IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


‘මරණ දඬුවම අහෝසි කරන්නැයි ඉදිරිපත් කළ යෝජනාව නීත්‍යනූකූල නැහැ‘

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මරණ දඩුවම අහෝසි කිරීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පෞද්ගලික මන්තී‍්‍ර යෝජනාව නීත්‍යනුකූල නොවන බවට නීතිපති වාර්තාවක් එවා ඇතැයිද එය තමන්ගේ  සිතට සතුටක්වන්නේයැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද(5) දිවුලපිටියේදී පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ රට වෙනුවෙන් එකට සිටිමු ගම්පහ දිස්ති‍්‍රක් වැඩ සටහනේ සමාප්තිය හා ප‍්‍රගතිය සමාලෝචනය සදහා පැවති හමුවේදීය. දිවුලපිටිය මහජන කි‍්‍රඩාංගනයේදී මෙම හමුව පැවැත්විණි.

දිවුලපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩල අංක 2 ලේඛකාධිකාරී ගනේවත්ත බෝධිමලූ විහාරාධිපති වරාදල විමල බුද්ධි හිමියෝ පිරිස පංචශීලයේ පිහිටුවූහ. මිනුවන්ගොඩ කෝපිවත්ත පල්ලියේ තුවාන් මුරාජ් නසීර් මෞලවිතුමන්,හල්පේ ශාන්ත පැන්සිස් දෙව් මැදුරේ දොන් මෙරිල් නිශාන්ත පියතුඹා, හා මීගමුව සීනිවිනායගර් කෝවිලේ ශී‍්‍රවාසි කේ. කුගේස්වර කුරුක්කල්තුමන් අනෙකුත් ආගමික වතාවත මෙහෙයවූහ. ගමපහ දිසාපති සනිල් ජයලත් මහතා පිළිගැනීම හා රට වෙනුවෙන් එකට සිටිමු වැඩ සටහනේ ප‍්‍රගතිය වාර්තාව ඉදිරිපත් කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙස්ද කීය.

‘දීප ව්‍යාප්තව ජාතික වශයෙන්   රටේ දියුණුව උදෙසා ගෙන යන වැඩ පිළිවෙල රාශියක් අතරේ රට වෙනුවෙන් එකට සිටිමු වැඩ සටහන කි‍්‍රයාවට නැංවූවා. රට වෙනුවෙන් එකට වැඩ සටහන සදහා අමාත්‍ය මණ්ඩලයේ එකගතාවය ලබාගෙන මෙම වැඩ සටහන හැදුවේ කුමන කාරණයක් නිසාද යන වග දිසාපතිතුමන් ඉදිරිපත් කළ වාර්තාවෙන් කියවුණා. ගතවූ සති දෙක තුළ ව්‍යාපෘති 1500 කට වැඩි ගණනක් ගම්පහ දිසාවේ කි‍්‍රයාත්මක කර තියෙනවා.

ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයකට කළ නොහැකි තරම් විශාල වැඩ කොටසක් පැවරෙනවා. එසේ තිබියදීත් නිලධාරීන් හැකි පමණින් උපරිම සේවයක් සලසනවා. කළයුතු මග හැරුණු, ප‍්‍රමුඛත්වය දිය  යුතු වැඩ හදුනාගෙන ඉටු කරන්නට මේ නිසා අවසථාව සැලසුණා. 

එකට සිටිය යුත්තේ ඇයි. මෙය දේශපාලනය මුල් කරගත් සංකල්පයක් නොවෙයි. පවුලක් ගත්තාම අම්මා තාත්තා අතරත් දෙමාපියන් දරුවන් අතරත් රජයේ කාර්යාලක් සියලු දෙනා එකට නැහැ. රෝහලක් ගත්තාම වෛද්‍යවරු එක කණ්ඩායමක් ලෙස සම්බන්ධ නැහැ. සමහර තැනක එකට සිටියත් බොහෝ විට වෙන වෙනම වැඩ කරනවා විතරයි. පොදු බව කණ්ඩායම් හැගීම සාමූහිකත්වය අඩුයි. ඒනිසා ඇතැම් වැඩ අමතක වෙනවා. දුර්වල වෙනවා. ප‍්‍රමාද වෙනවා. අකාර්යක්ෂමතාව ඇති වෙනවා.

