(ශි‍්‍රනාත් ප‍්‍රසන්න ජයසුරිය)
තමාට කිසියම් පුද්ගලයකු දුරකතනයෙන් කතා කර මරණීය තර්ජන එල්ල කළ බව පවසමින් රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා අපරාධයක් වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොට්ඨාසයට පැමිණ අද (28) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
මරණීය තර්ජන එල්ල වී ඇති හෙයින් තමාට ආරක්ෂාවක් ලබාදෙන ලෙසට ශානි මහතා ඉල්ලීමක් කළ බව පොලිස් මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
ශානි අබේසේකර මහතාට මරණීය තර්ජන එල්ල කළ බවට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් රහස් පොලිසියට හා පොලිස් බුද්ධි අංශ වලට ද දැනුම් දී ඇති අතර මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකරන්නැයි ඉල්ලීමක් කරන බවද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීය.
ශානි අබේසේකර මහතා වින්දිතයින් ආරක්ෂා කිරීමේ කොට්ඨාසයට මෙම පැමිණිල්ල කිරීමට ප‍්‍රථම මේ ගැන වැඩබලන පොලිස්පතිවරයාට ද පැමිණිලි කර ඇති බවද පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ති‍්‍ර රංජන් රාමනායක මහතා සමඟ අධිකරණයේ නඩු කටයුත්තක් සම්බන්ධයෙන් සංවාදයේ යෙදුණු බව කියන සිද්ධියක් මුල්කරගනිමින් ශානි අබේසේකර මහතා මීට සති කිහිපයට පෙර වැඩ තහනමට ලක් කෙරිණි.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මරණ තර්ජන ඇතැයි ශානිගෙන් පැමිණිල්ලක්
Shan Tuesday, 28 January 2020 04:47 PM
මෙයා යු එන් පී එක කියන දේ කරලා තියෙන්නේ.
rohan pereraWednesday, 29 January 2020 07:52 AM
ඒ කියන්නේ යූ.එන්.පී නම් විතරයි තර්ජන.
CHANDIMA Tuesday, 28 January 2020 05:23 PM
ඔය විදියේ තර්ජන ඔබට විතරක් නෙමෙයි බොහොමයක් දෙනාට දේශපාලකයින්ද ඇතුළුව තිබෙනවා තනතුරෙන් අයින්වුනාට පස්සේ. ඒ බලය තියෙද්දී තමුන් කරපුවගේ ප්‍රතිඵල නිසා. මොකද එළියේ ඉන්නවට වඩා බන්ධනාගාරයේ නැතිනම් බන්ධනාගාර රෝහලේ ඉන්න එක හොඳයි කියල හිතුනද?
rata wasiya Tuesday, 28 January 2020 08:09 PM
එක එක්කෙනාගේ පුද්ගලික කෝන්තර හින්ද මේ මනුස්සයෙන් පලිගන්න මැරෙන්න සලස්සුවොත් රටේ සාධාරනය බලාපොරොත්තු වෙන ජනතාව විදියට අපි නිකන් ඉන්නේ නැති බව මේ ආණ්ඩුවටත් , ඔය පාතාලයන්ටත් මතක් කරන්න කැමතියි.
savantWednesday, 29 January 2020 04:31 AM
කොහොමද දන්නේ ආණ්ඩුව සම්බන්ධයි කියලා. අමතකද වාස් ගුණවර්ධනලා වගේ අයත් මරණ තර්ජන කරා කියලා ශානි කිව්වේ 2015 කාලෙටත් කලින් බව. මේ වෙලාවේ පුද්ගලික තරහකාරයෝ පුද්ගලිකම වෙන්නත් පුළුවන්. ආරක්ෂාව දෙන්න හැබැයි සියලුම දේවලුත් හොයන්න.
බණ්ඩා Tuesday, 28 January 2020 08:20 PM
රන්ජන් වෙන්නැති
Tharindu Tuesday, 28 January 2020 09:50 PM
ගිලෙන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා කිව්වලු
Jayawewa R Tuesday, 28 January 2020 11:04 PM
මෙයා පහුගිය ආණ්ඩුවේත් පොලීසියේත් සායම ඇරියා.
sudda Wednesday, 29 January 2020 03:51 AM
කතාව ඇත්ත නමුත් මේ ගැන හොයන එකත් ඒ අතරතුර අවශ්‍ය ආරක්ෂාව දෙන එකත් හොඳයි.
rama Wednesday, 29 January 2020 04:00 AM
මරණ ටර්ජන එල්ල කරපු කෙනා කියන්න බැරි අය ටෙලිෆෝන් නොම්මර දුන්න නම් හොයන්න තිබුනනේ.
Bandula. Wednesday, 29 January 2020 05:40 AM
කඩේ යනවා, වලන් හෝදනවා, දැන් මරනවලු, අනේ මන්ද නාටක කවද ඉවර වේවිද කියලා.
chandima Wednesday, 29 January 2020 03:36 PM
දේශපාලකයින්ගේ පදේට නටන්නේ නැතුව රාජකාරිය සාධාරණව කරගෙන උන්නා නම් මේ දේවල් වෙන්නේ නැහැ. මේ මහත්මයට විතරක් නෙමෙයි දැනට ඉන්න දේශපාලකයින්ට කඩේයන නිලධාරීන්ටත් ඉදිරියේදී වෙන්නේ මේ දේම තමයි...
lakmal Thursday, 30 January 2020 06:58 AM
රජයේ සේවකයෙක් නේද?