාහන ගැන විතරමඊ, මිනිස්සු ගැන තැකීමක් නැහැ. පුදුම කෙනෙක් ඔහේ. (අ)
ඕව දැනගෙන නේද ඡන්ද දුන්නේ? දැන් බැදගත්තු බෙර ගහපල්ලා (නි)
නුවන්, යුද්දෙට නැති කඩුවත් අරගෙන ලී පටවපු ලොරි , කන්ටේනර් වලට යන්න බැරි පාලමෙන් කොස්කොටන්න යන්න.(ස)
චතුල වෙරෝනා, විදුලි මණ්ඩලේ පවු මුළු රටම විකුණුවත් ගෙවලා නිම කරන්නට බැහැ , ගඟේ මුහුදේ දැම්මා වගේ. (නි)
මෙච්චර කල් තිබුනේ නැති හදිස්සියක් අන්තිම මොහොත නැතුව වැඩේ හොදට අවසන් කරන්න.නැත්නම් ක්ෂණික නූඩ්ල්ස් වගේ හදන්නේ නැතුව.(ස)
මුල් ගල් පැලවෙන ඒවා එහෙම නොවේ නේද ? (ස)
කිසිම දේශපාලකයෙක් හරියට කිසිවක් නොකරපු නගරයක්.... (නි)
කරුණාකරලා අර ගම්වල වැල් පාලම් ටික හදන්න.(ස)
ලංකාවේ ඕනෑම සංවර්ධනයකට උදව්වට ඉන්නේ අරාබි රටවල් පමණි. ජර්මනිය, ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය වැනි රටවලින් කිසි දෙයක් ලංකාවට ලැබෙන්නේ නැත. මෙය දැනගැනීම සඳහා පමණි. (නි)
ඔන්න හාමිනේ මේ පාලමෙන් අපිටත් දුප්පත් කමින් ගොඩ එන්න පුළුවනි.(ස)
පරණ යකඩ ටිකට මොනවා වෙයිද? (නි)
කෝටි සියක්? අගෙයි, අගෙයි (නි)
මාස තුනකින් වැඩ නිමකර ජනතා අයිතියට පත් කරනවා කියලා අහපුවහම හිතට පුදුම සතුටක් දැනෙන්නේ (නි)
ශිලා, ගම්වල වල වැල් පාලම් වලින් ප්‍රවාහන කටයුතු සිද්ද වෙන්නේ නැහැ . ඔයගොල්ලෝ දිගටම වැල් පාලමේ යන්න . මේ යන විදිහට ලගදීම ඔයගොලන්ට වැලේ වැල නැතිවෙයි.(නදී)
තියන පාලමෙන්ම ගිහින් මේ කෝටි ගානක මුදල විදුලි බල මණ්ඩලයෙ ණය ගෙවාගන්න දුන්නොත් මොකද? (නි)
මාස තුනකින් ගහන්න එපා මාස දෙකකින් කඩා වැටෙන විදිහට. ඔය පාලම උඩින් ලී පටවපු ලොරි , කන්ටේනර් වලට යන්න දෙන්න එපා හැදුවට පස්සේ. ඒවගෙන් තමයි ඕකට හොදටම අලාබහානි වෙලා තියන්නේ. බස් දෙකක් එකපාර මාරුවෙන්න පුළුවන් විදිහට හදලා දෙන්න. දැන් මෙතන නියම මගඩි සිද්ධ වෙන්නේ. ඉස්සර හොරේතුඩුව දැන් මොරටුව වෙලා. රු.9:00 ටිකට් එක රු.12 වෙලා. ඒ ගැනත් ප්‍රවාහන අධිකාරිය පොඩ්ඩක් හොයලා බලන්න. (නි)
මස තුනට වැඩ කරන දින කීයද? (නි)
චීනෙන්ද පාලම ඉද්කරන්නේ. එහෙනම් කවුරුත් පරිස්සම් වුනොත් හොදයි. (නදී)
මාස 3 න වුනාට කමක් නැහැ. බංගලාදේශයේ බිල්ඩිම වගේ නොවී.(නදී)
මස තුනකින් නෙවෙයි අවුරුද්දකින් ඉවරකරලා දුන්නොත් ලොකු දෙයක්. පාර වහල මාසයක් විතර වෙනවා තාම කරපු දෙයක් නැහැ මිනිස්සුන්ව රස්තියාදු කරන එක විතඑයි.(නදී)