අපි සියලූ දෙනා එකට ඉන්නවාද කියා හෘදය  සාක්කියට එකගව කල්පනා කර ප‍්‍රශ්න කරන්න. හැන්දෑවට රූපවාහිනිය බලද්දී මේ රටේ සියලූ දෙනා එකට ඉන්නා බව පේනවාද,  මේ එකට සිටිමු වැඩ සටහන කි‍්‍රයාත්මක කළේ රටේ දියුණුවට යහපත් අනාගතයකට කාර්යක්ෂමතාවය සේවය වැඩි කරන්නයි . අද වනවි ට රාජ්‍ය සේවකයන් ලකෂ 16 ක් ඉන්නවා. 2015 අපි බලයට එද්දී රාජ්‍ය සේවකයන් සිටියේ ලක්ෂ 14 යි. ජනගහනය අනුව ජනතාවගෙන් සෑම අට දෙනෙකුටම එක් රාජ්‍ය සේවකයෙක් ඉන්නවා. රටේ සංවර්ධනයේ ප‍්‍රමුඛතම බලකාය රාජ්‍ය සේවකයායි.

රටේ ප‍්‍රධාන ව්‍යවස්ථාපිත ආයතන සියල්ල එකට නොසිටියොත් අවුලක් වෙනවා. රාජ්‍ය නිලධාරීන් අමාරුවේ වැටෙනවා.අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයෙන් පස්සේ ගම රැකුම හදුන්වා දන්නා. ඒ වැඩ පිලිවෙල රටේ සයයට අනූවක අවසන් කර තියෙනවා. මෙයින් ගමේ ආරක්සාව මෙන්ම   ජාතික ආරක්සාවටත් පිටිවහලක් වෙනවා. ජාතික ආරක්සාවේ වගකීම පොලිසිය හුමදාව වනි ආයතන වලට මෙන්ම ජනතාවටත් බෙදී යන්න තියෙනවා.  ජාතික ආරක්සාව විතරක් නොවෙයි. අපරාධ මිනිමැරුම් මත් ද්‍රව්‍ය ළමා අපචාර ආදියත් වලක්වා ගන්න කටයතු කරන්න මෙය ශක්තිමත් කළ යුතුයි.

දරුවා පාසල් යදදී එද්දී වගේම උපකාරක පන්ති යද්දීත් ඇතිවන ප‍්‍රශ්න ගැටළු සම්බන්ධයෙන් දෙමාපියන් රාජ්‍ය නිලධාරීන් පොලිසිය අවධානය යොමු විය යුතුයි. 

අද මත් ද්‍රව්‍ය ප‍්‍රශ්නය දරුණුයි. අද උදේ පුවත්පත් බලද්දී දැන ගන්න ලැබුණා ගම්පහ දිස්ති‍්‍රක්කයේ මීරිගම කසිප්පු බීලා දහයක් මැරිලා කියලා දහතුනක් මැරිලා. නීති විරෝධීමත් ද්‍රව්‍ය රට පුරා පැතිරිලා. බීලා විස වෙලා මැරෙන එක අද ඊයේ කාරණයක්  නොවෙයි.  මෙහෙම කිව්වාට මට බනින්න එපා. එහේම වුණාට කමක් නැහැ. මොකටද ජහ ජරාව බොන්නේ.

