සමස්ථ ලංකා සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති ටී.එච් සෝමරත්න මහතා කොළඹ ජාතික රෝහලේ සේවයෙන් රාගම රෝහල වෙත මාරු කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ගෙන ඇති පියවරට විරෝධය දක්වමින් කොළඹ ජාතික රෝහලේ තුන්දහසකට ආසන්න සුළු සේවකයෝ අද (01) දහවල් කාලයේ සිට රාජකාරියෙන් බැහැර වුහ.
තමන් වෘත්තිය සමිති නායකයකු බැවින් ස්ථාන මාරු ලබා දිය නොහැකි බවත් මෙම ගැටළුව 2010 වර්ෂයේ දී ඇති වු නමුත් එය සෞඛ්‍ය බලධාරීන් තාවකාලිකව හකුලා ගත්තද අද මෙලෙස ස්ථාන මාරු ලිපියක් ලැබුණු බවත් සෝමරත්න මහතා කියයි. මෙම වර්ජනය හේතුවෙන් ජාතික රෝහලේ ශල්‍යාගාර, සායන කටයුතු මෙන්ම බාහිර රෝගී අංශයේද රාංකාරීවලයට බාධා එල්ල වී ඇතැයි සෝමරත්න මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ අයට ගිය කලක් (ස)
තුන්දාහක් සිටියත් ලෙඩාට අවශ්‍ය වෙලාවට ඔය එක්කෙනෙක්වත් නැහැ. (ස)
එහෙම නීති ලංකාවේ නැ. මෙහෙමත් මිනිස්සු. හැමදේම තමන්ගේ වාසියට.(නදී)
ඔය පුද්ගලයත් සේවයට ආවේ ස්ථාමාරුවීම්වලට යටත්වයි. ඇයි දැන් වෙනසක්. එක එකකෙනාට ඕනේ විදිහට රජයේ සේවය කරන්න බැහැ. සේවය නොකරපු කාලයේ පඩිය කපා දැමිය යුතුයි.(නදී)
නුඹ මොන නායකයෙක් වුනත් යන්න ඕන කාලය ආවම යන්න වෙනවා මගේ පුතේ ... (ස)