ගම රැකුමදී කසිප්පු තිපපොල ගැනත් බලන්න  ඕනෑ. පොලිසියට දන්වන්න. ස්මාර්ට් වැඩ පිළිවෙල තරුණ පිරිසට වැදගත් එය දීප ව්‍යාප්තව රට පුරා සාර්ථකව කී‍්‍රයාවට නංවනවා.  ගම්පහ දිස්ති‍්‍රක්කයේ සහනාධාර ලාභීන් ලක්ෂ දෙකක් ඉන්න බව කියවුනා. ඒ අතරින් විශේෂ අවශ්‍යතා සහිතවූවන් ගැන අනුකම්පා කළ යුතුයි. සංවර්ධිත රටවල වැඩිහිටියන් වෙනුවෙන් විශේෂ වැඩ සටහන් තිබුනත් අපේ අඩුයි.  එකට සිටිමු වැඩ සටහනින් ප‍්‍රශ්න හදුනා ගැනීමට රජයටත් ග‍්‍රාමීය මට්ටමින් වැඩ පිළිවෙළක් අවශ්‍යයි.

ගම්්පහ දිස්ති‍්‍රක්කයේ පරිසර සංරක්ෂනය සතුටුදායක නැහැ. එය ආරක්සා කරගන්න නිලධාරීන්ට මෙන්ම සැමට වගකීමක් පැවරෙනවා. එංගලන්තේ සුද්දන්ගේ කුණුත් දැන් ගෙනවිත් දාන්නේ ගම්පහටයි. මම නම් කියන්නේ නැහැ සමහර නගරවල කැළි කසල ඉවත් කිරීම දුර්වලයි. කැළි කසල මහජන සෞඛ්‍යයට අහිතකර වෙනවා. අද වන ඝනත්වය අඩුම ගම්පහයි. එය වැඩි කරන්න වැඩ කරන්න  ඕනෑ. ඩෙංගු ප‍්‍රශ්නයට මුලත් මෙයයි. මීගමුව, ගම්පහ, රාගම, වතුපිටිවල රෝහල්වල ඩෙංගු රෝඝීන් පීරි ඉතිරෙනවා. 

මුතුරාජවෙල සුන්දරත්වය විනාශ කරන්නේ දේශපාලඥයින් මුල් වෙලා . මේ ආණ්ඩවේ සමහර ඇමතිවරුත් මේවාට සම්බන්ධයි.  මුතුරාජවෙල ගොඩ කරනවා. කූණු දානවා. මම එක් වතාවක් පොලිසිය එක්ක ඇවිත් මේ වැඩ කළ පිරිස් අල්ලා ගත්තා.අපි අපේ වගකීම් යුතුකම් ඉෂ්ට කර ඇද්දැයි කල්පනා කර බලන්න. 

කෙටි දින ගණනකදී මේ වැඩ සටහන සාරථක කරගන්න ලැබුනා මෙය අවසානයක් නොවෙයි. ආරම්භයක් ලෙස සලකන්න. දිගටම ගෙන යන්න රජයේ නිලධාරීීන් කටයුතු කරන්න කියා ඉල්ලනවා. දරුවන් බේරා ගැනීමටත් තරුණයින් ගේ හෙට දවස වෙනුවෙනුත් මත් ද්‍රව්‍ය පිලිබද වැඩ සටහන් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ඔබ දන්නවා. මත් ද්‍රව්‍ය සමාජ ව්‍යසනයට බරපතල ලෙස මුල් වෙලා. කොච්ච්ර හොද දෙයක් කරන්න ගියත් අකුල හෙලන අයත් ඉන්නවා. 

මේ ව්‍යසනය දුරු කරන්න මම මරණ දඩුවම ගේන්න කටයුතු කලා. එයට රජයේ පිරිස් පවා විරුද්ධව කටයුතු කරනවා. මරණ දඩුවම අහෝසි කරන්න පාර්ලිමේන්තුවට පනතක් ගේනනත් කටයුතු කරලා. මිනිමරුවෝ. ස්තී‍්‍ර දූෂකයෝ මෙ නිසා සතුටට පත් වනා. මරණ දඩුවම අහෝසි කිරීමේ පෞද්ගලික මන්තී‍්‍ර යෝජනාව නීත්‍යනුකූල නොවන බවට   නීීතිපති වාර්තාවක් එවා තියෙනවා.එය මගේ සිතට සතුටක්. හිරගෙවල් නිසා රට හදන්න අමාරුයි. පසුගියදා නාවික හමුදාව මත්පෙති මිලියන දහඅටක් සමග මත්කුඩු කිලො 270 ක් අල්ලා ගත්තා ඒ ගැන සොයද්දී හිරගෙවල්වල සම්බනධතා හෙලිවුනා. මේවා ගෙනාවේ අපේ දරුවන්ටයි. එකට එකතු වෙලා හොද යහපත් රටක් ගොඩ නගන්න අත්වැල් බැද ගනිමු.

පරිසර රාජ්‍ය ඇමති අජිත් මාන්ප්පෙරුම.ගම්පහ දිස්ථී‍්‍රක් පාර්ලිමෙන්තු මන්තී‍්‍ර ලසන්ත අලගියවන්න යන මහත්වරුන්ද උත්සව සබාව ඇමතුහ. අත්තනගල්ල ස්වරණහංස කලායනයේ රංග ශෝභාවෙන් උලෙල ඔපවත් කෙරිණි. තිලිණ හා සහතික්පත් බෙදාදීමත් සමද්ධි  නිවාස ආධාර, දිරිය ණය ආධාර, කලායතන සදහා ආධාර, ඉඩම් ඔප්පු බෙදාදීම, පාසල් සිසුන්ට උපකරණ පිරිනැමීම, නිවාස ආධාර, රණවිරු ආධාර, ඇතුල ප්‍රජා සත්කාර ගණනාවකටද ජනාධපතිවරයා මෙහිදී එක්විය.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර එ.ජේ.එම්. මුසම්මිල්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර හර්ෂණ රාජකරුණා, දිවුලපිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක ආචාර්ය කිත්සිරි මංචනායක, දිවුලිපිටිය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සංවිධායක චන්දන ජයකොඩි, යන මහත්වරුන් ඇතුල් දේශපාලන නියෝජිතයන්ද දිස්ත්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම්වරු ඇතුලු කාර්ය මණ්ඩලද වෙනත රාජ්‍ය ආයතන නිලධාරීහු මේ  අවස්ථාවට එක්වූහ.



අදහස් (16)

‘මරණ දඬුවම අහෝසි කරන්නැයි ඉදිරිපත් කළ යෝජනාව නීත්‍යනූකූල නැහැ‘

ajith Monday, 05 August 2019 09:30 AM

මේවා නගරයේ තියෙන ශාලාවක කරන්නේ නැත්තේ ඇයි? කෝටිගණන් ටෙන්ට් කාරයින්ට ගෙවනවා.

:       245       304

BamunuarachchiTuesday, 06 August 2019 12:18 AM

ඔව් අනේ රජයේ රෝහල් තියාගෙන පවුද්ගලික රෝහල් වලට යන්නේ ඇයි අපරාදේ මුදල් නේද?

:       41       0

sandy123Tuesday, 06 August 2019 05:56 AM

බමුණු, මෝඩ තර්කයක්. ඒ ඇවිල්ලා තමන් හම්බකරපු මුදල්. මෙතන භාවිතා වෙන්නේ මහජන මුදල්. මෝඩකමක අරුමය.

:       0       0

BamunuarachchiWednesday, 07 August 2019 02:30 AM

එකට එකතු වෙලා හොද යහපත් රටක් ගොඩ නගන්න අත්වැල් බැඳ ගනිමු.

:       0       0

රජින්ද Monday, 05 August 2019 10:16 AM

අවුරුදු 5ක් විධායක බලතල තියාගෙනත් දුක කියකියා රට වටේ ගියා. ඒ ගිහින් අරක කරනවා, මේක කරනවා කියකියා ජනතාව මුලා කළා. අන්තිමේ මුකුත් නැහැ. අපරාදේ මිනිස්සු මේ අවුරුදු 5ක නාස්තිය කරගත්තේ...

:       481       535

RaveendraMonday, 05 August 2019 10:46 AM

රජින්ද මයා වෙත, ඒ මිනිසුන්ටනේ අවුරුදු 5 නාස්ති වෙන්නේ... ඒ වුණාට මී හරකුන් 225ට නම් ඒ අවුරුදු 5 මීට පෙර වගේම ජයමගුල්... ඉතින් කාටද ආඩම්බර..?

:       0       27

MaheeMonday, 05 August 2019 08:00 PM

රජින්ද, පාට කන්නාඩිය ගැලෙව්වොත් ඔබට පෙනෙයි, මෙයාට විධායක බලතල දැන් තියෙන්නේ බාගයයි කියන එක. අනික් හරිය 19 සංශෝධනයෙන් දෙවැනියට දුන්නා. මමත් මෙයාට පක්ෂ නැහැ, නමුත් මම පාට කන්නාඩි නොදැන හින්ද මට ඇත්ත දකින්න අමාරු නැහැ.

:       52       48

Raveendra Monday, 05 August 2019 10:55 AM

අපි මේ සිරිසේන උන්නැහේගෙන් මෙසේ ඉල්ලීමක් කිරීමට කැමැත්තෙමු.. ඔය කියන යෝජනාව නීත්‍යානුකූල නොවන වැඩ නැද්ද? අපිට නම් අදාලම නැත. නමුත් ඔය මගුල් යෝජනාවට කැමැත්ත, අකමැත්ත ප්‍රකාශ කරන දිනයේ සියලුම රූපවාහිනී නාලිකාවල ඒ සඳහා ඡන්දය විමසන අවස්ථාව පැහැදිලිව මහජනතාවට බලා ගැනීම සඳහා විකාශනය කරන මෙන් ඉල්ලා සිටින්නෙමු. එමගින් කුඩු කාරයින්ට, මිනීමරුවන්ට, වනචාරීන්ට සම්බන්ධ, ඒ සඳහා සහයෝගය දක්වන සියලුම මහජන නියෝජිතයන් යයි කියන අයව දැකබලා ගැනීමට හැකිවනු ඇත. එවිට ඔවුන්ට ඡන්දය දෙනලෙස දෙකට තුනට නැවෙන විට පාපහරින්ම අපට සංග්‍රහ කළ හැකිවෙනු ඇත. මරණ දඬුවමට විරුද්ධව ඡන්දය දෙන කාලකන්නි අම්බරුවන්ට මෙසේ අප කීමට කැමැත්තෙමු. එයට විරුද්ධව ඡන්දය දී ගමට පැමිණෙන්නේ නම් " පශ්චාත්භාගය පැත්තට කොන්ක්‍රීට් දමාගෙනම" වරෙව්...

:       65       533

sirimal Monday, 05 August 2019 10:56 AM

"අපරාධකාරයින් එල්ලලා මරුවා කියලා ඒ රටවල එවැනි අපරාධවල අඩුවක් සිදුවෙලා නැහැ" කියන එකයි බොහෝ දෙනාගේ පිළිගැනීම... එල්ලුම් ගහ ගෙනෙන්න කලින් පොරොන්දු වුණු වැඩ කීයක් නම් දැන් අමතක කරලා දාලා තියෙනවද? එ්වා ක්‍රියාත්මක කරන දවසක් ගැන කතා කළොත් නේද හොඳ..?

:       179       305

රවින් Monday, 05 August 2019 12:37 PM

අනේ !!! මෙයාට කරන වැඩක නීත්‍යානුකුලභාවය මතක් වෙන්නේ හොඳටම ඇන ගත්තායින් පස්සේ වගේ... නීත්‍යානුකූලභාවය බලලාද මෙතෙක් කෙරුවේ? තව ඔහොම යං...

:       152       180

සුුසිල් Monday, 05 August 2019 12:41 PM

අපේ මිනිස්සු මොනවා කරත් මොකක් හරි වැරැද්දක් දකිනවා. මම නම් කියන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ඕනි කියලා. ඇමරිකාව වගේ රටවලත් මරණ දඬුවම ක්‍රියාත්මක වෙනවා. මම දැක්කා මරණ දඬුවම දෙනවා කියලා දැක්කම දඬුවමට නියමවෙලා ඉන්න අයට සිහිය නැති වුණා කියලා. මම හිතන්නේ මේක ක්‍රියාත්මක කළොත් වැරදි වැඩ කරන අය සෑහෙන්න බය වෙයි කියලා. විශේෂයෙන්ම මේක ක්‍රියාත්මක කරන්නේ මත්ද්‍රව්‍ය වෙළඳාම් කරන අයට නිසා. විශේෂයෙන්ම හිර ගෙවල්වල ඉඳිනුත්...

:       10       583

Bamunuarachchi Monday, 05 August 2019 12:59 PM

"අපරාධකාරයින් එල්ලලා මරුවා කියලා ඒ රටවල එවැනි අපරාධවල අඩුවක් සිදුවෙලා නැහැ" ඒ වුණාට අපරාධය නිසා දුක්වෙන, පාඩුවෙන වින්දිතයින්ට සහනයක් වෙනවා. මගේ පවුලේ කෙනෙක් මරපු කෙනාට මරණීය දණ්ඩනය නොලැබුණොත් මම ඔහුව මරනවා. මරණීය දණ්ඩනය නිසා රටවල එවැනි අපරාධවල අඩුවක් වුණත් එකයි, නූනත් එකයි. අපිට ඕනේ මිනීමරුවත් මැරෙන්න...

:       200       144

Prabha Monday, 05 August 2019 01:49 PM

අපොයි මේ ඇඩියාව ඉවරයක් නැනේ

:       11       23

Chathuri Monday, 05 August 2019 03:33 PM

ඔය මරණිය දණ්ඩනය කවදාවත් ක්‍රියාත්මක වෙන්නේ නැති දෙයක්.

:       8       32

Deepal Nirosh Tuesday, 06 August 2019 05:19 AM

මෙතන වැදගත් වෙන්නෙ ඒවා ඇතැයි කියන නීතිපති වාර්තාව පාර්ලිමේන්තුවේ කථානායක පිළිගන්නවා ද නැද්ද කියන කාරණය මිසක් ඒ් පිළිබඳ ජනාධිපතිවරයාගේ මතය නොවේ.

:       0       1

sirimal Tuesday, 06 August 2019 07:26 AM

ජනාධිපති යෝජනා කරන්නේ මිනීමරුවන්ට මරණ දඬුවම දෙන්න කියල නෙවේ. කුඩු කාරයින් එල්ලලා මරන්න කියලයි. එල්ලන එක ලේසියි. අපේ රටේ සියයට සීයක්ම නිවැරදි නඩු තීන්දු ලබාගන්න එක හිතන තරම් ලේසි නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොකු සමුළුවක් ලංකාවට
2025 අප්‍රේල් මස 24 58 0

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2025 වර්ෂයට අදාල දකුණු ආසියානු කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට එකඟතාවය පළ වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජ


රනිල්ගෙන් මෝදිට ලියුමක්
2025 අප්‍රේල් මස 24 274 0

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහළගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙලා දකින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා


ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදය තව දුරටත්
2025 අප්‍රේල් මස 24 104 0

ගම්පහ දූම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (23) පස්වරුවේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් හානි වූ මාර්ගයේ අළුත් වැඩියා කටයුතු තවමත් අවසන්වී නොහැකිවීමෙන් ප්‍රධාන ම


ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 1007 0

සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


අපේක්ෂා පොදි බැඳ දුන් ඡන්දයට සාධාරණයක් කරනවා
2025 අප්‍රේල් මස 24 184 0

අපේක්ෂා පොදි බැඳගෙන ඡන්දය දුන් ජනතාවගේ අරමුණු සියල්ල නියත වශයෙන්ම ඉටු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා රත්නපුරයේදී පැවසීය.


මත්ද්‍රව්‍ය බෙදූ යුවළක් තලවතුගොඩින් අල්ලයි
2025 අප්‍රේල් මස 24 325 0

හෝටල් කාමරවල රැඳී සිට අඹු සැමියන් ලෙස අනියම් ඇසුරක් පවත්වමින් හෝටල්වල සේවය කරන සේවකයින් හා එම ප්‍රදේශවල ජීවත්වන ප්‍රදේශවාසීන් මුලා කරමින් අයිස් මත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 692 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 341 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 489 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site